ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාබයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාබයක් වාර්තා කර ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. 2020 මුල් භාගයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාබ හිමි වූ පළමු මාසය ගෙවුණු දෙසැම්බර් මාසය බවද එම නිවේදනයේ සඳහන්ය.
පෙර වසරේ එම කාලය හා සසඳන විට සමාගමේ ආදායම සියයට 200 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් පූර්ව වසංගත මට්ටම හා සසඳන විට එය ආදායම සියයට 80 ක් ඉක්මවා යාමක් බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්නා දෙයි. පසුගිය දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප්‍රවාහන මට්ටමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 11.43 ක ලාබයක් වාර්තා කර ඇති බව සඳහන් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එය වසර 20 කට වැඩි කලයක් තුළ ගුවන් ප්‍රවාහනයෙන් වාර්තාවූ ඉහළම ලාබය බවද පෙන්වා දෙයි.
මාසයක් තුළ ගුවන් ගමන් 800 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගීන් 288,203 ක් ප්‍රවාහනය කර ඇතැයිද එය 2020 දෙසැම්බර් මාසයේදී ගෙනයන ලද මගී සංඛ්‍යාව මෙන් දහතුන් ගුණයකටත් වඩා වැඩි බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය මුළු භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 7,877 ක් දක්වා ඉහළ නංවාගෙන ඇති අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට සියයට 147 ක වැඩිවීමක් බවද එම සමාගම සඳහන් කරයි.
ගුවන් සමාගමේ කාර්ය මණ්‍ඩලයේ සියලු දෙනා කළ කැපකිරීම නව වසරේ සුබවාදී ආරම්භයකට මගපාදා ඇතැයි නව මුල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
පසුගිය දෙවසර තුළ අපි මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා බහුවිධ මූලපිරීම් ක්‍රියාවට නැංවූවා. ඒ සඳහා ශ්‍රී ලංකන් පවුලේ සෑම සාමාජිකයකුම දායකවූවා. අපගේ එම උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. කෙසේ වෙතත් වයිරසයේ නව ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග අනාගතය අතිශය අභියෝගාත්මක වනු ඇති. දෙසැම්බර් මාසයේ ලබාගත් ආරම්භය දිගටම පවතින බව සහතික කිරීමට පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා වගේම අවශය ක්‍රියාමාර්ග ගනු ලබනවා
වසංගතයේ දුෂ්කරතා මධ්‍යයේ වුවද, ජාතික ආර්ථිකයට සහාය වීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම, නව ව්‍යාපාර සම්බන්ධ කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සහ විදේශ විනිමය ඉපැයීම සඳහා ශ්‍රීලංකන් සිය කැපවීම ලබා දී තිබේ. පසුගිය වසරේ, ශ්‍රීලංකන් සෝල්, නයිරෝබි; මොස්කව්; පැරිස්; සහ කත්මණ්ඩු ඇතුළු නව ගමනාන්ත කිහිපයකට මෙහෙයුම් දියත් කළේය. ගුවන් සේවය පැරිසියේ IFTM Top Resa සහ මොස්කව්හි OTDYKH LEISURE වැනි ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම ඇතුළුව අදාළ වෙළඳපල තුළ අලෙවිකරණ මුලපිරීම් හරහා නව ගමනාන්ත ප්‍රවර්ධනය කරන ලදී. පසුගිය වසරේ රුසියාව, ප්‍රංශය සහ ඉන්දියාව පදනම් කරගත් සංචාරක වෙළඳ මාධ්‍යවේදීන් සඳහා (FAM) සංචාරයක් පැවැත් වූ පළමු ගුවන් සමාගම බවටද ශ්‍රී ලංකන් පත් විය. මෙම මුලපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 2021 නොවැම්බර් මාසයේ දී මෙරටට සංචාරක පැමිණීම් 44,000 දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකන් දෙසැම්බරයේ ලාබ උපයයි
Kumar Sunday, 23 January 2022 02:12 AM
පට්ට බොරුවක්.
don perera Monday, 24 January 2022 01:43 AM
නව සභාපතිගේ පඩිය කියියද.?
Senarath Monday, 24 January 2022 09:34 AM
ශ්‍රී ලන්කන් එක ඉතාම හොඳ නමක් දිනාසිටි ගුවන් සේවයක්. ඒ නිසා එය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම අපහසු කාරියක් නෙවෙයි. හොඳ පරිපාලනයක් තමයි අවශ්‍ය.... ඒ වගේම සියලුම සේවකයන්ගේ කැපවීම අවශ්‍යයි.