IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


නව සන්ධානයක අත්තිවාරම ජංගම දුරකතනයේ

රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා දීර්ඝ අදහස් දැක්වීමක නිරත විය. රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විට අත්හිටුවා තිබේ.    

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විමර්ෂණයකට ද, මුහුණදීමට සිදුවන බව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.

හඬපට සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජය පීඩා කරමින් සිටින බවට වික්‍රමසිංහ මහතා පැමිණිලි කළේය. ඒ සම්බන්ධයෙන් ද, දීර්ඝ ලෙස අදහස් දක්වමින් සිටිය දී, හිටපු අමාත්‍යවරයෙක් වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඔහුට බාධා කළේ ය.

අද කැඳවූ රැස්වීමේ අරමුණ වන්නේ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව බව සිහිපත් කළ ඔහු ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.

පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට වෙනත් අයකු පත්විය යුතුව තිබෙන්නේ 2025 වසරේ දී බව පැවසුවේය. ඔහු එසේ කීවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති පක්ෂයේ වාර්ෂික සම්මේලනයේ දී සම්මත කර ගැනුණු යෝජනාවලිය ගෙනහැර දක්වමින්ය. එම සම්මේලනය පැවැත්වුණේ 2019 ජනපතිවරණය සදහා ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු කිරීමටය.

පක්ෂ නායකත්වය සදහා ඡන්දයක් පැවැත්විය යුතුව තිබෙන බව හිටපු අමාත්‍යවරයෙක් වන හරීන් ප්‍රනාන්දු මහතා දැඩිව කියා සිටියේය. පසුගිය ජනපතිවරණයේ දී ප්‍රේමදාස මහතා 2015 ජනපතිවරණයට වඩා  17්‍ර ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත්ව තිබෙන බව පෙන්වා දුන් ඔහු බුදු දහමට නිගාවන අයුරින් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කළ ප්‍රකාශ නිසා නොවන්නට ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නට ප්‍රේමදාස මහතාට හැකිවන්නට තිබුණු බව කීවේය. එය හරීන්, වරක් ඔහුගේ අමාත්‍ය සගයෙක්ද වූ මංගල සමරවීර මහතාට එල්ල කළ ප්‍රහාරයකි.

නිවාඩුව ගතකිරීම සදහා ලන්ඩනය බලා ගිය සමරවීර මහතා පසුව සිය දණහිසේ ඇතිවූ ආබාධයක් සදහා ප්‍රතිකාර ගැනීමට නිවාඩුවේ දින ගණන මදක් වැඩිකර ගත්තේය. ඔහු මෙම සතියේ නැවත කොළඹ බලා පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව බෞද්ධයන්ට උරුම නොමැති බව ඔහු වරක් කීවේය.

හිටපු අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ පසුගිය වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරයෙන් පසු අවස්ථාවකය. නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව ඡන්දයකට යොමුකරන ලෙස හරීන් ඉල්ලා සිටියේය.

“මට ඔබට ඡන්ද විමසීමක් ලබාදෙන්න බැහැ” යයි වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.

මේ හමුවේ ප්‍රේමදාස මහතා පැමිණ සිටියවුන් අතර ඡන්ද විමසීමක් පවත්වන ලෙස යෝජනා කළේය. එය පක්ෂයේ නායකත්ය ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බහුතරයකගේ කැමැත්ත පවතින්නේද යන්න දැනගැනීමට පමණක්ම විය. නමුත් කිසිදු අයුරක ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළ අතර එය හමුවේ හරීන් ප්‍රනාන්දු මහතා තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව පැවසුවේය.

නායකත්ව ගැටලුවට විසඳුමක් ලබාදීම සතියෙන් සතිය ප්‍රමාද කෙරෙමින් පවතින බව කියා සිටි ඔහු පක්ෂය වෙනුවෙන් තමා කළ කැපකිරීම් ද සදහන් කර මේ දක්වා ලබාදුන් සහායට වික්‍රමසිංහ මහතාට සහ ප්‍රේමදාස මහතාට ස්තූති කළේය. අනතුරුව ශාලාවෙන් පිටව යාමට ඔහු නැගී සිටි නමුත් ඔහුගේ සගයෝ එසේ කිරීමට ඔහුට අවස්ථාවක් නොදුන්හ.

