IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා

මෝටර් රථ අමතර කොටස් සහ උපාංග මිලදී ගැනීමට වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයයි. එහෙත් වාහන අමතර කොටස් මිලදී ගැනීමට පංචිකාවත්තට අමතරව දිවයින පුරා බොහෝ නම් දරාපු ස්ථාන පවතී. ඒ අතරින් අපි ළඟා වූයේ මහරගම වෙළෙඳ නගරයේ වාහන අමතර කොටස් වෙළෙඳසලක් වූ සචින් ඔටෝ පාර්ට්ස් වෙතයි. මේ දිනවල බිස්නස් පිළිබඳව එහි හිමිකරු වූ චින්තක හෙට්ටිගේ මහතා අදහස් දැක්වූයේ මෙසේය.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි කරන්නේ අමතර කොටස් ව්‍යාපාරයක්. වාහන අමතර කොටස් ආනයනය කරලා ලංකාවටම සපයනවා. අපි අවුරුදු 15 ක් බිස්නස් කරනවා. බිස්නස් හොඳ කාලයක් තිබ්බා. අපි කොරෝනා කාලෙත් හොඳට බිස්නස් කළා. එහෙත් දැන් අවුරුද්දක් දෙකක් තිස්සෙම බිස්නස් පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ. බිස්නස් අඩුයි කියන්නේ බොහෝම අඩුයි. සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා තියෙන්නේ. මේ මාසේ තිබ්බ බිස්නස් ගැන බිල් පොත බැලු‍වානම් තේරෙනවා. මේ දවස් 29 ට දවස් 7ක් වගේ තමයි බිස්නස් වෙලා තියෙන්නේ.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

මේක හරිම අමාරු කාලයක්. අපිට විතරක් නෙමෙයි හැමෝටම. මේ වීදීයේ කඩ 168 ක් තියනවා. ඒ හැමෝටම බිස්නස් අඩුයි. කිසිම බඩු මුට්ටුවක් විකිණෙන්නේ නෑ. දැන් ගොඩක් අය තමන්ගේ වාහන ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවාවලට හුරු වෙලා ඉන්නේ. මොකද වාහන නඩත්තු වියදම් වැඩි නිසා වාහන ධාවනය කරන්නේ නෑ. ඒ නිසා අමතර කොටස් විකිණෙනවා හරිම අඩුයි. පාරිභෝගිකයන් ආවත් ඒ අයත් ඇවිල්ලා මිල අහලා යනවා විතරයි ගන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව රථ වාහන ධාවනය අඩු නිසා වාහන අනතුරු වගේම වාහන නඩත්තු වෙන්නෙ නෑ. වාහන නඩත්තු වීම් අඩුයි කියන්නේ අපිට බිස්නස් අඩුයි කියන එක. 

අපිට බිස්නස් අඩු වෙන්න වාහන මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම වගේම අමතර කොටස් මිල ගණන් ඉහළ යාමත් බලපානවා. අපි නම් සුළු පරිමාණෙන් බිස්නස් කරන අය. මහ පරිමාණෙන් බිස්නස් කරන අයටත් මේක බලපාලා තියෙන්නේ. සේවකයෝ දහය පහළොව වැඩකරන තැන් තියනවා. ඒ වගේ ලොකු බිස්නස් ගෙනියන්න තව අමාරුයි. මොකද සේවක වැටුප්, කඩ කුලී ගෙවන්න ඕනනේ. මේ ලබන ආදායමෙන් ඒවා කරන්න අමාරුයි. ඇත්තමට වාහනවලයි වාහන අමතර කොටස්වලයි මිල වැඩි වෙන්න හේතුව අධික බදු ගැසීම. අපි ඉල්ලන්නෙ මේ බදු අඩු කරන්න කියලා. 

ශෂිකා අබේරත්න


ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

සියයට 80කින් විතර බිස්නස් අඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

යෝජිත නව ගාස්තු ක්‍රමයෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 200ක් කොටඋඩ
2025 අප්‍රේල් මස 02 22 0

කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය


බදු සහන හේතුවෙන් රජයට 2023/24 දී රු. බි. 966 ක් අහිමිවෙලා
2025 අප්‍රේල් මස 02 10 0

රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව


DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්
2025 අප්‍රේල් මස 02 12 0

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප


LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී
2025 අප්‍රේල් මස 02 13 0

LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.


ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී
2025 අප්‍රේල් මස 02 9 0

මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක


ස්විට්සර්ලන්තය - ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා තර කෙරේ
2025 අප්‍රේල් මස 02 11 0

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 240 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 807 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site