වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ඇති බොහෝ රටවල ආර්ථිකයන් ධනවාදය දෙසට නැඹුරුතාවක් පෙන්වයි. ඉතා සරල බසින් කිවහොත් ධනවාදය යනු රටේ දළ දේශීය නිෂ්පාදිතය බොහෝ දුරට පෞද්ගලික අංශය විසින් හසුරවනු ලබන, ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක ක්‍රමවේදයකි. මෙම තත්ත්වය නිසා ඇති වූ වෙළෙඳපොළ තරඟකාරිත්වයේ අති ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් මින් පෙර කිසිදා නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාව තුළ දේශීය ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව මගේ හැඟීමය.
ශතවර්ෂයකට පමණ පෙර යුරෝපයේ හා ඇමෙරිකාවේ දක්නට ලැබුණ ප්‍රබල ආර්ථිකයන් හා ජපානය, චීනය, ඉන්දියාව වැනි වර්තමාන ව්‍යාපාරික ප්‍රබලයන්ගේ වර්ධනය සලකාබැලීමේදී දක්නට ලැබෙන සුවිශේෂ කරුණ නම් එම ආර්ථිකයන්ගේ වර්ධනයට මූලික වශයෙන්ම උරදී ඇත්තේ ඔවුන්ගේම දේශීය ව්‍යවසායකයන් බවය. ඊට අමතරව එම දේශීය ව්‍යවසායකයන් එම රටවලට විශිෂ්ට ආර්ථික දියුණුවක් ළඟාකර ගැනීමට මෙන්ම ඒවා ස්ථාවරව පවත්වා ගැනීමටද උරදී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. සරලව පෙන්වා දුනහොත් ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක කොඳුනාරටිය ව්‍යවසායකත්වයයි.
අවුරුදු තිහකට ආසන්න කාලයක් සිවිල් යුද්ධයක කටුක අත්දැකීම් අපි වින්දෙමු. එහි අවසානයක් දුටුවේ 2009 අවුරුද්දේ දීය. 2009 දී යුද්ධයේ අවසානයත් සමග උදාවූ කාලපරිච්ඡේදයේ දී ලෝකයේ බොහොමයක් රටවල් ආර්ථික අවපාතයකට මුහුණ දී පැවතියත්, ඒ සියලු පාර්ශ්ව ශ්‍රී ලංකාවේ වේගවත් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළහ. එලෙසම හොංකොං, සිංගප්පූරුව හා මැලේසියාව වැනි රටවල් සමඟ සැසඳු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ අතිශයින් වර්ධනශීලි ආර්ථිකයක් ඇති රටක් ලෙස පුරෝකථනය කළේය. එහෙත් යුද්ධය අවසන් වී වසර පහකටත් අඩු කාලයක් තුළ අවාසනාවන්ත ලෙස මේ සියල්ල උඩු යටිකුරු කරමින් ආර්ථික වර්ධනය අඩුවෙමින්, වෙළෙඳ ශේෂ හිඟය දිනෙන් දින ඉහළයාමට පටන් ගැනුණි. ආසියාවේ ආශ්චර්යය ආසියාවේ විශාල වශයෙන් පසුබෑමකට ලක් වූ ආර්ථිකයන් කිහිපය අතරට එක්වුණි. පොදු ජනතාව මේ සම්බන්ධව දොස් පවරන්නේ දේශපාලනඥයන්ට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ටය. මෙම ආතතියට ඔවුනුත් අර්ධ වශයෙන් වගකිවයුතු වෙන බවට සැකයක් නොමැත. එහෙත් මාගේ පෞද්ගලික මතය එම ජනමතයට වඩා තරමක් වෙනස් වූවකි. මෙම ආර්ථික පසුබෑමට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ දිනෙන් දින පහළ යන ශ්‍රී ලාංකීක ව්‍යවසායකත්වයේ හිඟය බව මාගේ හැඟීමය.
