IMG-LOGO

2025 මාර්තු මස 05 වන බදාදා


සිංගප්පූරුව දෙස බලා සිටීම

පිලිපීනයේ නිල සංචාරයක යෙදී දිවයිනට පැමිණි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනෙක් අතට සිංගප්පූරුවේ නිල සංචාරයක් සදහා නැවතත් දිවයිනෙන් බැහැරව ගියේය.

ජනපතිවරයා කොළඹට පැමිණි පසු නිවේදනයක් නිකුත් කළ ජනපති මාධ්‍ය අංශයට අනුව ඔහුගේ පිලිපීන සංචාරයේ ප්‍රධාන අරමුණව ඇත්තේ එරට මත් උවදුර මර්දනය කැරෙන ආකාරය අධ්‍යනය කිරීමය. පිලිපීන ජනපති රොඞ්රිගෝ ඩුඅර්ටේ මත්කුඩු ජාවාරම අරබයා ඉතාම දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත්, ඔහුගේ නියමය යටතේ දියත් කැරෙන මෙහෙයුම් හමුවේ මේ වන විට 5000 කට අධික පිරිසක් මරුතුරුලට ගොස් සිටින බවත් ලොව පතළ කාරණයකි. 

එවන් ජන නායකයකු හමුවට ශ්‍රී ලංකා ජනපතිවරයා යාම හමුවේ නොවුවමනා සහ අයහපත් ප්‍රසිද්ධියක් ලැබෙනු ඇතැයි සිතූ හෙයින් දෝ සහ ජනපතිවරයාගේ මෙවර සංචාරයට කිසිදු මාධ්‍ය වේදියකු සහභාගී නොවූ හෙයින් දෝ, එවන් නිවේදනයක් නිකුත් කිරීමට ජනපති මාධ්‍ය අංශය කටයුතු කළා වැන්න. ජනපතිවරයා සමග පිලිපීන සංචාරයට එක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පමණකි. එය ඔවුන්ට නොමිලයේ ලැබුණු නිවාඩුවක් විය.

ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළ ආකාරයට ආසියා ශාන්තිකර කලාපයේ පරිසරය පිළිබද අධිකාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ තෙවැනි සමුළුවට සහභාගීවීම ජනපතිවරයාගේ සිංගප්පූරු සංචාරයේ අරමුණයි. රටවල් 40 ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සමුළුවට එක්ව සිටි එකම රාජ්‍ය නායකයා ඔහු විය. ජනපති සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ද වේ.

වෙනත් කිසිදු රාජ්‍ය නායකයකු තම තමන්ගේ රට නියෝජනය කරමින් සමුලුවට එක්ව නොසිටි අතර, එම එක් එක් රටවල පරිසරය හා බැදුණු කටයුතු අදාළ අමාත්‍යවරු පමණක් එයට සහභාගීව සිටියහ.

රාජ්‍ය නායකයකුට තරම් නොවන මෙවැනි අවස්ථාවකට ජනපති සිරිසේන මහතා එක්වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. පසුගිය වසරේ ජූලි මාසයේ දී ආහාර සහ කෘෂිකර්ම සංවිධාන කමිටුව සංවිධානය කර තිබූ 6 වන ලෝක වනාන්තර සමුළුවට සහභාගීවීම සදහා ඔහු රෝමය බලා ගියේය. මෙම සමුලුවට සංවිධානය කර තිබුණේ නිලධාරීන් ඉලක්ක කරය. කෙසේවුවත්, ජනපති සිරිසේන මහතා මෙම සමුලුවට සහභාගීවීමේ දෝශයක් දැකිය නොහැකි අතර, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ලෙස ඔහු එම සමුලුවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙහි ලා යම් පදනමක් සැබෑවටම පැවැතිණ. 

කෙසේ නමුත් එම සමුලුවේ අපේක්ෂිත සහභාගීත්වය, රාජ්‍ය නායකයකුගෙන් පහළ මට්ටමේ විය. මේ නිසාම ඇතැම් සමුළුවලට තමන් සහභාගී නොවී, ජනපතිධූරයේ ගෞරවය ආරක්ෂා කරගනිමින්, තමන් වෙනුවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හෝ රාජ්‍ය නිලධාරීන් සහභාගී කරවීමට පියවරගත් ජනපතිවරු ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටියහ. එහෙත් ජනපති සිරිසේන මහතාගේ රෝම සංචාරයට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ එල්.කේ.එස්.යූ.ධර්මකිරීති සහ එම අමාත්‍යංශයේම අන්තර්ජාතික සබදතා අංශයේ අධ්‍යක්ෂ දීපා ලියනගේ යන මහත්ම මහත්මීහුද එක්ව සිටි බව සදහන් කළ යුතුමය.

