IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි

තුන්සියයකට ආසන්න කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින්ද පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකරමින්ද පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ භයංකාර අත්දැකීමේ කම්පනය තවමත් රටේ වැසියන්ගේ සිත් සතන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබේ. කම්පනයෙන් ප්‍රකම්පනයට පත්ව සිටින සියලුදෙනා විමසන්නේ එකම එක ප්‍රශ්නයකි. මේ තරම් දරුණු ප්‍රහාරයක් රටට එල්ල වන බව කල්තබා දැනගන්නට තරම් ශක්තියක් අපේ රටේ බුද්ධි අංශවලට නොතිබුණේ ඇයිද යන ප්‍රශ්නයයි. මෙය වහාම පිළිතුරක් සොයාගත යුතු අතිශය බැරෑරුම් ප්‍රශ්නයක් බවට කතා දෙකක් නැත. මෙය බුද්ධි අංශවල දුර්වලකමක්ද නැතහොත් බුද්ධි අංශ විසින් ලබාදුන් වැදගත් තොරතුරු වගකිවයුතු පාර්ශ්ව විසින් කුණු කූඩයට විසිකරනු ලැබීමේ ප්‍රතිඵලයක්ද යන්න වහාම සොයාගත යුතුය.

අප එසේ කියන්නේ මෙවැනි සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු තමන්ට කල් තබා ලැබුණු බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ද ප්‍රකාශ කර තිබෙන බැවිනි. මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට තම පියාගෙන් ලද අනතුරු ඇඟවීම හේතුවෙන් තමා පාස්කු ඉරිදා උදෑසන පල්ලියට නොගිය බවද තමන්ට ලැබුණු තොරතුරු සහ ඊට අදාළව විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් ආරක්ෂක අංශ වෙත නිකුත් කර තිබූ ලිපියද සමාජගත කරන ලද බවද ඔහු කියා තිබිණි. එහෙත් අපට නම් පෙනෙන්නේ එවැනි අනතුරු ඇඟවීමක් කල්තබා ලැබිණි නම් ඒ පිළිබඳව ඊට වඩා ක්‍රියාත්මක විය යුතුව තිබූ බවය. අඩුම තරමින් තමන්ගේ සෙසු කැබිනට් සගයන් දැනුම්වත් කොට තර්ජනයට ලක්වන බවට දැනුම් දී තිබූ සියලු_ දේවස්ථානවලට ආරක්ෂාව ලබාදීමට පියවර ගත හැකිව තිබිණි. එය නොකිරීම බරපතළ අතපසුවීමකි.

විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් ආරක්ෂක අංශ වෙත කර තිබූ දැනුම්දීමේ කෙළින්ම සඳහන් වී තිබුණේ ජාතික තව්ෆීක් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බවය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවත් ඔහු පසුගිය 09 වැනිදා ඊට අත්සන් යොදා ඇති බවත් සඳහන් එම ලිපිය නිකුත් කර තිබුණේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. මෙම ප්‍රහාරවලින් මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවද එහි සඳහන් වී තිබිණි. මේ සියලු_ තොරතුරු දැනගෙනත් වගකිවයුතු පුද්ගලයන් බකංනිලාගෙන සිටීමේ බරපතළ වැරැද්දට වන්දි ගෙවීමට සිදුවූයේ මේ රටේ අහිංසක ජනතාවටය. ජීවිත අහිමිවූයේ, අත පය කැඩී බරපතළ තුවාල ලැබුවේ, දරුවන්ට මවුපියන්, මවුපියන්ට දරුවන් අහිමිවූයේ මේ භයානක අනතුරු ඇඟවීම් කෙරෙහි තුට්ටු දෙකක හෝ සැලකිල්ලක් නොදැක්වීම නිසාය. ඒ වගකීමෙන් මිදීමට අදාළ වගකිවයුත්තන් කිසිවකුටත් හැකියාවක් නැත. වෙනෙකක් තබා මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරය පසුපස අන්තවාදී සංවිධානයක් සිටින බව මෙරට ආරක්ෂක අංශ වලින් ප්‍රකාශයට පත් වීමට පෙර ඒ බව ප්‍රකාශ කළේ අපේ අසල්වැසි ඉන්දියාවය. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම කෙතරම් දුරකට පිරිහී ඇති දැයි පෙන්වා දීමට එය එක් උදාහරණයකි.

