ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වී මාසයක් ගතවුණේ මේ සතියටය. එතුමන්ගේ දේශපාලන ආගමනය නිසා මේ රටේ සමස්ත දේශපාලනයේ බරපතළ වෙනසක් නිර්මාණය වී ඇති බව ඉතාමත් සත්‍යයක්ය. මේ වෙනස මෙතෙක් ජනාධිපතිවරයකු පත්වූ විටක සිදු නොවූ ආකාරයේ එකක් බව මගේ මතයය. මේ වෙනසේ එක් පැත්තක් පෙනී යන කාරණයක් වන්නේ රජයේ ආයතනවලට ප්‍රධානීන් තෝරා ගැනීමේ ඇති විවෘතභාවයයි.
ජනාධිපතිවරණය නිමාවී මාසයක් ගත වී ඇතත් සමහර රාජ්‍ය ආයතනවලට තවමත් ප්‍රධානීන් පත් කරන්නට නොහැකි වී ඇත්තේ මේ වාරයේ රාජ්‍ය අයතනවලට පත්කරන අය රටේ හැමෝටම පෙනෙන ආකාරයෙන් කරන්නට උත්සාහ දැරීම නිසාය.
රජයේ ආයතනයක් ගොඩනගන්නට අදහසක් හා දැනුමක් තිබෙන ඕනෑම අයෙකුට රජයේ ආයතනවල ප්‍රධානීන් වීමට අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ පළමු වතාවටය. එවැනි ක්‍රමවේදයක් මෙතෙක් කාලයකට නොතිබුණු නිසා සමහර විටෙක දේශපාලන ව්‍යාපාර තුළ ද යම් ආකාරයක ආතතියක් ගොඩනැගෙන බව සැබෑවක්ය. එහෙත් රටක් විධියට කල්පනා කරන විට මේ ආකාරයේ නව අත්හදා බැලීම් ඉතාමත් වැදගත් බව පිළිගත යුතු සත්‍යයකි.
මේ සටහනින් මා ලියන්නට යන්නේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රමවේදය ගැන නොවේ. මගේ මූලික මාතෘකාව වන්නේ මේ වන විට වර්තමාන ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝග කීපයක් පිළිබඳව යම් සටහනක් තැබීමටය. මේ අභියෝග කීපයම දේශපාලනික අභියෝග නිසා ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්ය.
අනෙක් අතට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා පවතින්නේ මේ ආණ්ඩුව නිසා එයට මතුවිය හැකි අභියෝග සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.
මා දකින ආකාරයට ආණ්ඩුවට ඇති එක් අභියෝගයක් වන්නේ මෙම අන්තර්වාර ආණ්ඩුව මීළඟ මහ මැතිවරණය දක්වා ‘ජයග්‍රාහී මානසිකත්වයකින්’ යුතුව පවත්වා ගෙන යාමේ අභියෝගයයි. මේ ආණ්ඩුව අන්තර්කාලීන එකක් යැයි කියන්නේ ඒ මගින් බලාපොරොත්තු වෙන්නේ මීළඟ මැතිවරණය වන තෙක් රට ‘අල්ලා ගෙන සිටින’ භාරකාර ආණ්ඩුවක් යන තේරුමෙන්ය. මෙහි ඇති අභියෝගාත්මක තත්ත්වය වන්නේ රටට වැඩදායක පනතක් වැනි බරපතළ වෙනස්කමක් කරන්නට තරම් ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුවේ නොමැති නිසා මේ කාලවකවානුව තුළ ජනතාවගේ ඇති විශාල අපේක්ෂා ඉටු කරන්නට ඇති ඉඩ කඩ සමහර විටෙක සීමාවීමට ඇති අවකාශය සමග ගළපා බලන විට මේ තත්ත්වය අභියෝගයක් බව මගේ අදහසයි.
