IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජාතික ආණ්ඩු අලකලංචිය

නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිට හෙම්බත්වූ ආණ්ඩුව තවත් අලකලංචියක් හිස මතට ගෙන තිබේ. ඒ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයයි. ජනාධිපතිවරයා සහ එජාපය අතර පවතින නොහොඳ නොක්කාඩු හේතුවෙන් ජාතික ආණ්ඩුව යෝජනාව ලත් තැනම ලොප්වනු අතැයි දේශපාලන විචාරකයෝ මුල සිටම අනාවැකි පළ කළහ. එහෙත් එජාපය අදහස ලේසියෙන් අතහැර දැමීමට සූදානම් බවක් පෙන්වූයේ නැත. ඉකුත් නිදහස් දිනයේ ජාතිය ඇමතූ ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවකට තමා තරයේ විරෝධය දක්වන බව කීවේය. එහෙත් එජාපය ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාව මේ වනවිට කතානායකවරයාට භාරදී තිබේ. කතානායකවරයා තවත් පියවරක් ක්‍රියාත්මක කරමින් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත් කර ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මේ මස 20 වැනි දින එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත බවය.
කෙසේ වුව ද ඊයේ රාත්‍රිය වන විට කියැවුණේ ජාතික ආණ්ඩු යෝජනාව තාවකාලිකව අත්හැර ඇති බවය.

“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වැඩිම බලයට පත් පක්ෂයට තවත් පක්ෂයක් එකතු වුණොත් ප්‍රමාණවත්ය. ඒ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු සංඛ්‍යාව කොපමණ විය යුතු බවක්ද සඳහනක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙක පමණක් එකතුවිය යුතු බවක් ද සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේක පාර්ලිමේන්තු ක්‍රියාදාමයක්. ව්‍යවස්ථානුකූල දෙයක්. පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් කතානායකවරයා පිළිගත්තොත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ හැකියි. ඒකට බලපෑම් කරන්න විධායකයට හැකියාවක් නැතැයි” එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ සඳහන් කරති. එහෙත් ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ මතය වෙනත් එකකි. “පාර්ලිමේන්තුවේදි ජාතික ආණ්ඩුවක් සම්මත කරගත්තත් ජනාධිපතිවරයා ඒක පිළිගන්න ඕනේ. ඇමැතිධුර ලබාදෙන්නේ ජනාධිපති. එජාපයේ අරමුණ ජාතික ආණ්ඩුවකට වඩා ඇමැති තනතුරු ටික වැඩිකර ගැනිම. ඒත් ජනාධිපති ඇමැති තනතුරු දෙන්නේ නැහැ” යැයි ශ්‍රීලනිප ප්‍රබලයෝ කියති. දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ජාතික ආණ්ඩුව යෝජනාව නිසා නැවතත් ජනාධිපතිවරයා සහ එජාපය අතර විරසකය වැඩි වී තිබෙන බවය. පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකූල බව ද ව්‍යවස්ථානුකූල දෙයක් ක්‍රියාත්මක නොකර සිටීමට ජනාධිපතිවරයාට කළ නොහැකි බව ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉකුත් මහා මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව අලියා ලකුණින් තරග කළේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ද මහා මැතිවරණයේදී තරග කළේ එක්සත් ජාතික පෙරමුණෙන්ය. එහෙත් මඩකළපු දිස්ත්‍රික්කයට පමණක් එක් අයෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ගස සළකුණෙන් තරග කළේය. ඔහු අල සහීර් මව්ලානාය. ඔහු දැන් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකි. එජාපය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් සිටින පක්ෂයක් සමඟය. දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනයේ පවතින හිඩසකින් රිංගීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවය. මේ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමැතිධුර සංඛ්‍යාව ඉහළ දැමීමකින් තොරව ආණ්ඩුව ඉදිරියට ගෙනයාමේ අපහසුතාවක් පවතින බවය. එජාපයේ මෙන්ම ආණ්ඩුවට සහාය දෙන අනෙක් සුළුතර පක්ෂවල මන්ත්‍රීවරුන් ද ඇමැතිධුර අපේක්ෂා කරමින් ආණ්ඩුවට බලපෑම් කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර එජාප ප්‍රබලයෙක් හිතවත්තු සමඟ ප්‍රකාශ කර තිබුණේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකිරීම දෝෂාභියෝගයකට හේතුවක් වන බවය.” 

