එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අතරින් මේ දිනවල ඉදිරියට පැමිණ ඇති ප්‍රධාන එකක් වන්නේ තුන්වැනි අපේක්ෂකයකු අවශ්‍යද කියන කාරණයයි. මේ පිළිබඳව කතා කරන අය එයින් අදහස් කරන්නේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම වෙනස් ආකාරයේ අපේක්ෂකයකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුද යන ප්‍රශ්නයයි. මේ සාකච්ජාව අද ඊයේ ආරම්භ වූ එකක් නොව 2015 යහපාලනයැයි කියන මේ ආණ්ඩුව පත්වූ දවස්වල සිටම එක්තරා කණ්ඩායමක් ඉදිරිපත් කළ අදහසක් බව පිළිගැනීම නිවැරැදි බව මගේ අදහසයි.
මේ කියන තුන්වැනි අපේක්ෂකයකු පිළිබදව කාරණය පිළිබඳව මෙ සතියේ සටහනින් ලියන්නට අදහස් කළේ ඒ පිළිබඳව මතුකර ගත යුතු වැදගත් කරුණු කීපයක්ම සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළින් මතුවෙමින් පවතින නිසාවෙනි.
මෙතැන තුන්වැනි අපේක්ෂකයකු යනුවෙන් අදහස් කරන්නේ ප්‍රධාන ධාරා දෙකේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් නවතින්නේ නැතිව ඒ දෙකටම විකල්පයක් ලෙසින් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන අදහසයි. මේ කාරණය ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණවල සමහර අවස්ථාවල අත්හදා බලා තිබූ උපක්‍රමයක් වූ බවද මෙහිදී සඳහන් කළ යුතුය. විධායක ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට පළමුවෙන්ම මැතිවරණයක් පැවතියේ 1982 වර්ෂයේය. ඒ ජනාධිපතිවරණයේදී එජාපයේ ජයවර්ධන මහතාත් ශ්‍රීලනිපයේ කොබ්බෑකඩුව මහතාත් යන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට එරෙහිව ජවිපෙ විජේවීර මහතාත් සමසමාජයේ කොල්වින් ආර්. ද සිල්වා මහතාත් තුන්වැනි අපේක්ෂකත්වයට තරග කළ බව සමහරුන්ට තවමත් මතකය. ඒ ජනාධිපතිවරණයේ දී කිසිවකු තුන්වෙනි අපේක්ෂකත්වය හරහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුව පරාජයට පත්කිරීමේ උත්සාහයකින් ඉදිරිපත් වූ බවත් පෙනුණේ නැති බවද මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. එහෙත් 1988 පැවති දෙවැනි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම එරෙහිව යැයි කියමින් ඉදිරිපත්වූ ඔසී අබේගුණසේකර මහතා නියමවත් අනියම්වත් පෙනී සිටියේ එජාපයේ අපේක්ෂකයා වූ ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බව ඒ කාලයේ දේශපාලනය ගැන දන්නා අය පිළිගන්නා කාරණයක්ය. ජවිපෙ මුල්කරගත් බලවේගය විසින් දියත් කරන ලද බරපතළ භීෂණය යටතේ පැවැති ඒ ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට ඔසීට කැඩුණු ජන්ද ලක්ෂ දෙක විශාල වශයෙන් බලපානු ලැබූ බව පිළිගැනීම ඉතාමත් නිවැරැදිය.
1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වාම පැවැති හැම එකකම පාහේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව වෙනත් අපේක්ෂකයන් ජනාධිපති තරගයට ඉදිරිපත් වූ නමුත් ඒ එක්කෙනකුවත් බරපතළ ආකාරයේ බලපෑමක් මූලික ප්‍රතිඵල කෙරෙහි සිදුකළේ නැති බව මගේ නිරීක්ෂණයය. ඒ හැම වතාවකම ඡන්දදායක ප්‍රවණතාව දෙකට බෙදී ගිය අතර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පරතරය පියවන ආකාරයේ ඡන්ද පදනමක් ලැබුණු තුන්වැනි අපේක්ෂකයෙක් පැමිණියේ නැත. ඒ නිසාම මේ කියන තුන්වැනි අපේක්ෂක කථාව හුදු ප්‍රධාන පක්ෂ දෙකේ අය විසින්ම තමන්ගේ ඡන්ද කටයුතු සඳහා වැඩි කාර්යාල ගණනක් දැමීමට හා ඡන්දපොළ නියෝජිතයන් වැඩි කර ගැනීමට යොදා ගනු ලැබූ උප්පරවැට්ටියක් පමණක් වූ බව ඉතාමත් පැහැදිලි කාරණයකි.
