IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කෝටි 800ක් මකර කටට යැවූ මධ්‍යම අධිවේගයේ වැඩ


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව හෙළි වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) මේ තොරතුරු අනාවරණය වී තිබිණි. එහි දී සිදුව ඇති අක්‍රමිකතා අතර ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි 170ක් පමණ වැය වී ඇති බව ද ඒ තොරතුරු අතර විශේෂයෙන් සඳහන් වෙයි.

අධිවේගී මාර්ග ඉදිකිරීම රටක සංවර්ධනයේ ඉදිරි පිම්මකි. එවැනි මාර්ග ඉදිකිරීම අපේ රටේ ආර්ථිකයට කොතරම් දුරට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. එහෙත් නිසි ලෙස වර්ධනය නොවෙන මහාමාර්ග පද්ධතියකින් තොරව රටකට ඉදිරි ගමනක් නැත. මේ හේතුව නිසා කුමන රජයක් යටතේ වුව ද මහාමාර්ග සංවර්ධනයට විශාල මුදලක් වෙන් කෙරෙයි. එහෙත් එසේ වෙන්කෙරෙන මුදල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාබාසිනියා කිරීම බරපතළ වැරැද්දකි. කෙසේ වුව ද එවැනි වැරැදිවලට අපේ රටේ පවතින ක්‍රමය තුළ වැරැදිකරුවන් හෝ වගකිවයුත්තන් හෝ සොයාගැනීමට නොහැකිවීම මෙවැනි නාස්තිකාර වියදම් දිගටම සිදුවීමට හේතු වී තිබේ.

රුපියල් කෝටි 800ක් යනු සුළුපටු මුදලක් නොවේ. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අපේ රටට මෙවැනි නාස්තිකාර ක්‍රියා විශාල හානියකි. මහා පරිමාණ වැඩක් ප්‍රමාද කිරීම නිසැකවම අතිරේක වැය බරකට හේතු වෙයි. එම ඉදිකිරීමට මුදල් සැපයෙන්නේ වෙනත් රටක ණය මත නම් ප්‍රමාදය යනු එම ණය ප්‍රමාණයට අතිරේක බරක් පැටවීමකි. රට තුළින්ම සැපයෙන මුදලක් නම් එය රටේ ආර්ථිකයට අනවශ්‍ය බරකි. මේ ක්‍රම දෙකේම අවසාන ප්‍රතිඵලය කිසිදු වැඩක් සිදුවීමකින් තොරවම රටේ ජනතාවගේ බදු මුදල් වැය වී යාමය. මෙවැනි නාස්තිකාර ක්‍රියා කවදා කෙසේ නිමවනු ඇතිදැයි අදහසක් හෝ ඇතිකර ගැනීමට පවතින වර්තමාන ක්‍රමවේද තුළින් කිසිදු පිළිසරණක් නොමැති වීම ලොකුම ඛේදවාචකයයි.

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්වල දී සිදු වූ ප්‍රමාද වීම්වලට හේතුව යහපාලන ආණ්ඩුවේ දේශපාලන ඇඟිලි ගැසීම් බවට තොරතුරු ද මේ පිළිබඳ සොයා බලන කෝප් කමිටු රුස්වීමේ දී හෙළි වී තිබිණි. ශක්‍යතා අධ්‍යයනයට කෝටි 170ක් තරම් නාස්තියක් සිදු වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සමාගමක් තෝරාගැනීම බවත් ඒ හේතුවෙන් ශක්‍යතා අධ්‍යයන කිහිපයක්ම කිරීමට සිදු වූ බවත් සඳහන් වෙයි. එය පළමු කොටසේ ප්‍රමාදයට ද හේතු වී තිබිණි. ඒ හැර තෙවැනි කොටසේ දී (පොතුහැර – ගලගෙදර) පවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් අවසන් කිරීමට නොහැකිව තිබෙන බවත් අනාවරණය වී තිබිණි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ එවකට තිබූ යහපාලන රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවේ බලපෑමය. කුමන රජයක් යටතේ වුව ද රට ආපස්සට හරවන මෙවැනි ක්‍රියා නොසිදු විය යුතු අතරම පවතින රජය ද එවැනි ක්‍රියාවලට රුකුල් දීමෙන් වැළකිය යුතුය.

