(කොළඹ සරසවියේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය අංශයේ - ධම්ම දිසානායක )
ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පොදු ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරක් නොවුණත් අනිකුත් සකලාකාරයේ ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදවලින් මිරිකී සිටින ඔවුන්ට මේ අර්බුදය ගැනත් සිතන්නට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සාහය ප්‍රබලය..
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය පිළිබඳ ‘යහපාලන ආණ්ඩුව’ ගෙන ඇති තීරණය අර ඉහත කී අර්බුද ගැන ජනයාගේ සිතීම හෝ කල්පනාව වෙනතකට හැරවීමට ගන්නා උත්සාහයකි, එසේම එය දේශපාලන උප්පරවැට්ටියකි යන්න ද සමාජයේ බොහෝ දෙනා සතුව ඇති මතයකි. ඒ සියල්ලටම වඩා ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඇතුළු ‘යහපාලන’ ආණ්ඩුවේ ‘ව්‍යවස්ථා සම්පාදකයන්’ විසින් සමාජය තුළ වක්‍ර මාර්ගයකින් ගිනි අවුළුවා ඇති කාරණය වන්නේ නව ව්‍යවස්ථාව ‘නිරාගමික’ එනම් ආණ්ඩුව සහ ආගම අතර තීරණාත්මක බෙදීමක් ඇති කරන නැතහොත් බුද්ධාගමට දී තිබෙන ස්ථානය අහෝසි කරන එකක්ය යන්නය. දී ඇති ප්‍රමුඛ ස්ථානය හුදු ලිඛිත වාක්‍ය කීපයක් පමණය යන්න ගෙවුණු අවුරුදු හතළිස් පහක් තිස්සේ බලයට පත් වූ සියලූ පාලක හවුල් විසින් මැනවින් ඔප්පුකොට තිබුණ ද මේ අලංකාරිකයට තිබෙන සමාජ වටිනාකම නම් තවමත් සුළුපටු නැත.
එසේම ජනයා රැවටීමේ මෙවලමක් ලෙස මේ අලංකාරිකය භාවිත කරන පාලකයන් බෞද්ධ දර්ශනයේ පැවැත්මට, භික්ෂු සංස්ථාවට සහ බෞද්ධ ප්‍රජාව බෞද්ධ නාමයෙන් ගුණාත්මකව කරන ලද මහ ලොකු දෙයකුත් නැත. එක අතකින් මේ තීරණය වනාහි මේ රටේ ස්වදේශික ජනයා නොව ඔවුනට එරෙහි බලවේගවල බළල් අත් විසින් සිදු කරනු ලබන්නක් බවට පවතින මතය ද බැහැර කළ නොහැක්කකි. එවැනි පසුබිමක මෙවර ලිපියේ අරමුණ වන්නේ මේ නිරාගමික ව්‍යවස්ථා පිළිබඳ සංවාදයේ අවධානයට ලක් නොවූ පැති කීපයක් දෙසට පාඨක භවතුන්ගේ සිතාබැලීම හැරවීමටයි.
ආගමක් යනු කුමක්ද යන්නට දියහැකි ඉතා සරල පිළිතුරකින් ඒ හැරවීම පටන් ගනිමු. ඒ සරල පිළිතුර ද මදක් සංකීර්ණ වුවත් සෙමින් තේරුම් ගතහොත් බොහෝ දෑ පසුව පාඨකයාට වටහා ගැනීමට එය උපකාර වනු ඇත. එසේම ඔබගේ දේශපාලන සමාජ සාක්ෂරතාව වැඩිදියුණු කිරීම ද මේ ලිපි පෙළේ සහ ලංකාදීපයෙහි ද අරමුණක් වන නිසා සමහර සංකීර්ණ දෑ වටහා ගැනීම යෝග්‍ය යැයි ද යෝජනා කරමි. ආගමක් යනු සංස්කෘතික පද්ධතියකි. එනම් මානව සංහතියේ පැවැත්මට අදාළ චර්යා සහ භාවිත, ලෝක දැක්මවල්, විශ්වාස, අධි භෞතික දෙයක් හෝ දේවල්, ශුද්ධ ලියවිලි, පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන, ආචාර ධර්ම සහ සමාජයීය සංවිධාන සහිත සංස්කෘතික පද්ධතියකි. බොහෝ ආගම්, ආගම් බවට පරිවර්තනය වීමට පෙර පීඩිතයන්ගේ විමුක්ති ව්‍යාපාරයෝ ය. පසුව ඒවා රැවටිලිකාර පීඩකයන්ගේ පීඩක උපකරණ වූ බවට ද මතයක් වේ.
