වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා බව මහ බැංකුව නැවතත් අනතුරු අඟවා තිබේ. ණය පොලිය අඩු කරන්නේ පොදු ජනතාවගේ යහපතට නොවේ. වාණිජ බැංකුවල පොලිය අඩු වන විට ආණ්ඩුවේ ණය ගැනීම පහසු වෙයි. රාජ්‍ය ආයතනවල පොලී ගෙවීමේ හිසරදය පාලනය වෙයි. බලවත් ණය බරක සිටින ආණ්ඩුවේ වේදනාව සමනය කරනු සඳහා ජනතාවට තිත්ත බෙහෙත් පෙවීම සුදුසු නැත.
සති දෙක තුනකට කලින් මහ බැංකුව වාණිජ හා මුල්‍ය ආයතනවලට නිවේදනයක් නිකුත් කළේය. එයට අනුව සෑම ස්ථිර තැන්පතුවකටම ගෙවන වාර්ෂික පොලී අනුපාතය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දින 365 කට ලැබෙන ඵලදා අනුපාතයට සමාන කළ යුතුය. බැංකු හා මූල්‍ය ආයතන එම පොලී අනුපාත අනුගමනය කළ යුතු අතර ළමා හා වැඩිහිටි ස්ථිර තැන්පත්වලට සියයට 0.5 ක අමතර පොලියක් ගෙවිය හැකි බව දක්වා තිබේ.
තැන්පත් පොලිය අඩුකිරීමේ අරමුණ වාණිජ බැංකු ණය පොලී අනුපාතය පාලනය කිරීම අභිලාශය බව දක්වන මහ බැංකුව මෙම නියෝගය පිළිපදින්නේ දැයි අවධානයෙන් සිටින බව දක්වා ඇත. නොබෝදා නැවතත් අවදි වූ මහ බැංකුව අඩු කරන ලද තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩු නොකරන්නේ නම් තමන් සතු බලතල අනුව පොලිය නියම කරන්නට සිදුවන බව තදින් කියා සිටියේය. පසුගිය සති අන්තයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලැබුණ ඵලදා අනුපාතය සියයට 7.90 කි. එය වසර ගණනකට පසු අවම මට්ටම බව නිරීක්ෂණය කළ හැකිය. මෙරට ණය පොලී අනුපාතය සියයට 15-16 අතර මට්ටමක පවතී.
තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩුවුවහොත් ඉදිරියේ දී වාණිජ බැංකු අයකරන පොලිය සියයට 11-12 අතර විය හැකිය.
බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් හා ණය පොලී අනුපාතික පාලනය කිරීමෙන් ගනුදෙනුකරුවන්ට වාසි ඇතිකරන බව බැලූ බැල්මට දැකගත හැකිය. එහෙත් එහි සෘජු වාසිය ආණ්ඩුවට හා ආණ්ඩුවේ ආයතනවලට බව ඉතාම පැහැදිලිය. ආණ්ඩුවේ ණය බර පාලනය වන අතර අවසානයේ දී එහි සුළු පිටිවහලක් ජනතාවට ලැබෙන්නට ඉඩ තිබේ. එතැනින් වාසියක් සිදුවෙතැයි ගණන් බලන විට ආණ්ඩුව තමන්ගේ තෝරාගත් ඉහළම නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ගෙන්වන්නට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වෙයි. එවැනි තීන්දුවකින් පසු ආර්ථිකයේ සිදුවිය හැකි එකම වාසියත් රටට අහිමි වන බව නිසැකය.
පොලිය අඩු කිරීමෙන් ආණ්ඩුව ජය ගන්නේ කෙසේද? කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ගෙවන ඉහළ ඵලදා අනුපාතිකය පාලනය වෙයි. සුප්‍රකට බැඳුම්කර ගනුදෙනුව අවස්ථාවේ දී මෙරට ඵලදා අනුපාතිකය සියයට 11.73 කි. එතැන සිට අද පවතින සියයට 7.9 කට ආසන්න තැන දක්වාව පොලිය අඩුවන විට එහි වාසිය ආණ්ඩුවට ලැබේ. බිල්පත් හා බැඳුම්කර පියැවීමට අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම හෝ නැවත වතාවක් එකී වටිනාකමට සමාන බිල්පත් හෝ බැඳුම්කර නිකුත් කිරීම මෙහි දී සිදුවෙයි. බිලියන ගණනින් සිදුවන මෙම හුවමාරුවේ දී සියයට හතරකට ආසන්න පොලිය පහත වැටීම සෑහෙන වාසියකි.
