IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හොරු අල්ලන වැඩේ ආණ්ඩුව බකල් කළා

(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

හම්බන්තොට වරාය ගිවිසුම, රාජ්‍ය පෞද්ගලික මිශ්‍ර පිළිවෙත, ආණ්ඩුවට ලැබෙන ජගත් සම්මාන, සල්ලි හොයන
ජවිපෙ විකල්ප ක්‍රම, විමල් වීරවංශගේ සටන් ක්‍රමය හා රතන හිමිගේ මැදිහත්වීම් ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතායි.

ප‍්‍රශ්නය- හම්බන්තොට වරාය විකුණන බවට නගන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන ආණ්ඩුව එහි කොටස් වැඩි ප‍්‍රමාණයක් ගිවිසුම අස්සන් කරලා යම් පැවැරීමක් කළත් නැවතත් එයින් සැළකිය යුතු කොටසක් කාලානුරූපව යළි රජයටම ගන්නා බව කියනවාග මේ ක‍්‍රමය නරකදර?

පිළිතුර- පැවැරීමට සූදානම් කරලා තිබෙන්නේ හම්බන්තොට වරාය විතරක්ම නෙවෙයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් පැවැරීමට සූදානම්. කොළඹ වරාය කියන්නෙ ලාභ ලබන තැනක්ග දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් ඇමෙරිකානු සමාගමකට පැවැරීමට සූදානම්ග මිනින්දෝරු කටයුතුත් බහුජාතික සමාගමකට පැවැරීමට සූදානම්. විදුලිබල මණ්ඩලයල ජලසම්පාදන මණ්ඩලය, වරාය අධිකාරියල ඛනිජ තෙල් සංස්ථාවල ගුවන් සේවා සමාගම යන ආයතන පහ එකතු කරලා ඒවායේ වත්කම් විදේශ සමාගම්වලට පැවැරීමට යනවා. ඔය විදියෙ ලොකු වැඩක එකක් පමණයි. හම්බන්තොට වරාය කියන්නේ. එනිසා මේ පැවැරීම මගින් අපේ රටේ ආර්ථිකයේ වැදගත්ම ස්ථාන විදේශ සමාගම් ආයතන අතට පත්වෙනවා. නිදහසට කලින් තිබුණෙත් සුද්දගෙ සමාගම්ග ජාතික සම්පත් හා ශ‍්‍රමය සුද්දා එදා කොල්ලකෑවාග අද වෙනත් ආකාරයකින් මේ වෙන්නෙත් ඒ වැඬේමයිග අපි විරුද්ධ අන්න ඒකටයිග පරාද කළ යුත්තේ අන්න ඒකයි.

 
ප‍්‍රශ්නය- හැමදේම රජයෙන් කරන්න  ඕනෑ කියන පිස්සුව තිබෙන්නේ ලංකාවේ විතරක් යැයි පවසන සරත් අමුණුගම ඇමැතිවරයා ලෝකය පුරාම ක‍්‍රියාත්මක රාජ්‍ය පෞද්ගලික මිශ‍්‍ර හිමිකාරිත්ව ක‍්‍රමයට යෑමේ වරද කුමක්දැයි අසනවා?

