IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කවුද මේ මාකඳුරේ මධුෂ්

පාතාලය සම්බන්ධයෙන් කතා කිරීමේ දී වර්තමානයේ ඕනෑම කෙනකුගේ මුවට නැගෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ නාමයයි. ඒ තරමට මාකඳුරේ මධුෂ්ගේ අපරාධ ක්‍රියා මෙරට බොහෝ දෙනකුගේ සිත් තුළට කිඳා බැස ඇති නිසාවෙනි.

මෙරට සිදුවන මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ බොහෝමයකට සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා බොහෝ දෙනකු හඳුන්වන්නේ පාතාලයේ ගෝඞ් ෆාදර් යන අන්වර්ථ නාමයෙනි.
ඩුබායි රටේ සැඟව සිට මෙරට නීතියට ඔච්චම් කරමින් පාතාලය සහ අපරාධ මෙහෙයවූ මාකඳුරේ මධුෂ් හෙවත් මධුෂ් ලක්ෂිත සහ ඔහුගේ තවත් පාතාල සගයෝ පිරිසක් ඊයේ (5) ඩුබායිහි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට පත්වූහ. ඒ සමග මාකඳුරේ මධුෂ් නමැත්තා නැවත වරක් මෙරට බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.

ඔහු මෙතෙක් කළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. සෑම අපරාධයක්, සෑම මිනීමැරුමක් අවසානයේම මධුෂ්ගේ නම ඒවාට ඈඳී තිබිණි. එය කවුරුත් දන්නා කරුණකි. ඒ තරමට ඔහුගේ නම මෙරට පාතාල ලෝකය තුළ මුල් බැසගෙන ඇත.

මෙරට නීතියට වැලි ගසමින් වසර 2 ට අධික කාලයක් පුරා ඩුබායි රටේ සැඟව සිට මහකෙරුමෙකු බවට පත්ව සිටි මධුෂ් සහ ඔහුගේ ගෝලයන් පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූයේ දෛවයේ සරදමක් ලෙසිනි. මෙවන් දෙයක් සිදුවෙතැයි ඔවුන් හීනෙන්වත් නොසිතන්නට ඇත.

කිසිදු තාලයක් නොමැති පාතාලයට තාල සපයමින් එහි ගෝඞ් ෆාදර් චරිතය රඟදැක්වූ මාකඳුරේ මධුෂ් නමැත්තාගේ අපරාධ ගැන ලියවෙන කෙටි සටහනකි මේ.

සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත්, මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ් නමැත්තා කඹුරුපිටියේ දී උපත ලැබීය. ඔහුට බාල සහෝදරයෙක් සිටියේය. ඔහු පාතාලයකු වන්නේ උපතින්ම නොවේ. මධුෂ් ඉපදුනේ ඉතාමත් අගහිඟකම්වලින් පිරී තිබූ පවුලකය. අගහිඟකම් තිබුණත් එම පවුල සතුටින් කාලය ගත කළේය.

ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වූයේ 88-89 භීෂණ සමයේය. මධුෂ්ගේ මව ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියාය. එවකට තහනම් සංවිධානයක් යැයි කී සංවිධානයක් මාතර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් බලහත්කාරයෙන් කැඳවා තිබූ රැස්වීමකට සහභාගි වී එන අතරේ ඇය එසේ මරණයට පත්වූවාය. රජයට එරෙහිව පැවති රැස්වීමකට සහභාගිවීමේ වරදට ඇය වෙඩි උණ්ඩයට මුහුණ දී ජීවිතයෙන් සමුගත් බව ද තැන තැන සඳහන් විය. 

මවගේ අකල් මරණයෙන් පසු මධුෂ්ලාගේ ජීවිතයට කණකොකා හැඬුවේය. මවගේ රැකවරණය අවැසිම අවස්ථාවක ඔවුන්ට මවු සෙනෙහස අහිමි වූ අතර ඒ වනවිට මධුෂ් අට හැවිරිදි වියේ පසුවූයේය. එතැන් පටන් ඔහු සහ මල්ලී ඇති දැඩි කළේ තාත්තා සහ ලොකු අම්මාය. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර, බොහොමයක් ම කළේ කුලී වැඩය. කාලයාගේ ඇවෑමෙන් පියා වෙනත් විවාහයක් කර ගත් අතර මධුෂ්ගේ සහ මල්ලීගේ සියලු වගකීම් පැවැරුණේ ලොකු අම්මාටය. 