මේ තත්ත්වය සරලව තේරුම් කළ හැකි තත්ත්වයක් අපේ රටේ මුල්‍ය පද්ධතියේ ඇති අපේක්ෂා සහගත තත්ත්වය දෙස බැලීමෙන් පෙන්නුම් කෙරෙයි. පසුගිය රජය විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුකරනු ලැබූ අවුල්සහගත තත්ත්වයට සාපේක්ෂව ජනතාවගේ පැත්තෙන් ඉල්ලා සිටින්නේ භාරකාර රජයකින් බලාපොරොත්තු වෙන ආකාරයේ ඒවා නොවන බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මේ තත්ත්වය නිසාම රාජ්‍ය යාන්ත්‍රණය සහ රටේ මූල්‍ය පද්ධතිය යන ක්ෂේත්‍ර දෙක තුළටම ඉතාමත් ඉක්මන් හා ක්ෂණික ප්‍රතිසංස්කරණයන් පද්ධතියක්ම ඉල්ලා සිටින තැනකට රට පත්වී ඇති බව තේරුම් ගැනීම ඉතාමත් නිවැරදිය.
නිදර්ශන ලෙසින් ගතහොත් මේ වන විට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිටින්නේ බරපතළ හුවමාරු මුදල් අර්බුදයක බව පෙනී යන කරුණක්ය. මුදල් ගලා ඒම (Cash flow) අඩුවීම හේතුවෙන් කිසිම ව්‍යාපාරයක් ශක්තිමත් තත්ත්වයක පවත්වාගෙන යන බවක් පසුගිය වසර පහක කාලයම පෙන්නුම් කළේ නැත. මේ බොහෝ අයගේ ගිණුම් තිබෙන්නේ ක්‍රිබ් එකේ (Crib) හෙවත් අසාදු ලේඛනයේය. ඒ අයට කිසිම ආකාරයක අලුත් ණයක් ගැනීමේ හැකියාවක් නැත. එපමණක් නොවේ. මේ තත්ත්වය නිසා අර්බුදයට පත්වූ ව්‍යාපාරිකයන්ගේ ගණන සීමා කළ නොහැකි තරමට වැඩිවී ඇති බව ද ප්‍රසිද්ධ කාරණයක්ය. මේ හුඟක් අයගේ වත්කම් වෙන්දේසි කරන්නට බැංකුකරුවන් සූදානම් වෙන බව බොහෝ සුළු ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් ඇසෙන මැසිවිල්ලක්ය.
මේ ආකාරයෙන් කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අභියෝගය වත්මන් භාරකාර රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයක් බව ඉතාමත් පැහැදිලිය. මෙවැනි බරපතළ තත්ත්වයක් සුළු කාලයකින් විසඳීමේ බලාපොරොත්තුවක් ජනතාවගේ පැත්තෙන් මතුවිය හැකි අතර එය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුව පැත්තෙන් ඉතාමත් අවශ්‍ය දෙයක් බව මගේ අදහසය. මේ අභියෝගය ජයගැනීම සඳහා විසඳුම් මාලාවට සමානව ශක්තිමත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ද ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය බව මගේ යෝජනාවය.
තවත් පැත්තකින් ආණ්ඩුවට මුහුණදීමට ඇති අභියෝගයක් වන්නේ පසුගිය ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනයට සාපේක්ෂව ඉතාමත් කාර්යක්ෂම හා ක්ෂණික ප්‍රතිඵල දෙන ආකාරයේ පාලනයක් ගොඩනඟා ගැනීමට ජනතාවගේ ඇති බරපතළ අපේක්ෂාවය. මේ අපේක්ෂාව සපල කර ගැනීමට මීළඟ ආණ්ඩුව පත්වන තුරු සිටිය යුතු යැයි කීවාට සමාජයේ එක් තීරුවක් ඉන්නේ එවැනි ඉවසීමක්වත් නොමැති තත්ත්වයකය. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයේ වේගය තව තවත් වැඩි කිරීමේ ඉල්ලීම මතුවෙන්නේ මේ තත්ත්වය හේතුවෙන්ය. අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමෙන් පසුව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පවා දැන්මම ඉල්ලන්නේ මේ ප්‍රශ්නය හේතුවෙන් බව මගේ තේරුම් ගැනීමය. සමහර අයකුට මෙවර ආයතන ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රියාදාමය පවා ‘පමාවීමක්’ ලෙසින් දකින්නේ මේ කියන ‘ඉක්මන’ පිළිබඳව ඇති කල්පනාව හේතුවෙන්ය.