ඉන්දියානු ජනරජ දින සැමරුමට සමගාමීව සංස්කෘතික සංදර්ශනයක් ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී කලකට පසුව මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරුන් එකිනෙකාට මුහුණට මුහුණලා මුණ ගැසුණෝය. හිටපු ජනාධිපතිනිය මහින්ද රාජපක්ෂ මඟහැරීමට උත්සාහ ගත්ත ද උත්සවය ආරම්භ කිරීමට පොල්තෙල් පහන දල්වන අවස්ථාවේදී එය කළ නොහැකි විය. හිටපු ජනාධිපතිනියටත් හිටපු ජනාධිපතිවරයාටත් පොල්තෙල් පහන දල්වන ලෙස ආරාධනා කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ සිනාමුසු මුහුණින් චන්ද්‍රිකාට කතා කළේය.“හා කොහොමද මැඩම්” මහින්ද කී විට චන්ද්‍රිකා ඉවත බලාගෙන පිළිතුරු දුන්නාය. “කන්ග්‍රැජුලේෂන් හා හා මට වැරදුණා ඔයා නෙමෙයිනේ බැන්දේ. පුතානේ” යැයි ඉවත බලාගෙනම චන්ද්‍රිකා කීවාය.
ශ්‍රී ලංකාවේ හැත්තෑ එක්වැනි නිදහස් සමරු උත්සවය අභිමානවත් අයුරින් ඉකුත්දා කොළඹදී පැවැති අතර ඊට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ මාලදිවයින් ජනාධිපතිවරයාය. මාලදිවයින් ජනාධිපති මොහොමඞ් සෝලි එම ධුරයට පත්වූයේ පළමු වතාවටය. ඔහු බලයට පත්වූයේ විපක්ෂයේ සියලු පක්ෂවල සහාය ඇතිව පොදු අපේක්ෂකයකු ලෙස තරග කරමිනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පොදු අපේක්ෂකයකු ලෙස ධුරයට පත්වූ හෙයින් ජනාධිපතිවරයා ද මාලදිවයිනේ නව ජනාධිපතිවරයා නිදහස් උත්සවයට ගෙන්වා ගැනීමට කැමැත්තක් දැක්වූයේය.

මේ අතර යහපාලන ආණ්ඩුව බලයට පත්වූ ගෙවී ගිය වසර තුනේදීම ජාතික නිදහස් උත්සවයට හිටපු ජනාධිපතිවරයා සහභාගි වූයේ නැත. එහෙත් හිටපු ජනාධිපතිනිය සහභාගි වුවාය. මෙවර සිදුවූයේ එහි අනෙක් පැත්තය. මෙවර ජාතික නිදහස් උත්සවයට හිටපු ජනාධිපතිනිය නොපැමිණියාය. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහභාගිවූයේය. මහින්ද රාජපක්ෂ මෙවර ජාතික නිදහස් උත්සවයට පැමිණියේ විපක්ෂ නායකවරයා ලෙස නොව හිටපු ජනාධිපතිවරයා ලෙසය. ප්‍රමුඛතා අනු පිළිවෙළට අනුව විපක්ෂ නායකයාට වඩා හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන ගෞරවය ඉහළය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ලෙස පැමිණි මහින්ද රාජපක්ෂට නිදහස් උත්සවයේ ප්‍රධාන වේදිකාවේ ඉදිරි පෙළ අසුනක් පනවා තිබිණ.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන නම් කිරීමට ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහත් කලබලයකට පත්ව ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් කිහිපයකට බෙදී වෙන්වී සිය මතයන් ඉදිරිපත් කරන බව ද මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඉන් පිරිසක් බලවත්සේ විරෝධය දක්වන බව ද පැවසේ. ඒ පිළිබඳව ඉකුත්දා වාසුදේව නානායක්කාර කීවේ ‘දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරලා තියෙනවා. “ඒක මහ මෝඩ යෝජනාවක්.” එහෙම යෝජනා කිරීම එජාපයට බෝලය පාස් කිරීමක්’ කියාය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ සූදානම ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය. සිංගප්පූරු ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලවත් ව්‍යසනයක් වන බව සඳහන් කරමින් ඊට අත්සන් කළ මලික් සමරවික්‍රමට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කර ඇත්තේ විමල් වීරවංශය. ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ විමල් වීරවංශ එම යෝජනාව ඉදිරිපත් කළේය. ඊට අනෙක් මන්ත්‍රීවරු ද එකඟතාවය පළ කළහ.