හරීන්ගේ අතින් ඇද නැවත ආසනය වෙත කැඳවාගත් ඔවුහු බලහත්කාරයෙන් මෙන් ඔහුව එහි වාඩි කළහ. මේ අවස්ථාව වන විට රැස්වීම ගාලගෝට්ටියක් බවට පත්ව තිබූ අතර, හූ හඩ සහ අපහාසාත්මක වදන් නැඟෙමින් තිබිණ.

අර්බුදය මධ්‍යයේම අදහස් දැක්වූ ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් ඒ සදහා සැළකිය යුතු කාලයක් යොදාගෙන තිබුණු අතර එය ද සැළකිල්ලට ගත් පක්ෂ නායක වික්‍රමසිංහ මහතා රැස්වීම අදට අවසන් කරන බව නිවේදනය කළේය. එම අවස්ථාවේ දී ඔහුට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ශාලාවෙන් පිටත්ව ගියහ.

නවීන් දිසානායක, වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, සන්දීප් සමරසිංහ, විජේපාල හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ, පියසේන ගමගේ, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, කේ.කේ.පියදාස සහ සිරිනාල් ද මෙල් ඔවුන් අතර වූහ. ජෝන් අමරතුංග මහතා කලින්ම පිටව ගියේය.

රැස්වීම අවසන් කරන බව නිවේදනය කිරීමත් සමග අපහසුදායක අවස්ථා කිහිපයකටම මුහුණදෙන්නට වික්‍රමසිංහ මහතාට සිදුවිය.

රැස්වීම අවසන් බවට නිවේදනය කිරීමෙන් පසුව මුලසුනින් නැගී සිට පිටව යාමට ඔහුට අවස්ථාව නොදෙනු වස් අසුන්වලින් නැගිට පැමිණි ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවෝ ප්‍රධාන මේසය වට කරමින් බිම ඉඳගත්හ. වික්‍රමසිංහ මහතාට ඔහුගේ අසුනින් නැගිට පිටව යාමට අවස්ථාවක් ලබා නොදීම ඔවුන්ගේ අරමුණ විය.

එය එක්තරා අතකින් යටත් කරගැනීමට සමාන විය. මෙහි එක් අවස්ථාවකදී ඔවුන් නැගිට යනු ඇතැයි සිතා වායුසමන යන්ත්‍රය අක්‍රිීය කරන ලෙස වික්‍රමසිංහ මහතා කාරියවසම්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් එය අක්‍රීය කැරුණු වහාම අනෙක් අය පසුකරගෙන එතැනට දිව ගිය තවත් මන්ත්‍රීවරයෙක් එය නැවත ක්‍රියාත්මක කළේය. පසුව සිය කාර්යාලයට කාමරයට යාමට වික්‍රමසිංහ මහතා අවස්ථාව සළසා ගත්තේය. කිසිවෙක් ඔහුට බාධා නොකළහ.

කාරණය එතැනින් අවසන් වූයේ නැත. ප්‍රේමදාස මහතා මුලසුනේ තබාගෙන ඔවුන්ගේම කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ තීරණය කළහ. එම අවස්ථාව 2018 වසරේ ව්‍යවස්ථා අර්බුද සමයේ අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කතානායක අසුනේ අසුන්ගත් ආකාරය තමාට සිහිපත් කළ බව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුව පැවසුවේය. පක්ෂ නායකයා නොමැති හෙයින්, ප්‍රේමදාස මහතා රැස්වීමේ මුලසුන හෙබවිය යුතුව තිබෙන බවට රංජිත් මද්දුමබණ්ඩාර යෝජනා කළේය.

