IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ආරම්භයේදීම ප්‍රතිරූපය ගොඩනඟාගැනීම

තෝරාගෙන තිබූ ස්ථානය ඓතිහාසික විය. ක්‍රිස්තු උපතට වසර 140 කට පමණ පෙර මෙරට යටත් කරගෙන සිටි චෝළ වංශික එළාර රජු පරදා ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජු ලෙස කිරුළු පළන් දුටුගැමුණු රජතුමා ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය අබිියස, හිරු එළියෙන් බැබලුනු ඉරිදා දින උදැෑසනක සියලුදෙනා එක්රැස්ව සිටියෝ ය.

රුවන්වැලි සෑයට දකුණු පසින් පිහිටා තිබෙන කිරුගරුඬින් නිම කර ඇති දුටුගැමුණු රජුගේ ප්‍රතිමාවට මුහුණලා සිටගෙන සිටියේ අති බහුතර ඡන්ද ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනපතිවරයා ලෙස පත්ව සිටි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාය. සම්පූර්ණ නිල ඇදුමින් අභිමානවත් ලෙස සැරසී සිටි ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තමන් දෙපස තබාගෙන ඔහු, ස්ථිරසාර හඩකින් ජාතිය ඇමතුවේ ය.

“මෙම ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වනු ඇත්තේ බහුතර සිංහල සමාජය බව අප මුල සිටම දැනගෙන සිටියා. ඔවුන්ගේ සහායෙන් පමණක් ජයග්‍රාහකයා ලෙස ඉදිරියට පැමිණෙන්නට හැකි බව මම දැනගෙන සිටියා. මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට පත්වන්නට කියා මම දෙමළ සහ මුස්ලිම් ජන කොටස්වලිනුත් ඉල්ලා සිටියා. නමුත් ඔවුන්ගේ ප්‍රතිචාරය මම අපේක්ෂා කළ මට්ටමේ නැහැ”

එසේ වුවත් ඔහු,
“රටේ සෞභාග්‍යයේ නාමයෙන් එකට එක්වන ලෙස දෙමළ සහ මුස්ලිම් සහෝදරයින්ගෙන් ඉල්ලා සිටිනවා” යැයිද පැවසුවේ ය.

ඇත්ත ඇති සැටියෙන්ම පවසා සිටීමට ඔහු පසුබට නොවීය.

බෞද්ධයකු ලෙස බෞද්ධාගමෙන් ලැබ තිබෙන පන්නරය ඔහු නොසැගවීය. දෙමළ සහ මුස්ලිම් ජනතාව දහස් ගණනින් ඡන්දය භාවිතා කර තිබුණේ ඔහුගේ ප්‍රතිවාදියා, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටය.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි මෙම තත්ත්වය කැපී පෙනුණු අතර, එය එක්සත් ජාතික පක්ෂයට හිතැති සුලු ජාතික පක්ෂ ත්‍රිත්වය වන - දෙමළ ජනතා සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සිලෝන ජනතා කොංග්‍රසය, යන පක්ෂ 3 ට ලැබී තිබණු පැහැදිලි සහ ප්‍රබල පණිවුඩයක් විය. ඔවුන්ගේ ඡන්ද දිනාගත නොහැකිවීමේ පසුතැවීම ගෝඨාභය රාජපක්ෂට ප්‍රබලව දැනුනේ, දෙමළ හා මුස්ලිම් ආගමික ස්ථාන වෙත යමින් එම ජන කොටස් වෙත දැෑත් දිගු කිරීම ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල අංගයක් වූ බැවිනි.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය හමුවේ රට පුරා ජනතාව මහත් උද්දාමයට පත්ව සිටියහ.

ඡන්ද විමසීමට පෙර අවසන් අදියරේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී, ගෝඨාභය පරාජයට පත්වන බවට පළවුනු වාර්තාවලින් සිත් සසළ කරගෙන සිටි ජනතාව මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බවට පැවැති පූර්ණ අවබෝධයේ පන්නරයෙන් එම සියලු වාර්තා බැහැර කර, ඔහුගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කැරෙන තෙක් පුලපුලා බලා සිටි ජනතාව, ඔවුන්ගේ නිවෙස් සහ රැකියා ස්ථානවල සිට රූපවාහිනිය ඔස්සේ මෙම අවස්ථාව නැරඹූහ.