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදයට බලපෑ මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදු වූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්නැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබිණි. එය යහපත් පියවරක් වුවද අපේ රටේ ඉතිහාසය විසින් පෙන්වා දී ඇත්තේ මෙවැනි වාර්තා අවසානයේ නවතින්නේ හමස් පෙට්ටියේ බවය. එසේම මෙවැනි වාර්තාවලින් මේ රටේ වගකිව යුතු කිසිදු දේශපාලනඥයකුට චෝදනා එල්ල නොවෙන බවය. විවිධ ලිපි ලේඛනවලට අත්සන් ගැසූ අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනකු අමාරුවේ වැටෙනවා හැර සැබෑ ලෙස වගකිව යුතු වන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තීන්දු තීරණ ගත් දේශපාලනඥයන්ට කිසිම අවැඩක් සිදුවන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මහාචාර්ය චරිත හේරත් මහතා විසින් කැඳවනු ලැබූ වාර්තාවට ද මේ ක්‍රමය යටතේ වෙනත් ඉරණමක් අත් වීමට ඉඩක් නැත.

නිදහස ලබා වසර 73ක් ගත වෙමින් තිබිය දීත් අපේ රටට තවමත් ප්‍රමාදයකින් තොරව අධිවේග මාර්ගයක් ඉදිකර ගැනීමට නොහැකි වීම පිළිබඳව අප ලජ්ජා විය යුතුය. දේශපාලන කෝණවලින් බලා රටේ සංවර්ධනය මෙහෙය වීමට ගන්නා උත්සාහයේ අමිහිරි ප්‍රතිඵලවලින් මෙය එකක් පමණි. ආණ්ඩුවක් වෙනස් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද අක්‍රමිකතා සොයා බැලීමෙන් පමණක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තිවලට අනුගත වන තෙක් මෙවැනි නාස්තිකාර ක්‍රියාවල නැවතීමක් බලාපොරොත්තු වීම මිරිඟුවක් පමණි.

(***)

 



අදහස් (9)

කෝටි 800ක් මකර කටට යැවූ මධ්‍යම අධිවේගයේ වැඩ

Kamal Koyrala Wednesday, 02 December 2020 07:47 AM

වෙන්කෙරෙන මුදල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන කාබාසිනියා කිරීම බරපතළ වැරැද්දකි. කෙසේ වුවද එවැනි වැරැදිවලට අපේ රටේ පවතින ක්‍රමය තුළ වැරැදිකරුවන් හෝ වගකිවයුත්තන් හෝ සොයාගැනීමට නොහැකිවීම මෙවැනි නාස්තිකාර වියදම් දිගටම සිදුවීමට හේතු වී තිබේ. එතකොට කතුතුමා රාජ්‍ය විගණන අමාත්‍යාංශයක්, මුදල් අමාත්‍යාංශයක්, පාර්ලිමේන්තු වැය ශීර්ෂයක් තියන්නේ මොකටද?

:       2       83

RaveendraWednesday, 02 December 2020 09:42 AM

"උන්" හොරා කාපුව "මුන්" හොයනවා..... "මුන්" හොරා කපුව උන් හොයනවා...." සැමදා මහජන මුදල් කාබාසිනියා කරනවා. රට අවුරුදු 60ක්,70 ක්ම සංවර්ධනය වෙමින් පවතින රටකි. ටකරන් අනුභව කරන තකතීරු ඡන්ද දායකයා සැමදා පාට තුනට කෑමරා ගනිමින් එක එක මූසල දේශපාලුවන් පසුපස දුවනවා. දියවන්නාව පට්ටියේ අම්බරුවන් 225ටම මෙම අදහස් කියවීමට හැකි වේවා...!!!

