භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරූ, සුරක්ෂිතනොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් ලෙස මෙම නිකුතුවක් සිදු කිරීම සැලසුම වී තිබේ. එහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එසේම ඊට හිමිවන අධිදායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමටද සමාගම බලාපොරොත්තු වෙයි.
මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර ඇති අතර, සමස්ත නිකුතුව හරහා සිදු කරන ණයකර කොටස් මිලියන 70න්, උපරිමව රුපියල් බිලියන 7ක මුදලක් රැස් කරගැනීම අපේක්ෂාව වී තිබේ.
කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සිදු කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, මෙම නිකුතුවට අදාළව නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් හේලීස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේ සිව් වැනි කාර්තුවේදී සියයට 5.4 කින් වර්ධනය වී ඇති බවත් සමස්තයක් ලෙස පසුගිය වසරේදී මෙරට ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වී ඇත
ගියවර අයවැයේ රජයේ අදායම් ඉලක්ක සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සපුරාගෙන තිබෙන බවත් මෙම වසරේද රජයේ අදායම් ඉලක්ක සපුරා ගැනීමට ජාතික ජන බලවේග රජය
කොළඹ කොටස් හුවමාරුව සඳහා 2024 වසර වාර්තාගත වසරක් වූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි.
ශ්රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අන
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හේලීස් සමාගමෙන් රුපියල් බිලියන 7ක ණයකර නිකුතුවක්