ජනපතිවරණයට සතියකට පෙර එක්සත් ජාතික පක්ෂය දියත් කර තිබූ අභ්‍යන්තර සමීක්ෂණයකින් ඉදිරියටත් සජිත් ප්‍රේමදාස තරුණයින්, කාන්තාවන්, සිංහල බෞද්ධයින් සහ දුෂ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාව ඉලක්ක කළ යුතු බවත්, දැනට මනාප දිනාගැනීමේ මට්ටම පවතින්නේ සජිත් ප්‍රේමදාසට 32 % ක් සහ ගෝඨාභය රාජපක්ෂට 45 % ක් ලෙස බවත්, කුමන පාර්ශවයට සහාය දක්වන්නේ ද යන්න තීරණය කර නොමැති 17 % ක ප්‍රමාණයක් සිටින බවත්, දක්වා තිබිණ.
අවසන් වටයේ දී ප්‍රේමදාසට, මෙම කණ්ඩායමෙන් 90 % ක ප්‍රමාණයක් දිනාගැනීමට හැකිවෙතැයි සමීක්ෂණය දියත් කළෝ විශ්වාස කළ අතර, එවැනි තත්ත්වයක් යටතේ කිසිදු අපේක්ෂකයකුට පළමු වටයේ දී 50 %  ක කඩඉම පසුකළ නොහැකිවනු ඇති අවස්ථාවක ප්‍රේමදාස, ගෝඨාභයට වඩා මදක් ඉදිරියෙන් පසුවනු ඇතැයි ඔවුන්ගේ මතය විය. නමුත් එය එසේ නොවීය. බෞද්ධ හිමිවරු සිය ගණනින් ඉදිරියට පැමිණ ගෝඨාභය රාජපක්ෂගේ ජනපතීත්වයට සහාය දැක්වූහ.

ප්‍රතිඵල ගණන් කිරීමේ සිට වූ සියලු අවස්ථා රූවාහිනී නාළිකාවලින් සජීවීව විකාශනය කැරිණ. ගෝඨාභයගේ ජයග්‍රහණය හමුවේ රටපුරා නැගුණු උද්යෝගය, 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීමත් සමග ජනතාව ප්‍රීති ප්‍රමෝද වූ ආකාරය සිහි ගැන්වීය.

එළාර රජු පරාජය කර රට එක්සේසත් කළ දුටුගැමුණු රජ හා සම කැරුණේ එදා ශ්‍රී ලංකාවේ ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාය. දිවයින පුරා නගර සහ ගම් දනව්වල ජනතාව කිරිබත් සහ රැසකැවිලි බෙදා දෙමින් ප්‍රීති වූහ. ගෝඨාභය රාජපක්ෂ වාසය කරන මිරිහාන, පැඟිරිවත්ත මාවතට හැරෙන ස්ථානයේ ඉදිකර තිබූ විසල් කූඩාරමක් යට පිළිගන්වමින් තිබුණු කිරිබත් සහ සීනි සම්බෝල භුක්ති විදීමට මොහොතක් ගත කිරීමට සමාගම්වල විධායක පන්තියේ නිලධාරීහු පවා පසුබට නොවූහ.

ආහාර පිළිගන්වමින් කාර්යබහුල නොවන අවස්ථාවල ආධාකරුවෝ උඩ පනිමින්, ජය වේවා - ජය වේවා යැයි හඩ නැගූහ. රතිඤ්ඤා පිපිරෙන ශබ්දය දසතින් ඇසිණ. සිය ගණනක් යතුරුපැදිවලින් සැදි පෙළපාලි මාවත් සහ වීදිවල දක්නට ලැබිණ.සිංහ ධජය ලෙලවමින් ගමනේ යෙදුණු ඔවුහු, විපතින් රට බේරාගෙන ඇතැයි කීහ.

සාටකයේ කතාව

දිව්රුම් දීමේ උත්සවයේ දී වැඩි දෙනෙකුගේ අවධානයට බදුන් නොවුණු සිදුවීමක් විය.

