IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ජනප්‍රිය අයවැයක අතුරු ඵල

 

මේ වසර සඳහා සැලසුම් කරන ලද අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක වුවත් එය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියෙන් බැහැර වීම ආර්ථික සංවර්ධනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. 

මේ දක්වා කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සෑම අයවැය ලේඛනයක් හා සැසඳීමේදී ඒවායේ අවසන් මූල්‍ය ප්‍රතිඵලය මුලින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ සංඛ්‍යාවලට වඩා හාත්පසින්ම වෙනස් විය. මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ තත්ත්වය ද එසේ නොවනු ඇතැයි සිතිය නොහැක. 

එබැවින් මෙවර ඉදිරිපත් කරන අයැවයේ වඩාත් වැදගත් වනුයේ මුල් අයවැය ලේඛනයේ සංඛ්‍යා හෝ පසුව කරන සංශෝධන හෝ තීන්දු හෝ පාර්ලිමේන්තුවේදී කරන විවාද හෝ නොව මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ අවසන් මූල්‍ය ප්‍රතිඵලයයි. එම අවසන් මූල්‍ය ප්‍රතිඵලය රටේ ආර්ථිකයේ අනාගතය තීරණය කරනු ඇත. 

මේ වසරේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තිබෙන ඉතා ආසන්නම අනතුර වනුයේ සැලසුම් කළ ප්‍රමාණයට වඩා අයවැය හිඟය වැඩි වීමයි. කලින් සඳහන් කළ පරිදි රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියෙන් බැහැර වීම ආර්ථික සංවර්ධනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. අයවැය ඉලක්ක ගිලිහී යෑම ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් එල්ල කරනු ඇත. 


2020-2021 ණය වැඩ සටහන යටතේ තැබූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ඉලක්ක තරමක් පස්සට දමන්නැයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇතැයි මෑතකදී පළවු රොයිටර් පුවත් වාර්තාවක දැක්විණි. ඒ අනුව ප්‍රධාන මැතිවරණ සඳහා වියදම් කිරීමට ආණ්ඩුවට අවස්ථාවක් උදාවනු ඇත. 

රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා මාර්ගයෙන් පිටස්තරව කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළ ද මේ වසර මැතිවරණ වසරක් බැවින් තදින් වියදම් සීමා කළ නොහැක. මේ තත්ත්වය හේතුවෙන් වියදම් වැඩි කිරීමට විශාල දේශපාලන පීඩනයක් එල්ල වනු ඇතැයි පෙනෙන්ට තිබේ.  

අන්තර්ජාතික මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අයවැය හිඟයට අදාළ ඉලක්ක ලිහිල් කරනු ඇත්දැයි යන්න බලා සිටිය යුතුය. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව මේ වසරේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදල ගෙවිය නොහැකි බව දැනට අප දන්නා කරුණයි. 

එම ණය මුදල වියදම් වැඩි විශාල එකකි. දැනට ලබා දී තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ අවසන් වාරිකය වසරකින් දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාව පළ කර ඇත. එයින් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මෙරටට ලැබී තිබෙන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලැබීමට නියමිතය. නව එකඟතාව අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ලැබීමට නියමිතව තිබූ අවසන් වාරිකය වනු ඩොලර් මිලියන 500ක මුදල මේ වසර පුරා සමාන වාරිකවලින් ලැබෙන ඇත. 
ඉදිරියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂිත අතර ආණ්ඩුවව ඩොලර් බිලියන 3ක බැඳුම් කිරීමට ද සැලසුම් කරමින් සිටී. ණය ගැනීමේ කොන්දේසි තවදුරටත් ආකර්ෂණය කරගැනීම සඳහා සහ එය සුරක්ෂිත කරගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය වැඩසහන අවශ්‍ය වේ.