තුන්වෙනුව මේ ආණ්ඩුවට ඇති අභියෝගයක් වන්නේ පරණ ආණ්ඩුවේ අය රාජ්‍ය සේවයේ සිදුකර ගොස් තිබෙන සමහර පත්වීම් වෙනස් කරන්නට කාලයක් ගතවීමය. ආණ්ඩුවේ සමහර මර්මස්ථානවලට බරපතළ වශයෙන් දේශපාලනමය සම්බන්ධතාවක් ඇති නිලධාරින් පත්කර තිබෙන නිසා එවැනි නිලධාරින් සමඟ පහළ නිලධාරින්ගේ ඇති සැකය හා වෛරය සමහන් කරන්නට නොහැකිවීම වත්මන් ආණ්ඩුවට මුහුණ දෙන්නට ඇති බරපතළ අභියෝගයක් බව මගේ මතයයි. මෙවැනි අර්බුදජනක පත්වීමක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ සිදුවෙන්නට ගිය බරපතළ විෂමාචාරයක් වළක්වා ගන්නට අදාළ නිලධාරියා මාරු කිරීමට පවා එම අමාත්‍යංශයේ ඇමතිවරයාට සිදුවූ බව මා හොඳට දන්නා කාරණයක්ය.
මේ කරුණුවලට අමතරව වත්මන් රජය ඉදිරියේ ඇති අභියෝගයක් වන්නේ පසුගිය පාලන කාලයේ විදේශයන් සමග එකඟවී ඇති සමහර ගිවිසුම්වලින් එළියට ඒමේ අපහසුතාවයයි. ඒ රජය ගිවිසුම්වලට ගියේම එතරම් බරපතළ ආකාරයක තෝරා බේරා ගැනීමකින් තොරව නිසා ඒ ආකාරයේ අර්බුද ජනක ගිවිසුම් රාශියක් ඇති බව අප හොඳින්ම දන්නා කාරණයක්ය. මේ ගිවිසුම්වලට රට හිරකර තිබෙන අතර මේවායින් සමහර ඒවා ලෝකයේ ශක්තිමත් රටවල් සමග අත්සන් කළ ඒවා බව මෙහිදී අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මේ ගිවිසුම් අතරින් පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට පත්වූ ගිවිසුමක් වන්නේ ඇමරිකාවත් සමග අත්සන් කිරීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයෙන් පවා අනුමත කරවාගත් MCC ගිවිසුමය. ඒ ගිවිසුමේ ප්‍රධාන පැතිකඩවල් දෙකක් තිබෙන අතර එකකින් කියන්නේ මෙරට ප්‍රවාහන පද්ධතියට විශාල ආයෝජනයක් සිදුකරන බවය. එහෙත් ගිවිසුමේ දෙවන කොටසේ පෙන්නුම් කරන්නේ ඊට වඩා බරපතළ ආකාරයෙන් රටට අහිතකර ආකාරයේ කාරණයක් බව පසුගිය මැතිවරණ කාලයේ සාකච්ඡාවට භාජන වූ බව අප හැමෝම දන්නා කාරණයක්ය. ඒ නිසාම රටේ ජනතාවගෙන් සමහරුන් බලා සිටින්නේ අලුත් ආණ්ඩුව පැමිණි මුල් අවස්ථාවේදීම ඒ ගිවිසුම ඉරා දැමිය යුතු බව වැනි යෝජනාවක්ය. එහෙත් මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු කාරණය වන්නේ වෙනත් රටක ගිවිසුමකින් ඉවත්වීමේ රාජතාන්ත්‍රික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉතාමත් අවශ්‍ය බවයි.
