IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රළු පරළු රළ මැදින් ගොඩබිමක් කරා

ප්‍රචණ්ඩත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවැති නමුත් එකිනෙකා කෙරෙහි වෛරය සහ ද්වේෂය ඉහළම මට්ටමක පැවැති, එයටත් ඉහළින් සාවද්‍ය පුවත් ලෙස වෙනම ක්ෂේත්‍රයක තිඹිරිගෙය නිර්මාණය කළ දින 38 ක ජනපතිවරණය නිමාවට පත්විය. ශ්‍රී ලංකා පුරවැසියෝ පසුගියදා (16) මෙරට 8 වැනි ජනපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ඔවුන්ගේ ඡන්දය භාවිතා කළහ.

අන් මැතිවරණ හා සැසදීමේ දී සාපේක්ෂව අඩු ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් වාර්තා වූ මැතිවරණය බවට මෙවර ජනපතිවරණය පත්කරවීමේ ගෞරවය හිමිවිය යුත්තේ පොලිසියට සහ මැතිවරණ කොමිසමටය.  මැතිවරණ කොමිසම හා අත්වැල් බැඳගත් පොලිසිය අදාළ පරිදි නීතිය ක්‍රියාත්මක කළේය.

රාජපක්ෂවරුන් උපන් ප්‍රදේශය වන වීරකැටියෙන් මෙයට එක් හොද උදාහරණයක් ගෙනහැර දැක්විය හැකිය. නැසීගිය ඩී.ඒ.රාජපක්ෂ මහතා සිහිකිරීම පිණිස වීරකැටියේ ඉදිකර තිබෙන කෞතුකාගාරයට යන්තම් මීටර 25 ක දුරින් විසල් තොරණක් ඉදිකර තිබුණු අතර, එහි ප්‍රදර්ශනය කර තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රූපය කළු පොලිතින් කොළවලින් ආවරණය කර වසා තිබිණ. නිරාවරණය කර තිබුණේ වැඩිමහල් රාජපක්ෂ සොයුරු චමල් රාජපක්ෂ මහතාගේ රූපය පමණකි. ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීතිවලට පටහැනි බව වීරකැටිය පොලිසිය පැවසුවේය.

පොලිසියේ මෙම හැසිරීම එහි ප්‍රධාන විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් වෙනස්ය.

මෙවර ජනපතිවරණ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලය වැය කරමින් සිටියේ පසුගිය රාජපක්ෂ සමයේ වූ අකටයුතුකම්වලට වැරදිකරුවන් යැයි චෝදනා ලත් පුද්ගලයින් අධිකරණය හමුවට කැදවීම සදහා චෝදනා ගොනු කරමිනි. එම කාර්යයට ඔවුන්ට සම්පූර්ණ වසර 5 ක්ම ගතවිය. අදාළ ඇතැම් නිලධාරීන් චෝදනා ගොනු කිරීම අරබයා සාකච්ඡා පැවැත්වූයේ ඔවුන්ට හිමි නිල කාමරවල සිට නොව, එම චෝදනා නැගී තිබෙන අයවලුන් මුල් කරගෙන තම තමන් වෙත වාසි සළසා ගැනීමට මාන බලාගෙන සිටිනා පාර්ශවයන් සමගය.
නමුත් විපක්ෂයේ දේශපාලන නායකයින් වෙත, විශේෂයෙන්ම විපක්ෂයේ වැදගත් දේශපාලන නායකයින් ද ඇතුළත්ව, චෝදනා එල්ල කළේ ඔවුන් පමණක් නොවේ. බලවත් පුද්ගලයින් අතලොස්සක් එම කාර්යය තමන් වෙත ද පවරා ගත්තේ ය.

පසුගිය සතියේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවන්නට යෙදුණු රජයේ ඇතැම් අමාත්‍යවරුන්, පසුගිය රජය සමයේ භීතිකාවක් බවට පත්ව තිබුණු සුදුවෑන් සංස්කෘතිය සහ අයථා ඉඩම් පවරා ගැනීම් පිළිබදව අදහස් දැක්වූවේය. නමුත් එක් ඉතාම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔව්හු අපොහොසත් වූහ.

වසර 5ක කාලයක් බලයේ සිටි සභාග රජයට එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි වූයේ මන්ද?, එසේ චෝදනා ලත් පුද්ගලයින්ට නීතියේ හස්තයෙන් ආරක්ෂාවීමට එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් දේශපාලඥයින් මැදිහත්වුනා නොවේ ද?, අවසන ඔවුනට පැවසීමට තිබුණේ එදා 2015 මැතිවරණ වේදිකාවේ පවසන්නට යෙදුණු දේවල්මය. එය සිනහවට කාරණයක් වන්නා සේම මෙරට බුද්ධිමත් ජනතාවට කරන නින්දාවකි.

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබද ආන්දෝලනය
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එහි සහායක දේශපාලන පක්ෂවලට ඔවුනොවුන්ගේම වැරදි සහ අතපසුවීම්වලට  මැතිවරණයට පෙර බලවත් ලෙසම වන්දි ගෙවීමට සිදුවිය. මෙම තත්ත්වයට අදාළ කාරණය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගැනීමයි.

ඔහු තවදුරටත් එක්සත් ජනපද පුරවැසියකු නොවන බවට මෙරට හා විදෙස් මාධ්‍ය දැනුම්වත් කිරීමෙහිලා මාධ්‍ය හමුවක් කැඳවීමට ඔවුහු අපොහොසත් වූහ. එළෙස මාධ්‍ය හමුවක් කැදවනු ලැබූයේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළ සහතිකය ප්‍රසිද්ධ කිරීමටත්, ඒ අරභයා දැන් මතුව තිබෙන නොයෙක් කටකතාවලට නැවතීමේ තිත තැබීමටත් ඔවුනට හැකිවන්නට තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගෙන තිබෙනවාට කිසිදු සැකයක් නැති නමුත් එයට අදාළ නොවන කරුණු කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් දැන් ඇතිව තිබේ. මෙරට වැඩි පිළිගැනීමක් නොමැති මාධ්‍ය ආයතනයක් හරහා අදාළ සහතිකයේ පිටපතක් ප්‍රකාශයට පත් කැරුණද, ඔවුහු එය එතැනින් අමතක කළහ. දේශපාලඥයෙක් ලෙස අත්දැකීම් නොමැති නිසාම මෙම අතපසුවීමෙන් අත්වන්නට සිදුවන හානිය කල්තියාම හදුනාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාද අපොහොසත් වූ සෙයකි.

මැතිවරණයට පෙර මතු කෙරුණු තවත් කාරණයක් වූයේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයින්ගේ නම් සදහන් වන එක්සත් ජනපද ෆෙඩරල් නාමාවලියේ ගෝඨාභය මහතාගේ නම සදහන්ව නොතිබීමය. මේ සම්බන්ධයෙන් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන් හෝර්න් සන්ඬේ ටයිම්ස් සමග අදහස් දැක්වූවාය.

“පුද්ගලිකත්වයට අදාළව ඇමරිකාවේ පවතින නීති නිසා අපට එක් පුද්ගලයෙකුගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් පවතින ගැටලු ගැන අදහස් දක්වන්නට බැහැ. නමුත් සාමාන්‍යයෙන්, යම් පුද්ගලයෙක් ඔහුගේ හෝ ඇයගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධව විදෙස් රටක පිහිටි ඇමරික තානාපති කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයක ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තු අංශය හරහා අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසුව, ඇයගේ හෝ ඔහුගේ නම එක්සත් ජනපද ආදායම් බදු සේවය වෙත යැවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරනවා”

“ෆෙඩරල් නාමාවලිය එළිදක්වන්නේ මේ එක්සත් ජනපද ආදායම් බදු සේවය (ආදායම් බදු අයකරගැනීම සදහා එරට පවතින ආයතනය), එක්සත් ජනපද ආදායම් බදු දෙපාර්තමෙන්තුව, ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තුවෙන් වෙනම පවතින ආයතනයක්. රාජ්‍ය දෙපාර්තමෙන්තුවෙන් නම යවා ඇතත්, ෆෙඩරල් නාමාවලියෙන් එය ප්‍රකාශයට පත්වීම අතර යම් ප්‍රමාදයක් තිබෙන්නට පුලුවන්”

පුරවැසිභාවය අහෝසි කරගැනීමට වුවමනාවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් විදේශයක පිහිටි තානාපති කාර්යාලයක් හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව දැනුම්වත් කිරීම පිළිගත් ක්‍රමවේදය වේ.

ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරිය ඇයගේ ප්‍රකාශයෙන් විස්තර කරන්නේ ෆෙඩරල් නාමාවලියට නම ඇතුළත්වීමේ යම් ප්‍රමාදයක් පැවැතිය හැකි බවය. එක්සත් ජනපදයේ පවතින නීති ප්‍රකාරව ඇය ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශේෂ වූ සඳහනක් සිදු නොකළාය. නමුත් ඇයගේ අදහස්, ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්, විශේෂයෙන් සමාජ මාධ්‍යයන්හි නොයෙක් පුවත් පළවෙමින් තිබෙන මෙම වාතාවරණය සැළකීමේ දී, වැදගත්ය.

අයෙක් සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීම සදහා ඉල්ලීමක් කර තිබෙන අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ නාමය ෆෙඩරල් නාමාවලියට ඇතුළත්වීම සම්බන්ධයෙන් සැකයක් ඇතිකර නොගත යුතු බව ඇය පැහැදිලිවම සදහන් කරයි. එසේ ඉල්ලුම් කර තිබෙන පුද්ගලයෙකුගේ නම එම නාමාවලියට ඇතුළත් වීමේ ප්‍රමාදයක් පැවැතිය හැකි බව එහි අදහසයි. ඇමරිකාවේ ක්‍රියාත්මක නීති ප්‍රකාරව එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් මීට වඩා අදහස් දැක්වීමේ හැකියාවක් ඇයට නොමැති බවද, පැහැදිලිය.

පසුගිය බදාදා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම කාරණය සම්බන්ධයෙන්ම අදහස් දැක්වූයේය.

අපේක්ෂකයාගේ නීතිඥවරයා තමා හමුවූ බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එම අවස්ථාවේ දී ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබදව තමා විමසා සිටි බවද, කීවේය. ඒ හමුවේ එම නීතිඥවරයා, ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාළ දිව්රුම් ප්‍රකාශයක් සහ අනෙක් අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ බව දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීවේය.
“අපට ඒ වාර්තාවල වැදගත්කමක් නැහැ. අපි එය කියවා බලා නැවත භාරදුන්නා”

“මේක ව්‍යාජ ලෙස සකස් කළ එකක් ද කියා අපි පරීක්ෂා කළේ නැහැ. එහෙම නම් එම කාරණය අධිකරණය හමුවේ විසදාගත යුතු දෙයක් බවටයි අප සැළකුවේ” යයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

නෛතික වශයෙන් සැළකූ විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවැරදිය.

ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක්ට මැතිවරණවලට ඉදිරිපත්වීමේ හැකියාවක් නොමැති බව ව්‍යවස්ථාවේ සදහන් වෙතත්, එය රටේ අනෙක් නීතිවලට ද, බලපැවැත්වෙන පරිදි බලාත්මක කැරෙන නීතියක් පාර්ලිමේන්තුවේ මේ දක්වාම සම්මතවී නොමැත. මේ යටතට ජනපතිවරණ පණතද, අයත්ය.

ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක්ට ජනපතිවරණයක් සදහා ඉදිරිපත්වීමේ හැකියාවක් නැතැයි කිසිදු සඳහනක් එහි නොමැත. එනිසාවෙන්ම මෙම කාරණය විසදාගත යුත්තේ අධිකරණයෙන්මය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මියව මෙහිදී උදාහරණයකට ගත හැකිය. ඇය ද්විත්ව පුරවැසිභාවය දරන්නියක් බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීම සදහා නුසුදුස්සෙක් වන බවට අභියාචනාධිකරණය තීන්දු කළේය. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියද, ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ ද අභියාචනාධිකරණයේ තීන්දුවමය.
සිකුරාදා දිනය වන විට තවත් සාවද්‍ය පුවත් පළව තිබිණ.

එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා සම්පාදනය කරන ලදැයි සදහන් ලියුමක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙමින් තිබුණු අතර, 2019 නොවැම්බර් මස 11 වැනිදා දාතමින් යුතු වූ එය යොමුකර තිබුණේ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදෙස්ගත පුරවැසියන් සම්බන්ධ සේවාවන්ගේ අධ්‍යක්ෂවරයා වෙතය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කිරීමට අදාළ මාර්ගෝපදේශයන් යැයි එහි මාතෘකාවේ සදහන් විය. මෙම ලිපිය පසුව ව්‍යාජ යැයි තහවුරු කැරිණ. ලිපියේ සදහන් දිනය, 2019 නොවැම්බර් මස 11 වැනිදා, ඇමරිකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බව පෙන්වා දිය යුතු අතර, එදිනට එරට රජයේ කාර්යාලවල රාජකාරි කටයුතු කෙරෙන්නේ නැත.

එයින් පැය කිහිපයකට පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට ගත් වීඩියෝවක් විය. රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් ඇතුළත් වූ එය ව්‍යාජ ලෙස සකස් කරනු ලැබූවක් විය.

මෙවැනි ව්‍යාජ පුවත් සංසරණය වීම ඉහළම මට්ටමක පැවැති අවස්ථාව ලෙස මැතිවරණයට පෙර ගෙවුණු පැය 24ක කාලය පෙන්වා දිය හැකි අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන් හෝර්න් පෙන්වා දුන් ආකාරයට එරට නීති ප්‍රකාරව කිසියම් පුද්ගලයකුගේ වීසා හෝ පුරවැසිභාවයට අදාළ කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ හැකියාවක් ඔවුනට නැත. එසේ නම් මෙම ව්‍යාජ පුවත්වල නිර්මාණකරුවෝ, ඒවායින් ශ්‍රී ලංකා ජනතාව මුලා කිරීමට හැකිවේයැයි සිතුවේ කෙසේ ද?, එය සම කළ හැක්කේ අපේක්ෂාභංගත්වයෙන් ගත් වෑයමකටය.

සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (5)

රළු පරළු රළ මැදින් ගොඩබිමක් කරා

Bandara Tuesday, 19 November 2019 09:36 PM

තවත් රළු පරළු නම් ඉවර වෙන එකක් නැහැ. මොකද ලංකාවේ කුහක මිනිසුන් එමටයි.

:       15       101

Cisco Wednesday, 20 November 2019 02:32 AM

එජාපයේ මැද ව්‍යාපාරයේ මේ මුලාවට අසු වුනු පිරිසකුත් හිටිය. නැත්නම් මෙයට වඩා ඡන්ද වැඩි වෙන්න තිබුන. කොහොම වුනත් බොරු බේගල් හදන එක නම් නැවත්වීමට ක්‍රමයක් සකස් විය යුතුයි. පිටියේ සෙල්ලම් කරලා දිනන්න බැරි අය එළියේ ඉඳන් කකුල් මාට්ටු දාල වට්ටන හදනවා. ඉදිරියේදීත් රටක් වශයෙන් ඉදිරියට යාමට නම් හැම දේටම පිටිය සාදාරන සකස් විය යුතුයි. එවිට දක්ෂයාට තමන්ගේ හැකියාව අනුව ඉදිරියට යා හැක.

:       21       123

Chanak los angelesWednesday, 20 November 2019 05:01 AM

පුරවැසි නඩුව යන අතරේ තමා නිර්දෝෂී නම් චමල්ව ජනපතිවරණ අපේක්ෂක ලෙස නම් කර තිබුනේ කුමටද ? එයම ඇති මේ පත්වීම ලබන්න රටේ ව්‍යවස්තාව අමු අමුවේ උල්ලංගනය කල බවට සාක්ෂිය ...

:       173       19

CiscoWednesday, 20 November 2019 06:35 AM

එහෙම නම් වෙල්ගම මහත්තයාගේ නමත් තිබුනනේ. නමුත් නාම යෝජනා දුන්නේ නැහැනේ.

:       9       70

SamanWednesday, 20 November 2019 07:13 AM

ලංකාවේ අධිකරණය දූෂිතයි කිව්වෙ ආණ්ඩුවෙම ඇමති කෙනෙක් වුණ රන්ජන් රාමනායක. නීති අංශවලට පැහැදිලිවම උපදෙස් දුන්නෙ අරලියගහ මන්දිරෙන් කියලා ප්‍රසිද්ධියේම කියවුණා. මේවා ආරංචි නෙවෙයි... ඔබ කියන්නෙ මේවා මෙහෙම තියෙද්දි සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙන්න කියලද?

:       8       153

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 226 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 808 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site