IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රාජ්‍ය නිලධාරීන් ගැන කියවෙන චෝදනා සාධාරණද අසාධාරණද

ශ්‍රී  ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන  ආරාධිතයා වශයෙන් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කළ කතාව  මෙරට පරිපාලන ක්‍ෂේත්‍රය සම්බන්ධව කළ ප්‍රබල විවේචනාත්මක විග්‍රහයක් විය.  එතැන රැස්ව සිටි පරිපාලන සේවා නිලධාරීන්ට ‘වඳින්න ගිය දේවාලය හිසේ කඩා  වැටුණාක්’ වැනි හැඟීමක් ද ඇති වූවාට සැකයක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ  පරිපාලන සේවාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව පළ කළ අදහස් නිකම්ම බැහැර  කිරීමට ඒ කිසිදු නිලධාරියකුට හැකියාවක් නැති බව අපගේ විශ්වාසයයි.

ජනාධිපතිවරයා  එහිදී කෙළින්ම ප්‍රකාශ කළේ රටේ සංවර්ධන ක්‍රියාවලියට සහාය දැක්වීමට රාජ්‍ය  අංශය අසමත්ව සිටින බවය. ප්‍රධාන නිලධාරීන් අතර පවතින මතභේද, වෘත්තීය සමිති  ක්‍රියාමාර්ග සහ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුගත වී කටයුතු කිරීම වැනි  දුර්වලතා ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබිණි. ඔහු පෙන්වා දුන්නේ  රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාව 30%ක තරම් පහළ මට්ටමක පවතින බවය. ඒ තත්ත්වය  හැකි ඉක්මනින් 50% දක්වා වැඩිකර ගත යුතු බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා  දේශපාලනඥයන් සමඟ පවත්වන සමීප සබඳතා හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් කෙරෙහි පොදු  ජනතාව තුළ තිබූ ගෞරවය මැකී ගොස් තිබෙන බව ද කීය. මේ ජනාධිපතිවරයා ගෙනහැර  දැක්වූ කරුණුවලින් කොටසක් පමණි.

මේ රටේ පරිපාලනය හා බැඳුණු රාජ්‍ය  සේවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ කටුක වුවත් ප්‍රබල සත්‍යයක්  රුඳී තිබේ. මෙය පිළිගැනීමට රාජ්‍ය නිලධාරීන් මැලිවනු ඇති වුව ද රටේ සංවර්ධන  ක්‍රියාවලියේදී සහ එදිනෙදා රාජකාරි ඉටුකරවා ගැනීමේදී ඇතැම් රාජ්‍ය  නිලධාරීන් දක්වන අකාර්යක්ෂම බව රටේ පොදු මහජනතාව අත්දැකීමෙන් දනිති. ඇතැම්  අවස්ථාවලදී අදාළ තීන්දු, තීරණ ගැනීම ප්‍රමාද කිරීම නිසා රටට සිදුවන පාඩුව  විශාලය. ඇතැම් පරිපාලන නිලධාරීන් අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීමත්,  සංවර්ධන වැඩවලදී ඵලදායී දායකත්වයක් ලබා නොදීමත් නිසා උද්ගතව තිබෙන තත්ත්වය  ජනාධිපතිවරයා පෙන්වා දුන් කරුණුවලින් පැහැදිලි වෙයි. කාර්යක්ෂමතාව 50%  දක්වා වැඩිකරන්නැයි ඔහු රාජ්‍ය සේවයට ලබාදුන් උපදෙස් පිළිබඳව ඔවුන්ගේ  සැලකිල්ල යොමුකිරීම අවශ්‍ය වන්නේ එබැවිනි.

