IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු මැදිරිගිරිය මූලික රෝහලට දෙන්නැයි ඉල්ලමින් ගැබිනි මවුවරුන් මැදිරිගිරිය කළගෙඩිපාලම මත පාර අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ලෝකයේ උතුම්ම පදවිය මවු පදවිය යැයි විවාදයකින් තොරව පිළිගන්නා ලෝකයෙන්ම උතුම්ම රට ශ්‍රී ලංකාවය. ලෝකයේ උතුම්ම රටේ අම්මලාට ලෝකයේ උතුම්ම පදවිය වන මවු පදවිය ලැබීමට වඩාත් පහසුකම් සපිරි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා මහ පාරට බැසීමට සිදු වී තිබේ. මෙය වූ කලී බොහෝ වගාඩම්බරයන්ගෙන් ආවරණය කරනු ලැබූ රටක ඇත්ත ඇතුළාන්තය ප්‍රදර්ශනය කිරීමකි.

රටක ඉතා සක්‍රීයව හා ප්‍රබෝධමත්ව තිබිය යුතු ක්ෂේත්‍ර අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියෙන්ම වෙයි. විශ්‍වාසයකින් යුතුව ජීවිතයට මුහුණදීමට පුරවැසියාට දිරිය බලය ලැබෙන්නේ නිරෝගීමත් සෞඛ්‍ය සේවයක් පවතින්නේ නම් පමණි. එහෙත් වාර්තාවන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා මැදිරිගිරියේ ගැබිනි අම්මලාට මාර්ග අහුරා අරගල කිරීමට සිදුවී තිබෙන බවය.

අප පුවත්පත වාර්තා කළ තවත් පුවතකින් කියැවුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය සඳහා ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැතිවීමෙන් එම එක්කයේ කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසක් පැන නඟින බවය. දක්ෂිණ ලංකාවේ අගනගරය ලෙස හැඳින්වෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තත්ත්වය එපරිදි වන විට එම පළාතේ පිහිටි අනෙකුත් රෝහල්වල තත්ත්වය පිළිබඳව චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත.

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරුන් 12 දෙනකුගේ සේවය අවශ්‍ය වූවද දැනට එහි සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් දෙදෙනකු පමණක් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ශල්‍යාගාරයක් නොමැති රෝහල් කීයක් මේ රටේ තිබේද? ගිලන් රියක් නොමැති රෝහල් කීයක් මේ රටේ වේද? එම හේතුව නිසා අකාලයේ මරු වසඟයට පත් පුරවැසියන්ගේ සංඛ්‍යාව කොපමණද? ඉහත තත්ත්වය සමඟ ගළපන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර එ්කකයට ප්‍රමාණවත් තරමේ වෛද්‍යවරුන් නොමැතිවීමේ පුවත විශේෂත්වයක් ගෙන නොදෙන්නක් විය හැකිය. එහෙත් එසේ යැයි සිතා මෙම තත්ත්වය පහසුවෙන් අමතක කළ යුතු ද නැත.

ඉකුත් සමයේ මෙරට රෝහල් පද්ධතියේ භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ බවක් පෙනේ. එය ඉතා යහපත් තත්ත්වයකි. ඒහා සමාන්තර බරින් මානව සම්පත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මැදිරිගිරිය ගැබිනි අම්මලා මහ පාරට බැස ඉල්ලා සිටින්නේ මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලබා දෙන ලෙසය. එම රෝහලේ සේවයට පැමිණෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් මාසයක් පමණ සේවය කර නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන වෙනත් රෝහල්වලට මාරු වී යන බව ගැබිනි අම්මාවරුන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මේ මොහොත වනවිට මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිනි මවුවරුන් 400ක් පමණ සිටින බව වාර්තා කරන අප පුවත්පත එම අම්මාවරුන්ට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනීමට කිලෝමීටර් 35ක් පමණ දුරකතර ගෙවාගෙන පොළොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රසව වේදනාවටත් වඩා වැඩි වේදනාවක් ඉහත පරිසරය තුළ ඒ ගැබිනි අම්මලාට දැනෙනු ඇතැයි යන්න මුසාවක් නොවේ. එක් අතකින් ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කිලෝමීටර 35ක් පමණ දුරක් ගමන් කිරීමට සිදුවීම ඒ අම්මාවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවේ. අනික් අතට දිළිඳු මවකට ඒ වෙනුවෙන් වැය කිරීමට මහ ධන නිධානයක් ද නැත. එමෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම තුළ ඒ අම්මාවරුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ද දැනෙනු ඇත.

රෝහල් දෙකක තත්ත්වයෙන් රටේ සමස්ත රෝහල් පද්ධතියේම තත්ත්වය මේ යැයි දැක්වීම සාධාරණ නොවූවද සෑම රෝහලකම රෝගීන්ට බලපාන කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බව සත්‍යයකි. එහෙයින් සමස්ත සෞඛ්‍ය සේවයම එක මිටට ගෙන අඩුපාඩු සම්පූර්ණ කරන දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.



අදහස් (0)

රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද

ඔබේ අදහස් එවන්න

 

කොලම

ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 33 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 139 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2095 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 314 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 175 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 285 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20044 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 126 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 443 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 528 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site