ඇමරිකාව ඉහත සඳහන් MCC ගිවිසුම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පසුගිය ජනාධිපතිවරණයේ විශාල වශයෙන් සාකච්ඡා වූ හෙයින් සමහරුන් කල්පනා කරන්නේ මේ ගිවිසුම ඒකපාක්ෂිකවම අප ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් මෙහිදී අප අවධානයට ගත යුතු කාරණයක් වන්නේ රටවල් දෙකක් අතර ඇති ගිවිසුම්වලින් ඉවත්වීමේ දී සිදුකරන ක්‍රමවේදයක් ජාත්‍යන්තර කටයුතු කළමනාකරණය කිරීමේ දී තිබෙන බවයි. එවැනි ආකෘතියක පිහිටෙන් මිස එවැනි ගිවිසුමකින් ඉවත්වීමේ හැකියාවක් ලෝක දේශපාලනය තුළ නොමැති හෙයින් ඒ පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතු බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.
තවත් පැත්තකින් වත්මන් ආණ්ඩුව මුහුණදෙන ගැටලුවක් වන්නේ රජයේ ආයතනවලට තෝරා ගැනීමේ දී යොදාගත් ක්‍රමවේදය නිසා සමහර පාක්ෂිකයන්ට රජයේ ප්‍රධාන ධුරවලට පත්වීමේ ඇති සම්භාවිතාව අඩු වී ඇති බවට මතුවිය හැකි නෝක්කාඩුවයි. රටේ මූල්‍ය පද්ධතියටම බරක් ලෙසින් පවතින සමහර ආයතන ලාභ ලැබිය හැකි ආකාරයෙන් පාලනය කළ හැකි කණ්ඩායමක් පත්කිරීම රට පැත්තෙන් ඉතාමත් අවශ්‍ය තත්ත්වයක් බව මෙහිදී පිළිගත යුතුම කාරණයකි. ඒ තත්ත්වය රටේ බොහෝ මධ්‍යස්ථ කණ්ඩායම්වල ප්‍රසාදයට පත්වී ඇති තත්ත්වයක් බව ද මෙහිදී අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුව අබිමුවේ අභියෝග
මෝ Thursday, 19 December 2019 12:24 PM
ඔබේ උපකල්පනයන් සහ අදහස් සාධාරණ යැයි සිතමි. ජනාධිපතිතුමන් සතු ක්‍රමවේද බොහොමයක් මේ පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාව වෙනස් නොකර ක්‍රියාවට නැංවිය නොහැකිය. ඒ සඳහා 3න්2කේ බලයෙන් පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමයි. එබැවින් පරණ ලී දඬුවැල් සහ පට්ටා අටවා සැකසූ ආණ්ඩුව මහමැතිවරණය තෙක් ඇදගෙන යාම හැර වෙන විකල්පයක් නැත. ඇමැති මඬුල්ලෙන් මහින්ද අගමැතිතුමා හැර අනික් කිසිවෙක් ගෝඨාභය ජනාධිපතිතුමාගේ අනාගත වැඩපිළිවෙලට සුදුසු යැයි නොසිතමි. ඔවුන් සියලු දෙනාම නරක් වූ ඇපල්ය. ඔවුන් සියලු දෙනාම ඉවත් කර උගත්, තරුණ, වැඩකළ හැකි විෂය දැනුම සහිත පාර්ලිමේන්තුවක් එතුමාට ලබාදීමට සියලු ජනතාව තරයේ මතක තබාගත යුතුයි. දශක ගණනාවක් රජ සබේ සිටි සියලුදෙනා රටේ පරිහානියට වගකිව යුතුයි. මොවුන් සියලුදෙනා පාට, පක්ශ භේදයෙන් තොරව ගෙදර යැවිය යුතුමයි.
සමන් ඕස්ට්‍රේලියාවFriday, 20 December 2019 04:36 AM
ඔබේ වදන "ඔවුන් සියලු දෙනාම නරක් වූ ඇපල්ය" නිවැරදි කළ යුතුයි. නව ඇමති දොස්තර රමේෂ් පතිරණ අලුත් උගත් මුහුණකි. ඇමති ඩලස් අලහප්පෙරුම ගැන මා දන්නා තරමින් චෝදනා නැත. මට බුරුත ලී දෙන්න එතකොට මම හොඳ කැබිනෙට්ටුවක් හදලා දෙන්නම් යයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වේ. බුරුත ලී සපයා දීම ඡන්ද දයකයාගේද වගකීමකි. ඊළඟට ඔහුගේ ජය වෙනුවෙන් වැඩ කළ විමල් වීරවංස වැනි අය අමතක කොට ඔහුට ඉදිරි ගමන යා නොහැකිය. ඊළඟ මැතිවරණයටත් ඔවුන්ගේ සහය අවශ්‍යයි.