ප්‍රහාරයට වගකිවයුතු සංවිධානය හෝ සංවිධාන මොනවාද යන්න මේ සටහන වෙනතුරු පොලිසිය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ප්‍රකාශ කර තිබුණේ නැත. මෙය රටේ ජාතික ආරක්ෂාව සහ ජාතික දේශපාලනය එකිනෙක පටලවා ගැනීම හේතුවෙන් සිදුවන්නේ යැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එසේ නම් එවැනි තත්ත්වයකට මඟපෑදූ සියලු බලධාරීන් එහි වගකීම බාරගත යුතුය. එකිනෙකාට බෝලය පාස් කිරීමෙන් පමණක් රටේ ජාතික ආරක්ෂාවේ ඇති වී තිබෙන විශාල හිඩැස් වසා දැමිය නොහැකිය.

මේ රටේ ජනතාව පසුගිය වසර 10 තිස්සේ අප්‍රමාණ නිදහසක් භුක්ති විඳි බව රහසක් නොවේ. වසර තිහක කාලයක් පැවැති දරුණු යුද්ධයෙන් පසුව බියෙන් සැකෙන් තොරව බස්රියක, දුම්රියක, පෞද්ගලික වාහනයක යාමට ඒමට ඉඩසැලසී තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසුව කරදරයකින්, හිරිහැරයකින් තොරව ජීවත්වීමට ලැබුණු එම නිදහස ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමග වැළලී යාමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ ප්‍රහාරය හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය, තුවාල සිදුවීමත් සංචාරක ව්‍යාපාරයට සිදුවූ හානියත් කොටි යුද්ධය පැවැති කාලයේ එක්දිනකදී සිදුවූ හානියට වඩා අතිශයින් බරපතළය. දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් එක්දිනකදී අහිමි වූ විශාලම ජීවිත සංඛ්‍යාවද මෙය බවත් ප්‍රකාශ වෙයි. යළිත් කවදාවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරන්නේ නැති බවට පසුගිය වසර කිහිපයේදී ඇතැම් දේශපාලනඥයන් විසින් ජනතාව හමුවේ කරන ලද ප්‍රකාශ මේ ප්‍රහාරය සමඟ කුජීත වී ගිය බවද රහසක් නොවේ.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම අනපේක්ෂිත සිද්ධියක් බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් තමන් හෝ තම කැබිනට් අමාත්‍යවරුන් හෝ දැනුම්වත් කිරීමක් සිදු නොවූ බවය. එහෙත් පසුගිය මාස හත අටක කාලය තුළදී මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ බුදු පිළිම සිරසවලට හානිකිරීම, ඊට පෙර මහනුවර දිගන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ ගැටුම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ලැබුණු පෙරනිමිති බව පැහැදිලිය. ඉන්පසුව පුත්තලම් මන්නාරම් මාර්ගයේ වනාතවිල්ලු ප්‍රදේශයේ ඉඩමක වළක තිබී සොයාගත් සී-4 නම් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයද තවත් නරක පෙරනිමිත්තක් විය. එහෙත් කිසියම් බලවේගයක් විසින් එම සියලු භයංකාර පෙර නිමිති ගණන් නොගන්නා තත්ත්වයට පත්කර දමා ඇති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල පෙන්නුම් කළේ පසුගිය පාස්කු ඉරිදාය. එවැනි පෙරනිමිති පිළිබඳව දැනසිටි වගකිවයුතු කිසිවකුටත් මේ ප්‍රහාරය අනපේක්ෂිත සිද්ධියක් හෝ දැනුම්වත් නොකිරීමක් ලෙසට හෝ බැහැර කළ නොහැක්කේ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ කරුණු කිසිවක් සාකච්ඡා වූයේ නැතිද යන ප්‍රශ්නය අප හැමදෙනාටම ඉතිරිව තිබෙන බැවිනි.