මා මුලින් කීවාක් මෙන් මෙවර මේ කියන තුන්වැනි අපේක්ෂකයකු පිළිබඳව වන සාකච්ඡාව මුලින්ම ආරම්භ වූයේ 2015 ජනවාරිය නිමාවීමත් සමඟමය. ඒ ජනාධිපතිවරණයේ යහපාලන කථා කියමින් බලයට පැමිණි ආණ්ඩුව පළමු මාස කීපයේදීම මහ බැංකුවේ මුල්‍ය ගනුදෙනුව හරහා බරපතළ වංචාවකට හසුවීම හේතුවෙන් වික්ෂෝපයට පත් සමහරුන් ඒ දවස්වල සිටම තුන්වැනි අපේක්ෂකයකු පිළිබඳව කතාව සමාජගත කරන්නට පටන් ගත් බව සැබෑවක්ය. මේ කාරණයට තවත් උත්තේජනයක් ලැබුණේ ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රධාන පක්ෂ දෙකටම පිටින් තරග කළ අපේක්ෂකයා ජයගැනීම වැනි ජාත්‍යන්තර තත්ත්ව හේතුවෙන්ය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ධාරා දෙකේ අපේක්ෂකයන්ට හා ඒ බලවේගවලට බරපතළ විවේචනයක් ගෙනා චරිත ගණනාවක්ම පසුගිය වසර තුන හතර තුළ මේ රටේ මතුවෙන්නට පටන් ගත්තේය. ඒ අතරින් මුලිකයන් ලෙසින් පෙනී සිටියේ පල්ලේවත්ත නාගානන්ද කොලොන්නේ වින්‍යා ආරියරත්න වැනි මහත්වරුය. ඒ අයගේ මතවාද මුලදී මතුවූයේ ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රකාශන ලෙසින් වන අතර පසුව ඒ පුද්ගල චරිත කීපයම කණ්ඩායමක් ලෙසින් එකතුවූ බව පසුගිය දවස්වල දක්නට ලැබුණු තත්ත්වයක්ය. දැන් ‘ජාතික ජනතා ව්‍යාපාරය’ ලෙසින් පෙනී ඉන්නේ මේ කණ්ඩායමය. මේ අයගේ මූලිකම යෝජනාව වූයේ මෙරට දේශපාලනයේ ප්‍රධාන ධාරා දෙකේම නායකයන් අඩු වැඩි වශයෙන් වැරැදි සහගත අය බවය. මේ කියන වැරැදි සහගතභාවය ලෙසින් ඔවුන් හැඳින්වූයේ චෝදනා පොකුරක්ය. ඒ චෝදනා අතර තිබූ ප්‍රධාන ඒවා කීපයක් මෙසේය. පළමුව දැනට සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්නේ එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන යුදමය පදනම් තිබෙන දේශපාලනඥයන් බවය. දෙවනුව ප්‍රධාන ධාරවේ සිටින්නේ මේ කියන ජනතා ව්‍යාපාරයේ අයතරම් ආර්ථිකය ගැන හොඳට දන්නේ නැති දේශපාලනඥයන්ය. තුන්වැනිව ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්ට මේ කියන ජනතා ව්‍යාපාරයේ අයට තරම් හොඳ ආකාරයේ පෞද්ගලික අංශයේ පරිපාලන පළපුරුද්ද වැනි දේවල් නොමැතිය. හතරවැනිව මේ ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් ගැලරියේ ඉල්ලීමට අනුව අපේක්ෂකයන් මාරු කරන අය වන අතර ජනතා ව්‍යාපාරයේ අය එසේ කරන්නේ නැති අතර ඒ අයගෙන් ඉදිරිපත් වෙන්නේ ස්ථිරසාර පදනමකින් දේශපාලනයට එන විද්වතුන් බවය.
