පාර්ලිමේන්තුවේ මූලික කාර්යභාරයක් වන්නේ මූල්‍ය පාලන බලතල ක්‍රියාවට නැඟීමය. එහිදී පාර්ලිමේන්තුවේ සහායට මුදල් පිළිබඳ කාරක සභා තුනක් පත්කරගෙන ඇත. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එයින් ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය කමිටුව යැයි කීමෙහි වරදක් නැත. තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත එහි කාර්ය වන්නේ රාජ්‍ය සංස්ථාවල හා රජයට පැවැරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් පරීක්ෂා කිරීමය. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කාර්යය ද ඊට සමාන්තරය. ඒ අනුව උපමාවකින් කිවහොත් එම කාරක සභා දෙකම කිසියම් ආකාරයකට රාජ්‍ය ආයතන සම්බන්ධ සිදුවීම්වලදී පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාවලියක නිරතවන්නේ යැයි අපට කිවහැකිය. ඒ කමිටු දෙකම විමර්ශන කරන්නේ සිදුවීමකට පසුය.
එහෙත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊට වෙනස්ය. එමගින් සොයන්නේ මුදල් වර්ෂයේ රාජ්‍ය මුදල් වෙන්කිරීම් හා ඊට අනුව ඒවා වැය කරන්නේද යන්නයි. එනම් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ විශේෂත්වය වන්නේ කල්තියා විමර්ශන ක්‍රියාවලියක නිරතවීමය.
අයවැය කාලයේදී කමිටුවෙන් පාර්ලිමේන්තුවට වාර්තා දෙකක් නිකුත් කෙරේ. පසුගිය පෙබරවාරි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එයින් එක් වාර්තාවකි. 2018 අයවැයෙහි මුදල් වෙන්කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳව එයින් විමසා බැලිණි. සැබැවින්ම එම වාර්තාවට අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාව අතර තිබුණේ විශාල පරස්පරයකි. කමිටු කටයුතුවලදී අප මුහුණ දෙන ප්‍රධාන දුෂ්කරතාවය වන්නේ තොරතුරු හා දත්ත පිළිබඳ ප්‍රශ්නයයි. උදාහරණයකට අයවැය ඇස්තමේන්තු මැයෙන් දත්ත අන්තර්ගත සාරගර්භ පොත් කීපයක් අපට ලැබේ. එහෙත් අයවැය කතාවේදී කියන දේවල් හා එහි අන්තර්ගත දේවල් එකක් නොව දෙකකි. අනෙක් අතට ආදායම් හා වියදම්, ආර්ථික වශයෙන් එම දත්ත ඇස්තමේන්තු සකස් කර ඇති මාදිලි අනුව සංසන්දනය කිරීම පහසු නොවේ. ඇත්ත කතාව ගත්තොත් මේ දත්ත වාර්තා සියල්ල බොරුය. ඇත්ත අයවැයට අදාළව ප්‍රසිද්ධ නොකරන දත්ත ලේඛනයක් මේවා සකසන්නන් අත ඇති බව අපට පැහැදිලිය. මේ ඇත්ත දත්ත රටටවත් ජනතාවටවත් හෙළිදරව් කරන්නේ නැත. මෙය කාලයක් තිස්සේම අයවැයේදී සිදුවන සෙල්ලමකි. එසේම හෙළිදරව් කරන දත්තවලට අනුව පවා මුදල් වෙන්කිරීම් කරන්නේ නැත. වැදගත් කාරණය වන්නේ මේ සිදුවීම් කාලයක් තිස්සේම ජනතාවට හෙළිදරව් නොවීමය.
රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීම රටක් හැටියට අප මුහුණ දෙන ප්‍රශ්නයකි. අයවැය ඇස්තමේන්තුවලදී අපේක්ෂා කරන ආදායම කිසිදා ලැබී නැත. ආදායම් එසේ වුවද වියදම් නිසියාකාරව මැන බලන්නට බැරිකමක් නැත. උදාහරණයකට විදේශ ණය වැනි දේ නිශ්චිතව කිවහැකිය. ඒ ඒ මාස හෝ කාර්තුවලදී ඒවා ගෙවිය යුතු ආකාරය බලධාරීහු කල්තියා දනිති. ප්‍රශ්නය නම් එවැනි අංශවලට අදාළ දත්ත පවා නිසි පරිදි වාර්තා නොකිරීමය. අවුරුදු පහක විදේශ ණය පිළිබඳ සොයාබැලීමේදී අප දුටුවේ 52.8%ක වෙනසක් ඇති බවය. ඒ ගැන විමසූවිට නිලධාරීන් පවසන්නේ රුපියල්වලින් කතා කළත් විදෙස් ණය ගෙවන්නේ ඩොලර්වලින් නිසා එහි උච්චාවචනයක් ඇති බවය. උච්චාවචන සිදුවිය හැකි බව පිළිගත හැකි නමුත් මෙවැනි විශාල පරතරවලින් එවැනි තත්ත්වයක් නිර්මාණය විය නොහැකි බව අපේ විශ්වාසයයි. අන්තිමේදී නැති ආදායමක් ද ඇත්තටම කර ඇති වියදම්වලට වඩා අඩු වියදමක් ද මවා පෙන්වන දත්ත සෙල්ලමක් බවට මෙය පත්ව තිබේ. මේ නිසා රටටත් ජනතාවටත් වියදම් කිරීමට ඉතිරිවන්නේ ඉතාම අඩු මුදලකි.
ඇමැතිවරයකු මාරු වී අලුත් ඇමැතිවරයකු පත් වූ විට ඔහුට හිමි නිල රථය ද අලුත් කරගැනීමේ ව්‍යාධියක් ලංකාවේ දේශපාලනයේ තිබේ. අලුත් වාහන මේනියාවක් තිබුණ ද පැරැණි යැයි කියා භාවිතයෙන් ඉවත් කරන වාහනය ද ඇත්තටම පැරැණි නැත. එසේ ඉවත් කරන ඇතැම් වාහන අඩුම තරමින් මාස හය හතක්වත් පාවිච්චි කර නැත. අලුත් වාහනයක් අලුත් ඇමැතිවරයාට ලැබුණ ද පැරැණි වාහනයට සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් නොදනිති. විය යුත්ත නම් එවැනි විටෙක පැරැණි වාහනය යළි ගෙන්වා ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරීමය. එහෙත් සිදුවන්නේ එය නොවේ. ඒ වාහනය අමාත්‍යාංශයේම කාගේ හෝ පාවිච්චියට ගනී. මෙවැනි දේපළ සම්බන්ධයෙන් ලේඛනයක් තබා ගත යුතු වුවත් එවැනි ලේඛන නඩත්තු කිරීමක් සිදු නොවේ. වාහනවලට සිදුවූයේ කුමක්දැයි උත්තර බඳින්නට වෙන්නේ ලේඛන නඩත්තු කළහොත්ය. එනිසා ලේඛන නැති තරමට දූෂණයට ද ඉඩ ඇත. මෙය කාලයක් තිස්සේ සිදුවන අපරාධයකි. ඇමැතිවරුන්ගේ භාවිතයට මෙවැනි වාහන ආනයනය කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරය විසිනි. එනිසා මෙවැනි දේපළ ලියාපදිංචි ලේඛනයක් සකසන්නැයි රාජ්‍ය මුදල් කාරක සභාව හැටියට අපි ඊට නියෝගයක් නිකුත් කළෙමු. එහෙත් අද වනතුරු එවැනි ලේඛනයක් තවමත් සකසා නැත.