මධුෂ් ඉගෙනීමට දක්ෂ දරුවකු නොවීය. එම කාල වකවානුවේ ඔහු සමාජයේ නොයෙක් අසාධාරණවලට, තාඩනපීඩනවලට ලක්වූයේය. එම පීඩනය නිසා ඔහු හිතුවක්කාර දරුවකු බවට පත්විය. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මධුෂ් කුලී වැඩවල නිරත වූයේය. ලී ඉරුවේය.
ක්‍රම ක්‍රමයෙන් ඔහු ජංගම ලී මෝලක් පවත්වාගෙන ගිය අතර ලී මෝල් හිමියන්ගෙන් ඔහුට නොයෙක් තර්ජන එල්ල විය. ඒවායින් නොසැලී ඔහු දිගටම එම රැකියාව කරගෙන ගියේය. මධුෂ් තමන්ට තර්ජනය කරන පිරිසට පෙරළා චණ්ඩිකම් කළේය. තමන්ට උපකාර කරන අයට පෙරළ පෙරළා උපකාර කිරීම ඔහුගේ සිරිත විය. ගමේ මඟුලට අවමඟුලට මොහු සිය උපරිමයෙන් සහයෝගය දුන්නේය. එම නිසා ඔහු ගමේ කා අතරත් ජනප්‍රිය විය. ගමේ වීරයා විය. ගමට නැතුවම බැරි පුද්ගලයෙක් බවට පත්විය. ඒ සියල්ලම සිදු වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.

කඩවසම් තරුණයකු වූ මධුෂ්ට ගමේ තරුණියන්ගේ ඇල්ම බැල්ම තදින්ම වැටී තිබිණි. මේ කාලයේ මධුෂ්ගේ අතමිට සරුවෙමින් පැවති අතර ඔහුට මිතුරන්ගෙන් ද කිසිදු අඩුවක් නොවීය. ඒ අතර මත්කුඩු ජාවාරම්කරුවන්, කප්පම්කරුවන් හා චණ්ඩින් ද අඩු නොවීය. එම සියලු දෙනා ඇසුරු කිරීමෙන් අවසානයේ මධුෂ් ගේ දිවිය වෙනත් මාවතකට ගලා යමින් තිබිණි. ඔහු ද බස් රථවලින් කප්පම් ගැනීම ආරම්භ කළේය. එයින් නොසිතූ ලෙස ඔහුගේ අතමිට සරුවිය. ඒ සමඟ මහන්සි නොවී මුදල් හම්බ කිරීමට ඔහු හුරු පුරුදු වූයේය.
වැඩිකල් නොගොස් ඔහු මාතර කප්පම් කල්ලි මෙහෙයවන නායකයකු බවට පත්විය. ව්‍යාපාරිකයන්ගෙන්, ධනවතුන්ගෙන් කප්පම් ගැනීම ද දිගටම සිදු වූ අතර කප්පම් ගැනීමේ ක්‍රියාවෙන් ඔබ්බට ගොස් ඔහු චණ්ඩියකු වශයෙන් ද ප්‍රසිද්ධ විය. ඉන් නොනැවතී ඔහු ආයුධ පෙන්වා මිනිසුන් බියගන්වා කොල්ලකෑම දක්වාම ඔහුගේ ක්‍රියාකාරකම් වර්ධනය විය.

මධුෂ්ගේ මේ හැසිරීම් රටා හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. එම නඩුවලට ඔහු බන්ධනාගාරගත විය. ඇප මත බන්ධනාගාරයෙන් පිටතට පැමිණි මධුෂ් නැවත වරක් සිය සුපුරුදු චණ්ඩිකම් කළේය. 