දැන් තුන්වැනි අපේක්ෂකයා පිළිබඳව සංවාදයට පැමිණි මේ කණ්ඩායම පසුගිය මාස ගණනාවේම මෙරට මාධ්‍ය අවකාශයේ පෙනී සිටිමින් කියා සිටියේ ඒ අයගේ අපේක්ෂකයා තුළින් ඉහත සඳහන් දුර්ගුණ නැති පුද්ගලයකු වන බවයි. ඒ අතරිනුත් විශේෂයෙන්ම පෙන්නුම් කළ කාරණයක් වූයේ දැනට ප්‍රධාන ධාරාවේ නායකයන්ට නොතේරෙන ආර්ථික කළමනාකරණයක් පිළිබඳව දන්නා අයකු තමන් ඉදිරිපත් කරන බවයි. ඔවුන්ගෙන් සමහරුන් කීවේ තමන්ගේ අපේක්ෂකයා විනෝභා භාවේතුමන් වැනි අයගේ අවිහිංසාවාදයෙන් පෝෂණය වූ ප්‍රජාතන්ත්‍රවාදයේ කිමිදෙන්නකු මිස යුදවාදයට හෝ මිලිටරිකරණයට කිසිම ඇයිහොඳයිකමක් ඇති අයෙක් නොවන බවයි.
මේ සියලු කාරණා මෙසේ තිබෙද්දී පසුගිය දිනවල සිට රටට හෙළිවෙමින් පවතින්නේ මේ කියන තුන්වැනි අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කිරීමට යන්නේ ඔය කියන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පීතෘවරයකු නොව හිටපු හමුදා නිලධාරියෙකුම වන බවයි. විශේෂයෙන් මාස ගණනාවක් තිස්සේ පල්ලේවත්ත මහතා වැනි අය කියූ ආකාරයේ ව්‍යවසායකත්වයේ හෝ කළමනාකාරිත්වයේ කිසිදු අත්දැකීමක් ඇති අයකු නොව හුදු සාම්ප්‍රදායික මිලිටරිකරණයෙන් පෝෂණය වූ තවත් එක් අයකු බවයි. 2015 යහපාලන අලංකාරිකයන්ටත් එහා ගිය ආකාරයේ දේශනා සමුදායක් හරහා විද්වත්භාවයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයක් යෝජනා කළත් ප්‍රායෝගිකව ඉදිරිපත්වීමට යන්නේ තවත් එක් ජෙනරාල්වරයකු නම් එය සමාන වන්නේ කටින් බතල කොළ සිටවීමේ පැරැණි කියමනට බව මගේ අදහසයි.
තමන්ගේ දේශනාව සහ කෙරුවාව අතර ඇමෙරිකාව හා ඉතියෝපියාව තරම් විශාල පරස්පරයක් ගොඩ නැඟෙන ආකාරයට මේ කියන තුන්වැනි පාර්ශ්වයේ අපේක්ෂකයා පිළිබඳ සිදුවීම වර්ධනය වන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනාවීමට සාපේක්ෂව යැයි සිතීමේ වැරුද්දක් නැති බව තවත් පැත්තකින් මතුකළ හැකි තර්කයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා ආර්ථික කළමනාකරණයේ පාඩම්පොත පසෙකින් තබන්නට මේ අයට බලපෑම් කරන්නේ එජාපයේ අපේක්ෂකයාට එරෙහිව මතුවෙමින් එන සිංහල බෞද්ධ බලවේග යම් පමණකින් හෝ සීමා කිරීමේ උත්සාහයක් යැයි සමහර විටෙක සිතෙන්නේ මේ කාරණයත් සමඟ මේ තත්ත්වය සලකා බලන විටය. මේ රටේ දේශපාලනයට ඝෘජුවම සම්බන්ධ සමහර තානාපති උපාය මාර්ග පෙන්නුම් කරන්නේ සිංහල මහජාතියේ බහුතරය එක් පැත්තකට ඡන්දය පාවිච්චි කිරීම මේ ජනාධිපතිවරණයේදී ඉතාමත් විශාල වශයෙන් සිදුවිය හැකි බවයි. එවැනි තත්ත්වයකින් සිදුවන්නේ 2015 ජනවාරිවරුන්ගේ අලංකාරික දේශපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වීමේ පැත්තකට රට ගමන් කිරීම බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. ජාතික ජනතා ව්‍යාපාර ලෙසින් බෞතීස්ම වූ මේ සමහර තුන්වැනි බලවේගකරුවන්ගේ විද්වත්භාවයේ හා විශේෂඥභාවයේ පදනම් දෙදරවමින් මිලිටරිකරණය වූ අපේක්ෂකත්වයක් වෙතට ඔවුන් තල්ලු කරන්නට ශක්තිය සපයන්නේ එවැනි විදේශීය ආයතනද යන ගැටලුවත් මේ සංවාදයට සම්බන්ධ කාරණයක් බව මගේ මතයයි.
