පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් සිංගර් විසින් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක්, ප්‍රොජෙක්ටරයක් හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිත කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම තවත් පහසු කරන බව එම සමාගම පවසයි.
Smartboard අධ්‍යාපනික සහ කාර්යාලයීය අරමුණු සඳහා විවිධ විකල්ප සමඟින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. Presentations, ලේඛන, වීඩියෝ, සංගීතය සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව මෙයට ඇතුළත් වේ. එහි අභ්‍යන්තර මතකය ලේඛන, පාඩම් සැලසුම් සහ තවත් බොහෝ දේ සඳහා ගබඩාවක් ලෙස භාවිත කළ හැකි බැවින් ඉගැන්වීම සහ කාර්යාල කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැක. මෙම සුවිශේෂී විශේෂාංග හේතුවෙන් Smartboard පන්ති කාමර සහ කාර්යාලයීය ශාලා සඳහා කදිම උපාංගයක් බවට පත් වේ.
සිංගර් (ශ්‍රී ලංකා) හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා අලුතින් හඳුන්වා දුන් Smartboard පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“නැවත වරක් ලොව ප්‍රමුඛතම Smartboard තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම නව ඩිජිටල් යුගයේදී ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම Smartboard තාක්ෂණය හරහා අපට හැකියාව ලැබෙනවා.”
මෙම Smartboard විවිධ ප්‍රමාණ 4කින්, එනම් 55”, 65”, 75” සහ 85” වලින් ලබාගත හැකි අතර, Android සහ Windows 10 මෙහෙයුම් පද්ධති සමඟින් ලබාගත හැකිය.
595
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිංගර් වෙතින් පාසල් සහ කාර්යාලවලට Smartboards