ව්‍යවස්ථාදායකයට නීති පනවන බලය තිබේ. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන ප්‍රජාතන්ත්‍රවාදී රටක, මැති ඇමැතිවරු අවශ්‍යතාව පරිදි නීති පනවති. පනවා ඇති නීති බලගන්වන්නේ නැති අවස්ථා තිබේ. මර්දනය වුවමනා වූ අවස්ථාවක පාලකයන්ට නැති වගන්ති ඇතිකරන්නටත්, පැත්තකට කර තිබුණ නීති බලගන්වන්නටත් සම්පූර්ණ අයිතියක් ඇත. එහෙම කරන්නේ පොදු ජනතාවගේ යහපතට බව ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් තිබේ. හැබෑවටම ජනතාවට පනවන නීති පාලකයන්ට වලංගු නොවන්නේ මන්ද?
රථ වාහන මංතීරු නීතිය මෙම සතියේ සිට තදින් ක්‍රියාත්මක කරන්නට යෝජනා වී තිබේ. මෙම නීතිය වසර තිහ හතළිහක පමණ කාලයක් තිස්සේ තිබුණි. ප්‍රමුඛතා මංතීරුව බස් රථ වෙනුවෙන් හඳුන්වා දී එය සංශෝධනය කළේය. කිසිවකු එපමණ අවධානයට ගත්තේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට පසු අති විශේෂිත පුද්ගලයන් පොදු මාර්ග වසා තමන්ගේ ගමන් බිමන් කරගෙන යන අවස්ථාවේ මහ මග තදබදයට හිර වූ වාහන නළා ශබ්දකර එයට විරෝධය පළ කළේය. පලිගැනීම ඇරඹෙන්නේ එයින් ඉනික්බිතිවය. යතුරුපැදිකරුවන්ගේ හෙල්මට්වල ආවරණ සහිත කොටස් නීති විරෝධී වූ අතර සාමාන්‍ය ජනතාවගේ වාහනවල ඉදිරිපස වීදුරු අඳුරු කර තිබීම වරදක් බව දක්වා දඬුවම් කළේය. සති දෙකක් කල් දී ඉකුත් සඳුදා සිට මංතීරු නීතිය තදින් ක්‍රියාවට නඟන්නේ ද පාලකයන්ගේ බලය ප්‍රකාශ කරමින්ය.
සාමාන්‍ය ජනතාව යතුරු පැදියක්, ත්‍රීවීලර් එකක් හෝ කුඩා කාර් එකක් මිල දී ගෙන තමන්ගේ ගමන් පහසුව සලසාගන්නේ ධනය ඇති නිසා නොවේ. පොදු ප්‍රවාහන සේවාවේ දුර්වලතා හෙයිනි. පාසලට දරුවන් යවන්නට හා මවුපියන්ට වෙලාවට වැඩට යන්නට පොදු ප්‍රවාහනයෙන් නිසි සැලැස්මක් නැත. ජනතාව කොතැනකින් හෝ පාරේ ඉඩක් ඇති තැනකින් යන්නේ නීති උල්ලංඝනය කර ආණ්ඩුවට අභියෝග කරන්නට නොවේ. රතු ඉර වදින්නට කලින් කාර්යාලයට යන්නටය. සියලු හිරිහැර අවසානයේ දී පහසුවෙන් ගෙදර බලා ගමන් කිරීමටය. තැන නොතැන නොබලා අධිවේගයෙන් ගමන් කරන වී.අයි.පී. වාහනවල ගමන් කරන්නන් ඒ බව නොදැනීම කනගාටුදායකය. මැති ඇමැතිවරුන්ට ඇති හදිස්සියක තරම ගැන ජනතාවට හොඳ අවබෝධයක් තිබේ. නොබෝදා අධිවේග මාර්ගයේ දී ද එබඳු හපන්කමක් පෙන්වා ඇත. විශ්‍රාම යා යුතු වයසේ සිටින, අත්දැකීම් ඇති කැබිනට් ඇමැතිවරු හැසිරෙන ආකාරය අනුව ජනතාවට දෙන ආදර්ශය කුමක්ද? අධිවේගී මාර්ගවල පමණක් නොව සාමාන්‍ය මංමාවත්වල ද වේග නීති තිබේ. ධාවනය කළ යුතු විනයක් ඇත. බැකප් රථ පිරිවරාගෙන ගමන් කරන දේශපාලනඥයන් සියලු නීති උල්ලංඝනය කරද්දී පොදු ජනතාව ඉරක් කපා මහ පාරේ ධාවනය කිරීම බලවත් වරදකි. යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන ආණ්ඩුවකින් සිදුවිය යුතු දේ නොවේ.