තවමත් හරියටම ඉදිරියට නොපැමිණි තුන්වැනි බලවේගයේ අපේක්ෂකයා කියන්නේ පළමුවැනි හා දෙවැනි බලවේගයටම අදළ කිහිලිකරුවක් වන්නේ නම් එහි ඇති තුන්වැනි බලවේගයක් හෝ විකල්පීය පදනමක් හෝ නොමැති බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. 1989 ජනාධිපතිවරණයේ අත්හැදූ උපක්‍රමය වූයේ මේ කියන ආකාරයේ ගෙල සිඳගත් තුන්වැනි බලවේගයේ අපේක්ෂකත්වයක් බව මතකයට නඟා ගැනීම වැදගත්වන්නේ මේ කාරණය නිසාය. එම ජනාධිපතිවරණයේ තුන්වැනි බලවේගයේ අපේක්ෂකයා වූ ඔසී අබේගුණසේකර මහතා දේශපාලනය නිමා කළේ එජාපයේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙසින් යැයි සිහියට නඟා ගැනීම මේ කාරණය පැහැදිලි කර ගැනීමට සහාය වන බව මගේ අදහසය. තුන්වෙනි බලවේගයක් හදන්නට යැයි කියමින් සමහරුන් කරන්නේ මහේශාක්‍ය ලීලාවෙන් ඔසීට ඇඳීම යැයි කිව හැක්කේ ඒ නිසාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔසීට අඳින මහතුන්ලා
Dr. Vajira Fernando Thursday, 26 September 2019 06:00 AM
සැබෑ විකල්ප බලවේගය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. රට ගොඩනගන නිවැරදි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් පමණයි.
pjThursday, 26 September 2019 11:05 PM
නිවැරදි යන වචනය ඉතා සැහැල්ලුවෙන් ලියා ඇතත් ජවිපෙ පෙර ක්‍රියා සැහැල්ලුවට ගැනීමට කිසිසේත්ම නොහැකිය. අපට නිවැරදි වූ දේ රටට, රටේ අනාගතයට නිවැරදිද යන්න ප්‍රශ්නයකි.
electroFriday, 27 September 2019 03:49 AM
ඔය කියන්නේ රනිල් හාමුගේ බංගලාවේ අර කඩේ යන කොලුවා ගැනද?
NissankaSunday, 29 September 2019 06:57 AM
රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යවාගන්න බැරිවුණාට දුකයි වගේ.
Suresh Thursday, 26 September 2019 07:10 AM
වජිර ඔබ නිවැරදියි.
max Thursday, 26 September 2019 09:35 AM
තුන් වැනි බලවේග පස්සේ යන්න වත්, 2015 වගේ අත්හදා බැලීම් කරන්න වත් කාලයක් නෙවෙයි මේක. හතර අතේ බෙදිලා සුනු විසුනු වෙලා යනවට වඩා මෙතුවක් ඉතා සංයමයෙන් සහ විශ්වාසවන්ත ලෙසත්, රට පිලිබඳ තමා තුල ඇති දැක්ම සහ වැඩපිළිවෙල පිළිගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇති ගොටභය වටා එක වීම වඩා නුවනට හුරුයි. රාජපක්ෂ වෛයිරයෙන් පමණක් රටකට යන්න පුළුවන් ගමනක් නැති බව පසුගිය අවරුදු 4 ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත.