ව්‍යවසායකත්වය හා ආර්ථික වර්ධනය අතර ධනාත්මක සම්බන්ධතාවක් පවතී. ව්‍යවසායකත්වය, නව රැකියා අවස්ථා උත්පාදනය කරමින්, කර්මාන්ත ඌනතාවට විසඳුම් ලබාදෙමින්, නවෝත්පාදනයන්ට ශක්තියක් ලබාදෙන අතර සේවකයන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කරමින්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරේ. ඒ තුළින් ආර්ථික ක්ෂුද්‍ර මට්ටමේ වෙනස්කම් කිරීම මෙන්ම ආර්ථිකය නඟාසිටුවීම සඳහා වන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාත්මක වෙන බව මාගේ හැඟීමය. ඉතා කෙටියෙන් පැවසුවහොත් ව්‍යවසායකත්වයෙන් නව ධනය නිර්මාණය වනු ඇත. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකයන් හා රටේ සමස්ත සේවකයන් අතර පවතින්නේ ඉතා අහිතකර අනුපාතයකි. වෙනත් වචනවලින් කියතොත් ධනය නිර්මාණය කරන ව්‍යවසායකයන් අඩු ගණනකට ඔවුන් නිර්මාණය කරන ධනය පරිභෝජනය කිරීමට පාරිභෝජකයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. උදාහරණයක් ලෙස වියට්නාමය හා තායිලන්තය වැනි අනෙකුත් ආසියාතික රටවල ආර්ථිකයන් හා සසඳන කල ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන් බිහිවීම පවතින්නේ ඉතා දුර්වල මට්ටමකය. එවැනි පසුගාමීත්වයක් ඇතිවීමට ප්‍රධානම හේතුව වශයෙන් මා දකින්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නොමැතිකමයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට බාධක ලෙස ක්‍රියාකරන සමාජ සංස්කෘතික හා දේශපාලන ගැටලු රාශියක් ශ්‍රී ලංකාව තුළ තිබේ. එහෙත් රටේ අනාගතයට පණ පොවන ජීව රුධිරය ලෙස මෙම විසංතුලනය සංතුලනය කිරීමේ පූර්ණ වගකීම තරුණ උපාධිධාරීන් වන ඔබ සතුය. මා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි. ජාතික විශ්වවිද්‍යාල වලින් බිහිවූ අප වැනි උපාධිධාරීන්ට ජාතික ව්‍යවසායකයන් වශයෙන් නැඟීසිටීමට හැකියාව ඇති බව මා මෙන්ම නිදහස් අධ්‍යාපන පද්ධතියෙන් බිහිවූ බොහොමයක් ව්‍යවසායකයන් මොනවට ඔප්පු කර තිබේ. අද උපාධිය ලබන සියලු දෙනාටමත් මෙම ජාතික වගකීමට උරදිය හැකි බව මම තරයේ විශ්වාස කරමි.
මම කොළඹට නුදුරු ගමක හැදී වැඩී, ගමේ මධ්‍ය මහා විද්‍යාලයකින් ලැබුණු අධ්‍යාපනයෙන් පෝෂණය වූවෙක්මි. ඒ අවධියේ දී ව්‍යාපාර ලෝකය ගැන සංකීර්ණ ඥානයක් පාසලෙන් මා හට ලැබුණා යැයි කිවහොත් එය අතිශෝක්තියකි. පාසලෙන් මා ලබාගත් දැනුම බොහෝ සෙයින් විෂයානුබද්ධිත අධ්‍යාපනයට සීමාවූවකි. සමාජය, ජීවිතය සහ එහි අභියෝග පිළිබඳ මා ලැබූ පුළුල්, ගැඹුරු හා වටිනා අවබෝධයට ස්තුතිවන්ත විය යුත්තේ මාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි.
ඉතා සීමිත ප්‍රාග්ධනයක් සහිතව, අට දෙනෙකුගෙන් යුත් සේවක කණ්ඩායමකින් සමන්විත කුඩා පරිමාන ව්‍යාපාරයක්, විසි වසක් වැනි කාලයක් තුළ දී විවිධ පැතිකඩවලට විවිධාංගීකරණය වූ මහා පරිමාණ ව්‍යාපාර සමූහයක් දක්වා වර්ධනය කිරීමට උපාධි අපේක්ෂකයකු වශයෙන් මා ලබාගත් දැනුම, කුසලතා හා අත්දැකීම් මනා පිටිවහලක් වූ බව මෙහිදී සඳහන් කළ යුතුය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථක මෙන්ම ප්‍රබල තරගකරුවකු වීමටද මා බලගැන්වූයේ එම අධ්‍යාපනයයි.