දේශපාලනඥයන් පමණක් නොව ආරක්ෂක අංශ ද පාරේ නීති ගණනකට ගන්නේ නැත. ආරක්ෂක අංශ අංක තහඩු සහිත වාහන ගමන්කරන ආකාරය ගැන ජනතාව කතාකරන්නේ ප්‍රසාදයකින් නොවේ. උදේ සහ සවස ආරක්ෂක අංශ දරුවන් ප්‍රවාහනය කරන බස් රථ අනෙක් රථ පවා, අභිබවා පාරේ විරුද්ධ පැත්තෙන් ධාවනය කරන ආකාරය ජුගුප්සාජනකය. තවත් පැත්තක් තිබේ. රජයේ නිලධාරීන්ට ඇති අයිතිය පරිදි ම, ආරක්ෂක අංශවලට ද තමන්ගේ වාහන කුලී පදනමකින් තමන්ටම සේවයට යොදවා ගන්නට අවසර දී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. සිය වාහනය, වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහිතව ධාවනයට යොදාගැනීම ප්‍රශ්නයක් නැත. එහෙත් යුද, ගුවන් හා නාවික අංක තහඩු සහිතව පුද්ගලික වාහන ධාවනය කිරීම සුලබ තත්ත්වයකි. මෙය උචිත නැත. එම අංක තහඩු සහිත වාහන තීති නොසලකා පාරේ ගමන් කරන්නේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් බව අනෙකුන්ට හැඟෙන පරිදිය. එය කිසිසේත් සුදුසු නැති බලය අයුතු සේ භාවිත කිරීමකි.
ආණ්ඩුවේ වාහනවලට දුම් සහතික අදාළ නැත. වාහන පරීක්ෂා කරන පොලිස් ට්‍රැෆික් නිලධාරීහු ධාවන බලපත්‍රය, රක්ෂණ සහතිකය හා අමතර වශයෙන් දුම් සහතිකයේ මුල් පිටපත ඉල්ලා සිටිති. එය වාහනයේ නොතිබීම වරදකි. නීතියෙන් එය තහවුරු කර තිබේ. එහෙත් රජයේ බස් රථවලට ඇති දුම් සහතිකය කුමක්ද? සියලු ආරක්ෂක අංශ වාහන දුම් සහතිකය සහිතව ධාවනය කරන බව ප්‍රධානීන්ට හතවුරු කළ හැකිද? අවම වශයෙන් ඒවායේ රක්ෂණ වාරිකය හෝ ගෙවා නැත. මූලික නීති නොතකා රජයේ වාහන ධාවනය වන පසුබිමක දුප්පත් ජනතාව මංතීරු නීතියක එල්ලා ඇණ ගැසීමට සූදානම්වීම ප්‍රශ්න කළ යුතුය.
පොදු ජනතාවට තවත් ප්‍රශ්නයක් තිබේ. බලය පෙන්වන්නට හැකි අය හමුවේ වගකිවයුත්තෝ නිහඬය. බස් රථයක ගමන් කරන මගීන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නට ආණ්ඩුවට පුළුවන්කමක් නැත. රට පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ ගණන විසි හය දහස නොඉක්මවයි. හොඳ සේවයක්, යහපත් මාර්ග විනයක් මෙම බස් රථවලින් නිරීක්ෂණය කළ හැකිද? නැත. තමන්ට හිතන තැනෙක නවත්වන, අවශ්‍ය වේගය රියැදුරු තීරණය කරන, රේස් යන හා එපමණකින් නොනැවතී ඉදිරියෙන් යන බස් රථය සමග ජංගම දුරකතනයෙන් කතාකරමින් මහ පාරේ පාලනය අතට ගන්නා මෙම සුළු බස් රථ ප්‍රමාණය පාලනය කරන්නට නීතිය අසමත්ය. ත්‍රිරෝද ගැන ද කියන්නට වෙනස් කතාවක් නැත. එකම වෙනස බස් රථවලට දඩ කොළ වැඩි වුවහොත් වර්ජනය කරන අතර ත්‍රිරෝද රථවලට එවැනි පියවරකට යා නොහැකිවීම පමණකි.
රටක් දියුණු වන විට සමාජ විනයක් හැදේ. ශ්‍රී ලංකාව දියුණු නැති බව මහ පාරේ ඇති සංස්කෘතිය පෙන්වයි. නළා ශබ්දකර අනෙකාට තර්ජනය කර, බලහත්කාරයෙන් ධාවනය කිරීම යුක්තිය නොවේ. අති විශේෂිත පුද්ගලයා හා සමාන හදිස්සියක් පොදු ජනතාවට ද ඇත. දරුවා පාසලෙන් ගැනීම, රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීම වැනි දහසකුත් එකක් දේ සඳහා මහ මගට එන වාහන ධාවනය කරන පොදු ජනතාව පවතින අධික තදබදයෙන් හෙම්බත්වී සිටිති. කිලෝමීටර් දහයක දොළහක දුරක් ගමන් කරන්නට පැයක් එකහමාරක් ගතවන රටක ජනතාවකගෙන් මංතීරු නීතිය අපේක්ෂා කිරීම යුක්ති සහගත නැත. පොදු ප්‍රවාහනය දියුණු කරන්න. තදබදය අඩු කරනු සඳහා අලුත් විකල්ප ගැන හිතන්න. අඩුම තරමින් ප්‍රධාන මංසන්ධිවල හෝ පාසල් අසල පදිකයන්ට පාර මාරුවන ගුවන් පාලම් තනන්න. ඒවා විශාල ව්‍යාපෘති නොවේ. මහ පාරේ වාහන ධාවනය සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් එයින් කළ හැකිය. මුලින් පාලකයන්, නිලධාරීන් පාර සාධාරණව භාවිත කරන බව ඔප්පු කළ යුතුය. විශේෂයෙන් ආරක්ෂක අංශ තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත යුතුව තිබේ. එයින් පසු මංතීරු නීතිය ජනතාවට ඉගැන්විය හැකි බව අවධාරණය කර ගැනීම අවශ්‍යය.
