ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ නව බද්ද රුපියල් 50ක් බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
අගය කළ යුතු තීරණයකි. දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි. බලධාරීන් යම් පමණකට හෝ අවදියෙන් සිටින බවත් මෙරට ගොවියා සම්බන්ධයෙන් යම් වගකීමක් දරන බවත් මෙම තීන්දුවෙන් පැහැදිලි වේ.
මෙරට විසි තිස් වසරකට ඉහත දී ගමේ ගොඩේ කැලෑවට වැටුණු එළවළු වර්ග පලතුරු වර්ග සියල්ලක්ම පාහේ අද පිටරටින් ගෙන්වනු ලබයි. පුවක් ගෙඩියේ සිට කොහිල දක්වා සියල්ලම පිටරටින් ගෙන්වීමට සිදු වී තිබේ. කලට වැසි වසින සම කාලගුණික තත්ත්වයක් සහිත රටක සරු පොළවක් අපට තිබිණි. සැබැවින්ම අපේ මවුපොළොව ධාන්‍යාගාරයක් බඳු විය. රටට අවැසි තරමට ධන ධාන්‍ය මේ පොළොවෙන් නෙළා ගත හැකි විය.
එහෙත් පස නිසරු විය. ‘‘නිසරු විය’’ නොව නිසරු කළහ. කෘමි රසායනික ද්‍රව්‍ය පොළොවට මුදාහැරිණි. අස්වැන්න හීන වී ගියේය. එයට සමාන්තරව ආර්ථිකය ද විවෘත විය. ඒ ඇරුණු දොරෙන් සියල්ල මෙරටට ගලා ආවේය. ධාන්‍යාගාරය කැයි කී රටට හාල් පිටරටින් ගෙන්වීමට සිදුවිය.
සියල්ලෙන් කියැවෙන්නේ මෙරට කෘෂි ආර්ථිකය විනාශ වී ගිය බවය. එය නවීන ජාතික ආර්ථිකයක් ලෙස ඔසොවා තැබිය යුතු වුවද සිදු වූයේ කෘෂි ආර්ථිකය වළපල්ලට යෑමය. මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට සුදුසු යැයි කීවද බිඳ වැටුණු කෘෂි ආර්ථිකය තුළ මඩ සෝදාගත් ගොවියාට සිහසුන නොව සුසානය හිමි විය.
ගොවියා අත තිබූ කෘෂි නිෂ්පාදනය වෙළෙන්දන් අතට ගියේය. ඔවුහු පිටරටින් සියල්ල ගෙන්වීමට පටන් ගත්හ. එහිදී විවිධ සංවිධානාත්මක කටයුතු ද සිදු විය. පළමුව ආහාර ද්‍රව්‍ය ආනයනය කර ගබඩා කර ගනිති. ඒවා වෙළෙඳ පොළට යොමු නොකිරීම නිසා රට තුළ උග්‍ර ආහාර හිඟයක් ඇති වේ. හිඟයේ තාර්කික අන්තය භාණ්ඩයේ මිල ඉහළ යාමයි. වෙළෙන්දන්ගේ කරල පැසෙන්නට පටන් ගත්තේ ඒ අයුරිණි.
බලධාරීන්ගේ ද අවධානය යොමු වී තිබුණේ වෙළෙන්දන් කෙරෙහිය. ඒ කොමිස් නිසා බවට රහසක් නොවේ. අතිශය දුෂ්කර කොන්දේසි යටතේත් වගාව අත නොහැර එහිම නියැළෙන දුප්පත් ගොවියා අස්වැන්න නෙළන සමයටම බාධාවකින් තොරව එම වර්ගම රට ඇතුළට ආවේය. දේශීය ගොවියාගේ මිලට වඩා එම මිල පහළ අගයක වන බැවින් ගොවියා අන්ත අසරණ විය.
ගොවිතැනින් මහ ධන නිධානයක් පහළ නොවේ. ඇතැම්විට ජීවිතේ එදිනෙදා කටයුතු පියවා ගැනීමට එම මුදල ප්‍රමාණවත් වේ. ඊළඟ කන්නයේ දී ගොවිතැන් කිරීමට ගොවියා සතුව මුදල් නැත. ගොවිතැන් කරන ඉඩම, හිසට සෙවණ දෙන නිවෙස ඇප භාණ්ඩ බවට පත් වන්නේ එහෙයිනි. එහෙත් අස්වැන්න නෙළන සමයේදීම එම ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම නිසා අපේක්ෂිත ආදායම ගොවියා අතට පත් නොවේ. වී ගොවියාගේ සිට අර්තාපල් ගොවියා දක්වා සෑම තරාතිරමකම ගොවියන්ගේ ඉරණම ලියැවෙමින් තිබෙන්නේ එසේය. කනේරු ඇට කා, වස බී මිය යාමේ මාවත ගොවියාට තෝරා ගැනීමට සිදු වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කිරීම වඩාත් වැදගත් පියවරක් ලෙස අගය කළ යුතු වන්නේ එහෙයිනි. එබඳු පියවර අනුගමනය කිරීමකින් හෝ දේශීය ගොවියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවීම පැසසුමට ලක් කළ යුතුමය.
අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණයක් තිබේ. දේශීය ගොවියාට අදාළව ක්‍රියාත්මක විය යුත්තේ තාවකාලික විසඳුම් නොවේ. පැලැස්තර විසඳුම් ද නොවේ. දියුණු කල්පවත්නා විසඳුම් ක්‍රියාත්මක විය යුතුය. පොදු නවීන ජාතික කෘෂි ප්‍රතිපත්තියක් ඒ වෙනුවෙන් නිර්මාණය කළ යුතුය. එය හෙටට කල් දැමීම ද ප්‍රමාදයකි.
හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ
නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති
ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක
දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප
ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී
දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල ගොවියා වෙනුවෙන් ගත් තීරණය අගයමු
Seneviratne Tuesday, 19 February 2019 09:18 AM
මම හිතන විදියට නම් පිටරටින් ගෙනෙන එළවලු නවත්වන්නම වෙනවා. බදු වැඩි කළා කියලා පිටරටට යන ඩොලර් නවතින්නේ නැහැ. අනික 1965-70 කාලේ වගේ ( ගොවි හමුදාව ) මහා වගා ව්‍යාපාරයක් කල යුතු වෙනවා. අතරමැදියා පාලනය කිරීමත් , රටට අවශ්‍ය ආහාර රටේම නිපදවා ගන්න ඕන. ඊළඟට පුළුවන් හැම දෙයම පිටරට වෙළඳ පොලට යවල විදේශ විනිමය රට තුලට ගැනීමත්, අනවශ්‍ය අනෙකුත් දේවල් පිටින් ගෙන්වීම පාලනය කිරීම අනිවාර්ය වෙනවා.