IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඔඩු දුවන ශ්‍රීලනිප--පොහොට්ටු අර්බුදය

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් දේශපාලන කරළිය ඉකුත් දිනවල  උණුසුම් වී තිබිණ. එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවය. ජනාධිපතිවරයා ආණ්ඩුවේ කකුළෙන්  අදින හෙයින් ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට තීරණය කළ බවද හේතු දක්වමින් එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියා සිටියහ.

ජනාධිපතිවරයාට එරෙහිව වාග් සටනේ පෙරමුණ ගත්තේ  කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබුර් රහුමාන්ය. මුජිබුර්ගේ සහායට තුෂාර ඉඳුනිල්  වැනි මන්ත්‍රීවරු ද එක්වූහ. ජනධිපති වැය ශීර්ෂය විවාදයට ගත් ඉකුත් බදාදා පාර්ලිමේන්තුව ද ඉතා උණුසුම් වූයේය. පාර්ලිමේන්තු  රැස්වීම අතරතුරේ ද එජාප  මන්ත්‍රී මුජිබුර් රහුමාන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ ද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන බවකි. එහෙත් එවැන්නක් සිදුවුයේ නැත. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අවසානයේ දී  ඡන්ද විමසීමක් අවශ්‍ය බව එජාප බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි ප්‍රකාශ කළේය. එහෙත් අගමැතිවරයා සහ සභානායකවරයා වහා මැදිහත්වී ඡන්දයක් අනවශ්‍ය බව කතානායකවරයාට  දැනුම් දුන්නේය. අමැතිවරයාගේ මැදිහත්වීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් හෝ සරත් ෆොන්සේකා  මන්ත්‍රීවරයා හෝ බාධාවක් කළේ නැත. එම නිසා ඡන්ද විමසීමක් නොමැතිවම ජනාධිපති වැය ශීර්ෂය සම්මත වුයේය.

 මේ අතර අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්න්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මත ගැටුමක් නිර්මාණය වී තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ  අදහස වී තිබුණේ අයවැය ඡන්දයේ දී  ඡන්දය දීමෙන් වැළකී සිටීමය.“අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්. ජනාධිපතිවරයා අපේ පක්‍ෂයේ එතුමාගේ අමාත්‍යාංශ දෙකක් තිබෙනවා. ජනාධිපති වැය  ශීර්ෂයක් තිබෙනවා. අපි විරුද්ධව ඡන්දය දුන්නොත් ඒවාටත් විරුද්ධ වුණා වෙනවා. ඒ නිසා හොඳම ක්‍රමය තමයි අය වැයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීම”යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දුමින් ද දිසානායක වැනි මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. එහෙත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීන්දුකර තිබුණේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටය. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර ඒ සම්බන්ධයෙන් රහස් කතා බහ පැවැති අතර ඒවා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමට ද ආරංචි වී තිබිණ. විටින් විට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තීන්දුව වෙනස් කළ අතර විටෙක ඡන්දය දීමෙන් වැළකී සිටීමටත් තවත් විටෙක  විරුද්ධව දීමටත් ආදි වශයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු දෙලොවක් අතර අතරමංවී සිටියහ. කෙසේ වෙතත් අවසානයේ දී ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ ජනාධිපතිවරයා ගැන සිතා  ඡන්දය දීමෙන් වැළකී සිටීමටය. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ සාකච්ඡා වාද විවාද මැද එම  අවසන් තීන්දුව ගත්හ. එහෙත් අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති ඉකුත් අඟහරුවාදා මන්ත්‍රීවරු හතර දෙනෙක් පොදු එකඟතාවය කඩා බිඳ දැම්මෝය. ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත  මුතුහෙට්ටිගම සහ ශ්‍රියාණි විජේවික්‍රම, අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එම මන්ත්‍රීවරු හතර දෙනා එවැන්නක් සිදුකර ඇත්තේ පොදුජන පෙරමුණේ නායකයන්ගේ සිත් සැනසීමට යැයිද ඔවුන් ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂයට සහ ජනාධිපති වැය ශීර්ෂයට ද විරුද්ධ වීමක් සටහන් කළ බවද ශ්‍රීලනිප  ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරු  ප්‍රකාශ කළ තිබිණ.

