IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ ‘Yaana’ හමුවන්න Chatbot විශේෂාංගය

ගුවන් සේවය හා පාරිභෝගිකයන් අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමක්


ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI)  බලාත්මක සිය පාරිභෝගික සේවා chatbot පහසුකම වන  (AI)  හඳුන්වා දී තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය  (AI)  සහ ස්වභාවික භාෂා සැකසුම් (NLP)  උසස් තාක්ෂණය භාවිත කිරීමෙන් ගුවන් සේවය සහ පාරිභෝගිකයන් අතර සබඳතාව කාර්යක්ෂමව වැඩි දියුණු කිරීම හා පාරිභෝගික විමසීම් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.

CodeGen International (Pvt) Ltd  සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද ‘Yaana’,  පාරිභෝගික විමසීම් සඳහා කාර්යක්ෂමව හා නිවැරදි ලෙස ප්‍රතිචාර දැක්වීමට සමත් වේ.

‘Yaana’ යනු ‘GPT-4’‘ තාක්‍ෂණයෙන් බල ගැන්වෙන කෘතිම බුද්ධි තාක්ෂණය මගින් (AI)  ක්‍රියාත්මක පාරිභෝගික සේවා සපයන විශේෂාංගයක්. මෙමඟින් ගුවන් සේවය හා පාරිභෝගිකයන් අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමට සහ පාරිභෝගික විමසීම් කාර්යක්ෂමව විසඳීමට හැකියාව ලැබෙනවා. මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයෙන් නිවැරදි සහ යාවත්කාලීන ප්‍රතිචාර ලබා දීම සඳහා නවීනතම කෘතිම බුද්ධි තාක්ෂණික අංග  භාවිත කෙරේ. ඒ අනුව යාවත්කාලීන ගුවන් ගමන් කාලසටහන ඇතුළුව මගීන්ට අවශ්‍ය සියලු‍ තොරතුරු නිවැරදිව සහ විශ්වසනීයව ලැබෙන බවට ‘Yaana’ සහතික කරයි.”‍ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධානී චාමර පෙරේරා මහතා පැවසී ය.

‘Yaana’ ඉතා කෙටි කාලයකදී පාරිභෝගික විමසීම් 12,000 කට අධික ගණනක් කැපී පෙනෙන කාර්යක්‍ෂමතාවකින් හසුරුවා ඇති අතර, ඉන් සියයට 88ක් ස්වයංක්‍රීයව විසඳා තිබෙනවා. තවද, එහි ඉහළ මෙහෙයුම් ධාරිතාව හේතුවෙන්,  ‘Yaana’  විසින් වර්තමාන විමසීම් ප්‍රමාණය මෙන් පස් ගුණයක් නුදුරේදී හසුරුවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ගුවන් මෙහෙයුම්හී සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ලබාදීම ඇතුළුව පැය 24/7 පුරා ක්‍රියාත්මක ‘Yaana’ පාරිභෝගික සේවා විශේෂාංගය මඟින්  අපගේ ගුවන් මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා.”‍ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

ගුවන් සේවා කර්මාන්තයේ සුලභ සිදුවීමක් වන අනපේක්ෂිත ප්‍රමාදවීම් සහ අවලංගුවීම් වැනි අවස්ථාවලදී කෘතිම බුද්ධි තාක්ෂණය මගින්(AI)  ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා chatbot පහසුකම මඟින් කිසිදු බාධාවකින් තොරව මඟීන් වෙත නිවැරදි තොරතුරු එම අවස්ථාවේදීම ලබා දීමට හැකියාව ලැබෙනවා. ‘Yaana’  සතුව බහුභාෂා හැකියාව ද ඇති අතර, ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය පාරිභෝගිකයන් වෙත අවහිරතාවකින් තොරව  ප්‍රවේශ විය හැකිය.



අදහස් (0)

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ ‘Yaana’ හමුවන්න Chatbot විශේෂාංගය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 54 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 22 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 24 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 30 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 16 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 16 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site