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්
Sujeewa Friday, 30 August 2019 02:30 AM
අද ආර්ථිකයේ සිදුවන තවත් වැරද්දක් පාටක අපට ඉතාමත් පැහැදිලිව දැනුවත් කිරීම ගැන ලංකාදීප පුවත්පතට මල්. අපට හෙනකරනා "ජරාපාලන" රජයට හෙන.
sena Friday, 30 August 2019 05:32 PM
වෙනත් දියුණු රටවල්වල 3-4% පොලී අනුපාත තියෙන්නේ. ඒවා බංකොලොත් වෙලාද? අපි නම් දන්නා විදියට පොලී අනුපාත අඩු කළ හැකිනම් ආර්ථික වර්ධනය තවත් වැඩිකළ හැකියි. කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නැති අයෙකුගේ හිතළු ලිපියක්. ජනතාව නිරපරාදේ නොමග යවනවා.
PereraMonday, 02 September 2019 02:29 PM
මෙම ලිපිය නිවැරදියි. දියුණු රටවල පොළී අනුපාත 2% - 3% බව ඇත්ත. එසේ අඩු පොලී අනුපාතයක් පවත්වා ගෙන යා හැක්කේ ඒ රටවල් දියුණු නිසාය. ලංකාව දියුණු නැත. පොලී අනුපාත අඩු කළ යුත්තේ දියුණුවට සමාන්තරවය. පොලී අනුපාතය තීරණය වන්නේ උද්ධමනය මතය. උද්ධමනය වැඩි වූ විට පොලී අනුපාතය වැඩිය... උද්ධමනය අඩුවිට පොඩි අනුපාතය අඩුය. දුප්පත් රටවල උද්ධමනය වැඩි නිසා පොලි අනුපාතයද වැඩිය. දියුණු රටවල උද්ධමනය අඩු නිසා පොලී අනුපාතයද අඩුයි. ලංකාවේ මහ බැංකුවටද හෙට සිට බැංකු විසින් ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 3% බවට නියෝග කළ හැක. එවිට ලංකාව සිංගප්පූරුවක් බවට පත් නොවේ. මෙහිදී ආණ්ඩුව කිරීමට උත්සාහ කරන්නේ එක් පැත්තකින් පොලී අනුපාතය කෘතිමව අඩු කිරීමෙන් රට දියුණු බව බොරුවට මවා පෙන්වීමත් අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ආයතන වල අධික ණය බර අඩු කරගැනීමත්ය. ආර්ථිකය දියුණු වූ විට උද්ධමනය අඩුවී පොලී අනුපාතය 2% මට්ටමට පැමිණේ. එම මට්ටමට පොලී අනුපාතය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජර්මනිය වැනි රටවල් ළඟා කරගෙන ඇති මට්ටමේ ආර්ථික දියුණුවක් ලබාගත යුතුය. එවිට ලාංකිකයන් කම්කරුවන් ලෙස කොරියාවට යා යුතු නැත. එහි අනෙක් පැත්ත සිදුවිය යුතුයි.
TharinduTuesday, 03 September 2019 09:42 AM
ඔබගේ ප්‍රකාශය ඉතාමත් ම නිවැරදියි. බොහෝ පිරිසක් ඔබගේ ප්‍රකාශයට අකමැත්ත පළ කර තිබෙන්නේ ඔවුන් ඉහළ පොලී අනුපාත හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ දී දැඩි පීඩනයකට පත් ව සිටීමත් සහ ඔවුන්ට ආර්ථික විද්‍යාව ගැන පැහැදිලිි දැනුමක් නොමැති නිසයි. එබැවින් පොලී අනුපාත අඩුකර ජනතාවට සහනයක් ලබාදීම රජය විසින් අනිවාර්යෙන් සිදුකළ යුතු වුවත් මේ අවස්ථාවේ දී සිදුවිය යුත්තේ ඔබ පැවසූ දෙයයි. එවිට පොලී අනුපාත ඉබේම අඩු වී යනු ඇත.
එරා Saturday, 31 August 2019 01:26 AM
මෙය ආර්ථික විද්‍යාව නොදන්නා අතදරුවකුගේ වැඩකි.
පයස් ප්‍රනාන්දු Saturday, 31 August 2019 04:29 AM
රටේ ව්‍යාපාර සියල්ලම වාගේ දුවන්නේ බැංකු ණය මුදලින් බව බොහෝ දෙනා දනිති. මෙම ණය පොලියද එකතු වන්නේ අප ගන්නා බඩුවල, සේවාවල මිලටමයි. අඩු පොලියට ණය තිබේ නම් බඩු හා සේවා මිල අඩුවේ. ව්‍යාපාර වැඩිවේ. රැකියා වැඩිවේ. මෙය වහාම සිදු නොවුණත් දිගු කාලීනව අනිවාර්යයෙන් ම සිදුවේ. ණය ගන්නේ රජය පමණක් නොවේ...