ඒකනායක Saturday, 21 December 2019 04:40 PM
ජනාධිපතිවරණය නිමාවී මාසයක් ගත වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පවත්වනලද විදේශ මාධ්‍ය හමුව යනුවෙන් හඳුන්වා දුන් මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කියාසිටියේ මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට නොදෙන බවකි. එය චීනයට ලබාදීමට ඔහු කටයුතු කරන බව කියා තිබේ. එහි ආරක්ෂාව ලංකාවේ රජයට තිබිය යුතුබව පසුගිය රජයේ නායකයන් මීට පෙර රටට මෙය අවධාරණය කළ දෙයකි. ජනාධිපතිවරයා මේ කරන්නේ ඒ පිළිබඳව නැවත කියවීමක් පමණි. හම්බන්තොට වරාය නැවත ලබාගැනීමට චීනය එකඟ කරගැනීමට කටයුතු කරන බව මැතිවරණයේදී කීවත් දැන් එය නොකරනබව ජනාධිපතිවරයා කියා සිටියි... පසුගියදා ජනාධිපතිවරයාට ඉන්දියාවේදී ලැබුණු ඩොලර් මිලියන 450 පිළිබඳව කිසිවක් රජය ප්‍රකාශ කලේ නැත. මෙම ඩොලර් මිලියන 450 ලංකාවට දුන්නේ ඉන්දියාවද නොඑසේනම් ඉන්දියාව හරහා වෙනත් රටක්ද? ඉන්දියනු රජයේම "ඩොලර් මිලියන 450" ලබාදුනි නම් ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබාදීමට කටයුතු කෙරෙනු ඇත. MMC ගිවිසුම ඇමෙරිකානු බිල්ලකු සේ පෙන්වූ සමහර දේශපාලකයින් අද සියයට 70ක් මේ වනවිට හොඳවී ඇත.
සෙනරත් Friday, 20 December 2019 01:45 PM
හපෝ චරිත් ඔහෙගේ වැල්වටාරම්.. ඔහේ කවුද හලෝ?... හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ වැනෙනවා. ඉස්සෙල්ලා ඔහෙගේ ඔය දෙපැත්තකට වැනිල්ල නවත්වගෙන එනෝ... ඊට පස්සේ පුලුවන් ලියන්න.
Anton Saturday, 21 December 2019 10:17 AM
මෙහි ප්‍රධාන අභියෝගය සඳහන් කර නැත. ඒ තමයි ජනවාරි මාසේ චීනයට ගෙවන්න තිබෙන ණය වාරිකය සොයාගැනීම... චීනෙන් සියයට 5 පොලියට මහින්දලාගේ ආණ්ඩුවෙන් ගත්තා.
දිසානායක නුවර Saturday, 21 December 2019 04:54 PM
නීතිවේදියකු වන කෙහෙළිය රඹුක්වැල්ල අපගේ පළාතෙන් දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් ඇමති තනතුරු රැසක් දරන ලද කෙනෙකි. නමුත් අද ඔහුට ඉතාම අසාධාරණ ලෙස මේ රජය සලකා ඇත. එනම් අපොස සාපෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලද රණතුංග කැබිනට් ඇමතිවරයාගේ දෙවැනියා වීමටයි. මෙය කෙතරම් සාධාරණද කියා සුදුස්සාට සුදුසු තැන දෙන බව කී මේ රජයෙන් නුවර ජනතාව අසා සිටියි. කෙහෙළිය රඹුක්වැල්ල අපේ හිටපු කැබිනෙට් ඇමතිවරයාට අසාධාරණයක් සිදුව ඇත. රණතුංගලාගේ සුදුසුකම්වලට සහ කියුම් කෙරුම් සඳහා පසුගිය දිනවල පුළුල් ප්‍රචාරයක් ලැබිණි.