පරිපාලන සේවයේ නිලධාරීන්  ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී පැලැන්තියට ද විසඳාගත යුතු බොහෝ ගැටලු ඇති  බව ද අපි දැන සිටිමු. එහෙත් මීට වසර පනහකට එහා රාජ්‍ය නිලධාරීන්ට සේවය  කිරීමට සිදුවූයේ දැනට වඩා බොහෝ දුෂ්කර තත්ත්වයක් යටතේ බව ද ඒ සමඟ පෙන්වා  දිය යුතුය. ඔවුන්ට එදා මේ කාලයේ තරම් රාජකාරි කටයුතු සඳහා යාන වාහන තිබුණේ  නැත. බස් සේවා දුම්රිය සේවා ද පැවැතුණේ දුර්වල අඩියකය. එපමණක් නොව සේවා  ස්ථානවල පහසුකම් ද ඉතා අල්ප විය. විශේෂයෙන් කොළඹ නගරයෙන් බැහැරව ඈත නගර සහ  ගම්දනව්වල සේවය සඳහා ගිය රාජ්‍ය නිලධාරීන්ට කිසිදු සැප පහසුකමක් නොතිබිණි.  ඔවුන්ගේ නිල නිවාස ඇතුළු බොහොමයක් අවශ්‍යතා පිරිමැසුණේ යාන්තමිනි. රාජකාරි  කටයුතු ඉටු කිරීමට සැප පහසු වාහන තබා අටවාගෙන යන වාහන ද තිබුණේ අඩුවෙනි.  එහෙත් ඒ බොහොමයක් නිලධාරීන් විසින් මහත් කැපවීමකින් සිදුකරන ලද සේවාව මේ  රටේ රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක්විය. ඔවුන්ගේ කාර්යක්ෂමතාවට ඉතා ඉහළ  වටිනාකමක් තිබූ බව මේ රටේ බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ ආකාරයට තිබූ රාජ්‍ය  සේවාවට අද මේ කලදසාව ලැබී ඇත්තේ මන්දැයි සොයාබැලීම නායකයන්ගේ ද වගකීමකි.

රාජ්‍ය  සේවයේ බොහෝ කලක් තිබූ කීර්තිනාමයට දේශපාලනය විසින් කළු පැල්ලමක් එකතු කර  තිබීම එක් ප්‍රබල හේතුවකි. ඇතැම් නිලධාරීන් දේශපාලනඥයන් සමඟ පවත්වන කිට්ටු  සබඳතා රහසක් නොවේ. එහි වරද ඇත්තේ රාජ්‍ය නිලධාරීන් අත පමණක් නොවන බව ද  සඳහන් කළ යුතුය. ඇතැම් දේශපාලනඥයන්ගේ මෙ​ෙහයවීමෙන් කෙරෙන සංවර්ධන වැඩ හෝ රටට  අවශ්‍ය වෙනත් ව්‍යාපෘති හෝ සාර්ථකව අවසන් කර ගැනීම සඳහා සුදුසු දක්ෂ, අවංක  නිලධාරීහු කිට්ටු කර ගැනෙති. ඔවුන්ට වගකීම් බාරදෙති. එවැනි නිලධාරීහු  වැඩෙත් ගොඩ දමා ඇමැතිවරයාත් ගොඩ දමති. එහෙත් තවත් සමහර දේශපාලනඥයන් තමන්ට  ළංකර ගන්නේ තමන්ගේ ‘විශේෂ ව්‍යාපෘති’ දියත් කිරීම සඳහාය. ඒ ව්‍යාපෘති රටට,  මහජනතාවට අවශ්‍ය ඒවා නොව තමන්ගේ මල්ල පුරවා ගැනීම සඳහා අරඹන ඒවාය. ඒවාට  කිට්ටු වෙන නිලධාරීන් කරන්නේ ඇමැතිවරයාගේ පැත්තට ගලන ගංගාවෙන් තමන්ගේ  පැත්තට ද ඇළක් කපා ගැනීමය. රාජ්‍ය සේවය පිරිහෙන්නේ මෙවැනි දේශපාලනඥයන් සහ  නිලධාරීන් හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා දේශපාලනඥයන් සමඟ  සමීප සබඳතා පැවැත්වීම නිසා රාජ්‍ය සේවයේ ගෞරවය පිරිහී ඇති බව පවසන විට ඒ  වැරුද්දෙන් සියයට 50ක් දේශපාලනඥයාගේ පැත්තට වැටෙන බව ද මෙහිදී සිහිපත් කළ  යුතුය.