මේ ප්‍රහාරය එල්ල වූයේ කතෝලික ජනතාවට පමණක් නොවේ. රටටමය. උපරිම මිනිස් ජීවිත විනාශයක් සහ ලෝකයට මේ ප්‍රහාර පිළිබඳ පණිවුඩ ගෙනයෑමේ අවශ්‍යතාවක් මේ ප්‍රහාරවලින් ඉලක්ක කර තිබූ බව පෙනෙන්නට තිබේ. පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකරමින් රටේ ජාතික ආරක්ෂාවට මුල්තැනක් දී ක්‍රියාකොට මෙවැනි ප්‍රහාරවලට යළි ඉඩක් නොතැබීම මේ අවස්ථාවේදී සියලු ජාතික නායකයන්ගේ වගකීම බව පෙන්වා දෙමු.

 



අදහස් (10)

බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි

Athula Nagahaulla Tuesday, 23 April 2019 09:19 AM

හේතුව මේකයි ලංකාවේ මිනිස්සු හිටියට ඔවුන්ව නියෝජනය කරන්නේ හරක්නේ... උන් කනවා ඇරෙන්න වෙනදෙයක් කරන්න දන්නේ නැහැ. ඉතින් කණගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ නුඹලාගේ ආරක්‍ෂාව නුඹලා විසින්ම බලාගතයුතු බවයි.

:       0       0

Athula nagahaulla Tuesday, 23 April 2019 09:26 AM

මී හරක්ට තේරෙනවද මිනිස්සු කියන ඒවා...?

:       0       0

chandima Tuesday, 23 April 2019 12:36 PM

මොකද ගණන් නොගත්තේ? ඒ බුද්ධි තොරතුරු සොයාගත්තු නිලධාරියාගේ නමත් අහලා එව්වනේ එයාව හිරේට දාන්න..

:       0       0

rasika Tuesday, 23 April 2019 03:05 PM

මෙය සම්පූර්ණ වගකීම ජනාධිපති සහ අගමැති ගන්න ඕනේ.. මුස්ලිම් පාසල් හැදුවා, කල එලිකරලා පකිස්තාන් කාරයෝ පදිංචි කලා, මුස්ලිම් විශ්වවිද්‍යාල හැදුවා, මුස්ලිම් වහබ් මතවාදය සෑම තැනම වැපුරුවා.. බුදු පිළිම කැඩුවා, නමුත් මුකුත් කලේ නැහැ. මුස්ලිම් දේශපාලකයන්ට ඕනේ විදියට නීතිය වෙනස් කලා.. දැන් මේකේ විපාක තේරෙනවනේ. එත් මැරුනේ අහිංසක මිනිස්සු.. මේ විනාසය පෙන්නපු හාමුදුරුවරුන්ව හිරේ දැම්මා..

:       163       1031

amilaWednesday, 24 April 2019 10:16 AM

සහතික ඇත්ත. දැන් කල්ලි ගැහිලා විකාර කියවනවා. මෙපමණ දෙයක් වෙලත්, තවම පක්ෂ, පාට, අමතක කරලා, එකම වේදිකාවක, එකාවන්ව කතා කරන්නේ නැති, එකමුතුකමක් නැති කාලකන්නි දේශපාලක හැත්තක්... ජනතාව එකමුතුවෙලා මේ සේරම ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ මොන හේතුවකටද කියලා කවුරුහරි අපිට කියල දෙනවද? ප්ලීස්...

