කුරුසියේ ඇණගසනු ලැබූ යේසුස් වහන්සේ මරණයෙන් නැගී සිටි (උත්ථානය සිදු වූ) පාස්කු ඉරිදා දිනය, කතෝලික සහ ප්‍රොතෙස්තන්ත යන දෙවර්ගයේම කිතුනුවන් විසින් සමරනු ලැබේ. එය කිතුනුවන් ප්‍රීතියෙන් සොම්නස් ගීතිකා ගායනා කරන දිනයකි.
“මරණය, තොපේ වේදනා දැන් කොහිද?
සුසානය, තොපේ ජය කොතැන ගියේද?
එතුමන් පණ ලබා ඇත
එතුමන් ජීවය ලබා ඇත
උත්ථානය වී ඇත”
ඡායාරූපය - චන්දන ප්‍රනාන්දු |
යයි ඔවුහු එදින ගීතිකා ගැයද්දී ඉරණම කුරිරු ලෙස ආපසු කැරකී ආවේය.
මේ වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදාව ශෝකී ඛේදාන්තයක් බවට පත්විය. පාස්කු ඉරිදා දිනයේ කොළඹ, මීගමුව සහ මඩකළපුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදුකළ මිනිස් සංහාරය හා විනාශය කිතුණුවන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම කම්පාවටත්, කැළඹිල්ලටත් අතිශය සංවේගයටත් හේතුවූයේය.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදාව ලෙයින් තෙත් කරමින් එකී බිහිසුණු අපරාධය කිරීමේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අන්තර්ජාතික ‘ජිහාඞ්’ නම් ඉස්ලාමීය සන්නද්ධ සංවිධානය බාරගෙන තිබේ.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය කලින් හැඳින් වූයේIslamic State of Iraq and the Levant (ISIL) (ඉරාක සහ මධ්‍යධරණී ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය) නැතහොත් Islamic State of Iraq and Syria (ISIS) (ඉරාක සහ සිරියා ඉස්ලාමීය රාජ්‍යය) යනුවෙනි. මෙහි අරමුණ වූයේ ලෝ පුරා ඉස්ලාමීය බල ප්‍රදේශය ගොඩනැගීමයි. වෙනත් අයුරකින් කිවහොත් ඉස්ලාමීය රාජ්‍යය යනු අබුබකර් අල් බග්ඩාඞ් නම් නායක පදවිය දරන්නාගේ රාජ්‍යයයි.
වාර්තා වන අන්දමට එය ගොඩනඟන්නට උත්සහ ගන්නේ සිරියාව පදනම් කරගෙනයි. පසුගිය කාලයේ එක්සත් ජනපද සහාය හමුදා ඉදිරියේ ලැබූ පරාජයන් හේතු කොට ගෙන ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් අල්ලාගත් ප්‍රදේශ ටිකෙන් ටික හැකිලී ගියේය.
මැදපෙරදිග යුදමය ආධිපත්‍යය ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් විසින් ඇතිකරගන්නා අතරම ඔවුහු ලෝකය පුරා තවත් මට්ටමකින් කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ උපායකට ද යොමු වූහ. ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් අල්ලාගත් භූමි ප්‍රදේශ යුදමය පරාජයන් හේතුවෙන් කෙමෙන් අඩු වෙත්ම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තයෝ වෙනත් තැන්වලට එල්ල කරන ත්‍රස්තවාදී ප්‍රහාර තීව්ර ලෙස වැඩිකරන්නට පටන් ගත්හ. මෙයින් ඔවුන් පෙන්වන්නට උත්සාහ ගත්තේ පදවිය අහිමි කිරීමෙන් සංවිධානය කඩා බිඳ දැමිය නොහැකි බවත්, ඒ මගින් ගෝලීය මට්ටමේ දී තමන් මාරාවේශයට පත් වී ඇති බවත්ය.
ලෝකයේ අනෙක් ප්‍රදේශවල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමීය රාජ්‍යය සටන්කාමීන් විසින් එක් එක් රටවල ඉස්ලාමීය සන්නද්ධ සංවිධාන උපයෝගී කර ගනුයේ තම සාහසික ක්‍රියාකාරකම්වල පැවැත්ම රැක ගනිමින් ඒවා පතුරවා හරින ඒජන්තයින් ලෙසයි. ශ්‍රී ලංකාව තුළ ද සිදුවූයේ යයි පෙනෙන්නේ එවැන්නකි.
ඡායාරූපය -හිරාන් ප්‍රියංකර |
තරුපහේ හෝටල් තුනකත්. කතෝලික දේවස්ථාන දෙකකට සහ ප්‍රොතෙස්තන්ත එවැන්ජලිකල් දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් පසු අවධානය යොමු වූයේ මඩකළපුවේ කාත්තන්කුඩියේ උග්‍ර මුස්ලිම් අන්තවාදී පූජකයකු වෙතයි. ඉන් පෙර ඉස්ලාමීය කවයෙන් පිටත අය ඔහු ගැන දැන සිටියේ යන්තමිනි. එසේ වුවද එම තැනැත්තාව, කාලයක පටන් බුද්ධිමය අංශවලටත් විමර්ශකයන්ටත් දකුණු ඉන්දියාවේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ සලාෆි ජිහාඞ්වාදයේ වර්ධනය පිළිබඳව අවධානයෙන් සිටි පුවත් පත් කලාවේදීන්ටත් අවශ්‍යව සිටි අයකු වී තිබිණ.