ප්‍රේමදාසගේ නායකත්වය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් දේශපාලන පක්ෂ හා සන්ධානයක් ගොඩනඟා ගැනීම සදහා වන යෝජනාවලියක් හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළේය. එම කටයුත්ත හිටපු විදුලි සන්දේශ අමාත්‍යවරයාද වන ඔහු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගත්තේය. එම යෝජනාවලියට ඡන්දය ප්‍රකාශ කෙරෙන ආකාරය එහි පටිගතව තිබිණ. 52 නෙක් එයට පක්ෂව අත එසවූහ. විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙක් එහි නොසිටියහ.

අත්පොලසන් හඬ නැගිණ. නව සන්ධානය ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ලබන සිකුරාදා සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ දී නැවත හමුවන බවට මෙම කණ්ඩායම එකඟතාවයක් ඇතිකර ගත්තේ ය.

එවන් සන්ධානයකට දැනට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර දේශපාලන පක්ෂ ඇතුළත් වනු ඇත. එම පක්ෂවල නායකයින් මෙම රැස්වීමට සහභාගී වූ අතර ප්‍රේමදාස මහතාගේ හිතවත්තුද පැමිණ සිටියහ.
 
එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් සිදුවුවහොත් පක්ෂයේ නිල නායකයා ලෙස සිටිනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය. එසේවුවත් ඔහුට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර දේශපාලන පක්ෂවල හෝ නියෝජ්‍ය නායක ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමේ හෝ සහායක් නොලැබෙනු ඇත.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තරම් තත්ත්වයක දෙපාර්ශවයම සිටින්නේ ද? යන්න වැදගත් පැනයකි. එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට හිමිවන දීමනාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක් අතින් නව සන්ධානයේ නායකයා ලෙස පත්කිරීමට නියමිත ප්‍රේමදාස මහතාට ඔහුම විසඳාගත යුතුව තිබෙන ඔහුගේම ගැටලු කිහිපයක්ම තිබේ.

ප්‍රේමදාසගේ ගැටළු
පසුගිය ජනවාරි මස 9 වැනිදා පවත්වන්නට යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පෙර පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් වන මලික් සමරවික්‍රම මහතාගේ කොළඹ නිවසේදී හමුවක් පැවැත්විණ.

මෙම හමුවේ දී අදහස් දැක්වූ ප්‍රේමදාසගේ ළඟම හිතවතුන් කිහිපදෙනෙක්ම ඔවුන් කරන්නට යෙදුණු සහ පවසන්නට යෙදුණු දේ සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා කිසිදු අදහසක් නොදැක්වූ බවට ක්‍රියාකාරීව කටයුතු නොකළ බවට සහ තමන්ව ආරක්ෂා කිරීමට පෙනී නොසිටි බවට චෝදනා කළහ. ඔවුන්ට වුවමනාවී තිබුණේ තම තමන්ව ආරක්ෂා කරගැනීමට තරම් ප්‍රේමදාස මහතා නිර්භයව කටයුතු කරනු දැකීමටය.

ප්‍රේමදාස මහතා කෙරේ තබා තිබුණු විශ්වාසය අරබයා නැගුණු අර්බුදකාරී තත්ත්වය පුපුරා ගියේ තමාට ජනපති අපේක්ෂකත්වය දිනාදීම සදහා ඉතාම ක්‍රියාකාරීව පෙනී සිටි - මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර යන තිදෙනා ඔහු ක්‍රමයෙන් පසෙකට තල්ලුකර දැමීම සමගය. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ, සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බැහැර සිට කටයුතු කළ, හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයෙක් වන තිස්ස අත්තනායක සහ එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජේ්‍යෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලකවය.

ප්‍රේමදාස මහතා කෙරේ නොපහන් හැගීමක් ඇතිවීමට ප්‍රධාන හේතුව වූයේ මෙයයි. තිදෙන පසෙකට කර දැමීම හමුවේ අවධානය යොමු කළ යුතුවම තිබෙන ප්‍රධාන ගැටලු කිහිපයක්ම දැන් කරළියට පැමිණ තිබේ.
මැතිවරණ අරමුදල් යෙදවුණු ආකාරය සහ මැතිවරණ මූලෝපායන් සම්බන්ධයෙන් තීරණයන් ගැනුණු ආකාරය දැන් ප්‍රශ්න කෙරෙමින් තිබේ. මෙම කටයුතු සම්බන්ධයෙන් තම තමන්ගෙන් උපදෙස් විමසීමක් සිදුනොවුනු බව පවසා තිබෙන සමරවික්‍රම, හෂීම් සහ සමරවීර ත්‍රිත්වය ඔවුන්ගේ භූමිකාවන් නොසළකා හැරුණු බවද කියා ඇත.