වඩාත් වැදගත් වනුයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන අරමුදල්වල ප්‍රමාණය නොව එම අරමුදල වැඩසටහන නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර විශ්වාසයයි. ජාත්‍යන්තර විශ්වාසය මෙරට ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා ආණ්ඩුව කලින් එකඟවූ අයවැය ඉලක්ක සපුරාගැනීමට ක්‍රම සහ විධි සොයාගත යුතුය. විශේෂයෙන්ම නාස්තිකාර වියදම් කපා හරිමින් සමස්ත ඉල්ලුම සීමා කරන අයැවය සහ රාජ්‍ය මූල්‍ය පියවර ගනිමින් සහ වෙළෙඳ හිඟය වර්ධනය කරමින් එම ඉලක්ක සපුරා ගත යුතුය. එම අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමේදී බල කිරීම් කිසිසේත් හිතකර නොවේ. 

මේ වසර ගෙවී යද්දි වියදම් අධික වුවහොත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක අගයක් දක්වා හෝ අඩු කරගැනීම සඳහා වසර මැදදි පියවර ගත යුතුය. 

මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැය ජනප්‍රියතාව ලබාගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයක් වනු ඇත. එබැවින් එහි තිබෙන වියදම් අධික වනු ඇත. එම නිසා මෙවර අයවැය ජනප්‍රියතා අයවැයක් යනුවෙන් හැඳින්වීමේ වරදක් නැත. 

සමෘද්ධිය, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන්වලට කෙරෙන වියදම් වැඩි කර තිබෙන අතර ඒවා සංවර්ධන වැඩසටහන් යනුවෙන් නම් කර ඇත. එනමුත් එම වැඩසටහන් ජනප්‍රියාතව ඉහළ නැංවීම සඳහා කෙරෙන වියදම්ය. එම වැඩසටහන්වලින් ඒවා ලබාගන්නන්ගේ ආදායම් වැඩිවනු ඇති නමුත් එමඟින් ආර්ථික සංවර්ධනයට හිතකර බලපෑමක් ඇතිවේද යන්න සැක සහිතය. එම වැඩසටහන්වලින් උද්ධමන බලපෑමක් ද විය හැකිය. 

අයවැය ලේඛන ගත නොවූ අයැවය 

ඊට අමතරව අයවැය ලේඛනයට ඇතුළත් නොවූ බොහෝ වියදම් ද තිබිය හැකිය. වැටුප් වැඩි කරන්නැයි කරන ඉල්ලීම් දරා සිටිය හැකි ඒවා නොවේ. දැනටමත් අර්බුදකාරී තත්ත්වයක පවතින රාජ්‍ය සේවයට අධ්‍යාපනය ලැබූ උගත් රැකියා විරහිත පිරිස බඳවාගන්නා නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබෙනවාද යන්න සැක සහිතය. 

විවිධ සේවා සඳහා කෙරෙන ඉල්ලීම්වලට පරිපූරක ඇස්තමේන්තු මගින් අරමුදල් සැපයීමට සිදුවනු ඇත. එම නිසා වියදම් අපේක්ෂිත සීමා ඉක්මවා යෑම බොහෝ විට සිදුවන ඇත. 

ආදායම්  

පසුගිය වසර දෙකක කාලයේදී සැලකිය යුතු ලෙස ආදායම් ඉහළ ගියේය. දළ නිෂ්පාදිතයෙන් 11% ක් දක්වා පහත වැටී තිබූ ආදායම් 2018 වසරේදී 14% ක් දක්වා ඉහළ ගිය අතර මේ වසරේදී 17% ක් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ. එසේ වුවත් මැතිවරණ වසරකදී ආණ්ඩුවල ප්‍රමුඛතම ඉලක්කය වනුයේ මැතිවරණ ජයග්‍රහණය කිරීමය. එම නිසා මේ වසරේදී ආදායම අපේක්‍ෂිත මට්ටම වන 17්‍% දක්වා වැඩිකරගත හැකිවේද යන්න ගැටළුවකි. 

ආදායම් ඉහළ නැංවීමට බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව සහ පලදායීතාව ඉතා වැදගත් අතරම බදු නිදහස් කිරීම් සහ බදු අඩු කිරීම් හැකිතාක් අඩු  කිරීම ද ඉතා වැදගත් වේ. බදු ක්‍රියාමාර්ග ගැනීමේදී රජය ශක්තිමත් පියවර ගත යුතු අතර බදු නිදහස් කිරීමටවලට කිසිසේත් ඉඩ නොදිය යුතුය. 

වඩාත් වැදගත්ම කරුණ වනුයේ මේ වසරේදී අයවැය හිඟය සීමා කිරීම සඳහා රජයේ වියදම් සීමා කළ හැකි ද යන්නයි. දේශපාලන බලපෑම් නිසා සිතන තරම් අයවැය ඉලක්ක ගිලිහී නොයනු ඇතැයි යමෙකුට බලාපොරොත්තු තැබිය හැකිය. එමෙන්ම ආණ්ඩුව ආර්ථික ස්ථාවරත්වය සහ දීර්ඝකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි සැලකිලිමත් වනු ඇතැයි යනුවෙන් ද බලාපොරොත්තු තැබිය හැකිය. එබැවින් මේ වසරේදී අයවැය හිඟය සම්බන්ධයෙන් තැබූ ඉලක්ක සපුරාගැනීම සඳහා ආණ්ඩුවට වියදම් සීමා කළ හැකි ද ?
අප ඉදිරියේ ඇති බරපතළම පැනය එයයි. 

ආචාර්ය නිමල් සඳරත්න විසින් ද සන්ඬේ ටයිම්ස් වෙත සැපයූ ආර්ථික විග්‍රහය ඇසුරිනි
සැකසුම : හර්ෂණ තුෂාර සිල්වා

 



අදහස් (3)

ජනප්‍රිය අයවැයක අතුරු ඵල

de silva berlin Tuesday, 05 March 2019 11:49 AM

අධිවේගී මාර්ගය බොහෝ වෙලාවට හිස්, කාර්යබහුල වෙලාවේදී මේකේ යනවට රුපියල් 100 ක් වැඩි කලොත් , මිනිස්සු මේක භාවිතා කිරීම නවත්තලා දමලා අවට තිබෙන මාර්ගවල යන්න පටන්ගනිවී. එවිට අවට තිබෙන මාර්ග තදබදය වැඩිවෙලා වෙන්නේ හරිම කරදරයක්, මේවා අවශ්‍ය වෙන්නේ මාර්ග තදබදය වැඩි වෙලාවේදී මිසක් අඩු වෙලාවේදී නොවේ. වැඩි කරනවා නම් කිලෝ මීටරයට ශත ගණනක් වෙන්න වැඩි කරනවා හැරෙන්න මේ විදිහට රුපියල් සියයක් වැඩි කිරීම හරිම අසාධාරණ ක්‍රමයක්. කිලෝමීටර 10 යන පුද්ගලයාටත් රුපියල් සියයක් වැඩි වෙනවා. කිලෝමීටර් 100 යන පුද්ගලයාටත් වැඩි වෙන්නේ රුපියල් 100 ?මේ කියන කාර්ය බහුල වෙලාව කුමක්ද ? උදේ 6 ඉඳන් රාත්‍රී 12 වෙනකන්ද ?

:       1       59

kuleTuesday, 05 March 2019 09:55 PM

ඔබගේ අර්ථ දැක්වීම නිවරදියි...... පසුගිය කාලේදී කිව්වේ අධිවේගී මාර්ගවල සම්පුර්ණ ආදායම චීන්නු ගන්නවා කියල එහෙනම් මේ වැඩිකරපු රු 100 චීන්නුන්ටද?

:       1       71

raviWednesday, 06 March 2019 07:13 AM

තාම .. හැම අධිවේගී මාර්ගයක්ම අලුත් , හැබැයි කාලයත් සමග මේවා කැඩිලා ..බිඳිලා පරණ වෙනවා , ඊටපස්සේ කොහොමද මේවා නඩත්තුකරන්නේ / අලුත්වැඩියා කරන්නේ . ? ඒ නිසා මේ පාරවල් භාවිතා කරන අයගෙන් රුපියල් 100ක් වගේ සුළු මුදලක් අයකිරීම සාධාරණයි නේද .. හැබැයි ඒ නිසා රියදුරන් ගමේ..ගොඩේ මාර්ග භාවිතා කිරීමට පටන් ගත්තොත් .. එක මහා මෝඩකමක් ..!!!

:       136       14

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 837 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 230 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1013 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site