සලාෆි ජිහාඞ් වාදය සංක්‍රාන්තික ඉස්ලාමීය මතවාදයේ වහාබ් බලපෑම මත බිහිවූවකි. එය මූලධර්මවාදී ඉස්ලාම් ආගමට ආපසු හැරී අයුධ සන්නද්ධ අරගලය අදහන්නකි. මුස්ලිම් ආගමිකයන්ගේ වර්ගවාදී හැඟීම් අවුස්සාලමින් දේශනා පවත්වන්නට සමත් වූ මෙම දේශකයා කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් පිහිට වූයේය. ස්වදේශීය මුස්ලිම් සංවිධානය සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට මූලික වූ පුද්ගලයා ලෙස සැක කෙරුණේ මොහු ගැනය. පාස්කු ඉරිදා සාහසික ප්‍රහාරවලින් පසු මෙම සැකය තවදුරටත් තහවුරු වී තිබේ.
මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම්
පාස්කු ඉරිදා එල්ල වූ සාහසික ප්‍රහාරවලින් පසු සැමගේ අවධානය යොමු වූයේ 34 හැවිරිදි ආගමික හා දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වූ පූජකවරයෙකු වෙතයි. ඔහුගේ සම්පූර්ණ නම මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම් ය.
සාමාන්‍යයෙන් සහ්රාන් හසීම් නමින් හැඳින සිටි ඔහු ජාතික තව්හීඞ් ජමාත් නම් ඉස්ලාමීය සංවිධානයේ ආරම්භකයාය. ව්‍යක්ත කථිකයකු වූ සහ්රාන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලත් ඉන්දියාවේ තමිල්නාඩුවේත් ජාතික තව්හීඞ් ජමාත් අරමුණු සහ අභිප්‍රායන් ප්‍රචලිත කළේය.
මතුපිටින් පෙනී යන්නේ සහ්රාන් හසීම් ජාතික තව්හීඞ් ජමාත් නිකායෙන් බිඳී 2018 දී ‘තව්හීත් ජමාත් ජාතිය’ නම් අනුගාමිකයන් සහිත අළුත් අන්තවාදී කල්ලියක් ගොඩනඟා තිබෙන බවයි. මේ ගැන මැනවින් දත් මුලාශ්‍රවලට අනුව මෙම කල්ලියට ශ්‍රී ලංකාව තුළත් ඉන්දියාවේදීත් නායකත්වය දී ඇත්තේත් පාස්කු ඉරිදා ශ්‍රී ලංකා ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍යය සහයෝගය ඇතිව මෙහෙයවා ඇත්තේත් සහ්රාන් විසිනි. ජාතික තව්හීඞ් ජමාත් සංවිධානයෙන් බිඳී අවුත් සහ්රාන් නව සංවිධානය ගොඩනගා ඇත්තේ ත්‍රස්ත ක්‍රියාවල නියැලීමේ මූලික අරමුණ ඇතිවයි.
තව්හීඞ් ජමාත් වෙතින් මිනිස් බලය සපයද්දී ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය වෙතින් අධිබල පුපුරවා හැරීම්වලට අවශ්‍ය විශේෂඥ තාක්ෂණික දැනුම සපයා තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ භීතියත් කම්පනයත් ඇතිකොට සමස්ත ලෝකයටම එය දැනෙන පරිදි හොඳින් සම්බන්ධීකරණය වී මෙම ප්‍රහාරය සැලසුම් කොට ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යය උපායමාර්ගික සැලසුම්කරුවන්ගේ සූක්ෂම දැනුමත් හවුල්කරගෙන බව පෙනී යයි.
ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සහ ජාතික තව්හීඞ් ජමාත් සංවිධානය අතර මාරාන්තික සම්බන්ධතා යා කෙරෙන කඩ ඇණය සහ්රාන් හසීම් වෙතැයි විශ්වාස කෙරේ. එයින් නොනැවතුනු සහ්රාන් ‘අබු උබයිදා’ යන නම ආරූඪ කරගෙන තමා ද සහභාගී වෙමින් ප්‍රහාරය දියත් කළ බව පෙනී යයි.
ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ‘අබු උබයිදා’ හෙවත් සහ්රාන් හෂීම් බවට සැක කෙරේ. ඇතැම් අයගේ අදහස වන්නේ සහ්රාන් කල්ලි නායකයා බැවින්, එක් ප්‍රහාරයකින් මිය යනවාට වඩා, ජීවත් වෙමින් තව ප්‍රහාර එල්ල කිරීමේ විකල්පය ඔහු තෝරා ගනීවි යන්නය.