පක්ෂ නායකයා ලෙස වික්‍රමසිංහ මහතාට රජයෙන් නව දීමනා හිමිවනු ඇති බවට ප්‍රේමදාස මහතාගේ ඇතැම් හිතවතුන් චෝදනා කළහ. එය සාවද්‍ය බව පසුව ඔප්පු විය. විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ අතරවාරයේ වික්‍රමසිංහ මහතා නිර්දේශයන් කිහිපයක් ඉදිරිපත් කළ බව සත්‍යයකි. ඔහු එම නිර්දේශයන් ඉදිරිපත් කළේ කැබිනට් පත්‍රිකාවක් හරහා වූ අතර, විපක්ෂ නායකවරයා ලෙස නිවසක්, කාර්යාලයක් සහ කාර්යමණ්ඩලයක් ඔහු ඉල්ලා තිබිණ.

ඔහුගේ තනතුර අනුව එම ඉල්ලීම, ජනපතිවරුන්ට හිමි වරප්‍රසාද හා සමාන කාරණයකි. කෙසේවුවත් එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලය හමුවට නොගියේය. නමුත් ඔහුට පාර්ලිමේන්තුවෙන් කාර්යාල කාමරයක් ලබාදී තිබේ. එයද පෙර අනුගමනය කැරුණු පිළිවෙත් ආදර්ශයට ගෙනය.

මෙයට පෙර හිටපු අගමැතිවරුන් දෙදෙනෙක් වන, ඩී.එම්.ජයරත්න සහ රත්නසිරි වික්‍රමනායක යන මහත්වරුන්ටද එසේ පාර්ලිමේන්තුවෙන් කාර්යාල කාමර වෙන්කර දී ඇත. කොටින්ම, නව රජය අමාත්‍යධූර සංඛ්‍යාව අඩුකර ඇති නිසා කාර්යාල කාමර නිදහස්ව තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දී තිබේ.

සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන කටයුතුවල අපි අනාගතයේ නිරත වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 52 ක බහුතරයක් පසුගිය සිකුරාදා අපේ පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාසව පත්කරන්න තීරණය කළා. ඒ අනුව පක්ෂයේ නායකයා මෙම සන්ධානයේ නායකයා සහ විපක්ෂයේ නායකයා, ලෙස ඔහු කටයුතු කරනු ඇති, සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු කීවේ ය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (3)

නව සන්ධානයක අත්තිවාරම ජංගම දුරකතනයේ

Ronali Thursday, 23 January 2020 08:39 PM

ආත්මාර්ථකාමීව හැසිරෙන පිරිසකට රට කරන්න ලැබුනොත් රටේ මිනිස්සුන්ට සලකන්නෙත් මේ රනිල්ට කරන විදිහටම තමයි. ඔක්කොටම වැඩිය පුදුම වැඩිහිටයෙක් සහ වැදගත්මහත්මයෙක් හැටියට හිතපු රන්ජිත් මද්දුමබණ්ඩාර හරීන්ලගේ ගොඩේ වැටිච්ච එක ගැන.

:       4       61

Bamunuarachchi Friday, 24 January 2020 11:13 AM

මෙවැනි නොමේරු සෙට් එකකට වැදගත් පක්ෂයක් බාරදෙන්න පුලුවන්ද? මේ කට්ටිය නායකයා කරගන්න උත්සාහ කරන්නෙත් එවැනිම ළදරුවෙක් නේද?

:       6       75

[email protected] Sunday, 26 January 2020 04:51 PM

සංධාන හැදුවට වැඩක් නැහැ. 2/3 බලය ගෝඨා ගන්නවා.

:       127       95

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 100 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 972 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 234 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 208 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 58 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1088 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site