මේ සියල්ල මැද බුද්ධාගම වැනි ‘ආගමක්’ සතු දාර්ශනික සහ විමුක්තිදායී ලෝක දැක්ම සහ වැඩපිළිවෙළ ‘ආගම’ නමැති මහා ගංගාව දිගේ මකර කටට යැවීම නම් ලොව කිසිදු ප්‍රඥාවන්තයකු අනුමත නොකරන දෙයකි.
‘නිරාගමිකවාදය’ යනු ඉතා සරලව, පැහැදිලි කළහොත් ආගමික ආයතන සහ ආගමික ප‍්‍රධානීන් ආණ්ඩුවෙන් සහ රාජ්‍ය පාලන කටයුතුවලින් වෙන්කොට දුරුකොට තැබීමය. තවද රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හෝ ප‍්‍රාන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුළ හෝ යම් ආගමකට විශේෂ අදාළතාවක් හෝ සැලකිල්ලක් දක්වා නොතිබීමය. එහෙත් නිරාගමික රටවල් යැයි නම්කරන ලද සමහර රටවල ආගමික, වාර්ගික, ගෝත‍්‍රික සහ කුල ගැටුම් අන්තයටම උත්සන්න වී තිබීමත් ආගමික යැයි නම්කොට ඇති බොහෝ රටවල පවතින සාමකාමී තත්ත්වයන් විසින් පෙන්නුම් කරන්නේ මේ නිරාගමික ක්‍රියාවලිය කෝකටත් තෛලයක් නොවන බවය. එහෙත් මේ රටේ සමහර ‘ව්‍යවස්ථා සම්පාදකයෝ’ විලාසිතාවාදීහුය. සමහර අය ඊට වඩා භයානක ස්වදේශික විරෝධීහුය. ගෝලීය ධනාගම්වාදීහුය.
ලෝකයේත් මේ රටෙත් බොහෝ පාලකයන්ගේ, වෙළෙන්දන්ගේ සහ නිලබලවතුන්ගේ ආගම ධනාගම (වෙළෙඳාගම) ය. ආගමක් යනු සංස්කෘතික පද්ධතියකි යනුවෙන් ඉහත කළ පැහැදිලි කිරීම අදාළ කරගැනීම මෙහිදී ඉතා වැදගත්ය. එනම් මානව සංහතියේ පැවැත්මට අදාළ චර්යා සහ භාවිතා, ලෝක දැක්මවල්, විශ්වාස, අධි භෞතික දෙයක් හෝ දේවල්, ශුද්ධ ලියවිලි, පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන, ආචාර ධර්ම සහ සමාජයීය සංවිධාන සහිත සංස්කෘතික පද්ධතියකි. මේ ධනාගමිකයන්ගේ සංස්කෘතිය ධනේශ්වර එකකි. චර්යා සහ භාවිතා ද එසේම ය.
ලෝක දැක්ම වෙළෙඳවාදී ය. විශ්වාසය රඳවා ඇත්තේ ධන සමුච්ඡනය කෙරෙහි ය. ඔවුන්ව මෙහෙයවන අධි භෞතික බලවේග වන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක වෙළෙඳ සංවිධානය වැනි දේව සමාගම්ය. ශුද්ධ ලියවිලි වන්නේ එම දේව සමාගම් විසින් සියලු දේව රහස් සහිතව ලියන ලද ශුද්ධ ගිවිසුම්, සුත්‍ර සහ ශ්ලෝක ය. පූජනීය නැතහොත් ශුද්ධ ස්ථාන වන්නේ ජිනීවා, වොෂින්ටන්, ඔස්ලෝ, ලන්ඩන්, බෙයිජිං, නවදිල්ලි සහ සිංගප්පූරුව යනාදී තැන් ය. ලංකාවට දේව දුතයන්, ශුද්ධ වූ ධනාගමික ශාස්තෘන් සහ අති උතුම් පූජකයන් වැඩමවන්නේ සහ වඩින්නේ ඒ ශුද්ධ වූ භූමිවලින් ය. හැබැයි මේ ධනාගම කටයුතු කරන්නේ මානව වර්ගයාගේ විනාශය වෙනුවෙන් මිස යහ පැවැත්ම වෙනුවෙන් නම් නොවේ.
ලංකාවේ අනාධාත්මිකකරණය නැතහොත් ආධ්‍යාත්මිකහරණය ගැබ් ගන්නේ 1975 දීය. ඒ සම්භාව්‍ය වමට රටේ ආණ්ඩුකරණය තුළ තිබූ පාර්ශවීය කොටස අහිමිවීමත් සමඟය. එහෙත් උපතේදීම මියයාමට ඉඩ තිබූ එයට උපතක් දී රැකගෙන නව ජීවයක් දී ලොකු මහත්කොට රැකගෙන මහා තිමිංගලයකු බවට පත් කළේ 1977 දී බලයට පත් එජාප ය සහ එජාප සංස්කෘතිය ය. ඒ සඳහා ඔවුන් මුලින් ම සිදුකළේ ඉතිහාසහරණය ය. ඒ පාසල් පාඨමාලාවලින් ඉතිහාස විෂය ඉවත් කිරීමෙනි. රටේ ඉදිරි පරම්පරා ඉතිහාසයක් නැති සහ තිබුණා යැයි නොදන්නවුන් බවට පත් කළේ එලෙසිනි. ඊළඟට ඊට සමගාමීව සිදු කළේ සංස්කෘතික හරණයයි. විවෘත ආර්ථිකයේ නිර්බාධ වෙළෙඳාම මඟින් ස්වදේශික කලාව, සාහිත්‍යය, සංගීතය සහ සෞන්දර්ය විනාශ කළේ ඒවා පාදඩ සංස්කෘතියක මිනුම් දඬු මඟින් නින්දාවට සහ ගරහාවට ලක් කරමිනි. ඉතිහාසහරණය සහ සංස්කෘතිකහරණය මඟින් තීරණාත්මකව සිදුකළේ අර ඉහත කී ධනාගමට අවශ්‍ය පරිසරය සැකසෙන සේ සමස්ත සමාජයම අනාධ්‍යාත්මික කිරීමය. එනම් සමාජය ආධ්‍යාත්මිකහරණයකට ලක් කිරීමය. අද අප දකින්නේ එහි ප්‍රති විපාක සහ තවදුරටත් එය වේගවත් කර ඇතිකමේ බිහිසුණු විනාශයය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිරාගමික නැතහොත් ආධ්‍යාත්මිකහරණයකට ලක් කිරීමට පෙර මේ බල හවුල වසර හතළිහක් තිස්සේ සිදු කළේ ඊට අදාළ බිම් සැකසීමය. එය බොහෝ දුරට සාර්ථකය. මේ වනවිට සමාජයේ සියලූ පැතිවල මානව සබඳතා නැතහොත් මනුෂ්‍ය සම්බන්ධතා නිරාගමිකය. අනාධ්‍යාත්මිකය. පෙම්වතා සහ පෙම්වතිය, බිරිඳ සහ සැමියා, දරුවන් සහ මවුපියන්, බාලයන් සහ වැඩිහිටියන්, ගුරුන් සහ සිසුන්, පූජකයන් සහ අනුගාමිකයන්, ජනතා නියෝජිතයන් සහ ජනතාව, නිලධාරීන් සහ ජනතාව, වෙළෙන්දන් සහ පාරිභෝගිකයන්, කලාකරුවන් සහ රසිකයන්, වෙදුන් සහ රෝගීන්, පක්ෂ සහ සාමාජිකයන්, කලාව සහ කලාකරුවන්, දේශපාලනය සහ ක්‍රියාධරයන්, පොදු දේපළ සහ පරිහරණය කරන්නන් සහ කොන්දොස්තර සහ මගීන් යනාදී එදිනෙදා ජීවිතයේ කිසිදු මනුස්ස සම්බන්ධතාවක් නැත. ආගමික නැත එනම් විශ්වාසනීය නැත. ගෞරවාන්විත නැත. ඒ නිසාම පූජනීය නැත. සියල්ල නිරාගමිකය. අනාධ්‍යාත්මිකය. සියල්ල සහ සියලූ_ සම්බන්ධතා භාණ්ඩකරණය වී ඇත. සියල්ල වෙළෙඳපොළකරණය වී ඇත. මේ නම් අතිශයින්ම විස්මයජනක සහ සාර්ථක බිම් සැකසීමකි.