ඔහු බන්ධනාගාරගතව සිට සාමාන්‍ය සමාජයට පැමිණෙන්නේ අලුත් හිතමිතුරන් ද හඳුනා ගනිමිනි. ඔහු අලුත් මිත්‍රයන් දෙදෙනාත් එක්ව කප්පම් ජාවාරම ජයටම කරගෙන ගියහ.

මධුෂ්ට පළමුවරට මිනීමැරුම් චෝදනාවක් එල්ලවූයේ 2002 වසරේ නොවැම්බර් 29 වැනිදාය. මාතර, මාවරල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් කළ බවට ඔහුට චෝදනා එල්ල විය. ඝාතනයට ලක්වූයේ ඒ. අබේසිංහ නමැති අයෙකි. ඉන් පසුව 2004 වසරේ ජුලි 17 වැනිදා නැවතත් මාවරල ප්‍රදේශයේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. එලෙස ඝාතනය වී තිබුණේ ගමගේ විජේතුංග නමැති අයෙකි. මධුෂ් අතින් ඝාතනයට ලක්වූ බව කියන ඒ දෙදෙනාම ව්‍යාපාරිකයන්ය. ඔවුන් ඝාතනය කළේ මධුෂ්ට කප්පම් නොගෙවූ නිසා යැයි පැවැසිණි.

එහෙත් මෙම ඝාතන වෙනුවෙන් මධුෂ්ට එරෙහිව සාක්කි දීමට කිසිවකුත් ඉදිරිපත් වූයේ නැත. මධුෂ්ගෙන් මරණ වරෙන්තු ලබාගැනීමට අකමැත්තෝ ඔහුට එරෙහිව සාක්ෂි දීමට සූදානම් නොවූහ. ඒ අනුව එම නඩු දෙකෙන් මධුෂ් නිදහස් විය. 

මධුෂ්ගේ මේ ක්‍රියාකාරකම් මාතරින් නැවතුනේ නැත. ඔහු කල්ලියක් සංවිධාන කරමින් මංකොල්ල සඳහා මීගමුවට පැමිණෙන්නේ මේ අතරතුරය. මීගමුව ප්‍රදේශයේ ඔහු සිය ක්‍රියාකාරකම් ව්‍යාප්ත කළේය. ඒ සඳහා ඔහු මීගමුව ප්‍රදේශයෙන් නැගී එන තවත් චණ්ඩියෙකු තමන් වෙත නම්මවා ගත්තේය. එම සහයෝගයත් ඇතිව මධුෂ් 2005 මැයි 11 වැනිදා මීගමුවේ ලීසිං සමාගමක් කොල්ලකෑවේය. එය සාර්ථක කරගත් ඔහු ඒ මාසයේම 30 වැනිදා මීගමුවේ තවත් පෞද්ගලික ආයතනයක් කොල්ලකෑවේය. මේ කොල්ලකෑම් දෙකෙන් පසුව පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී මධුෂ් සම්බන්ධ බවට සාක්ෂි ලැබුණි.  

පොලිසිය තමා පසුපස හඹා එන බව දැනගත් මධුෂ් සැඟවුණේය. මධුෂ් වාරියපොල ප්‍රදේශයේ ගල්ගුහාවක සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට තොරතුරු ලැබුණි. ඒ 2004 වසරේ දීය. එවකට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති (පොලිස්පති මාණ්ඩලික) ප්‍රියන්ත ජයකොඩි මහතාය. එම අපරාධ සම්බන්ධයෙන් මධුෂ් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රියන්ත ජයකොඩිට ප්‍රසාදය හිමිවිය.

ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මධුෂ් නමැත්තා එම ගල්තලාව මත සුව නින්දක සිටියේය. එය මධුෂ් මෙරට පොලිස් අත්අඩංගුවට පත් අවසන් අවස්ථාව විය. එවකට ඔහු නිකම්ම නිකම් මධුෂ් පමණි.
එම අපරාධ සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගත විය. එහි සිටි අපරාධකරුවන් හඳුනාගෙන ඔහු බන්ධනාගාරයේ සිටම ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයන් සහ ඔහුට විරුද්ධ පිරිස ඝාතනයට සැලසුම් කළේය. 

එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතා 2006 ජුනි 11 වැනිදා ඔහුගේ මාකඳුරේ පිහිටි නිවසේදී ඝාතනය වූයේ පුවත්පතක් බලමින් සිටියදීය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් තිබුණි. 

ඩැනී හිත්තැටිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාතර ජනතාව අතර විවේචන තිබිණි. එහෙත් ඔහු ඝාතනය කිරීමට තරම් ප්‍රබල හේතුවක් ඒ විවේචන අතර නොතිබුණ බව පොලිසිය පවසයි. මෙම ඝාතනය මාකඳුරේ මධුෂ්ට චෝදනා එල්ල විය. 

එම වකවානුවේ බන්ධනාගාරගතව සිටි මධුෂ් ඇප ලබා පැමිණි පසුව බෝට්ටු මගින් 2016 වසරේ ඉන්දියාවට පලා ගියේය.

ඉන්දියාවට පලාගියත් ඔහු ඉන්දියාවේ සිට මෙරට සිටින ඔහුගේ ගෝලයන් මෙහෙයවූ අතර ඔවුන්ට අවශ්‍ය ආයුධ ලබාදෙමින් ඔවුහු මධුෂ්ගේ කල්ලියක් බවට පත් කළහ. එම කල්ලිය මධුෂ්ගේ උපදෙස් මත අපරාධ රැසක්ම සිදු කළේය.  

වසර 2017 මැයි 9 වැනිදා රාත්‍රියේ පිළියන්දල නගරයේ දී ඔහු ගේ මෙහෙයවීමෙන් පැමිණි කල්ලි සාමාජිකයෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි ප්‍රහාරයත් එල්ල කළහ. එම සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයකු, කුඩා දැරියක මියගොස් රංගජීව මහතා ඇතුළු පස් දෙනෙක් තුවාල ලැබූහ.

මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් කාගේත් අවධානයට ලක්වූ සිදුවීම වූයේ සමයං ඝාතනයයි. ඔහුගේ ගෝලයන් බන්ධනාගාර නිලධාරීන් වශයෙන් වෙස්වලාගෙන කළුතර එතනමඬල දී බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයකු වූ අරුණ උදයන්ත හෙවත් සමයං නමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ 2017.2.27 වැනිදාය.

මධුෂ්ගේ ගෝලයන් එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථය හරස් කර නවත්වා බස් රථය දෙසට මෙම ප්‍රහාර එල්ල කර තිබුණි. මෙම වෙඩි තැබීමෙන් සමයං, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත්දෙනෙකු මියගොස් තිබුණි.

මෙම ඝාතනය මධුෂ්ට සහ අංගොඩ ලොක්කාගේ  ඝාතන ගිණුම්වලට බැරවිය. මධුෂ්ගේ ඝාතන ලැයිස්තුවේ කෲරතම ඝාතනය වශයෙන් හැඳින්වෙන්නේ කොස්මල්ලි ඝාතනයයි.

2018.3.18 වැනිදා අලුත්කඬේ උසාවිය ඉදිරිපිට දී කොස්මල්ලිගේ හිස පොලිසියට හමුවිය. ඔහු මාතර ප්‍රදේශයේ දී ගෙල කපා වෙඩි තබා ඝාතනය කර හිස කොටස මාතර සිට අලුත්කඬේ උසාවිය ඉදිරිපිටට දමා ගොස් තිබුණි. කොස්මල්ලිත් මධුෂ්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයෙක් විය.

මේ අතර දැනට මධුෂ්ගේ අනුදැනුම හා මෙහෙයවීම මත ඝාතන 50 කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත. ඩුබායි රටේ සැඟව සිටියද ඔහු සම්බන්ධ ඝාතනවල අඩුවක් නොවීය. පසුගිය දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ ඝාතන රැසකට මධුෂ් සම්බන්ධ බවට හෙළි වී ඇත.