අනුර පැස්කුවල් Thursday, 26 September 2019 01:26 PM
අචාර්ය වරයෙක් යැයි කීවත් ඔහුට නොතේරෙන එක් සරල කාරණයක් ඇත. එනම් ඉල්ලන අපේක්ෂකයා කවුරු වුනත් වැදගත්වන්නේ ඔහු වටා පෙළ ගැහෙන පුද්ගලයන් බවයි. ඔහුම කියන ආකාරයට හමුදා නායකයා පැමිණියත් ඔහුගේ වටේ සිටින්නේ විවිධාකාර වූ බුද්ධිමතුන් රාශියකි. ඔහු උදව් කරන අපේක්ෂකයා වටා සිටින හොරු රැල ඔහුට නොපෙනීම අභාග්‍යකි.
Thilak MThursday, 26 September 2019 02:31 PM
ඔබ හරි, මෙයාගිය ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිගේ ලේකම්.. එයාලා අාවොත් ගොඩ..., එ් නිසා තමයි කඩේ යන්නේ .
sachithFriday, 27 September 2019 05:03 AM
මේ අදහසට මාත් එකඟයි. ජනාධිපතිතුමා උනත් පක්ෂයක් භාර ගන්නේ නැතුව නිර්පාක්ෂිකව හිටියනම් මීට වඩා ලොකු දෙයක් කරන්න තිබ්බා. තමන්ගේ පක්ෂේ අයගේ හොර වැඩ වහන්න ඕන නිසා එ.ජා.පෙන් කරපු හොරකම් ගැන කට පියන් හිටියා. එ්ක නිසා මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉල්ලන දෙන්නට වඩා වැදගත් වෙන්නේ වටේ ඉදන් උදව් කරන්නේ කවුද කියන එක.ස්වාධීනව එන කෙනෙක්ට මීට වඩා රටට යමක් කරන්න පුළුවන් කියන එකයි මගේ අදහස. කොහොමත් මේ පාර අළුතින් එකතු වෙන ඡන්ද, රටේ තත්වය නිසා කලකිරිලා ඉන්න ස්වාධීන අදහස් තියෙන කට්ටිය වෙනස්ම තීරණයක් ගනී. තමන්ගේ පක්ෂෙන් පොල් ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙන කට්ටිය වැඩි නිසා මේ පාරත් බොහෝදුරට ලොකු වෙනසක් වෙන එකක් නෑ.
Ajith Nissanka Friday, 27 September 2019 10:38 PM
සියලුම විකල්ප බලවේග එකතු කොට එක අපේක්ෂකයෙක් පමණක් ඉදිරිපත් කළහොත් ඔහුට මේ මැතිවරණයේදී අති විශාල බලපෑමක් කළහැකි වෙනවා නොඅනුමානයි..!! මේ දේශපාලකයින්ගේ අමන ක්‍රියා තවදුරටත් ඉවසීම ඉතාමත් අනුවණකමක්...! මොවුන් නීතියේ හිල්වලින් පැනයන ආකාරය ඇවන්ගාර්ඩ් නඩුවෙන් මානව ඔප්පු වේ...! හිටපු අල්ලස් කොමසාරිස් තුමියගේ දුරකථන සංවාදය සහ තාක්ෂණික කරුණු මත නඩු විසිවීම හිතාමතා කරන කුමන්ත්‍රණ බව පෙනේ...! නඩුවලට අවශ්‍ය ලිපි ලේඛන හිතාමතා අඩුලුහුඬුකම් සහිතව ඉදිරිපත් කරන බව පෙනේ..! තුන්වන බලවේගයකට පැහැදිලි ඉඩකඩක් සහ විශාල ඉල්ලුමක් ඇත..! මේ සඳහා ජවිපෙ ඇතුළු සියලුම පාර්ශව එකතු විය යුතුයි..! සැමටම රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඇත...!
ලුම්බිණි Saturday, 28 September 2019 04:39 AM
ජවිපෙ දිනන්න බැරි බව දනදැනත් ඉදිරිපත් වෙන්නේ මොන හේතුවකටද කියලා හිතන්න අමාරුයි. මේ අය කළ යුතුව තිබුනේ සියලු විකල්ප බලවේග සමග සාකච්ඡා කොට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එකයි. එහෙම නැතුව අනුර කුමාර ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ රට වෙනුවෙන් දෙයක් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැති බවයි.