අත තිබුණු කුඩා පාර්සලයක් විවෘත කළ මහින්ද රාජපක්ෂ මහතා එහි තිබූ ඔතන ලද කුරහන් පාටැති සාටකයක් බඳු යමක් චමල් රාජපක්ෂ මහතා අතට ලබාදීම සදහා සිය පෞද්ගලික ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අත තැබුවේය. වැඩිමහල් රාජපක්ෂ සොහොයුරා එය දිහැරියේ ඉන් අනතුරුවය. එය කුරහන් පාටැති සාටකයක්ම විය.
චමල්, මහින්ද සහ බැසිල් යන රාජපක්ෂ සොහොයුරන් එය අනිවාර්යෙන්ම පළදින්නේ ය. එපරිද්දෙන්ම සිය බාල සොහොයුරාවත් සැරසීම සඳහා, අත වූ කුරහන් සාටකය ඔහුගේ ගෙල වටා පැළදවීමට චමල් රාජපක්ෂ කටයුතු කළේය. නමුත් ජනපති ගෝඨාභය එම සාටකය සිය ගෙලෙන් ඉවත් කර ළග සිටි ආරක්ෂක නිලධාරියකුගේ අත තැබුවේය. කලිසමකින් සහ කොලරය රහිත කමිසයකින් සැරසී සිටීම ඔහු වඩා පහසු යැයි සළකන බව පෙනිණ.

තමන් අරබයා වෙනස්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමේ නොතිත් වුවමනාවක් ඔහුට තිබෙන බවට එය පැහැදිලි සංඥාවකි.

ගෝඨාභය සිය වැඩිමහල් සහෝදරයින් වන චමල් සහ මහින්දට පැහැදිලිවම ගරු කරන බව සහ අවනත වන බවට කිසිදු සැකයක් නොමැත. නමුත් මෙය තමන් සම්බන්ධයෙන් නව ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට, වියත්මග සහ එළිය වැනි සංවිධානයන් ගොඩනැගීමෙන් ඔහු කළාක් මෙන්, ගෝඨාභයට තිබෙන වුවමනාව පිළිබිඹු කෙරෙන්නකි. සිය ඡායාරූපය රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය නොකළ යුතු බවදට ජනපති ගෝඨාභය උපදෙස් දී තිබේ. පසුගිය අගහරුවාදා ජනපති ලේකම් කාර්යාලයට යමින් සිටිනාතුර,

“ඇයි අර පාර වහලා? එතන මොකද ගිනි නිවීමේ රථයක් නතර කරගෙන? වහාම පාර විවෘත කරලා ඒ රථයට යන්න දෙන්න” යැයි ඔහු නියෝග කළේ ය.

සිය ආරක්ෂක පිරිවර ගණනින් කප්පාදු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත. රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කිරීමට යෝජිත පුද්ගලයින් එම තනතුරු සදහා සුදුස්සන්දැයි විමසා බැලීමට - ලලිත් වීරතුංග, බ්‍රයන් ගෝමස්, නාලක ගොඩහේවා සහ සුසන්ත රත්නායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුවත් පත්කිරීමටද ඔහු පියවර ගෙන තිබේ. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත මහතාට අනුව ගෝඨාභයගේ දිව්රුම් දීමේ උත්සවයන්ට 25,000 කට අධික ජනකායක් සහභාගීව ඇත.

නව ජනපතිවරයා දිව්රුම් දීමේ අවස්ථාවට සහභාගීවීම සදහා රුවන්වැලි සෑ පුන්‍ය භූමියට පැමිණි පැවැති සභාග රජයේ අමාත්‍යවරුන්ට රැස්ව සිටි ජනතාවගෙන් ලැබුණේ හූ සංග්‍රහයන් සහ අවලාදයන්ය. රවී කරුණානායක, අර්ජුන රණතුංග, දයා ගමගේ, වජිර අබේවර්ධන සහ ජෝන් අමරතුංග යන හිටපු අමාත්‍යවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපතිවරයා දිව්රුම් දුන් ස්ථානය වටා ඉදිකර තිබූ ආරක්ෂක වැට අබියස සිටි ජනතාව හිටපු අමාත්‍යවරුන්ට අවලාද නගමින්, තමන් පිටත සිටින විට ඔවුනට ඇතුළට යාමට ඉඩ දෙන්නේයැයි චෝදනා කළහ. වෙන්කර ගෙන තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර යානයකින් අනුරාධපුරයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද, මෙම උත්සවයට සහභාගී විය. ජනතාව ඔහුවද, හූ සංග්‍රහයන්ගෙන් සහ අවලාදවලින් පිළිගන්නට යෙදුණ ද, වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයින් ඔහුව කඩිනමින් ජනපතිවරයාගේ දිව්රුම් දීම වෙනුවෙන් විශේෂයෙන් ඉදිකර තිබූ කුටිය වෙත කැඳවාගෙන යෑමට සමත් වූහ.

