(තිළිණි ද සිල්වා)
පෙබරවාරි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 235,618 හා සැසඳීමේදී වඩා පසුගිය මාසයේදී සංචාරකයින් පැමිණීම සියයට හතකින් වර්ධනය වී ඇතැයි ද එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.
මේ වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272 ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ එම දත්ත වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
ඉකුත් පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එරටින්සං චාරකයින් 32,914 කු පැමිණ ඇත.
නමුත් 2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී එය සියයට 1.9 ක පහළ යාමක් යැයිද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.ඊට අමතරව බි්රතාන්යයෙන් පැමිණි සංචාරකයින් ගණන 29,750 ක් ද වේ.එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් හා සැසඳීමේ සියයට 8.8 කින් වර්ධනය වී ඇත.
ඊට අමතරව එක්සත් ජනපදයෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.7 කින්ච , ඕස්ටේ්රලියාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 54.8 , කැනඩාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.8 කින්ද යන රටවලින් පැමිණි සුවිශේෂී ඉහළ යාමක් පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
මෙහිදී පෙබරවාරි මාසයේ දී චීන සංචාරකයින්ගේ පැමිණීම සියයට 22 කින් පහළ යාම කැපී පෙනෙන සිදුවීමක් යැයි එම අධිකාරිය කියා සිටී.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්
ravi Tuesday, 12 March 2019 10:41 AM
සංචාරක හෝටල්වල විකිනෙන කුඩු / හෙරෝයින් , දැන් හුඟක් වැඩිවෙලා තව දුරටත් ලාබවෙලා .. මේ හේතුවෙන් හුඟක් සංචාරකයෝ කුඩු / හෙරෝයින් මිලදී ගැනීම සඳහා ලංකාව කුඩු තොටුපලක් කරගෙන ඇතිබව අපිට දැනගන්න ලැබිල තියනවා ...
Bamunuarachchi Thursday, 14 March 2019 12:59 AM
කුලී වැඩට එන ඉන්දියන් කාරයොත්, කුඩු ගෙනෙන පකිස්තාන් කාරයොත් මේ ගොඩේ ඉන්නවාද?