SUGATH Sunday, 22 December 2019 04:51 AM
චරිත හේරත් යනු ජනමාධ්‍ය අමාත්‍යංශයේ වර්තමාන ලේකම්තුමා යැයි සිතමි. තවද, එතුමා රාජපක්ෂ මැතිතුමාගේ වියත්මගෙහි පෙර ගමන්කරුවෙක් බවද මතකයේ රැඳී පවතී. එතුමා සඳහන් කරන පරිදි ඉහළ තනතුරුවල සිටින අය තෝරා ගැනීම විනිවිද භාවයකින් කළායැයි කියනුයේ තමන්ව තෝරාගැනීමත් සාධාරණීකරණය කිරිමටයි සිතමි. චරිත හේරත් මැතිතුමා කියන සියළු කරුණු නිවැරදිය. එතුමා කියනුයේ ජනාධිපතිතුමාගේ අභිලාෂයන් ඉටුකර ගැනීමට සුදුසු නිලධාරින් පත් කර ගැනීම කළයුතු බවත්, ඊට එරෙහි වන්නන් ඉවත් කළ යුතු බවයි. ගැටළුව වන්නේ ජනාධිපතිතුමා ගනු ලබන තීරණ කෙතරම් ජනතා හිතවාදීද යන කාරණය මත සියල්ල තීරණය වන බවයි. මෙම අර්බුදයට අභියෝගය මෛත්‍රීපාල ජනාධිපතිතුමාටද ඇති වුණු නමුත් එතුමාට එය නිවැරදිව කළමනාකරණය කර ගැනීමට නොහැකි විය. මන්ද එතුමා විශ්වාසය තැබුවේ පාර්ලිමේන්තුවේ බලය තමන් වෙත තබා ගැනීමේ උපක්‍රමශීලීත්වයයි. එහෙත් එය සිදු කරගත නොහැකි වූයේ ආණ්ඩුවක් කළ විපක්ෂයක් තිබූ නිසා විපක්ෂය බලවත් වූ හෙයිනි. මෙම අභියෝගය වත්මන් ජනාධිපතිතුමාටද ඇත. එහෙත් දැනට ඇති විපක්ෂය බලවත් නොමැති නිසා එය කළමනාකරණය කරගතහොත් දේශපාලන අභියෝග ජයගත හැකිය. එහෙත් ණය ගෙවීමේ අර්බුදය ඊට ප්‍රමුඛයි.
Kumar Sunday, 22 December 2019 03:46 PM
පත්වුණු දිනයේ සිටම ජනාධිපතිතුමා කරලා තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වීමයි, කතා පැවැත්වීමයි පමණයි. වැඩට බහින්නේ කවද්ද?
athula Monday, 23 December 2019 10:49 AM
2/3 බලයක් මොකටද? රට හදන්න සම්පූර්ණ බලය තියෙන්නේ අයගෙයි, මල්ලිගෙයි අතේනේ ඔය 2/3 ඉල්ලන්නේ තුවක්කුවෙන් පාලනය කරන්නද? 2/3 ක් ආවොත් රටේ නිදහස් මැතිවරණයට කනකොකා තමයි.. රට හදන කෙනෙකුට 2/3 ඕනේ නැහැ. පළමුව දූෂණය නාස්තිය නවත්වන්න පරිසරය අද මහා පරිමාණයෙන් විනාශ කරමින් ඉන්නවා ඒවගේ ප්‍රධාන කොටස් කරුවෝ රජයේම ඉහළ උන්... අනෙක් කාරණය මහා පරිමාණ වංචා කාරයින්ව අල්ලනවා කියලනේ ආවේ.. කෝ දැන්? ඇයි එහෙනම් කෝප් කමිටුවේ වැදගත්ම වාර්තාව එළියට දාන්න දවසකට කලින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කලේ ඕකතමයි.. මට පෙනෙන විදිහට නම් කොලේ වහලා දේශප්‍රේමය විකුණලා ආවට තව නොබෝ දිනකින් බළලා මල්ලෙන් එළියට එනවා..
K PereraWednesday, 25 December 2019 10:52 AM
තවම මාසයනේ... තව ඉස්සරහට තමයි හොඳ, හොඳ සෙල්ලම් බලන්න තියෙන්නේ...