IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ දවසක්

දින ගණනකට පසු කොළඹ කොටස් වෙළෙදපොළ තරඟකාරී ලක්ෂණ පෙන්නුම් කළ අතර ආරම්භයේ සිට ගනුදෙනු ක්‍රමයෙන් වර්ධනය විය. දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය කලින් දිනයට සාපේක්ෂව ඊයේ (මාර්තු 20) සියයට 1.67 කින් ඉහළ ගියේය.  පසුගිය දින කිහිපය තුළ අඩු මිල ගණන් දක්වා පහත වැටී තිබීමේ වාසි සහගත අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොටස් මිල දී ගැනීමට ආයෝජන අංශ පෙළැඹී සිටියේය.  
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,662.99  තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 256.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,700.14 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 94.93 ක දියුණුවීමක් සේ  දැක්විය හැකිය. 

සියෙරා රු. මිලියන 1,803 ක් වශයෙන් දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය.  සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් රු. මිලියන 163 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 79 ක්, සම්පත් රු. මිලියන 67 ක්, ටී.ජේ. ලංකා රු. මිලියන 59 ක්, වැලිබල් වන් රු. මිලියන 30 ක්,   බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 49 ක්, සෙන්ට්‍රල් ෆින්ෑන්ස් රු. මිලියන 43 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 26 ක්, සහ එල්. ඕ. එල්. සී. රු. මිලියන 23 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම්  අතර තිබුණි. 

වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 11,467 ක් වූ අතර සමාගම් 221 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 37 ක් විය. ඊයේ දිනයේ වෙළෙදපොළ පිරිවැටුම රු. බිලියන 3.67 ක් දක්වා කලින් දිනයටත් වඩා සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කළේය. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන්ට උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. පසුගිය වසරේ ආර්ථික දත්ත නිකුත්වීම සමග ස්ථාවර වර්ධනයක් කරා ගමන් කරනු ඇති බවට වන විශ්වාසය ආයෝජන අංශ තුළ පැන නැගෙමින් තිබේ. අදානි සමූහ ව්‍යාපාරය නැවත මෙරට සුළං විදුලිය අංශයේ ආයෝජනය ඉදිරියට ගෙන යනු ඇති බවට ඇති විශ්වාසය සහ තවත් ව්‍යවසාය ගණනක් මෙරට ආයෝජනය සඳහා ඉදිරිපත්වනු ඇති බවට පවතින ආකල්ප වෙළෙඳ පොළ කෙරෙහි බලපා ඇත. 

නිරීක්ෂක



අදහස් (0)

සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ දවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 301 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 108 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 99 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 94 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 31 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 22 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 157 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site