තම දෙමාපියන් සහ සොහොයුරු සොයුරියන් කැටුව ඔහු 18 දා පටන් අතුරුදන් වී සිටීම තවත් කාරණයකි. තම පවුලේ සාමාජිකයන්ට පූර්ව ආරක්ෂාව සැලසීම සඳහා ඔහු පිටතට ව්‍යාජයක් පෙන්වන්නේ ද යන්න ද සැක සහිතය. යහපත් වාතාවරණයක් සැකසුණු විට නැවත පවුලේ සාමාජිකයන් ඒකරාශී කිරීමේ චේතනාවෙන් ඔහු එසේ කරනවා විය හැකියි. ඒ ගැන මේ අවස්ථාවේ නිශ්චිතව යමක් කිව නොහැකිය.
ඡායාරූපය -හිරාන් ප්‍රියංකර |
අබු උබයිදා නම් මිනීමරු ත්‍රස්තයා
කෙසේ වුවද මූලික ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙන් බිහි වූ ඉස්ලාම් මූලධාර්මික පූජකවරයකු ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සමග ඒකාබද්ධවී දේවස්ථානවල යාඥාවේ යෙදුණු අහිංසක පුරවැසියන්ට සහ සුඛෝපභෝගී හෝටල්වල, පාස්කු ඉරිදා උදය ආහාරය ගනිමින් සිටි එවැනිම අහිංසක සංචාරකයින්ට එරෙහිව බිහිසුණු ප්‍රහාරයක් දියත් කරන්නට යොමු වූයේ ඇයි ද යන්නය.
මේ අවස්ථාවේ දී ඒ සඳහා පහසුවෙන් පිළිතුරු දිය නොහැක්කේය. මෙම ලිපියෙන් කරන්නට උත්සාහ ගන්නේ සහ්රාන් හෂීම් ගේ ජීවිතය පිළිබඳ තතු අවුස්සා බලා සාමකාමී ආගමික ක්‍රියාධරයකු අබු උබයිදා නම් මිනීමරු ත්‍රස්තයකු බවට පරිවර්තනය වන්නට හේතුව සොයා බැලීමයි. ඊට අදාළ කතාවේ තැන් තැන්වල විසුරුණු කොටස් එකට එක්කොට මෙම තතු විමසා බැලිය යුතුවේ.
මොහොමඞ් සහ්රාන් මොහොමඞ් හෂීම් කාත්තන්කුඩි නම් වෙරළබඩ මුස්ලිම් ගම්මානයේ උපත ලබන්නේ 1985 දීය. කාත්තන්කුඩි යන්න දෙමළ බසින් උච්චාරණය කරනුයේ කාත්තාන්කූඩි යනුවෙනි. එය පිහිටා ඇත්තේ කොළඹ සිට සැතපුම් 211 දුරින් වූ එෂුවාන්කරායි නම් වෙරළබඩ ප්‍රදේශයේය. එෂුවාන්කරායි යන්නෙහි තේරුම හිරු නැගෙන වෙරළ යන්නයි.
මඩකළපු කළපුවත් බෙංගාල බොක්කත් අතර එය පිහිටා තිබේ. එය වර්ග කිලෝ මීටර් 2.56 කින් සහ කිලෝ මීටර් 1.33කින් දිග පළලකින් යුතුව, රට තුළට විහිදුනු කළපුව සමීපයේ බිම්කඩකි. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වය ඇත්තේ ද එහිය. එම නගරය තුළ වර්ග කිලෝ මීටරයක් තුළ වාසය කරන ජන සංඛ්‍යාව 6,726 කි. 2014 සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන පරිදි කාත්තන්කුඩියේ නගර සභා බලප්‍රදේශයේ ජනගහනය 47,603 කි.
අතිශය ජන ඝනත්වයක් ඇති කාත්තන්කුඩිය නැගෙනහිර පිහිටි වඩාත් සමෘද්ධිමත් මුස්ලිම් නගරයයි. මඩකළපු දිස්ත්‍රික්කයේ වඩාත්ම කාර්යබහුල වෙළෙඳ මධ්‍යස්ථානය කාත්තන්කුඩියයි කියනු ලැබේ.
1930 ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය පිහිටවූයේ කාත්තන්කුඩිවලයි. ඒ මගින් වඩාත් ප්‍රශංසනීය අධ්‍යාපන සම්ප්‍රදායකට මගපෑදිනි. බොහෝ ගුරුවරු, නීතිඥවරු, ගණකාධිකාරිවරු, ඉංජිනේරුවෝ, බුද්ධිමතුන් සහ රාජ්‍යතාන්ත්‍රිකයේ කාත්තන්කුඩියෙන් බිහි වූවෝය. ඊට අමතර කාත්තන්කුඩි වාසීන් ව්‍යවසාය නිපුණතාවලටත් ව්‍යාපාරික කටයුතුවලටත් නම ගිය උදවියයි. නැගෙනහිර පළාතේ ස්ථාපිත මුස්ලිම් වාණිජ ආයතනවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් වෙළෙඳ ආයතනවල හිමිකරුවන් වන්නේ කාත්තන්කුඩිය වැසියන්ය. එහි ඇඟලුම් කර්මාන්තය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී. කාත්තන්කුඩිය සාරිවලටත් සරම්වලටත් ප්‍රසිද්ධය.