මේ කරුණු කෙසේ වුවත්, ජනපතිවරයාගේ සිංගප්පූරු සංචාරය හා බැදී තිබෙන එක් ඉතාම වැදගත් හේතුවක් ඇත. 
2015 ජනවාරි මස සිට 2016 ජූනි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ තොරතුරු රැගත් බරැති ලිපිගොනුවක් ඔහු රැගෙන ගියේය. පසුගිය සිකුරාදා ද්විපාර්ශවික සාකච්ඡාවක් යෙදීමට සිංගප්පූරු අගමැති ලී හිසෙන් ලූන්ග් හමුවූ අවස්ථාවේ දී මහ බැංකු බැදුම්කර වංචාව සමග මහේන්ද්‍රන් ඈඳී සිටින ආකාරය විස්තර කිරීමටත්, ඔහුව වහාම ශ්‍රී ලංකාවට පිටුවහල්කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දීමටත්, ජනපති සිරිසේන මහතා කටයුතු කළේය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ කොළඹ ජනපති කාර්යාලය සන්ඬේ ටයිම්ස් හා කියා සිටියේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපතිවරයා සිංගප්පූරු රජය හා කිසිත් සාකච්ඡා නොකළ බවය. ඒ වෙනුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීම වළක්වාලමින් සිටින බවටද ඔහු චෝදනා කරමින් සිටී.

කෙසේවුවත් ජනපතිවරයා මෙය සිංගප්පූරුවේ ඉහළම මට්ටමේ අවධානයට යොමු කිරීමට සැළසුම් කරගෙන සිටින බව ඔහු සිංගප්පූරුව බලා යෑමට පැය කිහිපයකට ප්‍රථම, පසුගිය බදාදා උදැෑසනම අනාවරණය විය. සිය පූර්වගාමියා සහ වර්තමාන විපක්ෂ නායකයාද වන මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විජේරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගිය ජනපති සිරිසේන මහතා, මෙරට අධිකරණය හමුවට පැමිණවීම සදහා මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ සිට ගෙන්වා ගැනීම අරබයා එරට නායකයින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉගි කළේ ය. මෙම තොරතුරු අනාවරණය කළ ආරංචි මාර්ගය ඊට වඩා වැඩි යමක් පැවසීම ප්‍රතික්ෂේප කළ අතර, “සිංගප්පූරුවේ වෙන්නේ මොනවාද කියා බලා ඉන්න අපට සිදුවෙනවා” යැයි පමණක් කීවේ ය.

ජනපතිවරයා රාජපක්ෂ මහතාව හමුවීමට ඔහුගේ නිවස වෙත ගියේ පසුදා (බ්‍රහස්පතින්දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිතගේ විවාහ මංගල උත්සවයට තමාට සහභාගී නොවීමට සිදුවීම පිළිබදව කණගාටුව ප්‍රකාශ කිරීමටය. 

මනාලයාට සුභපැතූ ජනපති සිරිසේන මහතා ඔහු අතට තෑග්ගක් ද දුන්නේය. රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය මෙරට ඉතිහාසයේ විශාලතම විවාහ මංගල උත්සව අවස්ථාව ලෙස සැළකිය හැකි අතර, එයට සහභාගීවූවෝ සංඛ්‍යාව ගණනින් 5000 ඉක්මවූහ.

අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමාද වී එහි පැමිණි අතර, ඒ නිසාම ඔහුට පෝරුවේ චාරිත්‍ර කැරුණු අවස්ථාව මහහැරිණ. කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය, නිත්‍යා ද, එදින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලේ විවාහ දිවියට එළැඹියාය. ඇයගේ විවාහයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබූයේ බැසිල් රාජපක්ෂයි. එම අවස්ථාවට එක්වීම ඔහුගේ ප්‍රමාදයට හේතුව විය.

