IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සමයංට තිබූ මවුගුණ ගැයීමේ පුරුද්ද

(බිඟුන් මේනක ගමගේ)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

“මිනිස්සු දන්නෙ මගේ නම විතරයි. මගේ ජීවිත කතාව දන්නෙ මම විතරයි” මේ සටහන පසුගිය ජනවාරි 28 වැනිදා තම මුහුණු පොතට එක්කර තිබුණේ අරුණ උදයන්ත පතිරණය. එසේ කියුවාට ඔබ ඔහුව දන්නේ නැත. ඔබ ඔහුව දන්නේ සංවිධිත පාතාල ප්‍රහාරයකින් කළුතරදී පසුගියදා ඝාතනය කෙරුණු රණාලේ සමයං යැයි කිව්වොත්ය. එහෙත් තම ජීවිත කතාවට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කෙටි කාලයක් යැයි ඔහු එදින දැන සිටියේ නැත.

ගෙන්දගම් පොළොවේ අවි ආයුධවලින් කොළඹ රට භීතියට පත්කළ ද  සමයං උපත ලැබුවේ ගැමි මවුපිය දෙපළකට දාවය. ඒ පොළොන්නරුවේ ඇතුමල්පිටිය ග්‍රාමයේය. එහෙත් ගැමියකු වීමට සිටි අරුණගේ ඉරණම වෙනස් කරනු ලැබුවේ රණාලේ මවුපිය දෙපළක විසිනි. දරු සම්පත් අහිමිවීමේ වේදනාව විසින් අරුණව පොළොන්නරුවෙන් කොළඹට විතැන් කෙරිණි. වැදූ අම්මා නොවුණ මුත් හැදූ අම්මාගේ ආදරයත් රැකවරණයත් ඔහුට නොඅඩුව ලැබිණි. විශේෂයෙන්ම ඇය වෘත්තියෙන් ගුරුවරියක වීම නිසාත් ඇයගේ සැමියා විදුහල්පතිවරයකු වීම නිසාත් ජීවිතයේ මංහසර ගැන පාඩම්වලින් අරුණට අඩුවක් නොවිණි.

අරුණ පාසල් ගියේ බෝමිරිය ජාතික පාසලටය. දෙගුරුන් ගුරුවරුන් වීම නිසා අධ්‍යාපනයේ වැදගත්කම ගැන පාඩම් කියාදෙන්නට අමුතුවෙන් කවුරුවත් අවශ්‍ය වුණේ නැත. පවුලේ එකම දරුවා ද වූයේ අරුණ බැවින් ආදරය මෙන්ම සැළකිලිද බෙදී ගියේ නැත. සැප සම්පත්වලින් අඩුවක් නොමැතිව ගෙවී යන ළමා කාලය රළු පරළු වන්නට ගත්තේ උත්පත්ති කතා කට කතා ලෙසින් අරුණගේ කණට වැටෙන්නට ගනිද්දීය. තමා කාගේ කවුද යන්න සැබැවින්ම අරුණ දැනගත්තේ ද පසුකලෙකය.

“මම 5 වසරෙදි තමයි තාත්තා මැරුණේ. අපිට දේපළ ගොඩක් තිබුණා. ඉතින් අම්මයි මායි විතරක් නිසා දේපළ ගැන ඥාතින් උනන්දු වුණා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.” ඒ අරුණගේම වචනයි.

පියාගේ අභාවයත් සමඟ ගේ දොර වතු පිටි බලාගැනීමේ කාරිය  පැටවුණේ අම්මාගේ උර මතය. මේ අතර හතරවටින් ඇසෙන ‘හදාගත්ත‘ එකා යන සන්නාමය අරුණගේ හිතට තඳින් කිඳාබැස්සේය. අධ්‍යාපනයට හිත යොමන්නට අම්මා දෙන ඔවා පරයමින් කෙලිලොල් ජීවිතකට අරුණ ප්‍රියකරන්නට වූයේය. අරුණ අධ්‍යාපනය හැදෑරුවේ සාමාන්‍ය පෙළ දක්වා පමණය.

“සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ. ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්.  ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමිණිල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්. ”

ඒ අරුණ කියූ කතාවය. සැබැවින්ම ඒවායේ ඇත්ත නැත්ත අවශ්‍ය නම් පොලිස් පොත්වලින් සෙවිය හැකිය. ඒ අරුණ පසුකාලයේ කළ දෑ වලින් ඔහුව පවිත්‍රකරණයට නොවේ. මේ කතාවට ඉතිහාසයක් ඇති නිසාය.