වහාබ් මතවාදය සහ මුස්ලිම් පල්ලි වෙත බලපෑම
මෑත කාලයේ කාත්තන්කුඩි වැසියෝ මැදපෙරදිග රැකියා සොයා ගියහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එහි වහාබ් වර්ගයේ ඉස්ලාමික මත වර්ධනය වූයේය.
ඡායාරූපය - චන්දන ප්‍රනාන්දු |
වහාබ් වාදය සවුදි අරාබියේ නිර්මාණය වූ චිරාගත ඉස්ලාම් නිකායකි. වහාබ් වාදය යනු ඉස්ලාම් දහමේ අන්තගාමී සම්ප්‍රදායික ප්‍රවණතාවයකි. අතීත මුග්ධ මත වැළඳගන්නා එය ඉස්ලාමයේ පළමු සියවස් තුනෙන් මෙහා ඊට එකතු වූ සියලු නව අදහස් ප්‍රතික්‍ෂේප කරයි. නිර්මල ඉස්ලාම් පැවතුම් සොයමින් යුහුසුළු වන එය ඒක දේවවාදී මත අදහමින් අනෙකුත් සම්ප්‍රදායික නොවන මත සියල්ල ප්‍රතික්‍ෂේප කරයි.
අද දවසේ කාත්තන්කුඩිය, කළු ලෝගු පොරවාගත් ගැහැණුන්ගෙන් ද ගොරහැඩි රැවුල වවාගත් පිරිමින්ගෙන් ද සමන්විත නවීන නගරයකි. නාගරික පරිශ්‍රය තුළ රටඉඳි ගස් වවා ඇති එහි බොහෝ නාම පුවරුවල අරාබි අකුරු සහිත වදන් දිස්වේ. ලියාපදිංචි කළ හා නොකළ මුස්ලිම් පල්ලි 60 කට වඩා කාත්තන්කුඩියේ ඇත. ඒවායින් අතළොස්සක් හැරුණු විට අනෙක්වා සියල්ල වහාබ් මතවාදයේ පිළිවෙත් අදහති.
1990 දී කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලිවල යාඥා කරමින් සිටි වැසියන් කොටි ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අයුරු ද මෙහිදී සිහිපත් වේ. මුස්ලිම් පල්ලි 4 කට එසේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වූ අතර 147 දෙනෙක් එහිදී මිය ගියහ. 2004 සුනාමියට ද කාත්තන්කුඩිය දරුණු ලෙසම අසුවූයේය. 108 දෙනෙක් සුනාමියෙන් මියගිය අතර 93 දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා විය. වාසස්ථාන 2,000ක් පමණ විනාශ වී හෝ හානි විය.
හයාත් මොහොමඞ්ට සහ සමීනා හෂීම්ට දාව සහ්රාන් හෂීම් 1985 උපත ලැබුවේය. ඔහුගේ පවුලේ අය පදිංචිව සිටියේ නගරයේ ‘වෝඞ් 3’ කොටසේය. දරුවන් 5 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ඔහුය. සහ්රාන්ට සෙයින් සහ රිල්වාන් යනුවෙන් සහෝදරයෝ දෙදෙනෙකි. බාල සහෝදරියෝ දෙදෙනෙකි. මදනියා සහ යසීරා එම පවුලේ බාලයන්ගේ නම් ය.
සහ්රාන්ගේ සොයුරු සොයුරියන් සියලු දෙනා විවාහ වී ඇති අතර ඔවුන් සියලු දෙනාට දරුවන් ඇත. සහ්රාන් හෂීම් විවාහ වූයේ 2010 දීය. ඔහුගේ භාර්යාව වූ හාදියාගේ උපන්ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, කැකුණගොල්ලයි. විවාහ වෙද්දී ඇය කැකුණගොල්ල ජාතික පාසලේ ශිෂ්‍යාවකව සිටියාය. ඔවුනට වයස අටේ පිරිමි දරුවෙක් ද වයස හතරේ ගැහැණු දරුවෙක් ද වෙති.
ජමියාතුල් අල්- ෆලාහ් මද්රසා
අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය දක්වා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කාත්තන්කුඩියේ රජයේ පාසලෙන් ලද සහ්රාන්, 2001 දී කාත්තන්කුඩියේ ‘වෝඞ් 4’ හි පිහිටි පිහිටි ජමියාතුල් අල්- ෆලාහ් මද්රසා දේවධර්ම විද්‍යාලයට ඇතුළු වූයේය. ඉතා බුද්ධිමත් ශිෂ්‍යයකු වුව ද ඔහු සිය මුරණ්ඩු, විපරීත මත නිසා ඉක්මනින්ම ගුරුවරුන් හා උරණ වූයේය. තරුණ සහ්රාන් ඉතා දක්‍ෂ ලෙස අරාබි බස කතා කරන්නට උගත්තේය. ඔහු ඉක්මනින්ම මූලධර්මික ඉස්ලාමීය තව්හීඞ් වාදයට ඇදී ගියේය. ඉස්ලාමීය ඒකදේව වාදයේ අදෘශ්‍යමාන ඒකත්වය යන සංකල්පය තුළ ඔහු සිරවූයේය.