ආගමිකභාවයේ සහ බීජ ඇතැයි සැලකෙන සමාජ භූමියේ මතුපිට පස මුළුමනින්ම වාගේ ඩෝසර් කර ඇත. එහෙත් යටි පසේ හෝ සමහරවිට ඊටත් යටින් ජීර්ණය වෙමින් පවතින පාෂාණවල හෝ අර ආගමිකභාවයේ සහ ආධ්‍යාත්මික භාවයේ බීජ, මුල් හෝ අඩුම තරමින් ජාන වත් ඇතැයි සැක සිතී යම් දවසක ඒවා පැළවෙනු ඇතැයි බියෙන් කටයුතු කරන ආචාර්ය වික‍්‍රමරත්න වැනි ‘ව්‍යවස්ථා සම්පාදකයන්’ ට දැන් කිරීමට ඇත්තේ එකම දෙයකි. එනම් එසේ රෝපණය වුවොත් ඊට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකි වන පරිදි, සුබ නැකතක් බලා ‘නිරාගමික ව්‍යවස්ථා නමින් නමක් රෙජිස්ටර් කිරීමය.
ඒ කවරක් කළත් මේ රටේ පොදු ජනතාව වටහා ගතයුතු කරුණක් වන්නේ මේ ‘සම්පාදකයන්’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිරාගමික කිරීමට, අනාධාත්මික කිරීමට මහන්සි ගන්නේ, ආගම ගැලවීමට උත්සාහ කරන්නේ, ඒ ආගම ගලවා ධනාගම ව්‍යවස්ථාවෙන්ම, ව්‍යවස්ථාවේ ඇලවීමට බවය. අවසානයේ කීමට ඇත්තේ ආත්තම්මලාගේ උපැස් පැළඳ ඔවුන්ගේ ඇඳුම් ඇඳ පොරෝනාවලින් ගත වසාගත් වෘකයන්ගෙන් දරුවන් බේරාගන්නා දර කපන්නන් සඳහා ඇබෑර්තු ඇත යනුවෙනි.
ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓ
ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචා
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ආගම ගැලවීම
Perumal Friday, 17 March 2017 12:11 PM
රාජ්‍යයට ආගමක් තිබිය යුතුද? තිබිය හැකිද? මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය නායකයා අදහන ආගම නොවේ. රටේ ව්‍යවස්ථාව කිසියම් එක් ආගමක් සුරකින බවට ප්‍රකාශිතව ප්‍රතිඥා දිය යුතුද? රාජ්‍ය නායකයා ආගමික නායකයාද නොවන කල එවැනි ප්‍රතිඥාවක් ඉටු කල හැකිද?
මහකන්දේ විජිතසිරි හිමි Friday, 17 March 2017 04:30 PM
ඇමරිකාවේ ඩොලර් කොලයේ තියන දෙවියන් විශ්වාසයි යන කියමන තුල කියවෙන්නේ නිරාගමික බවද?
shantha Friday, 17 March 2017 10:05 PM
කාර් ටිකක් බෙදලා දුන්නා නම් මෙයාලගේ ආගම් ප්‍රේමය බලාගන්න තිබුනා යසට.
sumedha Saturday, 18 March 2017 08:26 PM
ලංකාවේ ඉන්න බෞද්ධන් ගේ හොඳ කම නිසා ඉතිරි ආගම් රැකුන මිසක් ,ඉතිරි ආගම් වල හොඳකම නිසා බුද්ධාගම රැකුණේ නැහැ, එහෙම උනානම් ඉන්දුනීසියාවේ ,මාලදිවයිනේ ,පාකිස්තානේ,ඇෆ්ගනිස්තානේ ,තවමත් බුද්ධාගම තියෙනවා,දැලිපිහිය බෙල්ලට තියල ආගම මාරු කරපු ආගමක් නෙවි බුද්ධාගම. ඒක නිසා චිරාත් කාලයක් බුද්ධාගමට තිබුන රටේ අයිතිය උදුරගන්න බෞද්ධයින්ගේ ඉවසීම නිඅසා මෑතකදී පැලපදියම් වූ ආගම් උත්සහකරන එකට මාගේ විරෝධය .ගිහින් බලන්න ඊයේ ජර්මනියේ පල්ලියක් හදන තැන කුරුස දහයක් ගහල පල්ලිය හදන ඒක නැවැත්තුව ,
ලුම්බිණි Sunday, 19 March 2017 08:19 AM
ආගම සහ රට පාලනය යනු දෙකක්. මේ දෙක එකට පටලවා ගත යුතු නැත.
