( තිළිණි ද සිල්වා)
හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කර සිටී.
එම ධූරයේ මීට පෙර කටයුතු කළ ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධූරය සඳහා ඇයව පත් කරනු ලැබූ බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆාලි මහතා පැවසීය.
ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස් හෝල්ඩින්ග්ස් හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස ද පත් කරනු ලැබ ඇත.
“අභ්‍යන්තර කුසලතා සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන, අපගේ සමාගමේ අනුක්‍රමික සැලසුම් වලට අනුකූල වන පරිදි විධිමත් තේරීම් ක්‍රියාවලියකින් පසුව කස්තුරි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළා. කස්තුරි 2002 සිට අප සමඟ සිටින දීර්ඝ කාලීන සාමාජිකාවක් බැවින් ඇය හේමාස් හට ආගන්තුකයෙක් නොවන අතර එවන් අයෙක් සමූහයේ ඉහළම විධායක තනතුරට පත්වීම ගැන අප සතුටු වෙනවා. ” යැයිද හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති හුසේන් එසුෆාලි මහතා කීය.
හේමාස් හි සමාගමේ වසර 20ක වෘත්තීය සේවා කාලය තුළ කස්තුරි මහත්මිය, සමාගමේ ප්‍රධාන ක්‍රියාවලි නිළධාරී බවට පත්වූ අතර ඉන් අනතුරුව 2011 දී ඇය සමූහයේ ගුවන්, සංචාරක සහ ප්‍රවාහන ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කර ඇත. 2016 දී කස්තුරි මහත්මිය හට හේමාස් ෆාමසූටිකල්හි කළමණාකාර අධ්‍යක්ෂ ධූරය පැවරුණු අතර එහිදී ඇය නිරන්තරයෙන් පැන නගින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් අභියෝගාත්මක නියාමන පරිසරයක් තුළ තිරසාර වර්ධනයක් ලබා දී ඇත.
කස්තුරි මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකාවකි. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් ව්‍යාපාරික පාසලේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන ඇතුළු නායකත්ව වැඩසටහන් රැසකට සහභාගී වී ඇත. වසර ගණනාවක් තිස්සේ ඇය කර්මාන්ත සංසද සහ ප්‍රජාවන් සඳහා ක්‍රියාකාරිනියක ලෙස දායක වී ඇත. ඇය ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපති ධූරය ද හොබවනු ලැබේ.
කස්තුරි මහත්මිය 2019 දී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් ගේ ලැයිස්තුවට (Women Changemakers in Sri Lanka) තේරී පත්වීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ද ලක් වූවාය.
හේමාස්, පාරිභෝගික, සෞඛ්‍ය සත්කාර, ප්‍රවාහන සහ හෝටල් යන ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි තම නිෂ්පාදන හා සේවාවන් හරහා දිනපතා මිලියන ගණනක පාරිභෝගිකයින් සමග ගනුදෙනු කරමින් සිටින මෙරට සමාගමකි.ශ්‍රී ලංකාව තම ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය කරගත් හේමාස් සමූහය, බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරයෙහි ද තම මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හේමාස් ප්‍රධාන විධායක පුටුවට කාන්තාවක්
janahitha Tuesday, 30 June 2020 03:23 AM
කිසිදිනෙක රටේ පාලනයට, එනම් පාර්ලිමේන්තුවට, ඇමැති තනතුරකට පත්විය නොහැක. ඒ සුදුසුකම් නොගැලපෙන නිසාවෙනි.
විජේ Tuesday, 30 June 2020 03:53 PM
ජනහිත, ඒ මනුස්සයත් නැතිවෙන වැඩක්...