සහ්රාන් හෂීම්, මද්රසා පාසලේදී අතිශය හිතුවක්කාර අන්දමින් හැසිරෙමින් තම ගුරුවරුන් සමග නිතර වාදයේ පැටලුනේය. නීතිරීතිවලට සහ චර්යාවන්ට අනුගතවීම ද ඔහු ප්‍රතික්‍ෂේප කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 දී ඔහුව අල්- ෆලාහ් මද්රසා පාසලෙන් නෙරපනු ලැබුවේය. ඔහු තම අධ්‍යයන පාඨමාලාව සම්පූර්ණ කළේ නම් මෞලවිවරයකු හෝ ආගමික ගුරුවරයකු වන්නට ඉඩ තිබිණි. එසේ නොකළ නිසා එවැනි තත්ත්වයක් දැරීම නිල වශයෙන් ඔහුට තහනම් විය. පසුකාලීනව ඔහුගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඔහුව ඇමතුවේ සහ්රාන් මෞලවී යනුවෙනි. එම ඇමතුම නිවැරදි කරන්නට හෂීම් උත්සාහ ගත් සෙයක් නොපෙනේ.
මද්රසා පාසලෙන් නෙරපූ පසු සහ්රාන් හෂීම් ශ්‍රී ලංකා තවුහීඞ් ජමාත් වෙත බැඳුණේය. තවුහීඞ් දෙවියන් සමග ඒකාග්‍රවීම පිළිගනු ලබයි. ඉස්ලාමීය ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ තවුහීඞ් යන්න අර්ථ දක්වා ඇත්තේ පහත සඳහන් පරිදිය.
“තවුහීඞ් යන්නෙන් ඉස්ලාමීය දේව ධර්මය යන්න අදහස් වේ. එයින් ඒකදේව වාදය ප්‍රකාශිත වන අතර විශ්වයේ මැවුම්කරුවාණන් ලෙසත් විශ්වය පවත්වා ගැනීමේදීත් එකම සර්ව බලධාරියා වන්නේ දෙවියන්ය. මෙය මානව සමාජ සංවිධානය උදෙසා ඉස්ලාමීය ප්‍රතිසංස්කරණවාදීන් සහ ක්‍රියාකාරීන් මුලධර්මයක් ලෙස උපයෝගී කර ගනිති. ආගමික චින්තනය මත පිහිටා ඉතිහාසය. සෞන්දර්ය විද්‍යාව, මනස පිළිබඳ දර්ශනය, මෙන්ම සමාජ, ආර්ථික සහ ලෝකයේ පැවැත්ම ද විග්‍රහ කරනු ලැබේ.”
ජමාත් යන්නෙන් ආගමික සභාව හෝ පර්ෂදය යන්න අදහස් වේ. එය අරාබි වදනකි.
තමිල්නාඩු තවුහීඞ් ජමාත් (TNJ)
තමන් තවුහීඞ් ජමාත් ලෙස හඳුන්වා ගන්නා විවිධ සංවිධාන ඉන්දියාවේත්, ශ්‍රී ලංකාවේත් තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු තවුහීඞ් ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ ඊට අනුරූප ශ්‍රී ලාංකීය තවුහිඞ් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතා පවත්වා ගනී. ශ්‍රී ලාංකීය තවුහීඞ් ජමාත් සංවිධානයේ (SLTJ) සමහර සාමාජිකයෝ එය තමිල්නාඩු තව්හීඞ් ජමාත් සංවිධානය කෙරේ දක්වන යටහත් පහත් බව තේරුම් ගෙන එයින් කැඩී ලංකා තව්හීඞ් ජමාත් (CTJ) යනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත්හ.
මද්රසා අධ්‍යාපනය හිටිහැටියේ නැවතුනු පසු සහ්රාන් හෂීම් මුලින්ම ශ්‍රී ලංකා තව්හීඞ් ජමාත් සංවිධානය සමග කාත්තන්කුඩියේ කටයුතු කළේය. එහෙත් සහ්රාන් තමාගේ අතිධාවනකාරී මත නිසා ඉක්මනින්ම ගැටුම් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහු විසින් ඔහුගේම අලුත් සංවිධානයක් ජාතික තව්හීඞ් ජමාත් (NTJ)යන නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. ශ්‍රී ලංකාවේ SLTJ හෝ CNT හට සහ්රාන් හෂීම්ගේ NTJ සමග හවුලක් තිබුණේ නැත. එසේ වුවද අරමුදල් මදි වූ විට ලෑලිවලින් සාදා ගත් යාඥා මධ්‍යස්ථානයක් කාත්තන්කුඩියේ පිහිටුවා වැඩට බැස්සේය.
හෂීම් දෙමළ බසත් අරාබි බසත් හොඳින් කතා කරන චතුර කථිකයෙක් විය. තම මතය අනුන්ට බලෙන් කාවද්දන්නට ඔහු සමතෙකි. ඉක්මනින්ම සහ්රාන් හෂීම් කාත්තන්කුඩියේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් බැතිමත්හු ඔහුට ආගමික දේශනා පවත්වන්නට ආරාධනා කළහ. සහ්රාන් හෂීම් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල මුස්ලිම් ආගමික සභාවල දේශනා පවත්වමින් සංචාරය කළේය. ඔහුට තම බිරිඳ හාඩියා හමු වන්නේ කැකුණගොල්ල ප්‍රදේශයේ එවැනි සංචාරයක නිරත වී සිටියදීය.
ජාතික තව්හීඞ් ජමාත් මුස්ලිම් පල්ලිය
සහ්රාන් හසීම්ගේ අතිධාවනකාරී අන්තවාදී මත රැගත් චතුර කථිකත්වයෙන් යුතුව කළ දේශනා විසින් කාන්දමක් මෙන් තරුණ තරුණියන්ව ඇද ගත්තේය. ඔහු NTJ වෙනුවෙන් දෙමළ වෙබ් අඩවියක් අරඹා තම මත ප්‍රචලිත කළේය. එයින් තමිල්නාඩු වාසී ගල්ෆ් රටවල සේවය කරන අය ද ඔහු තමාගේ මතයට ඇද ගත්තේය.
පසුව ඔහු එහිම මුහුණු පොතේ පිටුවක් ආරම්භ කොට පවත්වාගෙන ගියේය. එවිට ඉක්මනින් ඔහුට ආධාර එකතු වූයේය. දැන් කාත්තන්කුඩියේ ‘වෝඞ් 3’ හි පිහිටි NTJ මුස්ලිම් පල්ලිය නවීන ගොඩනැගිල්ලකි. සහ්රාන්ගේ දේශනා අහන්නට ඉමහත් කැමැත්තෙන් සෙනග ආවද ඔහුගේ NTJ මුස්ලිම් පල්ලියේ යාඥාවලට වැඩි සෙනගක් ආවේ නැත. එම පල්ලියම තාරුල් අතාර් අතාවියා නමින් ද හඳුන්වනු ලැබුවේය. එසේ නොආවේ කාත්තන්කුඩියේ විවිධ මුස්ලිම් පල්ලි බොහෝ තිබුණු නිසා විය හැකියි.
ඉහත කී ලෙස පල්ලියෙන් පිට ඔහුගේ දේශනා අහන්නට විශාල පිරිසක් ආහ. ඇතැම් විට නගරයේ තැනින් තැන අහඹු ලෙස ඔහු රැස්වීම් පැවැත්වූයේය. කයිරෝවේ අල් අසාර් විශ්වවිද්‍යාලයෙන් පැමිණි දෙමළ බස කතා කරන මුස්ලිම් විද්වතකු සමග සහ්රාන් ප්‍රසිද්ධියේ කළ වාදයක් නිසා ඔහුගේ ජනප්‍රියත්වය හිටි හැටියේම වැඩි වෙන්නට ගත්තේය.
කාත්තන්කුඩියේ අලියාර් හන්දියේ පැවති එම විවාදය සවස 03.00 පටන් ගෙන රාත්‍රී 1.00 වන තුරා පැය 10ක් පුරා පැවතියේය. එම විද්වතා හොඳ දැනුමක් ඇත්කු වුවද ඔහු දෙමළ බස හැසිර වීමට එතරම් සමතෙක් නොවූයේය. වඩාත් දැනුම ඇති ප්‍රතිවාදියාව සහ්රාන් කටින් ගසා ජය ගත්තේය. හිටි හැටියේ කටට එන හොඳ කියුම් කියන්නට විද්වතාට නොහැකි විය. ඒ හැකියාව සහ්රාන් හට තිබුණු නිසා සහ්රාන් ඔහුට වාග් ප්‍රහාර එල්ල කළේය. එවේලේ 3000 කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් සහ්රාන්ට ඉතා උද්යෝගයෙන් ඔල්වර හඬ නැගුවෝය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකත්වය ගන්නා පිරිස හිටි හැටියේ වැඩි වූයේය.
රට වටා යමින් ද සහ්රාන් තමාගේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත සාමාජිකයන් බඳවා ගත්තේය. එක් කාලයක් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත් පිරිස 600 දක්වාත් අර්ධ සාමාජිකත්වය ගත් පිරිස 4500 දක්වාත් වැඩි වී තිබිණි. ඔහු තමිල්නාඩුවේත් මාලදිවයිනේත් මැද පෙරදිග රටවලත් රැස්වීම් පැවැත්වූයේය.
මැද පෙරදිග රටවලට ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් රැකියා සඳහා ගිය පිරිස් ඒවාට සවන් දෙන්නට ආවෝය. මේ ආකාරයට ජාතික තව්හීත් ජමාත් සංවිධානය බලයෙන් හා ශක්තියෙන් වර්ධනය වූයේය. මේ දක්වා ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් මුස්ලිම් සමාජයට පිටින් ඉන්නා ජනයා ඔහුව හඳුනා ගත්තේ නැත.
කෙසේ වුවද ප්‍රධාන ධාරාවේ මුස්ලිම් සංවිධානවලට සහ්රාන් මහත් හිරදයක් විය. අතිධාවනකාරී අන්තවාදය දේශනා කරමින් යන ඔහුගේ ජනප්‍රියත්වයට ඔවුහු කැමති නොවූහ.