මෙතෙක් කල් බලයට පත්වූ සෑම රජයක්ම තමන්ට ඉදිරිපත් වූ පරිපාලන  ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වෙනත් වරප්‍රසාද පිළිබඳ ඉල්ලීම්  ඉටුකරදීමට හැකි තරම් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබිණි.  එසේ තිබියදීත් තමන්ගෙන් ඉටුවිය යුතු රාජකාරිවලදී ඉහළ කාර්යක්ෂමතාවක්  පෙන්වීමට රාජ්‍ය නිලධාරීන් අසමත් වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචනයට  හසුවිය. රජයකට ඉටුකළ නොහැකි තද ඉල්ලීම් ඉදිරිපත් කරන අතරවාරයේ රට නැංවීමට  ලබාදිය යුතු සහයෝගය නොදැක්වීම ඕනෑම නායකයකුගේ විවේචනයට ලක්වීම සාධාරණය.  සැලසුම් සකස්කොට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද සොයාදුන්නාට පසුව ඕනෑම විශාල  ව්‍යාපෘතියක් සාර්ථකව නිමකළ හැක්කේ කාර්යක්ෂම, උපරිම ඵලදායීතාවයකින් යුතුව  සේවය ඉටුකරන උද්‍යෝගිමත් නිලධාරීන් සමූහයකගේ ක්‍රියාකාරීත්වයකින් පමණි.  එවැනි නිලධාරීන් නැතැයි අපි නොකියමු. සිටින සියලු නිලධාරීන් අකාර්යක්ෂම  බවත් අපි නොකියමු. එහෙත් මේ රටේ පරිපාලන නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ සඳහන තුළ සත්‍ය කරුණු රැසක් ගැබ් වී ඇති බව  සඳහන් කළ යුතුය.



අදහස් (7)

රාජ්‍ය නිලධාරීන් ගැන කියවෙන චෝදනා සාධාරණද අසාධාරණද

ලංකෝනිස් Thursday, 04 April 2019 11:53 AM

ඉතාම සාධාරණයි. පළාත්සභා ඇතිකරන තුරු පැවති පරිපාලන සේවයත් ඉන් පසු පැවති පරිපාලන සේවයත් හොඳින් අත්දැක ඇත්තෙක්මි. කාල දෙකේම ඉහල නිළධාරීන් රාජකාරි මට්ටමෙන් ඇසුරු කර ඇත්තෙමි. දෙගොල්ල අහසට පොලව මෙනි. පලාත් සභා ඇති කර අඩු සුදුසුකම් තිබූ පලාත්පාලන පරිපාලන සේවය හා රාජ්‍ය පරිපාලන සේවය එක් කිරීම මෙයට එක් හේතුවක්වූ අතර 2005 න් පසුව දේශපාලුවන්ගේ හිතවතුන් පක්ෂ ක්‍රියාකාරීන් වැඩිපුරම විභාග සමත්වීමද මෙයට හේතු වූ බව විභාගයට ඉදිරිපත්වූවෙක් ලෙස කිව හැකිය

:       4       16

Sriyal Friday, 05 April 2019 01:42 AM

ඇත්ත, මගෙ නුවර යාලුවෙක් ඉරපු ලී වර්ගයක් ගෙනියන්න දැන් සති දෙකක් උත්සාහ කරනවා තාම බැරි වුණා බලපත්‍රය ගන්න. හොරෙන් අදින්න පුළුවන් සල්ලි ටිකක් දීලා. රාජ්ය සේවයේ අකාර්යක්ෂම තාවකාලිකව දියුණු වීමට ගැටලුවක්. ඒවා හොදයි 1800 ගනන් වලට