පිළිතුර- පහුගිය කාලය තුළ එකදිගටම රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ප‍්‍රකාශ කළේ අපට ණයට ගෙවාගන්නවත්  මුදල් නෑ කියලයි. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 1.51 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත්තා. ලංකාවෙ තියෙන ඔක්කොම බැංකු ටික කඩලා සල්ලි ගත්තත් රට කරන්න සල්ලි නෑ කිව්වා. තරුණයන් දස ලක්ෂයකට රස්සා දෙනවා කියලත් කිව්වා. මේ ඔක්කොම ටික එකතු කරලා ගත්තාම අපේ රටට පිටින් කුමන හෝ ක‍්‍රමයකින් ඩොලර් ගෙන්නාගැනීමේ වුවමනාවක් තිබෙන බව පේනවා. විදේශීය සමාගම් හෝ පුද්ගලයෝ අපේ රටට ගෙන්වාගෙන ඔවුන්ගේ අතේ තිබෙන ඩොලර් ටික අපි ඉල්ලාගෙන අපේ රුපියල් ඔවුන්ට දීලා ඔවුන් මගින් කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා පවත්වාගෙන යෑමේ සැලැස්මක් තිබෙනවා. ඩොලර් මිලියන තුනකට වඩා අපේ රටට රැගෙන එන අයට අපේ රටේ නිදහසේ වැඩකරන්න දෙනවා යැයිත් කිව්වා. මේ සියල්ලෙන්ම පේන්නේ මෙච්චර කල් රට කරවපු අයට තවදුරටත් රට කරවගෙන යන්න බැරිව පිටරට ඩොලර් ටිකක්  ඕනෑ වීම විතරයි. ඒ වෙනුවෙන් රටේ සම්පත් හා ශ‍්‍රමය කොල්ලකෑමට ඉඩදීම හැරුණු විට මේ ආර්ථික ක‍්‍රමයට වෙන උත්තරයක් නෑ. රනිල් වික‍්‍රමසිංහ වගේම සරත් අමුණුගම කියන්නෙත් මේ ආර්ථික ක‍්‍රමයේ නියමුවෙක්ග මේ කතා ගැන අපි පුදුම වෙන්නේ නෑග ඩොලර් හොයන්න අපිට තියෙන්නෙ වෙනත් උත්තරයක්.


ප‍්‍රශ්නය- වරාය ගිවිසුමෙන් ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 1.1ක මුදල නොලැබුණොත් රටේ ආර්ථිකය අර්බුදයට යන බව කියන ඔහු ඊට විරුද්ධ අය ඒ මුදල හොයාගන්නා හැටි පෙන්නවාදෙන්න කියලත් කියනවනෙග ජවිපෙ උත්තරය දෙනවද?

පිළිතුර- ලංකාවෙ ඉන්න චීන තානාපතිතුමා රාජ්‍යතාන්ත‍්‍රික තානාපතිවරයකුට අමතරව ආර්ථික තානාපතිවරයකු හැටියටත් වැඩ කරන බව අපි කවුරුත් දන්නවා. චීන සමාගම්වලට ලංකාවෙ ව්‍යාපාර කටයුතු සොයාදෙන්න එතුමා සෑහෙන්න වෙහෙසෙනවා. අපේ රටෙත් ඉදිකිරීම් ක්ෂෙත‍්‍රයට සම්බන්ධ ප‍්‍රධාන ආයතන කීපයක් තිබෙනවා. ඒ අයට ලෝකෙ වෙන කොහේ හෝ රටක පාරක් හදන්න, පාලමක් හදන්න, ගොඩනැගිල්ලක් ඉදිකරන්න අවස්ථාව උදාකරදී තිබෙන්නේ අපේ කුමන තානාපතිවරයාද?  එහෙම කටයුතු කළොත් අපේ රටටත් ඩොලර් ගෙන්නගන්න පුළුවන්. ලෝකය පුරාම සිටින චීන තානාපතිලා වැඩ කරන්නේ අපේ රටේ ඉන්න තානාපති වගේම තමයි. ලෝකය පුරාම එවැනි ආර්ථිකමය තානාපති ක‍්‍රියාවලියක් දියත් කරන්න අපිට බැරිද? අපේ රටේ කාලයක් තිස්සේ නිෂ්පාදනය කරන ජනතාව අතර ඉතා ජනප‍්‍රිය බීම වර්ග කීපයක්ම තිබෙනවා. ඒගොල්ලො දුක්මහන්සියෙන් සිය නිෂ්පාදන රටවල් කීපයකට පොඞ්ඩක් යවනවා. බිස්කට් හා චොක්ලට් කර්මාන්තත් එහෙමයි. හැබැයි ඒ අයම දුක්මහන්සියෙන් වෙළෙඳපොළක් හොයාගන්න වෑයම් කරනවා හැරුණුවිට කොහේවත් රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවද? ඔන්න කරනවා නම් වැඩ.

 
ප‍්‍රශ්නය - ආණ්ඩුවෙ ආර්ථික ප‍්‍රතිපත්ති වැරැදි යැයි කිව්වත් රවී කරුණානායක මුදල් ඇමැතිවරයා ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැති හැටියට සම්මාන ලබනවා.  මෙවැනි අන්තර්ජාතික සහතිකයක් ලැබෙද්දී ආර්ථික පිළිවෙත වැරැදි යැයි ජවිපෙ කියන්නෙ කොහොමද?

පිළිතුර - රවි කරුණානායක මුදල් ඇමැතිතුමාට විතරක් නෙවෙයි. ඊටත් වඩා වැදගත් සම්මානයක් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට ලැබුණා. ඒ,  ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයකින් ආචාර්ය පදවියක්. ඒ වෙන මොකටවත් නෙවෙයි. බහුජාතික සමාගම්වලට සහ විදේශයන්ට අපේ රටට ඇවිත් ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවාලීමට මේ අය ඉතාම කැපවීමෙන් කරන සේවය ඇගයීමටයි. මේක තමයි අධිරාජ්‍යවාදය. මේ අය ඒ අධිරාජ්‍යවාදින්ගේ ඒජන්තයොයි. ඉතින් සම්මාන පිට සම්මාන දෙන්න  ඕනෑ. අපේ රටින් පිටට ගලාගෙන යන ඩොලර් ටික ඉතුරු කරන්න ආණ්ඩුවෙන් කරලා තියෙන්නෙ මොනවද? ආණ්ඩුව බඩු මිල වැඩිකළේ ප‍්‍රධාන වශයෙන්ම ඩොලර් එකට ගෙවන රුපියල් ගණන වැඩිකිරීමෙන්. ඊළඟට බදු ගැහුවා. දඩ ගැහුවා. රජයෙ ගාස්තු වැඩි කරලා වැට් වැඩි කළා. මේ ඔක්කොම කළේ ජනතාවගෙ මුදල් ඇදලාගන්න. ඩොලර් ඉතුරු කරන්න ඒ ජාතියෙ වැඩ කළා මිසක් පිටරටින් ගෙන්නන දෙයක් වෙනුවට දේශීය නිෂ්පාදන නන්වන්න කළ සංවර්ධන වැඩසටහන් නෑ. සරල දෙයක්වත් මේ ගොල්ලො කරන්නේ නෑ. ඒ අයට  ඕනෑ ආචාර්ය පට්ටම් අරන් අධිරාජ්‍යවාදීන්ගෙ විභාගෙ පාස් වෙන්නයි.

 
ප‍්‍රශ්නය - එෆ්.සී.අයි.ඞී එක වේලෙනවා යැයි ජවිපෙ නායකයා කිව්වත් ජවිපෙම පරණ සහෝදරයකු වූ විමල් වීරවංශට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙන්නෙත් එම ආයතනය මුල් වෙලයි. නීතිය ක‍්‍රියාත්මක වෙද්දී ජේ.වී.පී එක මීට වඩා අපේක්ෂා කරන වේගය මොකද්ද?

පිළිතුර - ජනතාව මේ ආණ්ඩුව ගෙනාවෙ හොරු අල්ලන්න තමයි. නමුත් ආරම්භයේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ අයට ඇමැතිකම් දීලා කැබිනට් එකේ වාඩිකරගැනීම නිසා හොරු ඇල්ලීමේ ක‍්‍රියාවලිය දුර්වල වුණා. දෙවැනුව වර්තමාන ආණ්ඩුවෙත් අය හොරකම් කරන්න පටන්ගත්ත නිසා තවත් වටේකින් ඒක දුර්වල වුණා. නැත්නම් එෆ්.සී.අයි.ඞී එකයි සී.අයි.ඞී එකයි වේගෙන් වැඩ කළා.  අල්ලස් කොමිසමත් වේගෙන් වැඩ කළා. ඒ වේගය බකල් කළේ ආණ්ඩුවේ වගකිවයුත්තොයි. දිල්රුක්ෂි ඩයස් මහත්මියට යන්න වුණේ ඇයගෙ වේගය නිසයි. පසුගිය පාලන කාලයේ හොරකම් දූෂණවලට සම්බන්ධ ඇමැතිවරුන් කීප දෙනෙකුගේ පරීක්ෂණ නිමා කළ නිසයි. මේ ආයතනවලට එදත් බාධා කළා. අදත් බාධා කරනවා. ඉඳලා හිටලා යමක් වෙන බව පෙන්වන්න තෝරාගත් පුද්ගලයකුට නීතිය ක‍්‍රියාත්මක කරනවා.

 
ප‍්‍රශ්නය - ඔබ කියන්නේ විමල් වීරවංශ ඉලක්ක කරගෙන නීතිය ක‍්‍රියාත්මක වෙනවා කියලද?

පිළිතුර - විමල් වීරවංශ මන්ත‍්‍රීතුමා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද එක්තරා ආකාරයකට දඩුවමක් ලබමින් ඉන්නවා. ඔහු ඒ දඩුවම ලැබිය යුතුයි. නමුත් මහා දැවැන්ත හොරකම් දූෂණවලට සම්බන්ධ අය මේ ආණ්ඩුවෙ ඇමැති මණ්ඩලේ වාඩිවෙලා ඉන්න බව මේ රටම දන්නවා. විමල් හොරකම් කරන්න පුරුදු වුණේ අපෙන් ගියාට පස්සෙයි. හොරකම සම්බන්ධයෙන් තිබුණු පරිණතභාවයේ අඩුකම නිසා ඔහු දැන් අහුවෙලා ඉන්නවා. හොරකම් සම්බන්ධයෙන් පරිණතල මුළු ජීවිත කාලෙම එකේක ආණ්ඩුවලට මාරු වෙමින් හොරකම් වහගෙන ආපු විශාල පිරිසක් ඉන්නවාග ඒ අය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ.

ඒකයි තිබෙන ප‍්‍රශ්නයග මේ ආයතනවලට නිදහස් හා ස්වාධීන ලෙස ක‍්‍රියාත්මකවීමේ අවස්ථාව තාමත් මේ රටේ නෑ. ඒ නිසා අපිට මේ ආණ්ඩුවට දැවැන්ත චෝදනාවක් වගේම ජනතාවට කරන්න යෝජනාවක් තිබෙනවා. අපි 2020දිවත් හොරකම්වලට සම්බන්ධ නැති මේ රටේ ප‍්‍රගතිශීලී බලවේග සම්බන්ධ ආණ්ඩුවක් හදලා ජනතා අභිලාශ ඉෂ්ට කරගනිමු.


ප‍්‍රශ්නය - අපෙන් ගියාට පස්සෙ හොරකම් කරන්න විමල් පුරුදු වුණා යැයි ඔබ කීවත් ඔහුගේ උපවාසය නතර කරවීමට සංඝයා වහන්සේලා පවා මැදිහත්වුණා. මොනවා වුණත් විමල් වීරවංශට තිබෙන ඩිමාන්ඞ් එක අඩු වෙලා නෑ නේද?

පිළිතුර - සාමාන්‍යයෙන් උපවාසයකට වාඩි වුණාට පස්සෙ නැගිටගන්න ක‍්‍රමයක්  ඕනෑ. එක්කෝ ඉල්ලීම් දිනාගෙන නැගිටින්න  ඕනෑ. එහෙම නැත්නම් වෙන බොරුවක් කරලා නැගිට්ටවන්න  ඕනෑ. අපේ රටේ මහා සංඝරත්නය බුදු දහමට අනුව  ඕනෑ කෙනෙක් වෙනුවෙන් පෙනීඉන්නවා. බණ කියනවා. පිරිත් නූල් බඳිනවා. තමන්ට දානයක් පිරිනැමුවොත් ඒක භුක්ති විඳිනවා. ඒක බුදු දහමේ එක්තරා ලක්ෂණයක්. හාමුදුරුවන්ට අපි කිසිම චෝදනාවක් කරන්නේ නෑ. හැබැයි ඔය කියන හාමුදුරුවරු සහ විමල්, මහින්ද රාජපක්ෂ ඇතුලූ ඔය කණ්ඩායමම දිගටම එකම දේශපාලන මාවතක ආපු අය බව රටම දන්නවා. තමන්ගෙ එකාව බේරාගන්න  ඕනෑ එකක් කරනවා.

 
ප‍්‍රශ්නය - චීන ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අස්සන් කළොත් දේශීය ව්‍යාපාරිකයන් ඉවර යැයි කියමින් ඊට විරෝධය දක්වන්නට රතන හාමුදුරුවොත් පෙරට එනවා. රතන හිමි වැනි චරිත විපක්ෂයේ කාර්යභාරයත් කරද්දී ජවිපෙට දේශපාලන සටන් පාඨවල ප‍්‍රශ්නයක් එන්නැද්ද?