VajiraMonday, 30 September 2019 04:52 AM
එතකොට ඡන්දෙ ඉල්ලන්න ඕනෑ අවුරුදු 70ක් තිස්සේ මේ රට විනාශ කරපු පිල් දෙකේ අය විතරද?
Ossan Salam Saturday, 28 September 2019 06:13 AM
ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජනාධිපතිවරණ ඡන්දයට ඉදිරිපත්වන්න ප්‍රධාන හේතුන් දෙකක් තිබෙනවා. එකක් හැමදාම ඔවුන් කාට හෝ සහය දෙමින් ඡන්දයකට ඉදිරිපත් නොවීමෙන් විවිධ පාර්ශවවලින් ඔවුන් වෙත එල්ලවූ චෝදනාවුයේ "ඇයි ඔබලා තනියෙන් තරඟ නොකරන්නේ? කියන ප්‍රශ්නයට පිළිතුරුදීමක් වශයෙනි. අනෙක තම පක්ෂය හෝ මතවාදයට රටේ කෙබඳු ප්‍රතිචාරයක් තිබෙනවාද තම පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය කොපමණදැයි යන්න මැන බැලීම ආදී කරුණු නිසා ඔවුන් මෙවර ඔවුන් ඡන්දයට ඉදිරිපත්වී ඇත...
රංග ජයවර්දන Saturday, 28 September 2019 06:47 PM
රට කෑ ආණ්ඩු වලට කඩේ යමින් ගුණ ගායන කරන අතර මේ ආචාරියාට ජාතික ජනබලවේගය ගැන කලින් ලිපියේද තිබු අයුරින් යම්කිසි වෛරයක් ඇත බව පෙනේ උවමනෙන්ම එය දෙකේ කොලේට දමා මග හැර ඇති බවත් මම නිරීක්ෂණය කලා ජාතික පුවත්පතක ලිපියක් ලියන විට වත් මාධ්‍යස් වන මෙන් ඉල්ලා සිටිමි තමන්ට එන්පීපී රජයක් තුල අවස්ථාව නොලැබෙන බව දැනගෙන තමන්ගේ රස්සාව ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන බවයි මගේ නම් හැගීම .
amila Monday, 30 September 2019 10:39 AM
චරිත හේරත් තමුන්ට ඕනෑදේ අවසානයට කියාගන්න මැදින් එයාගේ හිතේ තිබුණු කරුණු වගයක් එන්පීඑම් එකට දමලා ගහනවා.. එන්පීඑම් එක කිව්වේ මූලික වශයෙන් මේ ජරාජීර්ණ වෙලා තියෙන දේශපාලනයේ තියෙන කඩාවැටීම ගැන, රටේ තියෙන කඩාවැටීම ගැන. ඒ වගේම ඒ සඳහා ඇති විකල්පත් මේ විද්වතුන් විසින් ප්‍රකාශ කළා. ඒත් චරිත හේරත් ඒවා අස්සේ මිලිටරි පාලනයක් එපා කියලා සටන් පාඨයකුත් තියෙනවා දැකලා තියෙනවා විතරක් නෙමෙයි, ඒක අනික් හැම එකටම වඩා ඉස්මතු කරනවා.. සාමාන්‍යයෙන් කුලියට ලියන මිනිස්සු මේ තත්වයට වැටෙනවා. ඒත් ඉහළ මට්ටමේ ආචාර්ය, මහාචාර්යවරු මේ තරම් රෙදි හෝදන මට්ටමට වැටීම ඇත්තටම රට වැටිලා තියන තත්වය ගැන තවත් එක පැතිකඩක් නිරූපනය කරනවා.
fasmy Wednesday, 02 October 2019 11:23 AM
ඕනවට වඩා හිතන්න දෙයක් නැත අනුර කුමාර තමා ලංකාවේ ඉම්රාන් කාන් , 71 ක් කරපු ටික ඇති වචන දෙකක් නැත මේද අපි ඔක්කොම අනුර කුමාර දිසානායක ට තමා