නත්තල් දිනයෙන් පසු කිතුණුවන් සිය ශ්‍රේෂ්ඨතම සැමරුම් දිනය හැටියට සලකන්නේ පාස්කු ඉරිදාය. පසුගිය දින කීපය පුරා ආගමික වතාවත්වල නිරත වූ කිතුණුවන් දේවස්ථාන කරා ගොස් පාස්කු ඉරිදා සමරන්නේ එහි පරිසමාප්තියයි. එවැනි අහිංසක ආගමික කොටසක් සිය ආගමික මධ්‍යස්ථානවලට ඒකරාශි වී සිය ශාස්තෘවරයා සිහි කරමින් වතාවත්වල නිරත වී සිටින අවස්ථාවක එල්ල වන මාරක ප්‍රහාරයක් යනු මේ රටේ සකල ආගමිකයන් පිළිකෙව් කරන හෙලා දකින අතිශය ම්ලේච්ජ ක්‍රියාවකි. එනිසා පළමු කොටම බෞද්ධ නායකයන් වශයෙන් අපි අපගේ සහෝදර කතෝලික ජනතාවට මේ අවාසනාවන්ත මොහොතේ කනගාටුව පළ කරමු.
මේ රට දශක ගණනාවක් පුරා සිය දරු දැරියන්ගේ ලේ ගංගා ගලායාමෙන් ඇති තරම් වේදනාවට පත් වූ භූමියකි. එවැනි වටපිටාවක යුද්ධයේ මර බියට 2009 වසරේ දී තිත තැබීම සියලු පුරවැසියන්ගේ සතුටට හේතු වූ කරුණකි. යුද්ධයේ නිමාවත් සමග බියකින් සැකයකින් තොරව මග තොටේ සැරිසරන්නටත් රැකියාවට යන්නටත් පොදුජනතාවට අවස්ථාව උදා විය. විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයෝ සිය මව්රටට නැවත පැමිණියහ. කඩාවැටී තිබූ ජන ජීවිතය යථාවත් විය. මේ නිසා නිදහස්කාමී ජනතාවක් හැටියට ආසන්න දශකය පුරා ජීවත්වීමට අපට අවස්ථාව උදා වුණේය. එහෙත් දැන් නැවතත් මේ රටේ ජනතාවට හෙට දිනය ගැන සිතන්නට සිදුව තිබෙන්නේ සැකයෙනි. බියෙනි. ඊළඟ ප්‍රහාරය කවර දේවස්ථානයක, පොදු ප්‍රවාහන ස්ථානයක, ගිමන්හලක සිදුවේ දැයි රටම සිටින්නේ අවිනිශ්චිතභාවයක ගිලීය. මේ ලිපියට අදහස් දක්වන අවස්ථාවේ දී පවා නැවත නැවතත් වාර්තා වන්නේ තැනින් තැන සිදුවන පිපිරීම්ය. ඉතින් රටේ ජාතික ආරක්ෂාව ගැන මීට වඩා බරපතළ ලෙස සිතන තැනකට තල්ලු වන්නට ආණ්ඩුවට සිදුවීම අනිවාර්යය. පොදු ජන ආරක්ෂාව උදෙසා 2009ට පෙර පැවැති ආරක්ෂක රැකවල් ගැන වුව නොසිතා නොහැකිය. සහෝදර වාර්ගිකයන් අතර සැකයත් අවිශ්වාසයත් වර්ධනය වනසේ ව්‍යාජ පුවත් නිර්මාණය ද මේ අන්තවාදීන් යහමින් කරන වැඩකි. එනිසා සමාජ මාධ්‍ය ආදිය පවා පාලනයකින් නියාමනයකින් යුක්තව සමාජ සාමය පවත්වා ගැනීම ආණ්ඩුවට අත්හළ නොහැකි වගකීමකි. එනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු ආණ්ඩුවක් හැටියට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට පාලකයන් කටයුතු කළ යුතුය.
විශේෂයෙන්ම අන්‍යාගම්කරණය යන ක්‍රියාවලිය පහුගිය කාලයේදී අපේ රටවල තදින් ක්‍රියාත්මක විය. හොඳින් විමසා බැලුවහොත් මෙම ක්‍රියාකාරකම්වල නිරතව සිටින්නේ අන්තවාදී අතලොස්සකි. නොඑසේව අපේ රටේ සාම්ප්‍රදායික බෞද්ධ, කිතුණු, ඉස්ලාම් හෝ හින්දු ආගමික ජනයා නොවේ. මෙම සහෝදර ජනයා කිසිසේත්ම එකිනෙකා අතර භේදබින්නතා නිර්මාණය කරගෙන එකෙකු අනිකා යටපත් කරගැනීමට යත්න දරන්නෝ නොවෙති. මේ අතලොස්සක් වූ අන්තවාදී කණ්ඩායම් අද වනවිට මුළු ලෝකයටම පිළිලයකි. අපේ රටේදී මේ අන්තවාද ගැන කල්තියා අනතුරු ඇඟවීම් කරමින් කෙතරම් කතා කළත් අවශ්‍ය අධිකාරින් ඊට නිසි පියවර ගත්තේ නැත. අවශ්‍ය මූලික පියවර හෝ ගෙන තිබුණේ නම් මෙවැනි ඛේදවාචකයක් ඇති නොවන්නට තිබුණි. වර්ධනය වන අන්තවාදයන්ට එරෙහිව ආගමික සහනශීලීත්වය හා සංහිඳියාව උදෙසා සර්වාගමික නායකත්ව එකමුතුවකින් වැඩපිළිවෙලක් දියත් කිරීමට අපි පසුගිය කාලයේදී මැදිහත් වුණෙමු. අවස්ථා ගණනාවකදී ඒ සඳහා විවිධ සංවාද සාකච්ඡා කළෙමු. එහෙත් එය ප්‍රතිඵලදායී පරිසමාප්තියකට ගෙනයන්නට මහා සමාජය සමත් වුණේ නැත. විශේෂයෙන්ම මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් වත්මන් අගරදගුරුතුමන් ඊට කළ කැපකිරීම මැදිහත්වීම ප්‍රශංසනීයය. එවැනි අගරදගුරුතුමකු ලැබීම ද පොදුවේ අප රට ලද වාසනාවකි. එහෙත් අවාසනාවකට කතෝලික බෞද්ධ ඉස්ලාම් හින්දු ආදී වශයෙන් වූ එම සර්වාගමික මැදිහත්වීම තීරණාත්මක අවසානයකට ගෙනයන්නට අපට හැකිවුණේ නැත.
ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව රටේ සකල පුරවැසියන්ගේ ආරක්ෂකයා වන්නේ ආණ්ඩුවයි. එහෙත් සිවිල් සමාජය වශයෙන් ආගමික නායකයන් කළ කැපකිරීම්වලට සාපේක්ෂ මැදිහත්වීමක් ආණ්ඩුවලින් සිදු නොවූ බව මාගේ අදහසයි. උදාහරණයකට උතුරු පළාතට පත්කළ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා තම පත්වීමෙන් මාස තුනක් ගතවීමට මත්තෙන් කළ සද්ක්‍රියාවක් දැක්විය හැකිය. උතුරු පළාතේ සියලු භික්ෂූන් වහන්සේලා වව්නියාවට කැඳ වූ ආණ්ඩුකාරවරයා බෞද්ධ නායකයන්ට ඇති අවශ්‍යතා, අඩුපාඩු විමසා සිටියේ ඒවාට විසඳුම් කොළඹ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමටය. දෙමළ බෞද්ධයකු හැටියට රාඝවන් මහතාගේ මැදිහත්වීම සියලුම දේශපාලන බලධාරීන්ට ආදර්ශයකි. ආගමික නායකයන් සම්මුඛ කිරීමත් කාලීන ගැටලු ගැන සාකච්ඡාවත් අත්‍යවශ්‍ය කාර්යයකි. එහෙත් එවැනි දේ දීර්ඝ කාලීනව සිදුවන්නේ නැත. ඊට හොඳම උදාහරණය මහනුවර වාර්ගික කලහයයි. මහනුවර ගැටුම අවස්ථාවේදී ආගමික නායකයන් අතර එවැනි සාකච්ඡාවක් නිර්මාණය වුවද එයට දීර්ඝකාලීන පැවැත්මක් තිබුණේ නැත. එනිසා ආගමික සහජීවනය හා ජාතික සමගිය උත්කර්ෂයට නන්වන්නට තවත් ගැටුමක් ඇතිවිය යුතුය. මෙවැනි ස්ථිරසාර සංවාදයක් නඩත්තු කිරීමේ අවංක වුවමනාවක් ඇති නායකයන් රටට නැති වීම දුර්භාග්‍යසම්පන්න තත්ත්වයකි. එක්කෝ නායකයන්ට මේවා තේරෙන්නේ නැත. නැත්නම් වගක් නැත.
වාර්ගිකයන් අතර සංහිඳියාව උදෙසා ආගමික සහනශීලීත්වයෙහි වටිනාකම් අගය කළ ප්‍රමුඛතම නායකයා බුදු රජාණන් වහන්සේය. එනිසා මෙවැනි අවස්ථාවක බෞද්ධ දර්ශනයේ වූ එකී මහාර්ඝ වටිනාකම් අවධාරණය ද වටී. බුදුන් වහන්සේ නොගිය ආගමික ආයතනයක් නැත. සෑම ආගමික කණ්ඩායමක් සමගම සාකච්ඡාවෙහි නිරත වුවද ඒ කිසිවෙකුට අපහාස පරිහාස කිරීම හෝ හෙළාදැකීම බුදු රදුන්ගේ පිළිවෙත නොවීය. ඊට හොඳම නිදසුන නම් එවක භාරතීය සමාජයේ බුදුන් වහන්සේට පසුව වැඩිම ශ්‍රාවක ජන කොටසක් සිටි නිගණ්ඨනාථ පුත්ථගේ හොඳම ගෝලයකු වූ උපාලි ගෘහපති බුදු දහම වැළඳ ගත් අවස්ථාවයි. බුදු රදුන් සමඟ වාදයට පැමිණ ඉන් පැරදී බුදුන් සරණ යන්නට උපාලි ගෘහපති තීරණය කළ අවස්ථාවේ උන්වහන්සේ අවධාරණය කළේ ක්ෂණික තීරණයක් නොගෙන නැවත නැවතත් සිතන්නටය. අවසානයේදී බුදුන් සරණ ගිය ගෘහපතියාට කීවේ ද පෙර පරිදිම තම පැරැණි නිගණ්ඨ නායකයන්ට ගෞරවාදර සංග්‍රහ දක්වන හැටියටය. ඉතින් එවැනි ආගමික ශාස්තෘවරයකුගෙන් ශික්ෂණය ලැබූ රටකට ආගමික සහනශීලීත්වය අගයමින් ජීවත් වීමට තවත් උපහැරණ ඕනෑ නැත. එනිසා රටේ සාතිශය බහුතරයක් වූ බෞද්ධ ජනයාට මෙවැනි අවස්ථාවක සහෝදර ආගමිකයන්ගේ ජීවන පැවැත්ම තහවුරු කරමින් පොදු සමාජ සාමය උදෙසා කැපවීමට ඇත්තේ ප්‍රමුඛ වගකීමකි.
බිඟුන් මේනක ගමගේ
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු සමාජ සාමය උදෙසා ප්‍රමුඛත්වය දී කැපවෙමු