පිළිතුර - අපේ දේශපාලන සටන් පාඨ ඉවර වෙලාල අපි කියන දේවල් ඉෂ්ට වෙලා ජනතාවට හොඳක් වෙනවා නම් අපිට දේශපාලන සටන් පාඨ වැඩකුත් නෑ. පක්ෂයකුත් වැඩක් නෑග හැබැයි ඔය කිව්වට ඕවා වෙන්නේ නෑ. ඒ නිසා තමයි ඔය කියන හොඳ දේවල් කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් ඒ වුවමනාව තිබෙන අනෙකුත් බලවේගත් එකතු වෙලා දේශපාලන බලය අත්පත් කරගත යුතුව තිබෙන්නේ. රතන හාමුදුරුවො විතරක් නෙවෙයි. මේ මතය දරන අපිට සම්බන්ධයක් නැති ස්වාධීන බුද්ධිමත්තු උගත්තු පුරවැසියෝ තව  ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. හඩක් තියෙන අය කතා කරනවා. හඩක් නැති අය වෙනුවෙන් හඩක් තිබෙන අය හඩක් විය යුතුයි.


ප‍්‍රශ්නය - ඉතින් ආණ්ඩුවෙම සිටිමින් ස්වාධීන යැයි කියන මන්ත‍්‍රීවරුන් හරහා ඒ වැඬේ වෙන්නේ නැද්ද?

පිළිතුර - අපේ රටේ කර්මාන්ත ලෝකය පුරා පතුරවන වැඩපිළිවෙලකට අපි යා යුතුයි. අපෙන් ඩොලර් එළියට යන ප‍්‍රමාණය අඩුකරගැනීම වෙනුවෙන් අපි රට ඇතුලෙ කරගන්න පුළුවන් හැමදේම කරගන්න  ඕනෑ. විදේශයන්ට රැකියාවලට යන ගෘහ සේවිකාවන් වෙනුවට දියුණු මානව සම්පත් යවලා ඩොලර් ටිකක් ගෙන්න ගන්න  ඕනෑ. මේ ආකාරයට පැතිරිච්ච වැඩපිළිවෙලක් අපට අවශ්‍යයයි. ඒක කරන්නේ නැතිව සංදර්ශන තියලා මහා දේවල් කතාකළාට වැඩක් නෑ. අපි කියන්නෙ ඒකයි. දැන් බලන්න පහුගිය දවස්වල ගෝවා විකුණාගන්න බෑ. එළවළු විකුණාගන්න බෑ. ගොඩගහලාග වීසි කරනවා. මේක දැන් අද ඊයෙ ඉඳන් කියන කතාවක්ද කියන්න. ගොවි මහත්තුරුන්ට කොයි කාලෙ ඉඳන් මේ ප‍්‍රශ්නෙ තියෙනවද? ඉතින් මෙච්චර පරණ දේකටවත් උත්තරයක් හොයන්න රජය සමත්වෙලා නෑනෙ. ගත්ත ණයවල වාරිකය ගෙවාගන්නවත් බැරි තරමට අපි බංකොලොත්නෙ. තවත් මේ ගොල්ලො ගැන නම් ජනතාව බලාපොරොත්තු තියාගන්න  ඕන නෑ. නැවත නැවත ජනතාව මේ මුලාවෙ වැටෙනවා. නම් මේ රට ගැන තවදුරටත් ඉතින් කතාකරන්න දෙයක් නෑ.



අදහස් (3)

හොරු අල්ලන වැඩේ ආණ්ඩුව බකල් කළා

SIRI Monday, 03 April 2017 08:58 AM

ලාල් මහත්තයෝ,අත් දෙකම උස්සල පත් කරගත්ත ආණ්ඩුව ගැන දැන් මොකද හිතෙන්නේ?වහ කෑවනම් මීට වැඩ හොදයි නේද?

:       253       301

chris Tuesday, 04 April 2017 02:18 AM

අනේ අපොයි දාන්න පිකටින් පාරක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ,නැත්තම් ජනතාව පෙළගස්සන්න .

:       1       7

banadara Tuesday, 04 April 2017 11:18 AM

මෙතුමාගේ පක්ෂයට ඔය තානාධිපතිකමක් දීලා බලන්න ඕනේ ලොරි ටෝක් දෙන ඒවා කරන්න පුළුවන් ද කියලා

:       0       9

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17837 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site