මෙම මිනීමැරුම්වලට අමතරව මධුෂ් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළි වී ඇත. ඔහු ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු රටවල් බොහොමයක මත් කුඩු ජාවාරම්කරුවන් හා එක්ව ඔවුන්ගේ මත්කුඩු බෝට්ටු මගින් මෙරටට එවන අතර, ඒවා ඔහුගේ ගෝලයන් හරහා මෙරට තුළ ජාවාරම් කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. ඉන් ඔහුට උණ්ඩියල් ක්‍රමයට කෝටි ගණනින් මුදල් ලැබෙන අතර ඔහුගේ ගෝලයන් යොදවා කප්පම් ජාවාරම ද දිගටම සිදුකර ගෙන යන බව පොලිස් වාර්තාවලින් හෙළිදරව් වේ. 

මධුෂ් බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම කරගෙන යන අතර ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන බවට බුද්ධි අංශ වාර්තාවල සඳහන් වේ.

මධුෂ්ගේ පියාගේ අවමඟුල ද බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූවක් වූ අතර එය සිදුවූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මස දිනකය. මධුෂ් රුපියල් කෝටි ගණනින් වියදම් කර ගුවනින් මල් දමමින් පියාට ගෞරව දැක්වීය. 

2018.11.5 වැනිදා ඇරැව්වල ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් හා ව්‍යාපාරිකයන් වෙසින් ගොස් එහි ව්‍යාපාරිකයා බියගන්වා රුපියල් කෝටි 700ට අධික වටිනා නිල් දියමන්තියක් කොල්ලකෑම මධුෂ්ගේ ගිණුමට එක් වූ නවතම සිද්ධිය ය.

මෙවන් අපරාධ රැසක චෝදනා සම්බන්ධයෙන් නීතියේ ඇසට මුවාවී බුඩායි රටේ සැඟව සිටියදී ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකා රජය සමත්වේද යන්න පිළිබඳව ජනතාව බලා සිටියි.

සටහන -  ඉන්දිකා රාමනායක



අදහස් (14)

කවුද මේ මාකඳුරේ මධුෂ්

Uditha - London Wednesday, 06 February 2019 08:07 AM

මේවා කියෙව්වම අපේ ඔලුව පිස්සු හැදෙනවා .... කොහොමද මෙහෙම දේවල් කරන්නේ කියල හිත ගන්න බැහැ... මුළු මහත් සමාජයක් ලෝකයක් විනාශ වෙන දේවල් මේ මත්ද්‍රව්‍ය...

:       5       115

chris Wednesday, 06 February 2019 08:52 AM

ලංකාවට ගෙනාවොත් නම් නියමයි ගෙදර වගේ ... ගරු ජනාධිපතිතුමනි, අපේ කොල්ලෝ ටික ලංකාවට ගෙනැල්ලා ඕනෑම දඬුවමක් දෙන්න.

:       110       58

සමන් - ඕමානයWednesday, 06 February 2019 12:07 PM

මේ ගොල්ලෝ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ... හිරගෙට යවන්න ඕනෑ ඩුබායි වලදීමයි. ලංකාවට ගෙනත් හිරේ දැම්මොත්, එළියේ ඉන්න ගෝල බාලයින්ට ටෙලිෆෝන් එකෙන් අණ දිදී නියමෙට ගේම දෙයි. හිරගෙදර නිලධාරීන්ට, බලධාරීන්ට හොඳට සලකලා, නියම සැප පහසුකම් ලබාගනී. එහෙම නැත්නම්, දොස්තරලා අල්ලාගෙන, මහ ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකටම වෙලා හිර ගෙදර ජීවිතේ ගත කරයි. තමන්ගේ යාලුඇමැති මන්ත්‍රී පිහිටෙන් "යහපත් කල් ක්‍රියාවට" විශේෂ සහනයක් ලබාගෙන අවුරුදු දහයේ හිර දඬුවම අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර කරලා, ආපසු එළියට එයි. ඉන් පස්සේ, ෆුල් ජොලියේ පාතාලය රජ කරයි. ඩුබායි වල නීති තදයි. එහේ හිරගෙදරදී මෙහේ වගේ සෙල්ලම් බෑ. මගේ නම් අදහස, ඔවුන් යවන්න ඕනෑ ඩුබායි හිර ගෙදරටමයි. ජනාධිපතිතුමනි, පුළුවන්කමක් ඇතිනම් තියන සාක්කි එහාට යවලා, මෙහෙ පොලිස් නිලධාරීන් හා නීතිඥ මහතුන්ට උපදෙස් දීලා, එහෙ උසාවියක නඩු අස්සලා ඔවුන්ව ඒ රටේ හිර ගෙදරට යවන්න. එහෙම කලොත්, ඔබතුමා මේ රටට කරන්නේ ලොකු සේවයක්...

