පෙබරවාරි මාසයේ අවසන් සතියේ ආරම්භය රතු පැහැයෙන් සනිටුහන් කරමින් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් කරන පසු (පෙබ 24) දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළේය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,671.73 ක් දක්වා පහළ ගිය අතර එය දර්ශක 217.58 ක පසුබෑමකි. ඊයේ මධ්‍යහ්නයේ පමණක් සුළු කාලයක් කොටස් මිල දර්ශකය වර්ධනය වන බව අඟවන ලද නමුත් දිනය අවසානය දක්වා අඛණ්ඩව පහත වැටීම ගනුදෙනුවල දුබලතාව මැනැවින් දක්වයි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,999.57 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 63.70 ක අඩුවීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනුවල දී සමාගම් අටක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත අඩුම අගයක් ගත් අතර තවත් සමාගම් හතක කොටස් මිල සති පනස් දෙකක් ඇතුළත ඉහළම අගය ගෙන තිබීම ද විශේෂත්වයකි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 18,129 ක් වූ අතර එහි දී සමාගම් 54 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 194 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 2.11 දක්වා අඩු අගයක් වාර්තා විය. ගනුදෙනු ප්‍රමාණය හා පිරිවැටුම අඩුවීම අනුව වෙළෙඳ පොළ උදාසීන වී ඇති බව දැක්වේ. විදේශීය ආයෝජකයෝ රු. මිලියන 283 ක කොටස් විකුණන ලද අතර මිල දී ගැනීම් ද සටහන්විය. කෙසේ වෙතත් රු. මිලියන හයක ශුද්ධ විකිණීම් වාර්තා වී තිබේ.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 254 ක, අහුන්ගල්ල රු. මිලියන 184 ක, සම්පත් රු. මිලියන 128 ක, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 114 ක, ජෝන් කීල්ස් රු. මිලියන 96 ක, සහ සී එෆ්. වෙන්චර් රු. මිලියන 74 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
සුළු ආයෝජකයන් ලාභ සහිතව කොටස් විකිණීමට උත්සාහ කිරීම තුළ වෙළෙඳ පොළ දර්ශක පහත වැටෙන බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් අඩු මිල ගණන් දක්වා පහතට වැටී ඇති කොටස් සඳහා ඉදිරි දිනවල ඉල්ලුමක් ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
නිරීක්ෂක
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැලකිය යුතු අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහතට