පාස්කු ඉරිදා ප්‍රහාරය මුළු ලොවම සසල කළේය. එමෙන්ම කොන්දේසි විරහිතව හෙළා දුටුවේය. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුතු සාමයට ළැදි සකල ජනී ජනයා එක්සත්ව එක්සිත්ව එක් පෙරමුණක සිටගත්හ.
අවධාරණය කළ යුතු වැදගත් කාරණාවක් තිබේ. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවේ. පාස්කු ඉරිදා අනපේක්ෂිත ලෙස මරණයේ කළු කුහරයේ සැඟවී ගිය නම නොදන්නා නෑදෑවරුන්ට යුක්තිය ඉටුවිය යුතුය. තමන් නොදන්නා හා තමන් නොකළ වරදකට තම ප්‍රාණයෙන් හා ඇස් ඉස් මස් ලේවලින් වන්දි ගෙවූ නෑදෑවරුන්ට යුක්තිය ඉටු විය යුතුය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ දිනයේ මරණයෙන් වන්දි ගෙවූ ජනයාට සාධාරණත්වය හිමිවිය යුතුය. එය මේ මොහොතේ හුස්ම ගන්නා නොමළ සියල්ලන්ගේ අනුල්ලංසනීය වගකීමකි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වගකීම ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිත් ජමාත් සංවිධානය බාරගෙන තිබේ. එහි මෙහෙයුම් වගකීම අයිඑස්අයිඑස් සංවිධානය බාරගෙන තිබේ. එය එක්තරා ආකාරයකින් මේ මොහොතට අදාළව වැදගත්ය. එයට හේතුව අන්තවාදී කුරිරු බලවේගවලට එසේ තම සිතැඟි ඉටුකර ගැනීමට අවැසි බාධා විරහිත පරිසරයක් නිර්මාණය කරදීම සම්බන්ධයෙන් මෙරට තුළ කවරකු හෝ වගකීම බාර ගැනීමට ඉදිරිපත් නොවීමය.
“ජයග්‍රහණයට පියවරුන් දහසක් බවත් පරාජය අවජාතක බවත්” කියති. මේ මොහොතේ අප අත්විඳිමින් සිටින බියකරු යථාර්ථය එය ය. එහි තාර්කික ප්‍රතිඵලය ඊළඟ ප්‍රහාර මාලාව සැලසුම්වීම ය. එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි.
ඇතැමෙකුට ප්‍රශ්න යනු අවමඟුල් පෙරහරක පාවාඩයක් බඳුය. අවමඟුල් පෙරහරක පාවාඩයක් යනු පෑගීමෙන් පසුව හිසට ඉහළින් විසි කරන්නකි. ඒ යළිත් පෑගීම පිණිසය. තමන්ගේ දැනුමේ ප්‍රතිභාව හා මහන්තත්වය ප්‍රකට කිරීමට ඇතැමකුට ප්‍රශ්න යනු කදිම අවස්ථාවකි. නිසරු වාගාලාපයන්ගෙන් බිඳකුදු වෙනස් නොවන නමුදු ඒ කටමැත දෙඩවීම් නිරන්තරයෙන් ඇසේ. එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රශ්න තවත් සංකීර්ණවීමය. ප්‍රශ්න නිට්ටාවටම නිරවුල් කරගැනීමට ඇති අවස්ථා ඇහිරීයාම ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් කල්ලියකගේ ක්‍රියාවකි. එය වසන් කළ නොහැකිය. එමනිසා මෙම ප්‍රහාරයට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වගකිව යුතු යැයි සබුද්ධික ජනයා නොසිතති. මේ වූ කලී බහුතරයක් ශිෂ්ට මුසල්මානුවන් අතර සිටි සුළුතරයක් වූ අශිෂ්ට අන්තවාදීන්ගේ සාහසිකත්වය ප්‍රදර්ශනය කිරීමකි.
එසේ නම් මේ මොහොතේදී පෙරට ආ යුත්තේ මුස්ලිම් ආගමික නායකත්වය වේ.
බෞද්ධ අන්තවාදීන්ගේ ඇතැම් අකැප ක්‍රියා වාර්තා වනවිට බෞද්ධ ආගමික නායකත්වය ඒ සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකළ බව ආසන්න මෑත අතීතයේ වුවද පැහැදිළිය. එම අන්තවාදී අවකල් ක්‍රියා පාලනය කිරීමට එම මැදිහත්වීම ඍජුව බලපෑවේය. එය වූකලී ආගමික නායකත්වය සතු වගකීමකි. යුතුකමකි. බෞද්ධ ආගමික නායකත්වය එසේ මැදිහත් නොවූයෙන් බුදු දහම සම්බන්ධ කෙස් පැලෙන තර්ක හරඹ පාමින් වීරත්වය ප්‍රකට කරවන්නෝ පිටස්තරයෝ ම වෙති. නැති ප්‍රශ්න ඇතිවීමට එය එක් හේතුවකි.
තරුණයන් නොමග යා හැකිය. එය එක අතකින් බලාපොරොත්තු විය යුත්තකි. ඒ සඳහා විවිධ සාධකද බලපානු ලබයි. හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. එහෙයින් මෙම තත්ත්ව මැනවින් පිරිසිඳ දැන එම සමාජයට නායකත්වය දී යහපත් අරමුණු කරා මෙහෙයවීම ආගමික නායකත්වයේ වගකීමය.
තරුණයන්ට සුරංගනා ලෝක මවා පා ඒ හරහා තම මැතිසබ සිහින ඉටුකර ගැනීම වැරදි බව එල්ටීටීඊ යුද අත්දැකීම වුවද ප්‍රමාණවත් සාක්ෂියකි. තම නායකයන් තමන්ට මවා පෙන්වූ වෙනම රාජ්‍යයක් යථාර්ථයක් නොවන විට තරුණයෝ පළමුව තම නායකයන් මරා දැමූහ. අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගේ සිට තිරුචෙල්වම් දක්වා දෙමළ නායකයෝ තරුණයන්ගේ අවිවලට බිලි වූහ. අවසානයේදී අළුවලින්ම විමුක්තිය පැතු ඔවුහු වැනසී ගියහ.
ඉතිහාසය සුරුවමක් කර නොගෙන පෙළ පොතක් බවට පත් කර ගත යුතු වන්නේ එහෙයිනි. කොටි සංවිධානය කෙතරම් බිහිසුණු ප්‍රචණ්ඩ මෘග ක්‍රියා කළද බහුතරයක් ජනයා දියෙන් කිරි වෙන්කර ගන්නා හංසයකු මෙන් එල්ටීටීඊ සංවිධානය හා දෙමළ සමාජය වෙන්කර හඳුනාගත්හ. ඒ මහ ප්‍රඥාව කොතරම් ප්‍රබලද යත් 2009 මැයි 19 වැනිදා වාර්තා වූ යුද ජයග්‍රහණය මෙරට ජනයා සමරණු ලැබුවේ දෙමළ ජනයාගේ දේපොළවලට නියපොත්තක හෝ සීරීමකින් තොරව ය.
ඒ බලගතු ආදර්ශය යාවත්කාලීන කළ යුතුය. මේ මොහොතේ එළැඹ ඇති අභියෝගය ජයගැනීමට හැකිවනු ඇත්තේ ඒ සාමුහික විචාර බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ම පමණි.
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්තවාදී කොටස් යහමඟට ගන්න මුස්ලිම් නායකයන් පෙරට ආ යුතුයි
fasmy Monday, 29 April 2019 06:45 AM
මුස්ලිම් නායකත්වය සහ ජනතාව මෙම අපරාධය සිදු වි ඒමට පෙර සහ පසු රජයට අවශ්‍ය ඔත්තු ලබාදීමට ක්‍රියා කර ඇත එය ආරක්ෂක අංශ පිළිගෙන ප්‍රකාශ කර ඇත අප කවදත් මෙරටට විශ්වාසී ජන සමාජයක් ලෙස කටයුතු කර ඇත්තෙමු මින් මතුවටත් මුස්ලිම් ජන සමාජය කටයුතු කරනු ඇත
RaveendraMonday, 29 April 2019 12:36 PM
අවංකවම ඔබලා එසේ ඉදිරියටත් කරන්නේ නම් අප එය අගය කරන්නෙමු. එය සියලුම පුරවැසියන්ගේ යහපත වනුඇත. නමුත් එක අතකින් පමණක් අත්පොලසන් ගැසීමට නොහැකි බව අමතක නොකරන්න. නමුත් අන්තවාදය යනු එක්තරා විදියක අන්ධවීමකි.
NuwanMonday, 29 April 2019 02:06 PM
අනේ ඇත්තද?
ධනුෂ්කMonday, 29 April 2019 05:44 PM
පසු ගිය ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ගේ මූලික අරමුණක් වන්නේ අනිකුත් ජනතාව මුස්ලිම් ජනතාව දෙස සැකෙන් වෛරයෙන් බැලීම, ඔවුන්ට එරෙහි නීති සම්මත කිරීම, පහර දීම වෙනම සැලකීම වැනි දෑ. මොකද ත්‍රස්තවාදීයට තම අන්තවාදයේ පැවැත්මට අනුගාමිකයන් මෙන්ම ආත්ම ඝාතක බෝම්බකරුවන් වුවමනයි. ඔවුන් නිර්මානය පහසු දෙයක් නොවේ. ඒ සඳහා ඉලක්කගත ජනතාවගේ අපේක්ෂාභංගත්වයක් ඇතිකොට, අනාගත බලාපොරොත්තු සහ සිහින බොඳකර මනස තුල හීනමානයන්ඇති කොට තම අන්තවාදී දර්ශනය ඔවුන්ගේ මනසට පොවනු ලබයි. එනිසා මෙවන් අවස්ථාවල දී පාලකයන් බුද්ධිමත්නම් අන්තවාදීන්ගේ අරමුනු ඉටු වීමට ඉඩ නොදී. මානසික මෙහෙයුමක් හරහා සියලු අන්තවාදයන් මර්ධනය කල යුතුය. එය අදේවවාදයක් කරා යන දීර්ඝකාලීන භෞතිකවාදී වැඩපිලිවෙලක් යුතුය. එය සැබවින්ම මානසික මෙහෙයුමක් විය යුතුය.
nisar Monday, 29 April 2019 11:55 AM
ජාතියේ සාපයට පහළ වෙච්ච නරුමයන් කිහිපදෙනෙකු නිසා සමස්ත සමාජයම එක දවසින් හීනෙන්වත් නොසිතු කියාගත නොහැකි තරම් දුකටත්, ලැජ්ජාවටත්, කරදරවලත් පත්වුණා.
rasikaMonday, 29 April 2019 08:47 PM
ඒක හරි.. බොහොමයක් මුස්ලිම් ජනතාව සාමකාමී තමයි.. ඒත් මේ අන්තවාදයට එරෙහිව ඔවුන්ගේ ක්‍රියාකළ ප්‍රමාණය සැහීමකට පත්වෙන්න බැහැ. මොකද බොහොමයක් පල්ලි සහ ඒවායේ පූජකයෝ මේකට සම්බන්ද නිසා.. ඒවගේම බහුතර මුස්ලිම් සමාජය මේ අන්තවාදයට උදව් කරන දේශපාලකයන්ව පිළිඅරගෙන තියෙනවා.. නැත්නම් ඒ අන්තවාදී මුස්ලිම් දේශපාලකයෝ පාර්ලිමේන්තු එන්න විදියක් නැහැනේ.. මුස්ලිම් සමාජයේ තරුණ කොටස් වැඩියි. පරිනත මිනිස්සුන්ට වඩා තරුණයන් වැඩි නිසා ඔවුන් ආවේගශීලියි. ඒවගේම අත්දැකීම් අඩුයි. එනිසා නොමග යන්න පුළුවන් ලේසියෙන්ම.. මුස්ලිම් පල්ලියෙන් මොවුන්ව යහමගට ගන්න ඕනේ. නමුත් ඒ වගකීම පල්ලියෙන් උනේ නැහැ..