:       20       723

janahitha anura Wednesday, 06 February 2019 10:18 AM

ගරුජනාධිපතිතුමනි, අපේ කොල්ලෝ ටික ලංකාවට ගෙනැල්ලා ජීවිත බේරාදෙන්න.

:       282       106

appuva Wednesday, 06 February 2019 10:23 AM

මේ ව්‍යාපාරයෙන් ගොඩක් මුදල් හොයන්න පුළුවන්.. ගස් කපනවට වැඩිය ඡන්දවලට වියදම් කරන්නත් පුළුවන්. ක්‍රමානුකූලව ලෝකයට බෙදාහැරීමට රජයේ ඇමතිවරුන් තවතවත් යොමුවෙනවා නම් අපිට දියුණු වෙන්න මගක් ගොවිතැනක් කරන්න බැරිවෙන්න දලඹුවෝ ආවේ අපේ වාසනාවට...

:       3       74

සමන් - ඕමානය Wednesday, 06 February 2019 12:09 PM

මේ ගොල්ලෝ ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෑ... හිරගෙට යවන්න ඕනෑ ඩුබායි වලදීමයි. ලංකාවට ගෙනත් හිරේ දැම්මොත්, එළියේ ඉන්න ගෝල බාලයින්ට ටෙලිෆෝන් එකෙන් අණදිදී නියමෙට ගේම දෙයි. හිරගෙදර නිලධාරීන්ට, බලධාරීන්ට හොඳට සලකලා, නියම සැප පහසුකම් ලබාගනී. එහෙම නැත්නම්, දොස්තරලා අල්ලාගෙන, මහ ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකටම වෙලා හිරගෙදර ජීවිතේ ගත කරයි. තමන්ගේ යාලුඇමති මන්ත්‍රී පිහිටෙන් "යහපත් කල් ක්‍රියාවට" විශේෂ සහනයක් ලබාගෙන අවුරුදු දහයේ හිර දඬුවම අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර කරලා, ආපසු එළියට එයි. ඉන් පස්සේ, ෆුල් ජොලියේ පාතාලය රජකරයි. ඩුබායිවල නීති තදයි. එහේ හිරගෙදරදී මෙහේ වගේ සෙල්ලම් බෑ. මගේ නම් අදහස, ඔවුන් යවන්න ඕනෑ ඩුබායි හිර ගෙදරටමයි. ජනාධිපතිතුමනි, පුළුවන් කමක් ඇතිනම් තියන සාක්කි එහාට යවලා, මෙහෙ පොලිස් නිලධාරීන් හා නීතිඥ මහතුන්ට උපදෙස් දීලා, එහෙ උසාවියක නඩු අස්සලා ඔවුන්ව ඒ රටේ හිර ගෙදරට යවන්න. එහෙම කලොත්, ඔබතුමා මේ රටට කරන්නේ ලොකු සේවයක්...

:       39       165

madusha Wednesday, 06 February 2019 12:45 PM

හිටිමකුණා ...