කාලිෆ්වරයාගේ බල ප්‍රදේශය හෙවත් ඉස්ලාමීය රාජ්‍යය තැනීම.
ජාතික තව්හීත් ජමාත් වැදගත් සංවිධානයක් ලෙස වර්ධනය වන්නට ගනිද්දිම සහ්රාන්ගේ දේශපාලන සිතුවිලි වඩ වඩාත් අන්තවාදයට ඇදී ගියේය. ඔහු විවෘතවම අයිසිස් සංවිධානය වෙත තම හිතවාදී බව පවත්වා ගත්තේය. මෙහි හැරවුම් ලක්ෂය වූයේ 2014 ජුනි මාසයේ දී අයිසිස් සංවිධානය තම නාමය ෂී හෙවත් ‘ඉස්ලාම් රාජ්‍යය’ ලෙස නැවත හඳුන්වා දුන් පසුවය.
සියලු රට රටවල් අතර දේශසීමා මකා දමා ලෝ පුරා බිලියන 1.5 ක් වූ මුස්ලිම් ජනකායකගේ තනි සුපිරි නායකයා ලෙස අබු බකර් අල් බග්ඩාඞ් පත් කර ගැනීමේ අවශ්‍යතාව එයින් ප්‍රකාශයට පත් වූයේය. ඉන්පසු දෙමළ භාෂාවෙන් එම වාදය ප්‍රචාරය කරන්නකු බවට සහ්රාන් පත් වූයේය. ඉස්ලාම් රාජ්‍යය සටන් පෙරමුණ පිළිබඳව දෙමළ බසින් ඔහු ප්‍රවෘත්ති පළ කළේය. ඊට සහයෝගය දෙන අදහස දැරු ලිපි ලීවේය. ඇතැම් මුස්ලිම් කවවල ඉස්ලාම් රාජ්‍යයේ හඬ ලෙස සහ්රාන් හසීම් සැලකුණේය.
ඡායාරූපය - ඉෂාන් සංජීව |
ඔහු ඉදිරියේ සෑම දේම තෘප්තිමත්ව සිදු වන්නා සේ පෙනුන ද තමා ගැන පමණට වඩා තක්සේරු කළ නිසා සහ්රාන් හසීිම් අමාරුවේ වැටුණේය. කාත්තන්කුඩියේ වහාබ් බලපෑම ඇති මුස්ලිම්වරුන් වන අලියාර් හන්දියේ බදුරියා පල්ලියේ (වෝඞ්-6 පෙදෙසේදී) අනුගාමිකයන්ගේ පිළිකුලට ඔහු භාජනය වූයේය. එසේ වූයේ බදුරියා පල්ලියේ අනුගාමිකයන් වඩාත් ගූඪවාදී ඉස්ලාම් ධර්මයක් වූ සුෆී වාදය ඇදහීමයි. එම පිළිවෙත් අතර සාන්තුවරයන් වන්දනා කිරීමත් සොහොන් වන්දනාවේ නියැලීමත් වේ. වහාබ්වරු මෙය මිත්‍යාදෘෂ්ඨියක් සහ ආගමට අවමාන කිරීමක් ලෙස සලකති.
බදුරියා පල්ලියේ අයට යස පාඩමක් ඉගැන්වීම සඳහා, එම පල්ලියේ සමීපයේම වූ අලියාර් හන්දියේ සහ්රාන් හසීම් ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ රැස්වීමක් සංවිධානය කළේය. 2017 මාර්තු 18 වැනිදා මෙම රැස්වීම ඇරඹු වේලාවේ පටන් කථිකයෙකුගෙන් පසු කථිකයෙක් බදුරියා පල්ලියට අපහාස වන සේ කතා පැවැත්වූහ. මෙහි අරමුණ වූයේ බදුරියා පල්ලියේ බැතිමතුන් ප්‍රකෝප කරවීමයි. සහ්රාන් හසීම් මේ අතර කඩු පොලු ආදිය වේදිකාව පසු පස සඟවා ගෙන සිටියේය. කතාවලින් කුපිත වූ බදුරියා පල්ලියේ බැතිමත්හු වේදිකාවට ගල් ගැසුවෝය. මෙහිදී සහ්රාන් තම අනුගාමිකයන් කැටුව තම විරුද්ධවාදීන්ට කඩු මුගුරුවලින් පහර දුන්නේය.
මෙම ගැටුමෙන් දෙපැත්තේම අය තුවාල ලැබුවෝය. බරපතළ ලෙස තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කරන ලදී.
ආගමේ නාමයෙන් කළ සාහසික ක්‍රියා නිසා කාත්තන්කුඩි වැසියෝ උරණ වූහ. බදුරියා පල්ලියේ කළමනාකරණය විසින් කාත්තන්කුඩියේ ඉස්ලාමීය කෞතුකාගාරය ඉදිරිපිට සංවිධානය කරන ලද විරෝධතාවට බොහෝ සෙනග ආහ. ක්‍රියාමාර්ග ගත යුතු බවට පොලිසියට හැම අතින්ම පීඩනය එල්ල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතික තව්හීත් ජමාත් පල්ලියේ අනුගාමිකයන් 9 දෙනෙකුත් බදුරියා පල්ලියේ දෙදෙනකුත් අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් රඳවා තැබුණේය. අත්අඩංගුවට ගත් අය අතර සහ්රාන් ගේ සහෝදරයා වූ සෙයින් ද සිටියේය. සහ්රාන් පොලිසියට අවශ්‍ය අයකු බවට පත් විය. ඔහු පොලිසියෙන් කට්ටි පනිමින් සැඟවුණේය. හසීම් මාලදිවයිනට ගොස් ඇතැයි කාන්තන්කුඩියේ කතාවක් පැතිරුණේය.
තමිල්නාඩුව සහ කේරළය
සහ්රාන් හසීම් කාන්තන්කුඩිය හැර දා වයඹ පළාතේ තම බිරිඳගේ ගම් ප්‍රදේශයට පැමිණියේය. ටික කලක් ශ්‍රී ලංකාවේ ගත කිරීමෙන් පසුව ඔහු ඉන්දියාවට ගොස් තමිල්නාඩු සහ කේරළ යන දකුණු ඉන්දීය ප්‍රාන්තවල මුස්ලිම් අන්තවාදීන් සමග ක්‍රියාකාරකම් ආරම්භ කළේය.
එක තැන වැඩි කාලයක් නොසිටි ඔහු තැනින් තැනට ගියේය. බොහෝවිට ඔහුගේ තාවකාලික නවාතැන් වූයේ කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ කොයිම්බතූර්, ටි්‍රචි, තිරුනෙල්වෙලි, වෙල්ලෝර්, නාගපට්ටිනම් යන ප්‍රදේශවලය.
තමිල්නාඩුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේත් කන්නියකුමාරි දිස්ත්‍රික්කයෙත් ඔහු තාවකාලිකව ගත කළේය. මේ දිස්ත්‍රික්ක තුනේම සැලකිය යුතු මුස්ලිම් ජනකායක් වාසය කරති. සහ්රාන් වැඩිපුර කාලයක් රැඳුණේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේය. අසාගන්කුලම්, සිතාර්කොට්ටායි, අදියුදු, පුදුවලාසායි, පනායිකුලම් යන මුස්ලිම් ගම්මානවල ඔහු රැස්වීම් ඇමතූ බව වාර්තා විය. බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන කීසාක්කාරායි යන වෙරළබඩ ගම්මානයේ ද ඔහු රැස්වීම්වලට සහභාගී වී තිබේ.
ඔහු මෙම ප්‍රදේශවල ඉස්ලාම් රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් විවෘතව කතා කර ඉස්ලාම් රාජ්‍යයේ හමුදා සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන ලෙස ඉල්ලා තිබේ. සහ්රාන් ඉන්දිය බුද්ධි අංශයේ අවධානයට හසුවන්නේ මෙම අවධියේය. ඉන්දියාවේ රාමනාදපුරම් වෙරළේ කීසක්කාරි සහ ශ්‍රී ලංකාවේ කල්පිටිය අතර සහ්රාන් හෂීඞ් නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු බවට ද සැක කෙරේ.
සහ්රාන් හසීම්ගේ පරිවර්තනය සිදු වී ඇත්තේ ඔහු දීර්ඝව ඉන්දියාවේ ගත කළ කාලයේ දීය. අතිධාවනකාරී ඉස්ලාමීය අන්තවාදී මූලධාර්මික ක්‍රියාකාරී අයකු ලෙස හිඳ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමේ අදහසින් ඔහු ත්‍රස්තවාදී සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැලෙන්නෙකු බවට පත්ව තිබේ. සියල්ල ආපසු කැරකී සහ්රාන් හසීම් නැවත ශ්‍රී ලංකාවට එන්නට ඉටා ගත්තේ ඔහු විශ්වාස කළ ඉස්ලාමීය රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් ත්‍රස්ත ක්‍රියාවල නියැලෙන්නටයි.
ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ව්‍යාපාරය සහ්රාන් හසීම් ජාතික තව්හීත් ජමාත් සංවිධානය කඩාගෙන අවුත් වඩාත් අන්තවාදී කල්ලියක් වූ ‘තව්හීත් ජමාත් ජාතිය’ හෙවත් එන්.ටී.ජේ. සංවිධානය පිහිට වූයේය. ඉන්පසු ඉස්ලාම් රාජ්‍යයක් ගොඩනැගීම උදෙසා ත්‍රස්තවාදී ව්‍යාපාරය දියත් කළ ආකාරය ගැන මීළඟ ලිපියේ කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
ඩී.බී.එස්. ජෙයරාජ් විසින් අප්‍රේල් 27 වැනිදා ඬේලි මිරර් පුවත් පතට සැපයූ ලිපියක් ඇසුරිනි
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටින් ජයගත් සහරාන් ඉස්ලාමීය රාජ්‍යය සොයා ගිය ගමන
wimal Friday, 03 May 2019 02:57 AM
ලැබුවේ අවවාද නොහොඹින ආරකය, පුතේ නුඹ ගියේ වැරදි පාරකය,