siriya Sunday, 19 March 2017 07:42 PM
හොද හොද සෙල්ලම් ඉලිවෙන ජමෙටලු.
Asanga Bandara Monday, 20 March 2017 01:11 AM
"නිරාගමික රාජ්‍යත්වය" වැනි වචන වගන්ති වලට ඇතුල් කළ පසු ඒවා සමග කිසිදු ප්‍රාමාණික දැනුමක් නැති ව්‍යාපාරික ප්‍රජාවක් වන දේශපාලකයින්ට එම වචන වලින් ක්‍රීඩා කිරීමේ බලය ලැබේ. උදාහරණයක් ලෙස මෙම ලියුම්කරුගේ අදහස බැලූ බැල්මට නරක නැත. හැබැයි ඒ බැලූ බැල්මට පමණි. සංස්කෘතිය කොංක්‍රීට් ප්‍රතිමාවක් නොව නිරන්තරයෙන් කැඩෙමින් සෑදෙන්නක් වුවත් එයට කාලය නමැති සාධකය අති වැදගත් වේ. අද මේ ගැන මුල් පෙලේ මතධාරීන් ලෙස පෙනෙන්නට ඇත්තේ: 1. හදිසියේ මාධ්‍ය වල, සබා ඉදිරියේ පුටු තබා ඉඳගන්නා ඇතැම් විපරීත මහාචාර්යවරු, මාධ්‍ය ලවා විදග්ධ ප්‍රතිරූප සාදා තීන්ත ගාගත් 'විචාරකයන්', 2. ඇතැම් රෝම-සිංහල-බෞද්ධ-ලංසි චීවරධාරීන්, 3. ගීත සාහිත්‍යයක් හිසේ නොදරන සිංදු කාරයින්, 4. කොළණි මනස් ඇති සම්මානලාභී පිචර් කාරයෝ සහ 5. වෙනත් (හෙද මහතුන් ඈ) ඕපපාතික බුද්ධිමතුන් ය. මොවුන් ලවා සංස්කෘතිය හදිස්සියේ රෙපෙයාර් කරවා ගැනීම උදාගමක් වැනි අළුත් තැනකටනම් වරදක් නැත. උන් ලවා ව්‍යවස්ථාවේ සංස්කෘතික පදනම සෑදවීමට ලංකාව හොඳටෝම ලොකු වැඩිය. අනෙක් අතට මොවුන් හදන්ට යන එක පාවිච්චි කරන්නේ අ.පො.ස.(සා/පෙළ) අසමත් අනූ ගාණක් ඇතුලත් රැළකි.
Chanak Los Angeles Tuesday, 21 March 2017 01:02 AM
මෙපමණ හරබර අවශ්‍ය නැහැ ජාතිවාදය කුලවාදය උස්පහත් භේදය තුරන් කර සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් ක්‍රමය ක්‍රියාවට නංවනවා නම්, අපේ රට පුරුදු පුහුණු කර තිබෙන්නේ පීඩිත ජනතාව උසස් යැයි සම්මත ජනයාගෙ වහලුන් විය යුතුයි කියන න්‍යායයි. විවිධ ජාතීන් වෙසෙන දියුණු වුනු රටවල් වලට ගොස් බලන්න මේ සමාන අයිතිවාසිකම් බුක්ති විඳීම නිසා ගෙටුම් අවම වී එකින් එකාට ගව්රව කරමින් සාමකාමීව ජීවත් වන ආකාරය .
Chadupa Friday, 04 June 2021 01:38 PM
මට දැනගන්න පුළුවන්ද ඔය නිරාගමික ජාතික සමගියෙහි ප්‍රශ්න තියෙන රටවල්...!!!