:       0       0

Sudu Putha Wednesday, 06 February 2019 03:08 PM

දඬුවම් දෙන්න ඕනෑ... හිරගෙට යවන්න ඕනෑ ඩුබායි වලදීමයි. ලංකාවට ගෙනත් හිරේ දැම්මොත්, එළියේ ඉන්න ගෝල බාලයින්ට ටෙලිෆෝන් එකෙන් අණදිදී නියමෙට ගේම දෙයි. හිරගෙදර නිලධාරීන්ට, බලධාරීන්ට හොඳට සලකලා, නියම සැප පහසුකම් ලබාගනී. එහෙම නැත්නම්, දොස්තරලා අල්ලාගෙන, මහ ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවකටම වෙලා හිරගෙදර ජීවිතේ ගත කරයි. තමන්ගේ යාලුඇමති මන්ත්‍රී පිහිටෙන් "යහපත් කල් ක්‍රියාවට" විශේෂ සහනයක් ලබාගෙන අවුරුදු දහයේ හිර දඬුවම අවුරුදු දෙකෙන් තුනෙන් ඉවර කරලා, ආපසු එළියට එයි. ඉන් පස්සේ, ෆුල් ජොලියේ පාතාලය රජකරයි. ඩුබායිවල නීති තදයි. එහේ හිරගෙදරදී මෙහේ වගේ සෙල්ලම් බෑ. මගේ නම් අදහස, ඔවුන් යවන්න ඕනෑ ඩුබායි හිර ගෙදරටමයි. ජනාධිපතිතුමනි, පුළුවන්කමක් ඇතිනම් තියන සාක්කි එහාට යවලා, මෙහෙ පොලිස් නිලධාරීන් හා නීතිඥ මහතුන්ට උපදෙස් දීලා, එහෙ උසාවියක නඩු අස්සලා ඔවුන්ව ඒ රටේ හිර ගෙදරට යවන්න. එහෙම කලොත්, ඔබතුමා මේ රටට කරන්නේ ලොකු සේවයක්...

:       0       55

mali Wednesday, 06 February 2019 04:24 PM

මේ අපරාධකරුවන් ලංකාවට ආවොත් පහසුවෙන් නීතියේ දැලෙන් රිංගලා එලියට එයි. මේ අයව අල්ලන්න ගත් උත්සාහයත් අපරාදයක් එහෙම වුනොත්. කරුණාකරලා ඩුබායි වලදීම නීතිය ක්‍රියාත්මක කරන්න උදවු කරලා මේ පිළිල විනාශ කරන්න උදවු කරන්න. හැකි ඉක්කමනින් ලංකාවට මරණ දඩුවම ගෙනෙන්න ජනාදිපති තුමාට රටේ ඉන්න හැමදෙනාම සහය දෙන්න ඕනේ.

:       1       141

Sumeda Thursday, 07 February 2019 10:41 AM

අරාබී රටවල තියන නිතිය අනුව දඞුවම් මේ අයට ලබා දෙන්නම ඕනි

:       6       14

Lal Thursday, 07 February 2019 03:31 PM

මාකඳුරේ මධුෂ් කවුද. අපට කිසිසේත්ම අදාල නැත. කවුද මෙවැනි පුද්ගලයන්ට නීතීවිරෝධී වැඩකරන්න පරිසරයක් නිර්මාණය කලේ. එවැනි පරිසරයක් නිර්මාණය කල අතලොස්සක් දේසපාලුවෝ රටේ තරුණ පරපුර විනාෂ කරමින් සුපිරි ජීවිත ගත කරන අය නොවේද. මේ දේසපාලුවෝ ප්‍රධාන පක්ෂ දෙකෙම යහතින් වැජබෙනවා. රටේ අනාගතය නිල්,කොළ,රතු,පොහොට්ටු නොවේ.. අනාගතයේ මධුෂ් වැනි අය බිහිනොවන රටක් නිර්මාණය කරන්න පුළුවන් නායකයෙකුගේ අවශ්‍යතාවය ඔබට නොදැනෙද?

:       7       40

de silva Friday, 08 February 2019 01:06 AM

මදුෂ් ඩුබෛ වල සිට කරනවා කියන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබඳ තොරතුරු එහෙ පොලිසියට දැනුම් දීල ඔහුට විරුධව එහෙදීම නිතිය ක්‍රියාත්මක කරන්න එතකොට මේ ප්‍රශ්නේ ඉවරෙටම ඉවර වේවි .

:       0       10

dasa Sunday, 10 February 2019 03:23 AM

පිටට ගිය කුණු ආයේ ඇතුළට ගන්න හදන්නේ ඇයි?

:       0       12

gamage Monday, 11 February 2019 06:47 AM

ලෙහෙසිම වැඩේ අවි පෙන්වන්න අරගෙන යන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20417 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18458 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site