අරුණ යන්නේ වැරැදි පාරේ බව ගුරුවරියක වූ අම්මාට ඉවෙන් මෙන් දැනෙන්නට විය. එහෙත් ඒ වනවිට ඇය පමා වැඩිය. යාළුවන් අතරේම දවස දිය කරන අරුණ යන්නට වූයේ අධිවේගී මාවතකය.  සාමාන්‍ය පෙළින් පසුව පාසලට මෙන්ම නිවෙසට ද සමුදුන්නා හා සමාන විය. ඔහු වැඩිපුර කාලය ගතකළේ නිවෙසින් පිටය.

“එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලුවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.”

ඔහු මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2007 දීය.

“මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා.”

අරුණගේ මිතුරන් පවසන ආකාරයට පාතාල වැඩවලට අත ගැසූ පසුව පවා ඔහුට අම්මා ගැන තිබුණේ අසීමිත සෙනෙහසකි. කන බොන තැන්වල පාටි දමද්දී සමයං මව් ගුණ ගී ගැයීම පුරුද්දක් කරගෙන සිටියේය. ඔහු එලෙස නිතර ගැයූ ගීයක් වූයේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ “ජීවිතේ මල් අපෙ අම්මා ඉන්න කල්” යන ගීයයි.

“මිනිහා වැඩියෙන්ම ඇහුවෙත් අම්මා ගැන කියන සිංදු. පාටියකට ගියොත් එහෙම සිංදුවක් බලෙන් හරි කියනවා. අපි එක්ක අම්මා ගැන කිය කියා අඬනවා. ඔය ජීවිතෙන් දැන්වත් අයින් වෙයං කියලා අපි හැමදාම කියනවා. මම කැමැති වුණත් මේකෙන් දැන් ආපහු හැරිලා ජීවත්වෙන්න බෑ කියලා එතකොට අපට කියනවා” ...මේ වචන කීපය සමයංගේ ගමේ මිතුරෙකුගෙනි. සැබැවින්ම අන්තිමේදී සමයංගේ ප්‍රාණය නිරුද්ධ සිරුරට කරගහන්නට හිටියේ ද ඒ පරණ මිතුරු කැළ පමණි.

අරුණට පාසල් සමයේ ප්‍රේම සම්බන්ධතා නොතිබුණා නොවේ. අත මිට ද හිඟයක් නොවූයෙන් අලුත් විලාසිතාවල හැඩ බලන්නට ද අත දිග හැර වියදම් කරන්නට ඔහු පුරුදුව සිටියේය. 

“2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.” අරුණ වසර කීපයකට පෙර අපට එසේ කීව ද ඇත්ත නම් ඔහු විවාහ දෙකක් කරගෙන ඇති බවයි. ඔහුගේ සිතේ තිබුණේ දෙවැනි විවාහයේ බිරිඳ හා දරුවන් සමඟ විදෙස්ගතවන්නටය. එහෙත් එය නීතියට අනුව පහසුවෙන් සිදුකළ හැක්කක් නොවන වග ඕනෑ කෙනෙකුට පැහැදිලිය.

“මම අලුත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා. ”

2015 සැප්තැම්බරයේදී කඩුවෙල උසාවි භූමියේදීම වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් දින කීපයකට පසුව සමයං ලියුම්කරුට ඒ ගැන කීවේ එසේය.

“ මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිබෙනවා. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.”

සිහින කන්දක් තිබුණ ද වැරැදි මගක ගිය පසු ඒ සිහින යථාර්ථයක් කරගැනීම පහසු නැත. සිහිනවලින් වැසී තිබුණු ඇත්තට මුහුණදෙන විට ඒ ඇත්ත රුදුරු වන්නේත් කටුක වන්නේත් වැරැදි මග ගිය තැනැත්තාට පමණක් නොවේ. ඔහුගේ නෑ සිය මිතුරන්ට පවා ඒ වේදනාව හිමිවේ. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියාමය කලින් කලට විවිධ චරිත විසින් අපට පසක් කරනු ලබයි. ලොව ඇත්තේ යාම් ඊම්ය. පාතාලයේ ඇත්තේ ඉක්මන් යාම්ය. කෙටි ජීවිතය. සමයංලාගේ පාතාල ජීවිතය මෙන්ම ඊට පූර්වයෙන් වූ ජීවිතය ගැන ද අප අවධානය යොමුකළයුත්තේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් කැපවෙන්නන්ට ගත හැකි යමක් එහි ඇතැයි සිතෙන බැවිනි. ලොව සියලු යෑම් ඊම් මනුෂ්‍ය සමාජයක සිදුවන ස්මරණ බවට පත්වනු ඇත්තේ එවැනි මගෙකින් පමණි. 



අදහස් (13)

සමයංට තිබූ මවුගුණ ගැයීමේ පුරුද්ද

pradeep Sunday, 05 March 2017 03:38 PM

අර තොරණ දිහා බලන්න.නිවන් සැප ලැබෙනවද මෙහෙම අයට? ගුරුවරු ළඟ හැදිලත් වැරද්දටම යොමු වුනේ තමන්ගේ නරක ගති නිසා නේද? සමාජයෙන් එන ප්‍රශ්න වලට උත්තර හොයන්න දාමරික කම් කළේ ඇයි.

:       0       4

lanka Sunday, 05 March 2017 03:55 PM

අපරාධකරුවකුගේ නික්මයාම.

:       19       45

Shyamali Sunday, 05 March 2017 08:45 PM

ගොඩක් දුක හිතෙන කතාවක්... නෑයන් විසින් පාතාලයට දාපු කොල්ලෙක්. දේපළ වස්තුවට තණ්හාවෙන් කරපු අමන කතා නිසා මෙවැනි දරුවො සමාජයට බිහිවීම නතර නොවේ. යථාර්ථය තේරුම් ගන්න තරම් මිනිස්සු සමත් නැති වීම කණගාටුවට කරුණක්...

:       58       21

ruwan Sunday, 05 March 2017 07:16 PM

සමාජය විසින් ඔහු අපරාද කරුවෙක් කර අතය් සිතේ.කෙසේවෙතත් සිතන්නට යමක් ඇත

:       1       0

shan Monday, 06 March 2017 02:52 AM

තව ටිකක් අපරාධකාරයින්ව වර්ණනා කරන්න. ඔහොම මදි.

:       28       175

MottapaalaTuesday, 07 March 2017 03:08 AM

බොහොම ලස්සනට අගය කරලා තියෙනවා අපරාධ කපිතාන් කෙනෙක්ව...

:       0       2

lalin Monday, 06 March 2017 03:22 AM

මොකක්ද මේ අපරාධකාරයින්ට සුදු හුණුගාන වැඩේ.

:       16       28

yaha Monday, 06 March 2017 03:43 AM

මාධ්‍යවලින් මේ අයට ප්‍රසිද්ධියක් ඕනැවට වඩා දෙන්නේ ඇයි?

:       0       26

Nalika Monday, 06 March 2017 05:22 AM

ගමක් එකතුවෙලා අපරාධකාරයෙක් හදපු ලස්සන. නියම අපරාධකාරයෝ ගමේ උදවිය. දැන් තවත් අපරාධකාරයෙක් හදනවා ඇති. .තමුන්ට එකදිගටම කරදර කරනවිට කොන්ද පණ ඇති එකෙක් තපස් රකින්නේ නැහැ. ලජ්ජා වෙන්න ඕන මේ ගමේ ඉන්න උදවිය.

:       1       0

anjana Monday, 06 March 2017 11:53 AM

කිසි කෙනෙක් උපදිනකොටම උපාසකයෙක් හෝ අපරාධකාරයෙක් වෙන්නේ නෑ. එය ඉන්න සමාජය එයාට සලකන විදිහට තමය එය සමාජයට ප්‍රතික්‍රියා දක්වන්නේ. සමයන්ගේ කතාවේ ලොකු සමාජ ගැටළුවක් කෙටියෙන් විග්‍රහ කරනවා, මේක නවීන සමාජයට, එම සමාජයේ වෙරදී හැසිරීම අනාගතයට ඇතිකරන දරුණු විපාක ගෙන හොදින් පැහැදිලිකරන උදාහරණයක්.

:       0       150

nalinda Tuesday, 07 March 2017 02:18 AM

අංගුලිමාලවුනේ අහිංසකයෙක් . රහත් වුනේ අංගුලිමාලයෙක්. මේ අවස්ථා දෙකම ලැබුවේ අපවැනි මිනිසෙක්.

:       0       5

roy Tuesday, 07 March 2017 03:33 PM

වපුරපු බිජ තමයි අස්වනු ලබන්නේ

:       0       1

පුභාත් වාසල Friday, 17 March 2017 03:37 PM

සමාජයෙන් මිනිහෙක් නරක මිනිහෙක්, අපරාදකාරයෙක් බිහිකරනවා නම්, එතන තමන් කියලා කෙනෙක් නෑනේ. ලංකාවේ ඉන්න හැමෝම සමාජයේ මිනිස්සුත් එක්ක ඉන්න මිනිස්සු. අවසානෙදි වැරැද්ද කාගේවත් පිට පටවලා තේරුමක් නෑ. සමාජය නෙවෙයි අම්මා තාත්තා කිව්වත් කව්රුත් ලිඳේ පනින්නේ නෑ. ඒක කරන්නේ මම විසින්ම විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17831 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site