සිංගප්පූරු අගමැති ලී, ඔහුගේ අද්විතීය සහ කීර්තිමත් පියාණන් වන ලී ක්වාන් යූ මෙන්ම, නීතිය හා නෛතික පිළිවෙත් ඉතාම දැඩි ලෙස අනුගමනය කරන සහ මුල් තැනෙහි ලා සළකන රජයකට නායකත්වය දෙයි. ජනපති සිරිසේන මහතා නොසතුටට පත්කරන මට්ටමේ ප්‍රතිචාරයක් නොදෙන්නට ඇතත්, ඔවුන් නියත වශයෙන්ම මහේන්ද්‍රන්ගේ පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුවම තිබෙන බව අවධාරණය කරන්නට ඇත. ඒ අතුරින් ප්‍රධානම වන්නේ, පිටුවහල් කිරීමට අපේක්ෂා කැරෙන තැනැත්තා - ඔහු කරන ලද වරදකට වැරදිකරු බව ඔහු පිටුවහල් කැරෙන රටේ අධිකරණය ඉදිරියේ තීන්දුවී තිබීමය. 

විශ්වාසය තැබිය හැකි කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ මෙළෙසය.
“මහේන්ද්‍රන් හා බැදී තිබෙන සිදුවීම් පෙළ ජනපති සිරිසේන මහතාගේ විරුද්ධවාදීන්ට එරෙහිව දේශපාලනිකමය වශයෙන් ගෙන යන ව්‍යායාමයක් බවට මතයක් දැනටමත් සිංගප්පූරු රජයේ ඉහළම තලවල නිර්මානය වී තිබෙනවා”

ශ්‍රී ලංකාවේ උපත ලද මහේන්ද්‍රන් බැංකුකරුවකු සහ ආර්ථික විශාරදයකු ලෙස සිංගප්පූරුවේ සේවය කර තිබෙන අතර, එරට පුරවැසිභාවය ද ඔහුට හිමිය. කැබිනට් මණ්ඩලයේ දැඩි වාද විවාද මධ්‍යයේම 2015 ජනවාරි මාසයේ දී ඔහුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කැරිණ. 

ඇතැම් අමාත්‍යවරු එයට තරයේම විරුද්ධ වූ අතර, ඔවුන්ට හරස් කැපූ අගමැති වික්‍රමසිංහ මහතා එම තනතුරට අතිශය සුදුස්සා වන්නේ ඔහුම බවට දැඩි මතයක සිටියේ ය. පසු කලෙක එක් එක් අවස්ථාවල දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපති සිරිසේන මහතා කියා සිටියේ මහේන්ද්‍රන්ගේ පත් කිරීමට තමා ද අකමැති වූ මුත්, අගමැතිවරයාව අසතුටු කිරීමේ අකමැත්ත නිසාම ඔහුට කැමති පරිදි කටයුතු කිරීමට ඉඩ දුන් බවය. නමුත් ධූර කාලය දීර්ඝ කිරීමට අවස්ථාව පැමිණි විට ජනපතිවරයා දැඩි තීන්දුවක් ගනිමින් එය ප්‍රතික්ෂේප කළේ ය. වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකු බැදුම්කර වංචා අරබයා විමර්ශන පැවැත්වීමට කොමිසමක් ද පත් කළේ ය. 

අධිකරණය හමුවට නොපැමිණි හෙයින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මහේන්ද්‍රන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවට පැමිණෙන ලෙස ප්‍රවාහන සේවයක් හරහා ඔහු වෙත යැවුණු ඉල්ලීම් ද, ඒවා පිළිගැනීමට කෙනෙක් නොසිටි නිසාවෙන් නැවත මෙරටටම පැමිණ තිබේ. 

මහේන්ද්‍රන් මහජන දේපළ පණත සහ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කරමින් තමා දැනුවත්වම වැරදි කර තිබෙන බවට තීන්දු කිරීමට තරම් සාධක තිබෙන බව ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරියගේ අවධානයට ලක්විය. මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන පුද්ගලයින් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත. ප්‍රකාශයක් සටහන් කරගන්නා තුරු ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමෙන්තුවට හැකියාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ ආරංචි මාර්ගයක් පැවසුවේ ය.



අදහස් (0)

සිංගප්පූරුව දෙස බලා සිටීම

ඔබේ අදහස් එවන්න

 

කොලම

ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 41 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 140 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2095 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 314 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 176 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 285 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20052 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 448 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 531 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site