IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සුපිරි සාප්පුවක් කොළඹ

ඩොලර් ලක්ෂ 1000 ක ( රුපියල්  කෝටි 1320)වියදමකින් ඉදිකෙරෙන සුපිරි සාප්පු සංකීර්ණයක් සදහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි.

ගිවිසුම ඇතිවූයේ ශී‍්‍රලංකාවේ අබාන්ස් සමාගම හා ප‍්‍රකට සිංගප්පූරු හෝටල් සමාගමක් වන සිල්වර් නීඞ්ල් හොස්පිටැලිටි සමාගම අතරයගබේරේ වැවට මුහුණලා මේ වෙළද සංකීර්ණය ඉදිකිරීමට සැළැසුම් කර ඇත.ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මුල් භාගයේදී ආරම්භ කර 2016 වසර වන විටදී නිම කිරීමට නියමිතය.

ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවල ඇති සුපිරි වෙළද සංකීර්ණ හා සමානවම මේ වෙළද සංකීර්ණය ඉදිකරන බව අබාන්ස් සමාගම කියයි.

වෙළද සංකීර්ණයට විවිධ අකාරයේ වෙළද සල්,දේශිය විදේශීය ආහාර පාන ලබාගැනීමේ පහසුකම්ලකුඩා ළමුන් සදහා ක‍්‍රීඩාගාරලති‍්‍රමාණ චිත‍්‍රපට නැරැඹිය හැකි සිනමා ශාලාවක් ආදී අංගයන් ඇතුළත් කෙරෙනු ඇති බව සදහන්ය.මේවාට අමතරව කාමර 200 කින් යුතු තරු පහේ හෝටලයක්ද මෙම වෙළද මධ්‍යස්ථානයේම ඉදිකිරීමටත් නියමිතය.



අදහස් (0)

සුපිරි සාප්පුවක් කොළඹ

ජීවන් Monday, 20 May 2013 04:02 PM

මේක විවුර්ත කරද්දී තියන සන්දර්ශනයට යන මුදලත් ඇස්තමේන්තු කලාද නැති නම් එකත් අපිටමද ? (ස)

:       0       0

සුධීර Monday, 20 May 2013 04:03 PM

ගිය වසරේ ආයතන 5 පාඩුව කෝටි 18500. තෙල් සංස්ථාව හතර අතේ ණය. නොරොච්චෝලේ කැඩෙනවා. මත්තලට ප්ලේන් නැහැ. හම්බන්තොටට නැවු නැහැ. ක්‍රිකට් ලෝක කුසලාන තරග වලින් පාඩු ලබපු එකම රට අපි. රොකට් එකෙන් කියක් වැදිලද තාම දන්නේ නැහැ. (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 21 May 2013 12:36 PM

මේක අපේ රටේ සංවර්ධනයේ මිනුම් දණ්ඩක් කරගන්න එපා. පාසල් වහද්දි, සරසවි අඩපන වෙද්දී, සෞඛ්‍ය අඩාල වෙද්දී අපේ අනාගත පරම්පරාව නුගත් ලෙඩ්ඩු බවට පත්වීම වලක්වන්න බැහැ. (ස)

:       0       0

ධම්මික Monday, 20 May 2013 05:00 PM

හොඳ වෙලාවට හදන්නේ... මම මේ ඒත් හිත හිතා හිටියේ ඇමරිකාවටවත් යනවද කියලා. මොකද අපේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙන හැටියට ෂොපින් කරන්න තරම් හරි හමන් කඩයක් හොයා ගන්න බැහැනේ.ඇති යන්තම් මේක ඉක්මනට හදනවා නම්. කඩේ ගිහිල්ලා හොඳ හෝටලේකින් කාලම එන්න පුළුවන් වගෙයි. එනගමන් බැරියැ බෙරේ වැවෙන් නාගෙනම එන්න... (නි)

:       0       0

මලක Tuesday, 21 May 2013 07:13 AM

පාසල්, ඉස්පිරිතාල, විශ්ව විද්‍යාල... කෝ ඒවාට ආශ්චර්යක්? (නි)

:       0       0

සරසි Monday, 20 May 2013 05:44 PM

රන්ජනී, ආශ්චර්යය කියන්නේ මේකටද? ඔයාගේ හැදිමිටේ මොළේ තරම ලගදීම බලාගන්න පුළුවන් ලයිට් බිලෙන්. ඔයාල වගේ අය ඉන්නකොට මේ රට මෙහෙමවත් තියෙන එක තමයි පුදුමේ (නි)

:       0       0

සරසි Monday, 20 May 2013 05:47 PM

මේක විවෘත කරන උත්සවයට නටන්න රංජනීවත් ගන්න (නි)

:       0       0

කැනඩා දිසා Monday, 20 May 2013 05:46 AM

නියමයි. රට දියුණුයි. අනේ කියන්නකෝ කවදද මේක විවෘත කරන්නේ? මේ ළමයාගෙන් බේරුමක් නැහැ (නි)

:       0       0

ලසන්ත Monday, 20 May 2013 07:19 AM

ගණන් හිලවු එහෙම කොහොමද? (නි)

:       0       0

චන්දන Monday, 20 May 2013 07:56 AM

ලංකාවාසී සියලුම දෙනා කඩේ යවන්න වගේ. (නි)

:       0       0

ශාන්ති Monday, 20 May 2013 02:07 PM

නියමයි නේ....

:       0       0

අනුර - ඉරාක් Sunday, 19 May 2013 02:47 PM

හරිම ආඩම්බරයි. සුභ අනාගතයක් වේවා, අපේ දරුවන්ට හොඳ රටක් බිහිවෙයි.(නදී)

:       0       0

උදය Tuesday, 21 May 2013 09:12 AM

කව්ද මේ රංජනී? (නදී)

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:09 PM

කෝ මේ ආස්චාර්ය කියලා අහන්නේ ? මේවා තමයි.(නදී)

:       0       0

ඉෂාන් Monday, 20 May 2013 08:55 AM

මේවා කාගෙද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 20 May 2013 02:51 PM

ඉතා වටිනා වැඩක්. (නි)

:       0       0

දිල්ෂානි Sunday, 19 May 2013 09:14 PM

. ඕක හදල ඉවර කරන්න වෙන්නේ නැහැ රට යන විදියට. (අ)

:       0       0

ලක්ෂණ Tuesday, 21 May 2013 10:51 AM

සුභපැතුම්

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 11:40 PM

මම සුබ පතනවා, මේ වෙළඳ සංකීර්ණය නියම විදියට නිමාවට පත් වේවා කියලා! මේවත් අපට අවශ්‍ය දේවල්. මම හිතන්නේ නැහැ ආයෝජකයන් වැඩක් නැතිනම් මෙහෙම දෙයක් පටන් ගනී කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 62 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 67 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 41 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 400 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site