රටේ පාලනය හරස් පාරවල බ්‍රේක් නැතිව ගමන් කරන වාහනයක තත්ත්වයකට වැටී තිබෙන අතරවාරයේ මැතිවරණයක අවශ්‍යතාව ප්‍රධාන මාතෘකාවක් වීම බලාපොරොත්තු විය යුතුය. මැතිවරණ කල් දැමීම ගැනද වත්මන් රජයට ඇත්තේ අඛණ්ඩ වාර්තාවකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ වසරේ නොවැම්බර් 08 වැනිදාත් දෙසැම්බර් 08 වැනිදාත් අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුවෙයි. එම දිනය බොහෝදුරට දෙසැම්බර් 07 වැනිදා වියහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ඉන්දියාවේදී ප්‍රකාශ කර තිබිණි. තමන් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ඉඩ ඇති බවත් ඒ සමඟ ඔහු ඉඟිකර තිබිණි.
වත්මන් ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට තරග නොකරන්නේ නම් මීළඟ ජනාධිපතිවරණයේදී ජයගන්නා අපේක්ෂකයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනු ලැබූ වහාම ජනපතිධූරයේ වැඩ බාරගත යුතුවෙයි. එසේ වැඩ බාරගන්නා ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථාව යටතේ මහජන ඡන්දයකින් තෝරාපත් කරගනු ලබන ප්‍රථම ජනාධිපතිවරයා වෙයි. මේ හේතුවෙන් එම ජනාධිපතිවරයාට හිමිවන බලතල පිළිබඳ වැටහීමක් රටේ මහජනතාව තුළ තිබීම අවශ්‍යම සාධකයක් බවට පත්ව තිබේ. විධායක ජනාධිපතිවරයකු වශයෙන් තෝරාපත්කර ගනු ලැබූවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම ධූරය සතුව තිබූ විධායක බලතල ගණනාවක් පාර්ලිමේන්තුවට පවරා තිබීම ඊට හේතුවය. මේ බල හුවමාරුව පිළිබඳව රට තුළ විධිමත් කතිකාවක් සිදුනොවීම අනාගතයේදී දැනටත් වඩා බරපතළ අර්බුද ඇති කිරීමට හේතුවනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ හිටපු මහාචාර්යවරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අදහසක් හේතුවෙන් මෙවැනි කතිකාවක ඇති අවශ්‍යතාව ප්‍රබල ලෙස මතුවී තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයකු ද වන ඔහු ප්‍රකාශ කරන්නේ 19 වැනි සංශෝධනයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය මගින් සිදුකර ඇති අර්ථ නිරූපණය අනුව මීළඟට පත්වන විධායක ජනාධිපතිවරයා හුදෙක් නාමික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්වනු ඇති බවය. මීළඟ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරියගේ ප්‍රධානම භූමිකාව වනු ඇත්තේ ඔහු හෝ ඇය රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කිරීමය. ආණ්ඩුවේද විධායකයා වනු ඇත්තේ ඔහු හෝ ඇයයි. එසේම සේනාධිනායකයා ද වනු ඇත. මේ තත්ත්වය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුකූලව පත්ව සිටි ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මහතා සතු වූ බලතලවලට සමානය.
1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද රටේ විධායක බලතල පැවරී තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයාටය. මේ තනතුර හෙබැවූ සර් හෙන්රි මොන්ක් මේසන් මුවර්, සෝල්බරි සාමි සහ සර් ඔලිවර් ගුණතිලක තිදෙනාම රටේ පාලනයට හවුල් නොවූහ. ඔවුන් එකම අවස්ථාවකදී හැර කිසිදු අවස්ථාවක අඩුම තරමින් කැබිනට් රැස්වීමකට හෝ සහභාගීවී නැත. මීළඟට පත්වන ජනාධිපතිවරයා ද 42 වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවද ඔහුට තමන්ගේ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට හැකියාවක් නැත. අඩුම තරමින් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී රාජ්‍ය නායකයා වශයෙන් සිදුකරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු ක්‍රියාත්මක කරවාගැනීමට ඔහුට හෝ ඇයට අදාළ රේඛීය අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීම අවශ්‍ය වනු ඇත.
එපමණක් නොව 43 වැනි වගන්තියට අනුව ජනාධිපතිධූරය හැර වෙනත් කිසිදු අමාත්‍යධූරයක් මීළඟ ජනාධිපතිවරයාට හිමි කරගත නොහැක. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව උපරිමාධිකරණවල විනිශ්චකාරවරුන්, නීතිපති සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීම, අස්කිරීමද කළ නොහැක. මේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් වරින් වර සාකච්ඡා ඇතිවිය. විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ බල අර්බුදයකට මඟපෑදු අගමැති වෙනස් කිරීම පසුබිම් කරගෙන බොහෝ කතිකා ඇතිවිය. එහෙත් එම කතා ඊළඟට පත්වන ජනාධිපතිවරයා සතුවන බලතල කෙසේවිය යුතුද යන තරමට ගැඹුරින් විග්‍රහ නොකෙරුණු බව අපගේ වැටහීමය.
කෙසේ වුව ද මීට වෙනස් මතයක්ද නොබෝදා ඉදිරිපත් විය. ඉන් කියැවුණේ ජයවික්‍රම මහතා කියන ආකාරයට ජනපති බලතල කප්පාදු නොවන බවයි. කෙසේ වුවද මේ තර්ක විතර්ක නිරාකරණය කරගත යුතුය.
ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසන ආකාරයට සාම්ප්‍රදායික රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයාට යුද්ධ ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඒ සඳහා වන මෙහෙයුම් කටයුතු සියල්ලට අවශ්‍ය හමුදාව සහ අවි ආයුධ ඇතුළු පහසුකම් සපයා දිය යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. හදිසි නීතිය පැනවීම සම්බන්ධ ක්‍රියාදාමය සිදුවන්නේ ද ඒ ආකාරයටමය. අනාගත ජනාධිපතිවරයකුට ඇත්තේ ප්‍රකාශ කිරීමේ බලතල පමණක්බව බැලූ බැල්මට පෙනෙන සත්‍යයයි.
ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් පවතින සහ එළඹෙන තත්ත්වය පිළිබඳ විද්වත් කතිකාවක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නේ එවැනි “නාමික” ජනාධිපතිවරයකු පත්කිරීම මේ රටේ ප්‍රධානම මැතිවරණ ක්‍රියදාමය බවට පත්විය යුතුද යන්න ප්‍රශ්න කළහැකි බැවිනි. රටේ සියලු පාලන ක්‍රම සකස්වන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුවය. ඉන්පසුව පැවැත්වෙන මහ මැතිවරණයට මේ ප්‍රතිඵලය එක එල්ලේ බලපායි. එසේ පත්වෙන්නේ “නාමික” ජනාධිපතිවරයකු නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට කෝටි 400ක පමණ මුදලක් වැය කළ යුතුද යන ප්‍රශ්නය පැන නඟින්නේය. 72 ව්‍යවස්ථාවෙන් නිරූපිත සම්ප්‍රදායානුකූල ජනාධිපතිවරයකු බිහිකරගැනීම සඳහා එතරම් වියදමක්, කාලයක් සහ ශ්‍රමයක් වැයකිරීම කොතරම් දුරට සාධාරණදැයි යන්න වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතාබැලිය යුතු ප්‍රශ්නයකි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා ගැටලු ලිහා ගනිමු
Deepal Nirosh Thursday, 20 June 2019 06:56 AM
ගැටළුව නිවැරදියි, කාලය නුසුදුසුයි. ඒ් නිසා පළමුව නියමිත කාලයට ජනාධිපතිවරණය, දෙවනුව වසර 4 1/2 ඉකුත් වූ කල පාර්ලිමේන්තු මැතිවරණය, තෙවනුව රට අරාජික කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, සිව්වනුව සැබෑ අවශ්‍යතාවලට අනුකූලව විධායක ජනාධිපති ක්‍රමය සහිතව ව්‍යවස්ථා සංශෝධනයක්.