:       2       67

chandana Wednesday, 02 December 2020 08:20 AM

2015න් පසු බිහිවූයැයි පුරසාරම් බෑ. ඊනියා ස්වාධීන ආයතන මේවා දැක නැත්ද? දැක ඇතත් නැතත් ඒවා ගැන සොයා නැත්තේ ස්වාධීන බවේ පරතරයටම පැමිණ මගඵල ලබා ගැනීම හේතුවෙන්ද යන්න පිළිබඳවත් සොයාබැලීම වටී.

:       14       51

Nuwan Wednesday, 02 December 2020 08:31 AM

කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල්, ඡන්ද අල්ලස් විදිහට දීලත් ඔය නිදහස් වෙන්නේ කට්ටිය. රුපියල් 2500 ගානේ දීලා තියෙන්නේ ගෙවල් අලුත්වැඩියා කරන්නලු. 2500න් මොනවද අලුත් වැඩියා කරන්න පුළුවන්? මේවට හිනාවුණොත් කන්දෙක ළඟින් කට ඉරෙනවා.

:       5       34

Ranjith Thursday, 03 December 2020 09:13 AM

විනාශකාරී යහපාලන නඩය හැමපැත්තෙන්ම රටට කෙළෙව්වා..

:       9       87

anta Friday, 04 December 2020 07:28 AM

මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න තිබ්බේ මාතර එකට ඉස්සෙල්ලා, නුවර අය ඡන්දෙ දුන්නේ නැති නිසා හැදුවේ නැහැ. ඔක්කොම අය හොඳට කොමිස් ගැහුවා. හරියට බැලුවොත් කටුනායක අධිවේගී එක හදලා ඉවර කරන්න තිබ්බේ 70 ගණන් වල. ලංකාවට ගිය කලක්. මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ඕනේ නැහැ. සර්ව සම්පූර්ණ දේශපාලනය කරන අය නැහැ.. හොඳම එක්කෙනා තෝරන්න ඕනේ.. බොරු නොකියන අපේ මිනිස්සු අාස බොරු කියලා හරි තමන්ව මුරුංගා අත්තේ තියන අයට.

:       4       22

ඇස්නීසන් ජයමහ Wednesday, 30 December 2020 01:14 AM

ඔය 800 කියන්නේ අපේ මුදලින්.... නමුත් විදේශ මුදලින් කෝටි 04ක් පමණ වෙයි. එහෙම නැතිව ශක්‍යතා අධ්‍යයනය කරන්න පිටරටවලින් එන්නේ නැහැ. මහපරිමාණ ව්‍යාපෘති වලට ශක්‍යතා කරන විට අය කරන මිල ගණන් ගැන සාමාන්‍ය මිනිසුන් දන්නේ නැහැ. මෙවැනි ව්‍යාපෘති අවුරුදු ගණනාවකටයි හදන්නේ. හැම ප්‍රදේශයකම පස් පවා රැගෙන පරීක්ෂා කළ යුතුයි... නිදසුනක් ලෙස සාමාන්‍ය අට පාස් අයට මෙය මෝඩ වැඩක් විය හැකියි.

:       0       0

Rohana Wednesday, 30 December 2020 07:10 AM

චරිත හේරත්ට පුලුවන්ද මහා පරිමාණ දූෂන, වංචා හොයන්න. වාර්තා ලබා ගෙන හොයලා දඬුවම් කරන්නද? ඔයාලත් අරගොල්ලො වගේමයි.

:       0       0

sanka nayanjith Friday, 01 January 2021 04:45 AM

යහපාලනේ හරක් තමයි ඉතින්... කරපු මගෝඩි වැඩ එළියට එන්නේ දැන් දැන්... 2015 දී කිව්ව වෙනස මාරයි... රට හමාරයි... කියලා පේනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16926 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site