බස්-දුම්රිය-විදුලිය, සෞඛ්‍ය යනාදී ක්ෂේත්රවල වැඩවර්ජන ගණනාවක් පිළිබඳ කතා පසුගිය දිනවලදී පැතිර තිබිණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද සංකේත වැඩවර්ජනයක් සති කිහිපයකට ඉහතදී අවසන් වී තිබුණේ ඊළඟට දැඩි පියවරක් ගන්නා බවට වූ ප්‍රතිඥාවක් ද සමඟිනි. අලුත් අවුරුදු පේන තෙක් මානයේ මේ බොහෝ වැඩවර්ජන කතා මතුවීමද විශේෂයක් විය.
බස් සහ දුම්රිය වැඩවර්ජන බොහෝ විට මතුවන්නේ අපොස සා.පෙ. සහ උසස් පෙළ විභාග ආසන්නයේ හෝ අලුත් අවුරුදු වැනි සුවිශේෂ කාලසීමා මුවවිටේදී බව දැන් නොදන්නා අයකු නැත. වැඩවර්ජනයක් සිදුකිරීමට හේතුවන කාරණා බස් සහ දුම්රියවලට කොතරම් තිබුණ ද මේ රටේ අධ්‍යාපනය ලබන සිසු දරුවෝ ඒවායේ වින්දිතයෝ බවට පත්විය යුතුද? එසේම අලුත් අවුරුද්දට ගමේ යන්න සූදානම්ව දුම්රිය පොළවලට බස් නැවතුම්පොළට පැමිණෙන ජනතාවට මහ මඟ රස්තියාදු වීමට ඉඩහැරීම සාධාරණ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කිසිවෙක් නැත. එහෙත් තම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ සටන් සාධාරණව මෙහෙයවීමද අවශ්‍ය බවට වෘත්තීය සමිති තුළ හැඟීමක් තිබිය යුතුය. සේවා අපේක්ෂක පොදු මහජනතාවට විවිධ පීඩා ගෙන දෙමින් ඔවුන් හිරිහැරයට සහ අපහසුතාවලට ලක්වන සේ කටයුතු කිරීම සුදුසු නැත. එසේම ඉල්ලීම් සාධාරණ ඒවා වීමද අවශ්‍යය.
පසුගියදා පැවැත් වූ එක්දින පෞද්ගලික බස් වැඩවර්ජනය මීට එක් උදාහරණයකි. එම වැඩවර්ජනයට හේතුව කරගෙන තිබුණේ රථවාහන දඩ මුදල් වැඩි කිරීමය. ඔවුන්ගේ තර්කය වී තිබුණේ වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගය වෙනුවෙන් පනවා තිබෙන නව දඩ මුදල අසාධාරණ බවය. ඔවුන්ගේ මේ ඉල්ලීමට එකඟ වන එකදු බස් මගියකු හෝ සිටිනු ඇතැයි අපි නම් නොසිතමු. පෞද්ගලික බස් සම්බන්ධ වන රිය අනතුරුවලට ප්‍රධානම හේතු දෙකක් වන අධික වේගය සහ වමෙන් ඉස්සර කිරීම වැනි නොසැලකිලිමත් ලෙස ධාවනය කිරීම සඳහා පනවා ඇති දඩ මුදල් අඩු කරන්නැයි ඉල්ලීම් කිරීම මගීන්ට මරුවා සමඟ වාසය කිරීමට ඉඩ දෙන්නැයි කරන ඉල්ලීමකට දෙවැනි නැත. වාසනාවකට මෙන් එකී පෞද්ගලික බස් වැඩවර්ජනය සාර්ථක වූ බව කියන්නේ එය මෙහෙයවූ බස් සංගමය පමණි. අනෙකුත් ප්‍රධාන සංගම් සියල්ලම එම ඉල්ලීමට එකඟතාවයක් දක්වා තිබුණේ නැත. මේ නිසාම වර්ජනය අසාර්ථක විය.