මේ අතර තවත් දේශපාලන ආරංචියකින් ප්‍රකාශ වුයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එරෙහිවීමේ එජාප  පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව නාට්‍යයක් බවය. “මේක එජාපයේ නාට්‍යයක්. අපි මුල ඉඳලම දන්නවා කිසිසේත් මේක වෙන්නෙ නැති බව. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අවශ්‍ය වුණේ ජනාධිපතිවරයාට යම් ප්‍රතිචාරයක් දක්වන්න. පසුපෙළ මන්ත්‍රීවරු ඡන්ද නොදීමට හේතු කියමින් දිගින් දිගටම ජනාධිපතිට දොස් කිව්වා.  කියන්න අවශ්‍ය දේ කියා ගත්තා. ඒක එජාප නායකයා දැනගෙන කල්තියා කරපු සැලසුමක්” යැයිද පොදුජන පෙරමුණේ නායකයෝ පැවසූහ.

මේ අතර ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා සහ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින අර්බුදය තව තවත් උත්සන්න වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නොකළ මට්ටමින් විවිධ සාකච්ඡා පවත්වා තිබිණ. එහෙත් නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කෙරුණේ ඊයේ  දිනයේදීය. මේ අතර සාකච්ඡා ආරම්භවීමට පෙරම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම බැසිල් රාජපක්‍ෂ ද ජනාධිපති අපේක්‍ෂකයා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්  කෙරෙන බවත් ඉඟි කළහ.

‘මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් ඉදිරිපත් කරනවා.“යැයි මහින්ද රාජපක්‍ෂ කීවේය.” මීළඟ  ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ මහින්ද ජනාධිපතිතුමා එතුමා කියන කෙනෙක්ට අපේ පක්‍ෂය වැඩ කරනවා. හැබැයි දාන්න ඕනේ දිනන්න පුළුවන් කෙනෙක්”යැයි බැසිල් රාජපක්ෂ කීවේය. මහින්දගේ හා  බැසිල්ගේ කතාවලින් ඉඟි වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂා ඉටුවන  පාටක් නැති බව යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. “මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය නැවත අපේක්‍ෂකකම මෛත්‍රීපාලට  අරගන්න. ඒත් ඒකට ඉඩක් නැහැ. පොදුජන පෙරමුණේ අයට අවශ්‍ය රාජපක්‍ෂ කෙනෙක් දාන්න. මේ වනවිට ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගෙන ඉවරයි. ඒත් රාජපක්‍ෂලා ඒක දේශපාලන උපක්‍රමයක් ලෙස හංගගෙන ඉන්නවා. ඡන්දයක් ප්‍රකාශ කළාට පසුව අපේක්‍ෂකයා එළියට දාන්න තමයි බලාගෙන ඉන්නේ.” යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රීවරයකු හිතවතුන් සමඟ ප්‍රකාශ කර තිබිණ.

 මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ ගැටලුවට තවත් මාස දෙකක් ඇතුළත විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය. 

“අපි කෙලින්ම ඒ ගැන ගෝඨාභය රාජපක්‍ෂ එක්ක කතා කළා.  එතුමා අවශ්‍ය නීති ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි. අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරලා තිබෙන බවත් එතුමා අපට කිව්වා. තවත් මාස දෙකක් ඇතුළත ඒ ප්‍රශ්නය විසඳෙන බව එතුමා කිව්වා” යැයිද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.

 අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල අයවැය සකස් කිරීමේදී ඊට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය. එම කාර්යාල මුදල් අමාත්‍යාංශයට යවා තිබු ලිඛිත යෝජනාවේ සඳහන් කර තිබුණේ ක්‍රියාන්විතයේ දී අතුරුදන්වූ හමුදා හා පොලිස් නිලධාරීන් ඇතුළු අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුපියල් 6000 බැගින් මාසික  දීමනාවක් ලබාදෙන ලෙසය. එම යෝජනාව මුදල් ඇමතිවරයා පිළිගෙන තිබූ අතර මේවර අයවැයට එකතු කර තිබීම පිළිබඳව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මුදල් අමාත්‍යාංශයට සතුට පළකර තිබේ.“අපේ යෝජනාව මුදල් අමාත්‍යාංශය පිළිගත්තා. රුපියල් මිලියන 500ක් වසරකට වියදම් වෙනවා. ක්‍රියාන්විතයේ දී අතුරුදන්වූවන්ට ඇතුළු  සියලු අතුරුදන්වූවන්ට මෙම දීමනාව ලැබේවි. ඒක ඉතා අත්‍යවශ්‍ය දෙයක්. මේ පිරිස් ගැන මෙතෙක් කවුරුවත් බැලුවේ නැහැ” යැයි අතුරුදන්  වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කරයි.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසිවාරයට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන්  නියෝජිත කණ්ඩායමක් යැවීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර  අර්බුදයක් හටගෙන තිබිණ. මුලින් ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ ඔහුගේ නියෝජිතයන් ලෙස තිදෙනෙක් ජීනිවා යැවීමටය. ඒ අනුව සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් හා උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් එලෙස ජිනීවා යැවීමට නියමිත බව මුලදී වාර්තා වුවද ආණ්ඩුව ඊට දිගින් දිගටම විරෝධය පළ කළේය. ආණ්ඩුව පමණක් නොව වෙනත් පාර්ශව පවා ජනාධිපතිවරයාගේ එම තීන්දුව එතරම්  සුදුසු නැති බවට විවේචන ඉදිරිපත් කළේය. “ජනාධිපතිට නියෝජිතයන් යවන්න  පුළුවන්. ඒ අය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් වගකියන අය සරත් අමුණුගම සහ  මහින්ද සමරසිංහ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඔවුන් කොහොමද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ. එක්කෝ විදේශ කටයුතු  ඇමැතිවරයා යන්න ඕනේ. නැත්නම් ආණ්ඩුවේ වගකිව යුතු ඇමැතිවරයෙක් සහභාගි වෙන්න ඕනේ.” යැයි ආණ්ඩුවත් උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වත් දිගින් දිගටම ප්‍රකාශ කළේය. 

මේ අතර ජනාධිපතිවරයා තීන්දු කළේ විදේශ කටයුතු ඇමැතිවරයා සහ තවත් කණ්ඩායමක්  මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් වැනි සැසිවාරයට සහභාගී කරවීමටය. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකාව ද සම අනුග්‍රහය  දක්වා ඇති යෝජනාව ඉවත් කරගැනීමටය. එහෙත් අගමැතිවරයාගේ  හෝ ආණ්ඩුවේ හෝ එවැනි අදහසක් නොමැති බවද පැවසේ. තිලක්  මාරපන විදේශ ඇමැතිවරයා  ඒ සම්බන්ධයෙන් කුමනාකාර තීන්දුවක් ගනු ඇත්දැයි තවමත් පැහැදිලි නැත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජීනිවා යන ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායම බොහෝ දුරට දෙපිළකට බෙදී මත ගැටුමක් නිර්මානය කරගැනීමේ ඉඩක් තිබෙන බවය. මහින්ද සමරසිංහ ඇතුළු පිරිස ජනාධිපතිවරයාගේ අදහසට එකඟව කටයුතු කරද්දී නියෝජිත පිරිසෙහි නායක විදේශ ඇමැතිවරයා අගමැතිවරයාගේ අදහස අනුව කටයුතු  කරනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී 2/3 අනුමැතිය ලබැගැනීම සඳහා වන සාකච්ඡා මාලාවක් මේ වන විට සිදුවෙමින් පවතී. එහි තවත් එක් සාකච්ඡාවක් පසුගිය එකළොස්වැනිදා දෙමළ ජාතික සන්ධානය සමඟ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඩී. ලාල්කාන්ත යන අය ජවිපෙ නියෝජනය කරමින් සහභාගි වූ අතර මෙම අවස්ථාවට ටීඑන්ඒ සංවිධානයට අයත් පක්ෂ 07ක් නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, අඩෙක්කලනාදන් සහ ඩී. සිද්ධාර්ථන් ඇතුළු මන්ත්‍රීවරු හත්දෙනෙක් සහභාගි වූහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව ටීඑන්ඒ නායකයෝ ජවිපෙට දැන්වූහ. “ජනාධිපතිවරයා සමඟ අපි දේශපාලන විසඳුමක් ගැන කතාකළා. ජනාධිපතිවරයා ඒ ගැන එකඟතාවය පළකළා. ඒ වගේම දේශපාලන විසඳුම පිළිබඳව අපේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිතුමාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහිත කමිටුවක් පත්කළා. ජූලි මාසය වනවිට වාර්තාවක් දෙන්න එකඟ වෙලා තිබෙනවා.” සම්පන්ධන් ප්‍රකාශ කළේය. “රටේ සියලුම ජනකොටස් නියෝජනය කරමින් ඔවුන් පාලන බලය සඳහා සම්බන්ධ කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ සම්බන්ධයෙන් වන පුළුල් සාකච්ඡාවකට අපි එකඟයි. සියලුම ජන කොටස් සාධාරණ ලෙස පාලන බලයට සම්බන්ධ කරගන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය. “අපේ රටේ ප්‍රධාන පක්ෂ හරි මඟට ගන්න ජවිපෙ සහ අපි එකතුවෙලා වැඩ කරන්න ඕනෑ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් වෙනස් වුණාට අපිට ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.” සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.       

 “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කාලයක ඉඳලා ජනාධිපති අපේක්ෂකයෝ පොරොන්දු දුන්නා. එහෙත් ආවට පස්සේ කළේ නැහැ. ඒ නිසා අපි මේ ගැන තීරණයක් ගන්න ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ජනතාවට ඒ අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ ගැන සාධනීය ලෙස සලකලා ඡන්දය ලබා දුන්නොත් පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දය ඉතාම වැදගත්.” අනුර දිසානායක පැහැදිලි කළේය.

 මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසය, කම්කරු ජාතික සංගමය, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල රාහුෆ් හකීම්, පලනි දිගම්බරන්, රිෂාඞ් බදුර්දීන් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයන් සමඟ පාර්ලිමේන්තුවේදී නිල නොවන මට්ටමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. එම පක්ෂ හතරම එක් අවස්ථාවකදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළකොට ඇති අතර එම සාකච්ඡාව ඉදිරි සතියේදී සිදුවීමට නියමිතය. 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද මේ සම්බන්ධයෙන් විවාද පවත්වමින් සිටිති. පාර්ලිමේන්තු ලොබියේදී, ආපන ශාලාවේදී එම පිරිස විවාද විවාද පවත්වන අතර ජවිපෙ මන්ත්‍රීවරුන් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වති. කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් 30කට ආසන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟතාව පළ කරන පිරිසක් මෙම වාද විවාදවලට මූලිකත්වය ලබා දෙමින් සිටිති.
 

 



අදහස් (2)

ඔඩු දුවන ශ්‍රීලනිප--පොහොට්ටු අර්බුදය

Wasudewa Monday, 18 March 2019 03:57 AM

ශ්‍රීලනිපයට ඇයි මෙහෙම කලක් ගියේ. කොන්ද කෙලින් තියාගෙන නායකයා තීරණ නොගත් නිසා සහ 16 කල්ලියේ ලනු ගිලල අද අන්ත අසරණ තත්වයට නායකයා පත්වෙලා ඉන්නේ. ගොඩ ඒමට මගක් කොහෙත්ම නැත.

:       0       74

Mahindaweerasingha Tuesday, 19 March 2019 06:04 AM

ගෝටාභය රාජපක්ෂ ගිය අවුරුද්දෙ කිවා මම ඇමරිකන් පුරවැසිකම විසදගෙන ඉවරයි කියලා. දැන් නැවත වතාවක් කියනවා ඇමරිකන් පුරවැසිකම තව මාස දෙකකින් ඉවරවෙනවා කියලා. ගෝටාභය මහත්තයො රටෙ ජනතාව හොදටම දන්නවා රාජපක්ෂලා කියන්නෙ කොහොම අයද කියලා එදා රැ වලෙ වැටුන ජනතාව මෙදා දවාලෙ වලෙ නොවැටෙන බව මට හොදටම විස්වාසයි

:       289       145

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19784 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site