මේ අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා එජාපයේ නායකයන්ට දොස් කීවේය. රිෂාඞ් බදියුදින් ඇමැතිතුමාට නිපුණතා සංවර්ධන සහ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශය දීලා. නිපුණතා සංවර්ධනයයි කර්මාන්ත වාණිජයි කොහොමද ගැළපෙන්නේ. කලින් මහා මාර්ගයි උසස් අධ්‍යාපනයයි එකතු කළා. දැන් ජල සම්පාදනයයි උසස් අධ්‍යාපනයයි එකතු කරලා. මේවා එකට ගැළපෙනවාද? මේවායේ විද්‍යාත්මක පදනමක් තියෙනවාද” ආදී වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් රැස්විමේදී දොස් කියන්නට වූයේය.

ජනාධිපතිවරයාගේ සොයුරු ඩඞ්ලි සිරිසේන දේශපාලනයට ඒමේ සූදානමක් පවතින බවට මේ දිනවල ආරංචි පැතිර යමින් තිබේ. ඉකුත් බදාදා ජනමාධ්‍යවේදීන් හමුවේ ඩඞ්ලි සිරිසේන කිවේ තමන්ට දේශපාලනයට ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. “මට ඕන තරම් සල්ලි තියෙනවා. සල්ලිත් ඇති ජීවත් වුණත් ඇති. මම දේශපාලනයට එන ආරංචියට සමහර දේශපාලනඥයන් පවා කලබලයට පත්වෙලා. මට මේ රටේ ඕනෑම දිස්ත්‍රික්කයකින් වුණත් ස්වාධීනව ඡන්දය ඉල්ලලා දිනන්න පුළුවන්. ගෙදරින් එළියට බහින්නේ නැතිව මට ඕන නම් ඡන්දය දිනන්න පුළුවන්.” යැයි ඩඞ්ලි කීවේය. මීට අමතරව ඩඞ්ලි තවත් කතාවක්ද කිවේය. “හැමෝම මට ඩඞ්ලි ඩඞ්ලි කියනවා. මගේ උප්පැන්න සහතිකයේ කිසිම තැනක ඩඞ්ලි කියන එකක් නැහැ. මගේ තාත්තා හොඳ යූඑන්පී පාක්ෂිකයෙක්. එතුමා ගොවි ජනපදවලට ගියා. විජයානන්ද දහනායක කියන්නේ එජාප අගමැතිවරයෙක්. එතුමාගේ නම මට දැම්මා. විජයානන්ද සිරිසේන කියලා.” යැයි ද ඩඞ්ලි කීවේය. තවද ඩඞ්ලි සිරිසේන කීවේ සිය සොයුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමට තමා ඡන්දය ප්‍රකාශ කළ ද එජාපයට මහ මැතිවරණයේදී ඡන්දය නොදුන් බවය. 

පාඨලී චම්පික පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමේ සූදානමක් පවතින බවට ද මේ වනවිට ආරංචි පැතිර යමින් තිබේ. පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ උත්සවයකදී ඔහු ළඟ තබාගෙන ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙක් ඒ පිළිබඳව ඉඟියක් නොබෝදා ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවේ. මේ අතර ජනාධිපතිවරයාගේ අදහසවී ඇත්තේ සංවිධායක ධුර පුරප්පාඩුවී තිබෙන ආසනවලට නව සංවිධායකවරුන් පත්කිරීමටය. මේ අතර කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය ද පුරප්පාඩු වී තිබෙන අතර ඒ සඳහා හිටපු සංවිධායක චන්දන කත්‍රිආරච්චි පත්කිරීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි වාර්තාවේ. එහෙත් කැස්බෑව යළි චන්දන කත්‍රිආරච්චිට ලබාදීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල විරෝධයක් දක්වන බව ද පැවසේ. එම නිසා කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රාදේශීය වශයෙන් අර්බුදයක් හටගෙන තිබේ. කැස්බෑව ප්‍රාදේශීය සභා කණ්ඩායම ජනාධිපතිවරයාටත් ශ්‍රීලනිප මහලේකම්වරයාටත් ලිපියක් යවා ඇත්තේ කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක ධුරය යළි චන්දනට ලබාදෙන ලෙසය. ‘චන්දන කත්‍රිආරච්චි කැස්බෑව ගොඩ ගත්තා. නිල්පාට රතුපාට කොඩියක් කැස්බෑවේ දාන්න පුළුවන් වුණේ චන්දන කත්‍රිආරච්චි නිසයි. ළඟ එන ජනාධිපතිවරණයේදී එතුමන් සමඟ එක්ව අපි ශ්‍රීලනිපය දිනවන්න කටයුතු කරනවා. චන්දන කත්‍රිආරච්චි මහතා කැස්බෑව වෙනුවෙන් හිරේ විලංගුවෙත් වැටුණා ආදී වශයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභා කණ්ඩායම ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප ප්‍රබලයන්ට යවා ඇති දීර්ඝ ලිපියෙහි සඳහන් කරතිබේ.