සාරා කන්දෙගොඩ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආණ්ඩුවේ නීති පොඩි මිනිහාට විතරද
Perakum Thursday, 13 June 2019 11:35 AM
අපි මේවා ගැන කොච්චර කතා කෙරුවත් ඇති වැඩේ මොකක්ද? පාලකයා පාලනය කිරීමට අප පෙළගැසියයුතු කාලය එළඹ ඇත. ඒ සඳහා ඉදිරිපත්වන ඕනෑම කෙනෙකුට අපේ පුර්ණ සහයෝගය...!
Raveendra Friday, 14 June 2019 08:43 AM
මෙහි සඳහන් මාතෘකාවෙන්ම වැඩි දෙනෙකුට නොතේරෙන දෙයක් අර්ථ ගැන්වෙනවා නොවේද? මෙහි පොඩි මිනිසා යනුවෙන් අදහස් වනුයේ නීතිගරුක, යමක් කමක් තේරුම් ගැනීමට හැකි මොලයක්, ඥානයක් ඇති මිනිසුන්ටය. එවන් මිනිසුන්ගෙන් වැරදි සිදුවෙන්නේ ඉතාමත්ම අල්පවය. නමුත් තිරිසනුන් උදාරණයකට කුළු හරකුන් පාලනය කිරීමට හෝ ආම්බාන් කිරීමට හැකිද? නොහැක.. එබැවින් මුරබල්ලන් දෙපැත්තෙන්ම යන්නේ කොයි මොහොතේ මේ කුළුහරකා කැලේපනිද යන බියෙනි. තවත් උදාහරණයක් ඇත. වෙනත් රටවල විශාල බැටළු රංචු, විශාල එළු රංචු, විශාල හරක් රංචු පාලය කිරීමට බල්ලන් දෙපැත්තෙන් යන්නේ එම සතුන්ව පාලනය කිරීමටය. එලෙසම අප රටේ දේශපාලුවන් නැති තිරිසනුන් පාරේ යනවිට සෑම පැත්තෙන්ම මුරට යන්නේ කොයිවෙලේ මෙම තිරිසනා අණක් ගුණක් නැතිව ගාල කඩාගෙන යාමට වැළැක්වීමටය.
Janahitha Sunday, 16 June 2019 03:52 PM
ඒකනම් ඇත්ත. අධිවේගයේ පොඩ්ඩක් වේගෙ වැඩි වුනොත් තුන්දාහයි. තැපැල් කන්තෝරුවට තුන්සියයි. තුන්දාස් තුන්සීයයි.
sarath Monday, 17 June 2019 12:57 AM
වේග සීමාවට 10% වැඩි වීමට කොයි රටෙත් අවසර තියෙනවා ලංකාවේ නැහැ. 70 වේග සීමාවේදී 70 -77 වනතෙක් වේග සීමා වෙන් නිදහස් කලයුතුයි .පොලිසිය ළඟ තියෙන මීටර් වල calibration හරියට තියෙනවද කියලා පොලිසියවත් දන්නේ නැහැ .
tintom Tuesday, 18 June 2019 08:28 AM
පොලිස් මහත්තුරුන්ගේ සමහර වැඩ ගැන කලකිරෙනවා. ඒගොල්ලෝ තමයි පාරේ වීරයෝ. දවසක් ගෙදර අපි කාර් එකේ පොළොන්නරු ගියා. කෙලින් පාරේ ගිරිතලේ පන්නල යනවා පේන මානෙක වාහනයක් නැහැ මිනිස්සුත් නැහැ ත්‍රී වීල් එකක් ඉසරහින් යනවා මම ඕක ඉස්සර කලා එතන කහ ඉරක්. දකුණු පැත්තේ හිටපු ට්‍රැෆික් මහත්තයා නතර කරන්ඩ අණ කලා මම වම් පැත්තේ පැත්තට කරලා නැවැත්තුවා. කතා කරනකොට වැටහුනා මේවගේ පරිසරයක දඩ ගහන්ඩ හදන්නේ ඇයි කියල සංග්‍රහ කරල යන්න ගියා. මේ පොඩි මිනිහට නිතිය