:       0       94

hasitha prasad Tuesday, 23 April 2019 10:46 PM

ඕනෙම අත දරුවෙකුට ඇයි මේක ගණන් නොගත්තෙ කියල තේරෙනව වැඩිය නෙමෙයි සති දෙකක් ආපස්සට කල්පනා කරල බැලුවොත්. රටක් කරන්නට තබා ග්‍රාමසේවකකමවත් කලනොහැක්කෙක් ලෙසට ඔහුගේ දියණිය විසින්ම පවසා ඇති ජනපතිතුමා මීලඟ ජනපතිවරණයේදීද තම විධායකකම රැක ගැනීමේ සද්කාර්යය උදෙසා , ඕනෑම තුන්වන ලෝකයේ රටක නායකයෙක් කරන්නා සේ තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගැනීමේ මෙහෙයුමක් පටන්ගත්තා. ඒ තමයි "කුඩු මැඩලීම". මත්ද්‍රව්‍ය මැඩලීම වරදක් නොවූවත් තම ජනප්‍රියත්වය නම් පටු අරමුණින්ම ඔහු මෙය කල සීඝ්‍රතාවය සහ ඔහුගේ නියෝග මත ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව පසෙකලා ඒ කාර්යයට මූලිකත්වය දුන්නා කියන එකයි මගෙ මතය. ඒ නිසා මේ සිදුවූ ඛේදජනක සිදුවීමට මූලික වගකිවයුත්තා මම දකින විදියට ජනපතියි. හෘදසාක්ෂියට එකඟව ඔහු මේ මොහොතේ කලයුත්තේ මුළු ලංකාවෙන්මත් ජාත්‍යන්තරයෙනුත් සමාව ඉල්ලා තම තනතුරින් ඉවත්වීමයි. නමුත් මේ වැඩකටයුතු කෙරෙන ආකාරය අනුව එය එසේ වේයැයි අබමල් රේණුවකවත් බලාපොරොත්තුවක්ද තැබිය නොහැක. අවසානයේ සිදුවූවේ බලධාරීන්ගේ නොසැලකිලිමත්වීම්, පටු අරමුණු අතරේ අහිංසක ජනතාවක් අවධානමේ වැටීම පමණය.

:       0       0

Dissanayaka Thursday, 25 April 2019 07:52 AM

සම්පූර්ණ වගකීම ජනාධිපති සහ අගමැති ගන්න ඕනේ. ඕන දෙයක් කරගන්න ඉඩ දීල කටපියාගෙන හිටිය බලයට තියෙන තණ්හාව නිසා මේවා කලින්ම පෙන්වා දීපු අයව සහජීවනේ ඉස්සරහට දල හිරේ දෙම්ම . දැන් පේනවනේ සහජීවනේ තරම

:       7       73

raviThursday, 25 April 2019 10:19 AM

මේ සිද්ධියට කිසිසේත් ... කිසි කෙනෙක් වගකිය යුතු නැහැ .... හේතුව මේක .. ඇමෙරිකාවේ සිද්ද උනා වගේ "" හදිසි අබිරහස් ත්‍රස්ත ක්‍රියාවක් "" නිසා . එත් ශ්‍රී ලංකාවාසී යම් කෙනෙක් මේ ගැන දැන සිටියානම් .... ක්‍රියාකාරී නොවුවානම් .. අන්න ඒ පුද්ගලයින්ට තරාතිරම් නොබලා නඩු පැවරිය යුතයි .

:       0       0

ranjith Thursday, 25 April 2019 11:30 PM

මේ රටේ නැවත එඩිතර දේශපාලන නායකත්වයක් ඕනෙවෙලා තියෙන අවස්ථාවක්...

:       0       0

Gamage Saturday, 27 April 2019 09:39 AM

මේ ආණ්ඩුවට සහ ජනාධිපතිට නම් ආයේ මිනිස්සු අන්දලා ඡන්දෙ ගැනිල්ල බොරු.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 39 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 932 4

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 77 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 23 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1059 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site