:       0       10

sensa Friday, 05 April 2019 02:49 AM

ජනාධිපතිතුමා හොද කථාවක් කළේ. රටේ සංවර්ධනයට දායක වන ඒ වගේම රටේ විනාශයට දායකවන ප්‍රධාන සාධකය එතුමා නිවරදිව විග්‍රහ කළා. ,වැටත් නියරත් ගොයම් කා නම් කානම් කාට කියම්ද මේ දොසා, ඉතාම අවාසනාවන්ත තත්වය තමයි තම තනතුර රැක ගැනීමට හෝ අනියම්න් මුදල් සොයාගැනීමේ චේතනාවෙන් දේශපාලකයා කියන ඕනෑම ජඩ වැඩක් පරිපාලන නිලධාරියා ඉටු කිරීම. රටේ පරිපාලනයේ ඉහළම සිටිනවා කියා ගන්නා වගේම දක්ෂ වෘතිකයින්ට හා සේවාවන්ට ඉහළට එන්න නොදෙන අමණ සේවය මෙයයි. දක්ෂතාවයන් අඩුවුණත් කොන්ද නමල දේශපාලකයින්ගේ හිත දිනාගෙන දශක ගණනාවක් අපරට අන්ත ආර්ථික මෙන්ම සමාජයිය ප්‍රපාතයට ඇදහෙලූ ප්‍රධානම පිළිලය මේ සේවාවයි. නායකයකු වීම සෘජු බවක් තිබිය යුතුයි. ඒත් කෝ කොන්ද? පළාත් සභා වල තත්වය අන්ත අසරණයි.

:       0       402

Dula Friday, 05 April 2019 08:15 AM

රජයේ ඉන්නේ ඉතින් ඕපාදූප හොයන නෝනලා මහත්තුරුනේ. වැඩක් කරන්න ගියොත් මිනිස්සුන්ව රස්තියාදු කරනවා. හිතේ හැටියට... මෙහෙමත් රටක්.

:       0       5

Raveendra Friday, 05 April 2019 12:08 PM

වැදගත් මෙන්ම විස්තරාත්මක ලිපියක්. මෙය සැකසූ සියල්ලන්ටම අප ස්තුති වන්නෙමු. මේ සියලුම ගැටලුවලට විසඳුම් අප ළඟම තිබෙනවා නොවේද? අප අපට අවංකද යන්න සොයා බැලීමේදී අප සියල්ලන්ටම ලැබෙන පිළිතුර නම් නැත යන්නය. වෙනත් වචන වලින් පවසන්නේ නම් අපට අනිකාගේ අපහසුතාව වැටහෙන්නේ නම් මෙන්ම අප යුතුකම් අපගේ රටට කරන්නේ නම් අද අප ලෝකයේ ඉහලින්ම වැජඹෙන ජාතියන්ය.

:       0       2

Sriyal Saturday, 06 April 2019 04:07 PM

ඉතින් ඔය කියන අයත් රාජ්‍යය නිලධාරීන් හට නිදහසේ රාජකාරිය කරන්න දීලා තියෙනවාද

:       0       20

Deepal Nirosh Sunday, 07 April 2019 10:23 AM

මේ චෝදනාව 100%ක් සාධාරණ නැහැ. බහුතරයක් රාජ්‍ය නිලධාරීන් තම සේවා කාලය තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න උත්සාහ කරනවා. ඒත් ප්‍ර‍තිඵලයක් දෙන්න එක නිලධාරියෙකුට පමණක් තනිවම බැහැ. අනෙක නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථා අධ්‍යයනය කළොත් දැනගන්න පුළුවන් නිලධාරීන් ප්‍ර‍මුඛත්වය දියයුත්තේ රාජකාරියටද? නැතිනම් තම සුදුසුකම් එකලස් කර ගැනීමටද කියා...

:       0       46

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 762 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19727 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site