අද උපාධිධාරීන් මුහුණ දෙන්නා වූ තරගකාරීත්වය මීට වසර 30කට පමණ පෙර අප අත්විඳි තරගකාරීත්වය වඩා බොහෝ සෙයින් වෙනස්ය. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල ගණන පහළොවක් ඉක්මවා යනු ඇත. අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් නිසා රැකියා වෙළෙඳ පොළේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් බිහිවන උපාධිධාරීන්ට විශාල තරගයක් ඇතිවී තිබෙන බව නොරහසකි. එහෙත් ඔවුන්ගෙන් කිසිවකු ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන උපාධිධාරීන් හා සැසඳිය නොහැකිය. රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට අභියෝග වලට මුහුණ දීමට වඩා හොඳ හැකියාවක් හා ශක්තියක් තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩදායී අනාගත ව්‍යවසායකයන් ලෙස සමාජයට සේවය කිරීමේ මනා හැකියාවක් ඔවුන් සතු බව මාගේ විශ්වාසයයි.
සමහරකු මිථ්‍යාවක් යැයි පවසතත්, ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිර්මාණය කළ බව සැලකෙන රාවණා මහා නිරිඳුන්, වසර 25 ක තමා රාජ්‍ය පාලන සමය තුළ මහා වැව් 17 ක් ඉදි කළ මහසෙන් මහා රජුන් වැනි ශ්‍රේෂ්ඨයන් ඔවුන්ගේ අභියෝග ජයග්‍රහණය කරන ලද්දේ ඔවුන් විසින් උපයෝගී කර ගන්නා ලද මහානර්ඝ කළමනාකරණ දැනුම සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ක්‍රමවේද බව මිථ්‍යාවක් නොව සත්‍යයකි. එවන් වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ජන සමාජයකින් බිහිවූ අප හට විධිමත් කළමනාකරණය මෙන්ම ව්‍යවසායකත්වයද නව්‍ය හෝ අමුතු දෙයක් වීමට සාධාරණීය වූ හේතුවක් නොමැත.
අද සිටින බහුතරයක් උපාධිධාරීන්ට ඇතිවන, දැනට වසර 30 ට පමණ ඉහතදී මාගේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව මා හටත් දැනුණු එක් හැඟීමක් මෙහිදී උපුටා දැක්වීමට කැමැත්තෙමි. ඒ අද දිනය පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දශක 2 කට ආසන්න වූ ඉතා වෙහෙසකර පරිච්ඡේදයක නිමාව බවය. එහෙත් අද දිනය ගත වූ කාලපරිච්ඡේදයටත් වඩා වෙහෙසකර, අභියෝගවලින් පිරුණු, වඩාත් දිගු එහෙත් ස්වර්ණමය කාල පරිච්ඡෙදයක පළමු දිනය බව මතක තබාගත යුතුය.
අද වන විට අන් කවර කලකටත් වැඩියෙන් ජාතික ව්‍යවසායකත්වය ගොඩනැඟීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවල දායකත්වය සහ ආයෝජනය සමාජයේ දැවැන්ත අවශ්‍යතාවක් බවට පත්වී තිබේ. එබැවින් එය ජාතික වගකීමක් ලෙස සලකමින් එම අරමුණ ඉටුකිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ සියලු පාර්ශවවලින් මම ඉල්ලා සිටිමි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය විසින් බිහි කරන ලද උපාධිධාරීන් වශයෙන්, ඔබද මෙම වගකීමේ කොටස්කරුවන් වී අවසන් බව මතක තබා ගත යුතුය.
මීට වසර දෙදහස් හයසීයකට ප්‍රථම ගෞතම බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දූත සැට නම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත්කර යැවීමට ප්‍රථම දේශනා කළ එක් ගාථා පාඨයක් මෙහිදී උපුටා දැක්වීමට කැමැත්තෙමි.