පෞද්ගලික බස් රියැදුරන්ගේ ක්‍රියා පටිපාටිය මේ රටේ බොහෝ දෙනකුගේ දැඩි විවේචනයට හසුව තිබෙන බව නොදන්නේ එම රියැදුරන් පමණක්ම විය යුතුය. බොහෝමයක් දෙනාට අනුව පෞද්ගලික බස් රියැදුරෝ මාර්ග නීතිය තම අතට ගත්තෝ වෙති. සෙසු සියලු වාහන ධාවනය කළ යුතු වන්නේ පෞද්ගලික බස් රියැදුරන්ගේ අණසක යටතේ තරමට ඔවුහු මාර්ග පුරා තම ආධිපත්‍යය පතුරුවති. බස් රථ ඇතුළේ ගමන් ගන්නා මගීන්ට ද ඇතැම් විට සිදුවන්නේ සකල ලෝකවාසී සියලු දෙවි දේවතාවුන් සිහිපත් කරමින් ගමනේ යෙදීමටය. මේ ආකාරයට බස් රථ හසුරුවන රියැදුරන් පාලනයට දැඩි නීති පැනවීම අවශ්‍ය බව අපගේ පිළිගැනීමය. නීති පිළිපැදීමට අකැමැති නම් නීති කඩන විට ඊට සරිලන දැඩි දඬුවම් තිබීම අවශ්‍යය. එයින් අකාලයේ වැනසෙන මිනිස් ජීවිත සහ දේපොළ රැකගැනීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.
කලබලකාරී දඩබ්බර රියැදුරන් මෙල්ල කිරීමට දැඩි නීති අවශ්‍ය වන්නා සේම විනීත රියැදුරන් දිරිමත් කිරීමට වැඩපිළිවෙළක් තිබීමද අවශ්‍ය බවත් පෙන්වා දීමට කැමැත්තෙමු. හොඳ නීතිගරුක රියැදුරන් සංඛ්‍යාව ඉහළට ගැනීමට නම් එවැනි රුකුල් දීම තිබිය යුතුය. පෞද්ගලික බස් රියැදුරන් පාලනයට තීරණ ගන්නා බලධාරීන්ගේ සැලකිල්ල ඒ දෙසට යොමුවීමද අවශ්‍යය.
දුම්රිය වැඩවර්ජනයක සාර්ථක අසාර්ථකභාවය රඳා පවතින්නේ දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සහභාගීත්වය මතය. මේ නිසා දුම්රිය සේවයේ වෙනත් අංශවලට වඩා රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයට සූදානම් බවට අනතුරු අඟවද්දී ඕනෑම රජයක් ඒ ගැන වඩාත් විමසිලිමත් වීම සාධාරණය. එහෙත් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් හිටිවනම දුම්රිය ගමන් බිමන් නතර කර දැමීම පිළිගත නොහැක. වසර දහයකටත් එහා දිවෙන වැටුප් විෂමතා ගැටලු අද දවසේ වැඩවර්ජනවලට හේතුවීම අපේ රටේ පරිපාලනයේ සහ කළමනාකාරීත්වයේ විශාල හිඩැසක් පෙන්වා දීමකි. මේ වැටුප් විෂමතා ගැටලු සාධාරණ කාලයක් තුළදී විසඳීමට කිසිදු ආණ්ඩුවක් උත්සාහ ගෙන නැත. දුම්රිය සේවයේ පමණක් නොව වෙනත් රාජ්‍ය අංශවල ද තත්ත්වය එසේමය. බලයට පත්වන ආණ්ඩු තම තමන්ගේ මැති ඇමැතිවරුන්ට සියලු වරදාන, වරප්‍රසාද ලබාදීමට දක්වන පුදුම උනන්දුවෙන් සීයට දහයක් හෝ රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධ ගැටලු විසඳීමට වෙන් කරන්නේ නම් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත. මෙවැනි ආකාරයේ වැඩවර්ජන තර්ජනවලට ජනතාවට මුහුණදීමට සිදුනොවනු ඇත.
රටකට ඔරොත්තු නොදෙන තරම් වැඩවර්ජන තර්ජන එල්ලවීම ඒ රටේ පැවැත්මට කිසිසේත් යහපත් නොවේ. ආණ්ඩුව ද තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට කාලය යොදවන අතරේ රාජ්‍ය අංශ කළමනාකරණය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට ද කාලය වෙන්කර ගැනීම මේ ප්‍රශ්න විසඳා ගැනීමේ එක් මාර්ගයකි. නැතහොත් ඉදිරි කාලයේ දී මේ වැඩවර්ජන තර්ජන ලෙඩේ මීටත් වඩා ඔඩු දිවීමට ඉඩ තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද