IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සියලු නායක එකමුතුවක සාමූහික ප්‍රයත්නයක් ඕනෑ

උද්ගතව ඇති වාතාවරණයෙහි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හා වාද විවාදයෙන් තොරව ඒකරාශී වී නායකයන් එක්ව කඩිනම් සාකච්ඡාවක් ආරම්භ කරන්නැයි සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කරන බව කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ මහනාහිමියන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා හා විපක්‍ෂ නායකවරයාගේ අනිවාර්ය නියෝජනයෙන් ද දෙමළ හා මුස්ලිම් වාර්ගික දේශපාලන පක්‍ෂවල රාජ්‍ය තාන්ත්‍රික විෂයෙහි හසළ අත්දැකීම් ඇති විශ්‍රාමික නිලධාරීන්ගේ ද සහායෙන් කමිටුවක් පත්කර මේ සාකච්ඡාව ආරම්භ කරන මෙන් ද උන්වහන්සේ ඉල්ලා සිටින බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

අසමගිය විනාශය කැඳවන බව ඉතිහාසය විසින් ඔප්පු කරන ලද පරම සත්‍යයකි. කුමන්ත්‍රණවලින් අලුත් ජයග්‍රහණ නිර්මාණය නොකරනවාක් මෙන්ම එතෙක් අත්පත් කරගත් යම් ජයග්‍රහණයක් වේනම් එය ද අහිමි කරවන්නකි. යුද්ධය ලේ, කඳුළු, විනාශය හා මරණය රැගෙන ආවා මිස කිසිදු ජයග්‍රහණයක් නිර්මාණය කර නැත.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම වඩාත් වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.

රට ඉදිරිපිට බලවත් ව්‍යසනයක් ඇති බව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂය. යුද ජයග්‍රහණයෙන් දස වසරක් ඉක්ම යන මොහොතේ රටම යළිත් ලේ කුහරයක ගිල්වනු ලැබීය. පාස්කු දේව මෙහෙයන් සඳහා දේවස්ථාන කරා පිවිසි බැතිමතුන්, නිවාඩුව විවේකයෙන් ගත කිරීමට මෙරට තරු පන්තියේ හෝටල්වල ලැගුම් ගත් විදේශිකයන් හා මෙරට පුරවැසියන් තුන්සිය දෙනකුට ආසන්න පිරිසක් අකාලයේ මරු තුරුලට ගියහ. පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. සැකයේ බීජය යළිත් ගංවතුරක් මෙන් රට පුරා පැතිර ගොස් තිබේ. බියෙන් තිගැස්සුණු රට තවමත් යථා තත්ත්වයට පත් වී නැත. නිස්කලංකව පැවැති රට එක්වරම අඳුරෙන් වැසී ගොස් තිබේ.

මෙම තත්ත්වයෙන් රට වහා මුදවා ගත යුතුව තිබේ. ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත්, විවිධ වාර්ගික දේශපාලන පක්‍ෂවල නායකයන්ගේත් ප්‍රමුඛ කාර්යභාර්ය විය යුත්තේ රට පත්ව ඇති අනතුර එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමය. රට යථා තත්ත්වයට පත් කිරීමත් යළිත් රට මෙබඳු අඳුරු කාලකණ්ණි මූසල බියකරු අත්දැකීමට ලක්වීමට එරෙහිව කළමනා කටයුතු වේගවත් කිරීමත්ය.

කරුණු කාරණා එපරිදි වූවද මේ මොහොතේ ශ්‍රී ලාංකේය ජන සමාජය අත්විඳිමින් සිටින අත්දැකීම තමන්ගේ විමුක්තිය ඇත්තේ අනෙකාගේ පපු කුහරය තුළ යැයි සිතන වියරු උම්මත්තක ආගම්වාදීන්ගෙන් විඳි අත්දැකීමට වඩා බිහිසුණුය. එය නම් ඛේදවාචකයේ වගකීම එකිනෙකා මත පටවමින් තම ඇඟ බේරා ගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහයෙන් නිපන් අත්දැකීම වේ. රට මේ අඳුරු තත්ත්වයට පත්වීමට පාර කැපුවේත් මෙම පරිසරයම බව සැබෑය. අවම තරමින් එය වටහාගෙන හෝ මේ මොහොතේ සියලු නායකයන් පොදු ජාතික න්‍යාය පත්‍රයක් වටා ඒකරාශි විය යුතුය.

ඇතැමකුට අනුව මෙම සිදුවීම් මාලාවේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුය. තවත් අයකුට අනුව රජය නොව රජයේ ඇතැමුන් බාර ගත යුතුය. තවත් අයකුට අනුව මේ මොහොතේ රජය ඉල්ලා අස්වී ගෙදර යා යුතුය. ඒ ආකාරයෙන් තම තමන්ගේ පටු මනසට අනුව, ඒ පටු මනසේ වර්ණයට අනුව, ඒ පටු මනසේ ගැඹුරට අනුව විවිධ අර්ථකථන විසඳුම් සැපයෙමින් තිබේ. ඒ අතරවාරයේ දී මේ කාලකණ්ණි දේශපාලන සම්ප්‍රදායට ගොදුරු වූ පුරවැසියෝ ද විදේශිකයෝ ද “යන්නම්” කියා නොකියාම සමූහ මිනී වළවල්වල මිහිදන් වෙති.

මෙබඳු බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවල අවසන් ත්‍රස්ත ක්‍රියාව මෙය නම් දේශපාලකයන්ගෙන් මේ වර්ගයේ හැසිරීමක් ප්‍රදර්ශනය වූවාට කම් නැත. එහෙත් එය එසේ නොවේ. ප්‍රභාකරන්ගේ වියරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමේදී අවසන් ගමන් යෑමෙන් පසු නයන පිනවන මේ රන් දිවයිනෙහි යළිත් බෝම්බවල කළු දුමාරය පිරී යනු ඇතැයි විශ්වාස කළ අයකු නැත. එහෙත් පාස්කු ඉරිදා යළිත් වරක් ඔප්පු කරනු ලැබූවේ අවදානමට වඩා සූදානම වඩ වඩාත් වැදගත් බවය.

රාජ්‍ය ආරක්‍ෂාව අත්හළ නොහැකි වගකීමකි. එය රටේ ඉහළම පුරවැසියාගේ සිට වීදියේ සිඟමන් යදින දිළින්දා දක්වා සතු අනුල්ලංඝනීය වගකීමකි. එහෙත් එම අනුල්ලංඝනීය වගකීම එයට හිමි නිසි බරින් වටහාගෙන ක්‍රියා කිරීම වෙනුවට එදිනෙදා දේශපාලන මුෂ්ටි ප්‍රහාරවලට යොමු වීමේ තාර්කික වන්දිය වර්තමානයට ගෙවීමට සිදුවී තිබේ. අප ගමන් කරමින් සිටින්නේත් එම මාවතේම නම් අනාගතයේ උරුමය ද මෙයම විනා අන් යමක් නොවේ.

කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ ඉල්ලීමට සියලු නායකයන් අවනත විය යුත්තේ එහෙයිනි. ආගමික නායකත්වයේ අවවාද අනුශාසනා නොතකා කටයුතු කරන්නේ නම් එළැඹිය හැකි විපත්වල ස්වරූපය වර්තමානයෙන් වූවද හඳුනාගත හැකිය.

 



අදහස් (4)

සියලු නායක එකමුතුවක සාමූහික ප්‍රයත්නයක් ඕනෑ

ravi Wednesday, 24 April 2019 12:26 PM

එ්ත්, මේ අවස්ථාවේදී අපේ රටේ ඇතිවෙලා තිබෙන මත භේදයන් දිහා බලනකොට.. අයි.එස්.අයි.එස්. කාරයන් හුඟක් සතුටු වෙනවා ඇති.. ඇමෙරිකාවේ මේ වගේ දෙයක් සිද්ද වුණු වෙලාවේ... ඔක්කොම එකතුවෙලා... දුක, සැප බෙදාගෙන ඒ අවස්ථාවට මුහුණදීලා... වැරදිකාරයන් අත්අඩංගුවට අරගෙන වෙඩි තියලා.. මුහුදේ ගිල්ලවලා දැම්මා.. ඇයි අපිට එහෙම බැරි..? මේවා අපිට ලස්සන පාඩම් නේද?

:       0       50

ranjith Thursday, 25 April 2019 11:37 PM

මේ කාර්ය ආරක්ෂක හමුදාවලට කිරීමට සියලු බලතල දීලා ඒ අයට මේ දෙය කරගන්න අවස්ථාව දිය යුතුයි.. මේවට සම්බන්ධ පාර්ලිමේන්තුවේදී පවා සම්බන්ධකම් තියෙනවා කියපු මැති ඇමැතිවරු වුනත් නීතිය ඉදිරියට ගේන්න ඕනේ. නැතුව ඡන්දවලට කෑදරකමේ මේවා වහන්න ගියොත් අපිට ඉන්න රටක් එතුරු වෙයිද?

:       0       0

mara Saturday, 27 April 2019 07:13 AM

කොහේද මුල? සිරා තමයි ආරක්ෂක කෞන්සිලයට රනිල්ට එන්න දුන්නේ නැත්තේ. සිරා තමයි හැමවිටම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ... රනිල්ට විස්තර දෙන්නේ නැතිව එයා කොහොමද තීරණ ගන්නේ? ආරක්ෂක කෞන්සිලයට රනිල්ට එන්න කීවාම එය නැවැත්වූයේ කවුද? දැන් එයාට දොස් කියන්න එපා. කාටවත් අමු ව්‍යවස්ථා උල්ලංඝනය පෙනෙන්නේ නැතිද?

:       37       1

thushara Saturday, 27 April 2019 12:14 PM

මෙහෙ මේතරම් විනාශයක් කරේ අයි.එස්.අයි.එස්. නොවේ. ලංකාවේ උපන් ඇයයි. 30 වසරක යුද්ධය නිම කරේ තනියෙම. නිවට පාලකයන් වුණාම මෙහෙම වෙනවා.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 910 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 322 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1044 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 447 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 591 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site