පසුගිය බදාදා පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එහිදී අවධානය යොමුවී තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම සම්බන්ධවය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ප්‍රකාශ කර සිටියේ, ජාතික ආණ්ඩු යෝජනාව බදාදා පාර්ලිමේන්තුවට ගෙනඑන බවයි. එමෙන්ම එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙන ඒමටත් සැලසුම්කොට තිබෙන බව එහිදී අනාවරණය විය. එහිදී ජවිපෙ නායක අනුර දිසානායක සිය විරෝධය පළ කරමින් අදහස් දැක්වීය. “පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා හදිසියේ ජාතික ආණ්ඩු යෝජනාවක් ගේන්න වුවමනාවක් පැනනැගිලා නැහැ. ඒ තරම් හදිස්සියක් මොකද? එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අවුල් විසඳ ගන්න ඇමැතිකම් දෙන්න මේ හදන්නේ. ඒ අයට ඇමැතිකමක් නැතුව මාසයක් ඉන්න බැරිද? මේ කරන්න යන්නේ ජනතා මුදල් කාබාසිනියා කරන එක වැඩි කරන ක්‍රමයක් හදාගන්න එක. අපි මේ ජාතික ආණ්ඩු යෝජනාව ගේන්න දෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ හිල් හොයන අයට ඒක පැහැදිලිව අපි කියනවා.” අනුර දිසානායක කණ්ඩායම් රැස්වීමේදී දැඩිලෙස විරෝධය පළ කළේය. 

කතානායක නිල නිවස ඉදිරිපස ඇති පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂිත කලාපයට අයත් ඉඩමක් හෙළිපෙහෙළි කිරීම පිළිබඳව ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඉකුත්දා දැනුම් දුන්නේය. “මේක පාර්ලිමේන්තුවට අයිති ඉඩම් කෑල්ලක්. මේක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයේ. මේ ඉඩම් කෑල්ලට ඔප්පුව ලියලා තියෙන්නේ 2017දී. මීරිගම පුද්ගලයෙක්ට තමයි මේ පවරලා දීල තියෙන්නේ. වෙන කාටවත් කියලා වැඩක් නෑ. ඒ නිසයි ඔබතුමාටම කිවුවේ.” උන්වහන්සේ වැඩිදුරටත් විස්තර කළේය. මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් කතානායකවරයාට, ඉඩම් අමාත්‍යාංශයට, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ වගකිවයුත්තන් වෙත ලිඛිතව දැනුම් දුන්නේය. කතානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත්කර යවා තිබේ. “මේ අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී සුනිල් හඳුන්නෙත්තිට ඒ සම්බන්ධව නීරීක්ෂණයට ගිය පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විස්තරයක් කළේය. “මේ ඉඩම් අධිආරක්ෂක කලාපයේ තියෙන්නේ. මෙතන වෙන බිල්ඩිමක් හැදුවොත් ඒක වෙනත් ගැටලු මතුකරනවා. අනික පරිසර අමාත්‍යාංශය අයිති ජනාධිපතිතුමාට. මේ විදියට අධිආරක්ෂක කලාපයේ ඉඩම් හෙළිකරනකොට කොහොමද පියවර නොගන්නේ. අනික පාර්ලිමේන්තු ළඟම ඉඩම් කෑල්ලක්. හයි හෑන්ඞ් එකක් මේ වැඬේ උඩින් තියෙනවා කියලා මට හිතෙනවා.” ඔහු කීවේය.

 

 



අදහස් (0)

ජාතික ආණ්ඩු අලකලංචිය

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20424 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18496 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site