“චරත භික්කවේ චාරිකං
බහුජන හිතාය බහු ජන සුඛාය
අත්තාය හිතාය දේව මනුස්සානං”
‘මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිසද, බොහෝ දෙනාගේ සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙව් මිනිසුන්ට වැඩ පිණිසද, හිත පිණිසද, සැප පිණිසද, ධර්ම චාරිකාවෙහි හැසිරෙන්න’ එහි අරුතය.
අනාගතය ඔබගේය. ලෝකයට පිවිසෙන්න - අභියෝග භාරගෙන ඒවාට මුහුණ දෙන්න - ඔබේ ජීවිත කාලය තුළ මෙතෙක් ලබා ඇති ඉතා වටිනා දැනුම් සම්භාරය, කුසලතා සහ අත්දැකීම් ප්‍රයෝගිකව ක්‍රියාවේ යොදවන්න. වෙහෙසවීමකින් තොරව ජයග්‍රහණය ඔබ වෙත ළඟා වන බව නිශ්චිතය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 31 වැනි දින පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා විසින් කරන ලද දේශනය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුණි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලංකා ව්‍යවසායකත්ව හිගය
lalithm Wednesday, 04 September 2019 08:12 AM
මොනදෙයක් මේ රටේ කරන්න ගියත් එදාට ඉන්න විපක්ෂය සහ හොර වාමාංශිකයෝ යෝජනාව කාලා දමනවා. කම්හල් හදන්න ඉඩම් දෙනවා නම් ඒවා රජය යටතේ තබාගෙන ආයෝජකයාට කම්හල් අයිතිය පමණක් තියාගන්න දෙනවා වගේ ක්‍රම තියෙන්න ඕනේ. ඒ වගේම යමක් ලංකාවේ නිපදවනවා නම් එම නිෂ්පාදනයට රට තුල ඉල්ලුමට සරිලන මිලක් සහ ඉල්ලුමක් තබාගෙන ආනයන පාලනය කරන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් අපි පිටරටවලින් ටයර් ගෙන්නනවා. එ්ත් අපි රටේ රබර් ටික විකුණගන්න බැරිව ඉඩම් අත්හැරදමලා තියෙනවා. මේ වගේ අමුද්‍රව්‍ය වලින් නිමිබඩු හදන අයට උදව් කර රටේ ආර්ථිකය නංවන්න උදව් කරන්න. රාජ්‍ය කළමනාකරණ ක්‍රමවේදයේ බලවත් අඩුපාඩුවක් තියෙනවා. බුද්ධිමත් පාලකයින්ට මේ බව තේරෙන්න ඕනේ.
elpee Thursday, 05 September 2019 04:52 AM
රවි මහතා තමන් උගත් දෙයින් රටට සමාජයට සේවයක් සලසමින් ව්‍යවසායකයෙක් වශයෙන් දියුනු වීමට හේතුවී ඇත්තේ එතුමා තුල සහජයෙන් පිහිටා ඇති විචක්ෂණශීලී භාවයත් අලුත් දෙයක් අත්හදා බැලීමේ අභියෝගයන්ට නොබියව මුහුනදීමේ ඇති ශක්තියත් බවයි මගේ හැඟීම. එසේ නැතිව ගිරා පෝතකයන්ම බිහිකරන අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ සඳහා ලැබෙන්නේ ඉතා අඩු දායකත්වයක්. මෙතුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ අද් තියෙන වර්ගයේ කාලකන්ණි දේශපාලන උසිගැන්වීම් තිබුනේ ඉතාම අඩුවෙන්. (අද විශ්ව විද්‍යාල සිසුන් ඉගෙන්ගන්නවාට වඩා වැඩිපුරම කරන්නේ කොලඹ ඇවිත් පොලෝසියේ මාමලාට කියා නාවගන්න එකනේ) ඉංග්‍රීසින් ප්‍රමුඛ බටහිරයන් විසින් විනාශ කල හෙලයන් සතුව තිබූ ඉතා දියුණු දැනුම් පද්ධතියේ අක් මුල් තවමත් අපේ ජානගතව තිබෙන හෙයින් අපවිසින් කල යුත්තේ ඒවා නැවත පණගන්වා ගැනීමයි. එහෙම නැතිව අපේ ඉතිහාසය ගැන පාරම්බාමින් සිටීමෙන් පමණක් කිසිදු සෙතක් නොවනබව මගේ හැඟීමයි.