තෙල් මිල සූත්‍රය යනු පසුගිය කාලය පුරාම කතාබහට ලක් වූ කරුණකි. මෙරට ඉන්ධන සම්බන්ධයෙන් ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් සූත්‍රයකි. රාජ්‍ය මුදල් කාරක සභාව ජනවාරි 25 වැනිදා පැවැති රැස්වීමේදී එය ඉල්ලා සිටිය ද මේ වනතෙක් එය ලැබී නැත. අඩුම තරමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අවසන් රැස්වීමට පැමිණියේවත් නැත. පසුව යම් ලේඛනයක් ලබා දී ඇතත් එහි මිල සූත්‍රයක් ගැන සඳහනක් නැත. එහි තිබෙන්නේ ඒ ඒ මාසවල ඉන්ධන මිල ගණන්ය. රාජ්‍ය මුදල් කාරක සභාවට මාසයේ ඉන්ධන මිල ගණන් වැඩක් නැත. අවශ්‍ය මිල සූත්‍රයයි. මිල සූත්‍රය යැයි කියා යමක් මුදල් ඇමැතිවරයා ජනමාධ්‍යට ඉදිරිපත් කළ ද එහි සියල්ල නොදන්නා පදයි. එනිසා අප මුදල් අමාත්‍යාංශයට කියන්නේ ඇත්ත මුදල් සූත්‍රය රාජ්‍ය මුදල් කාරක සභාවට ලබාදෙන්නැයි කියාය. රාජ්‍ය මුදල් පිළිබඳ දත්තවල ඇත්ත තත්ත්වය ගැන සිතාගන්නට මේ හොඳම උදාහරණය. රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්වලදී දුර්වල ප්‍රසම්පාදනය මූලික ප්‍රශ්නයක් වී තිබේ. විශේෂයෙන්ම ප්‍රසම්පාදනයෙන් පිට සිදුවන මිලදීගැනීම් දූෂණයට මඟ පාදයි. එහෙත් මේ වනවිට 19 වැනි සංශෝධනය මගින් පත්කෙරුණු ජාතික ප්‍රසම්පාදන කොමිසමක් තිබේ. නිවැරැදි ප්‍රසම්පාදනයකට මඟ කියන එමගින් සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයක් ද තිබේ. එනිසා දූෂණයට අත වනන අනිසි මං ඔස්සේ යන්නටත් මං වරදින්නටත් නිලධාරින්ට විධියක් නැත. ඉදිරියේදී රාජ්‍ය මුදල් කාරක සභාවේ විමර්ශනවලදී මෙම ප්‍රසම්පාදන කොමිෂන් මාර්ගෝපදේශ සංග්‍රහය ද සලකාබලන්නට අපි කටයුතු කරමු.
ජාතික අයවැය දෙපාර්තමේන්තුව යනු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි. අමාත්‍යාංශ යටතේ ආයතන ගැසට් කිරීමේදී එවැන්නක් සඳහන් වුවද යථාර්ථයේදී එවැන්නක් නැත. මුදල් අමාත්‍යාංශයේම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් දුවන තවත් මුදල් වැය කරන තැනක් හැටියට එය හැඳින්විය හැකිය. මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය පරීක්ෂා කළහොත් මේ ගැන යම් අදහසක් ඇතිකරගත හැකිය. විෂය භාර ඇමැතිවරයා යම් දෙයකට මුදල් වෙන්කරන්නැයි කී විට අවශ්‍ය මුදල නොමැති නම් ඒවා වෙන්කර ගැනෙන්නේ මෙවැනි දෙපාර්තමේන්තුවලිනි. එසේ බලද්දී සැබැවින්ම මෙවැනි ආයතන පවත්වාගෙන යන අර්ථය හැටියට අපට වැටහෙන්නේ අයවැයෙන් වෙන් නොවුණු අමතර වැඩවලට මුදල් වෙන්කරගැනීමය. මෙම ආයතන සැකැසීමේ කිසිදු විද්‍යාත්මකභාවයක් නැත. මේවා ගැන අප නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළවිට ඔවුන් කියන්නේ තමන් කුමක් කරන්නදැයි කියාය. මුදල් ඉල්ලා සිටින විට අයවැයෙන් පිට මුදල් ගන්නා මූලාශ්‍රයක් හැටියට මෙවැනි දෙපාර්තමේන්තු පාවිච්චි කරනු විනා කරන්නට අන් යමක් නැතැයි කියාය. අවසානයේදී ඔවුන් එකඟ වූයේ සමස්ත අයවැයේ මුදල් වෙන්කිරීම්වලින් ජාතික අයවැය දෙපාර්තමේන්තුවට කරන වෙන්කිරීම් 2% ඉක්මවා නොයන්නටය. ගංවතුර, නායයෑම් ආදී ආපදා තත්ත්ව හමුවේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට රජයට වෙනම අරමුදලක් තිබේ. එනිසා මුදල් ගැනීමට මෙවැනි මූලාශ්‍රයක් කිසිසේත්ම අවශ්‍ය නැති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ මතයයි.
කෝප් කමිටුවට පවා මුහුණදීමට සිදුව ඇති එක් ප්‍රශ්නයක් වන්නේ ප්‍රශ්නගත රාජ්‍ය ආයතනවල හඳුනාගන්නා වැරැදි වාර්ෂිකව නැවත නැවතත් වාර්තා වීමය. මේ තත්ත්වය රාජ්‍ය මුදල් කාරක සභාවට ද පොදු අත්දැකීමකි. එවිට රාජ්‍ය මුදල් අපහරණය වැළැක්වීමට ඇතැම් නිලධාරීන්ට තරමක් තදින් කතා කිරීමට අපට සිදුවේ. මන්දයත් මේ නාස්ති කරන්නේ මහජනතාවගේ ධනය වන බැවිනි. එනිසා රාජ්‍ය මුදල් කාරක සභාව හැටියට අප සිතන්නේ මෙම නාස්තිවලට දූෂණවලට තිත තැබීමට නම් මේ ඇත්ත තත්ත්වය ජනතාවට නිවැරැදිව හෙළිදරව් කළ යුතු බවය. නිවැරැදි දත්ත අවශ්‍ය එයටය. එසේම මෙම තත්ත්වය වැළැක්වීමේ පළමු පියවර වශයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට ද අපි යෝජනා කළෙමු. ඊට අවශ්‍ය නීතිමය කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී. එවිට අවශ්‍ය මෙවැනි දත්ත වාර්තා ආදිය පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයට ලබාදීම අනිවාර්ය වන අතර දත්තවල පවතින නොගැළපීම් ප්‍රකට වේ. තොරතුරු නොදෙන්නන් පාර්ලිමේන්තුවට අපහාස කළ අය පරිද්දෙන් සලකා ක්‍රියාකිරීමට හැකිය. එය සිදු නොවන තාක්කල් වන්නේ අයවැය කතාවේදී එකක් කියා තවත් දෙයක් කරන්නට ආණ්ඩුවට ඉඩ පහසුකම් ලැබීමය. එසේ පරස්පරව ඉදිරිපත් කරන අයවැයට පක්ෂව කිසි ප්‍රශ්නයක් නැතිව ඡන්දය ලැබීමය.
තොරතුරු ලබාදෙන මාදිලි එකිනෙක සංසන්දනය කළ නොහැකි බව මෙහි මුලදී අපි සඳහන් කළෙමු. ඒ අනුව තොරතුරු සංසන්දනය කළ හැකි මාදිලි අපි නිලධාරීන්ට මීට මාසයකට පෙර ලබාදුන්නෙමු. එහෙත් තවමත් එම මාදිලිවලින් තොරතුරු ප්‍රදානයක් සිදුව නොමැත. අයවැය කතාවට පෙර තොරතුරු නොලැබීම ගැන කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටි අතර එහිදී ඔවුන් කීවේ රහස්‍ය තොරතුරු තිබීම ඊට හේතුව බවයි. ඒ අනුව එම තොරතුරු හෙට (6) දෙන බවට ඔවුහු පොරොන්දු වූහ. එසේ නම් අඩුම තරමින් අයවැය කතාවට පෙර දිය හැකි තොරතුරු දෙන්නැයි අපි ඔවුන්ට කීවෙමු. එවිට ඔවුන් කළේ කොළ කැබැලි කීපයක් දීමය. එහෙත් ඒවායේ කාරක සභාව අපේක්ෂා කළ තොරතුරු කිසිවක් නැත. මේ සියල්ලෙන් අවසාන විග්‍රහයේදී පැහැදිලි වන්නේ කුමක් ද? ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක් කරා යමින් සිටී යැයි කලක් තිස්සේම ආර්ථික විද්‍යාඥයෝ කීහ. එය එසේ නම් දැන් අප සිටින්නේ එම ආර්ථික අර්බුදයේ ගිලීය. මෙකී මවාපාන දත්ත වාර්තා හා ඇත්ත යථාර්ථය අතර පරතරය දකිද්දී නම් මට සිතෙන්නේ ලංකාවේ ආර්ථික අර්බුදය අප සිතනවාටත් වඩා නරක එකක් බවය. මේ දත්ත සෙල්ලම යනු සරලව ගත යුතු දෙයක් නොවේ. දේශපාලකයන්ගේ නියෝග හරි වුණත් වැරැදි වුණත් බැහැයි නොකියා ක්‍රියාත්මක කරන්නට දැන් මේ රටේ නිලධාරීන්ගේ ද හුරුවක් තිබේ. දත්ත විකෘතිය මෙන්ම තොරතුරු ප්‍රදානයට දක්වන මැලිකමේ ඇති මූලික හේතුවක් නම් එයයි. එහෙත් මේ නිලධාරීන් ද බලධාරීන් ද සෙල්ලම් කරමින් සිටින්නේ මහජන ධනය සමඟ බව අපට නොකතා සිටිය නොහැකිය. මේ විෂම ක්‍රීඩාවට දැන්වත් තිත තැබිය යුතුය.
රාජ්‍ය මුදල් කාරක සභාව හැටියට මෙවැනි අවස්ථාවක මූලිකවම අපට ගතහැකි ක්ෂණික පියවර නම් ජනතාව දැනුවත් කිරීමය. ජනමාධ්‍ය ඔස්සේ මේ කරුණු නොවලහා රටට කියන්නට තීරණය කළේ එහෙයිනි. ඉදිරියේදී රාජ්‍ය මුදල් කාරක සභා සැසි ද ජනමාධ්‍යට විවෘත කිරීම අපේ අරමුණයි. මන්දයත් මෙම තත්ත්වයන්හි බරපතළකම වඩාත් හොඳින් ජන සමාජයට සන්නිවේදනය වීම අත්‍යවශ්‍ය වන බැවිනි. පාර්ලිමේන්තු වරප්‍රසාද කිසියම් සංශෝධනයකට ලක්කිරීමෙන් එම කටයුත්තට මුල පිරිය හැකිය. දැනටමත් අපි රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් මහජන සාකච්ඡා දෙකක් යාපනය හා මහනුවරදී කළෙමු. මේ වසර ඇතුළත තවත් එවැනි හමු හතරක් කිරීමට නියමිතය. ඒ අනුව අප මේ කරන හෙළිදරව්ව මත මෙම විෂම තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරින් විමසා රාජ්‍ය මූල්‍ය ප්‍රශ්න කරන්නට අවදියෙන් සිටින පුරවැසියන්ටත් උගතුන්ටත් විද්වතුන්ටත් විශාල කාර්යභාරයක් තිබේ. රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ අතිමූලික කාර්යභාරයක් වන බව සැබැවි. එහෙත් එය අපහරණයේදී ඇත්තේ වැටත් නියරත් ගොයම් කන තත්ත්වයක් නම් ඊට එරෙහිව නැඟී සිටීම සමස්ත ජාතියේම කාර්යභාරයකි.
සටහන -බිඟුන් මේනක ගමගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අය-වැයේ ඇස්තමේන්තු නිවැරැදිද