එම හෙලිකොප්ටරයේම නැගී නැවත කොළඹ බලා පැමිණි වික්‍රමසිංහ මහතා වහාම ගියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමකටය. එහිදී, මෙවර ජනපතිවරණයෙන් පරාජයට පත්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට අදාළ කරුනු කාරණා එකිනෙක අනාවරණය විය.

පාර්ලිමේන්තුවේ දී ඇතැම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයෝ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් හා අදහස් හුවමාරු කරගත්හ. ඔවුන් විශේෂකොටම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් විමසා සිටියේ ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ කරුණු කාරණාය.

නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයෙක්, ප්‍රේමදාස වෙනුවෙන් පත්කර සිටි, කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය තමන් විමසා සිටි බව පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ඔහුට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේ්‍යෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි ශිරාල් ලක්තිලක යන මහත්වරු එම කටයුතු ඔවුන් වෙත පවරාගත් බවය.

අගමැතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා අවසන් වතාවට සහභාගී වූ පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද, අත්තනායක මහතා සම්බන්ධයෙන් සාකච්ඡා කැරිණ. අත්තනායක, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ එකම හෝ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට පක්ෂයට නොහැකි වූ බවත්, අවසානයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයක් වාර්තා කළේ ඔහු නික්ම ගියායින් පසුව බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය.

කොළඹ වොක්ෂෝල් වීදියේ පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලයේ සිට ක්‍රියාත්මක වූ මේ දෙදෙන ඔවුන්ගේ කටයුතු සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් නොකළ බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ කීහ. වෙනත් වචනවලින් කියතොත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට මුලින්ම පත් කැරුණු තිදෙනා දැන් පවසමින් සිටින්නේ පැවරී තිබුණු රාජකාරිය ඒ අයුරින් ඉටු කිරීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණු බවයි.

ඉහත සදහන් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සාමාජිකයාම ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අරමුදල් රැස්කළ ආකාරය පිළිබදව විමසා ඇති අතර, එම කටයුතු සියල්ල භාරව සිටියේ එක් පුද්ගලයෙක් බවටද ඔහුට පිළිතුරු ලැබී තිබේ.

සුජීව සේනසිංහ සහ හිටපු අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් ඉතා දැඩි වාග් සංග්‍රාමයක පැටලීම නිසා පාර්ලිමේන්තු රැස්වීම අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක වික්‍රමසිංහ මහතාට සිදුවිය. පසුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සහ අරමුදල් එක්රැස් කිරීමට අදාළ කටයුතු සියල්ල දියත් කැරුණේ වොක්ෂොල් වීදියේ කාර්යාලයේ සිට බවය.

තමා හමුවීම සදහා වොක්ෂෝල් වීදියේ කාර්යාලයට දිවයිනේ සිව්දෙසින් පැමිණ සිටි ජනතාව හා ගැවසෙමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් ලැබිණ. එහා කෙළවරේ සිටියේ ඒ වන විට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ සිටි හිටපු අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියයි. පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින ආධාරකරුවන් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව ඇය ප්‍රේමදාස මහතාට කීවාය. ඔහු පිළිතුරු දෙමින් තමා එහි පැමිණෙන බව කීවේය. නමුත් ඔහු එහි ගිය විට සිරිකොත ගේට්ටු වසා තිබෙනු දැකගත හැකිවිය. පක්ෂ මූලස්ථානයට පිවිසීමේ හැකියාවක් ප්‍රේමදාසට නොතිබිණ. පසුව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ එසේ කළේ ආරක්ෂක හේතු මත බවය.

‘ද සන්ඬේ ටයිම්ස්’ දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

 



අදහස් (1)

ආරම්භයේදීම ප්‍රතිරූපය ගොඩනඟාගැනීම

max Thursday, 28 November 2019 06:24 AM

අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ පැවැති උත්සවයේ තිබූ අභිමානය එලෙසම වචනයෙන් විස්තර කළ කදිම ලිපියකි.

:       36       103

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 226 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 807 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site