IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 

අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එය එක්තරා අන්තවාදී කණ්ඩායමක හුදකලා ප්‍රහාරයක් නොවේ. දේශීයවත් ජාත්‍යන්තරවත් මනා ලෙස සංවිධානය වී එල්ල කළ ප්‍රහාරයකි. මෙම ත්‍රස්ත ප්‍රහාරය තුළ අන්තගාමී ආගමික උම්මන්තකයන්ගේ පවිටු වුවමනාවන් මෙන්ම ජාත්‍යන්තර මෙන්ම කලාපීය දේශපාලන බල වුවමනාද සැඟවී තිබේ. එහෙයින් එක ප්‍රහාරයකින් මෙම ප්‍රහාර මාලාව නතර කරනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කරළියට ගෙන ආ යුත්තේ එහෙයිනි. 

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ත්‍රස්තවාදයට එරෙහිව මෙයට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් රජයට නොමැතිනම් ඉදිරියේදී ජනතාව පාලනය කර ගැනීමට නොහැකිවනු ඇති බවය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මත පළ කරන යුද විශේෂඥයන්ගේ එක් අදහසක් වනුයේ මෙම ප්‍රහාරයේ එක් අරමුණක් වන්නේ නැවත කළු ජූලියක් පන්නයේ ගැටුමක් නිර්මාණය කර ගැනීම බවය. සැබැවින්ම එවැනි ආවේගයකට අවශ්‍ය කම්පනය පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ අන්තර්ගතව තිබිණි. එහෙත් ජනයා සන්සුන් ලෙස පාලනය කිරීමට අගරදගුරුතුමන් කටයුතු කළ බව ඉතා පැහැදිලිය.  

අගරදගුරුතුමන්ට රජයෙන් වෙඩි නොවදින මෝටර්  රථයක් පරිත්‍යාග කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් කොළඹදී නැවත වරක් මාධ්‍ය හමුවක් කැඳවූ  උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එම වෙඩි නොවදින රථය ආපසු යැවූ බවය. “මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාව වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ත්‍රස්තවාදය මැඬලීමට අලුත් පනත් අනවශ්‍ය බවත් දැනට සම්මතව ඇති පනත් හරහා ක්‍රියාත්මකවී ත්‍රස්තවාදය මැඬලීමට කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබිණි. 

මේ හඬට පිටුපා කටයුතු කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙහි බලපෑම කොටි සංවිධානයේ තිස් වසරක යුද්ධයටත් වඩා වැඩි යැයි පළ කෙරෙන මත බැහැර කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආර්ථිකයට එල්ලවූ බලපෑම අති මහත්ය. භීතිය ගංවතුරක් මෙන් රටපුරා පැතිර තිබේ. පාස්කු ඉරිදාව අහිමි වූ රටට වෙසක් අසිරියද අහිමි වී තිබේ. පන්සල්වලට පැන ප්‍රහාර එල්ල කිරීමට උත්සාහයක් පවතින බවට පළවන වාර්තා ඇඟ ලොමු ඩැහැගන්වන සුළුය. 

මරුවා පැමිණි පසු විරුවා පැමිණ තිබේ යැයි පසක් කරමින් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත මුළු මහත් ජනතාවගේම අවධානය යොමුවී තිබේ. ඔවුහු ජීවිත පරදුවට තබා ආරක්ෂක කටයුතුවල නියැළෙති. පරීක්ෂණ පවත්වති. අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ මෙම විමර්ශන පුළුල් මට්ටමින් කළ යුතු බවය.

රටක ආරක්ෂාව සිද්ධි හා බුද්ධි යනුවෙන් කොටස් දෙකකට බෙදේ. සිද්ධි යනු කිසියම් සිදුවීමකින් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමය. එසේ සිදු කරනු ලබන පරීක්ෂණවලින් අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. අපරාධ පරීක්ෂකයන්ගේ වගකීම වන්නේ එයය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප දකිමින් සිටින්නේ එයය. 

බුද්ධි යනු බුද්ධිය මෙහෙයවා සිදු කරනු ලබන පරීක්ෂණ වේ. එහිදී බුද්ධි පරීක්ෂකවරයා සෑම සිදුවීමක්ම සරලම අංශුවට කඩා විශ්ලේෂණය කරමින් එකිනෙකට සමාන හා අසමාන වූ සිදුවීම්  විද්‍යාත්මකව ගළපමින් පැහැදිලි හා නිරවුල් රූපයක් මවා ගනී. සමස්ත චිත්‍රය තිබෙන්නේ එතැනය. රටක බුද්ධි අංශවල වගකීම එයයි. අනාගත අභියෝග කල් ඇතිව හඳුනාගැනීමට හැකි වන්නේ එමගිනි. එබඳු බුද්ධි යාන්ත්‍රණයක් රටකට අත්‍යවශ්‍ය වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ එබඳු ශක්තිමත් බුද්ධි යාන්ත්‍රණයක් අප රට සතුව නොපැවති බවය.

අතීතය තුළ ජීවත්වී තේරුමක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ වැරැදි නිවැරැදි කර ගනිමින් වේගවත් ගමනක් යෑමය. අගරදගුරුතුමන් ඉඟි කළ අනතුර වළක්වාගත හැකිවනු ඇත්තේ ද එමගින් පමණි.

 



අදහස් (6)

ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි

anura-Germany Friday, 03 May 2019 08:33 AM

ඔබතුමා ඉතා ඉවසීමෙන් ගත් තීරණ නිසා වෙන්න ගිය අති විශාල විපත්තිය කල්වේලා ඇතිව නතර කරගැනීමට හැකි වුණා. බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ අයගේ පවුල්වල සියලු දෙනාටම මගේ දැඩි සංවේගය හා කණගාටුව පුදකරමි. ඔබතුමා මුලු ලොවටම දුන් අතිශයින්ම වටිනා ආදර්ශය මේ අවස්ථාවේ අප ඉතා හොඳින්ම අවබෝධ කරගෙන රටේ ආරක්ෂාව හා සංහිඳියාව සඳහා උපකාර කරගන්නේ නම් අපට ඉතා ඉක්මණින්ම සාමය කරා ලඟා⁣විය හැකියයි මා ඉතා තදින්ම විස්වාශ කරමි. අපසැමට ඉක්මණින්ම සාමය උදාවේවා...!!!

:       0       49

Rayan Friday, 03 May 2019 09:55 AM

ගරු කාදිනල්තුමනි, ඔබතුමා මැදිහත් වෙලා මේ රටේ පොදු නීතියක් සම්මත කරගන්න. එ්ක ආගමකට පමණක් සීමා වුණු බැංකු, පාසල්, ඇඳුම්, ආහාර, සංවිධාන, විවාහ නීති මේවා වෙනස් විය යුතුයි. නැතිනම් කොතරම් පිරිසක් අත්අඩංගුවට ගත්තත් මෙම ප්‍රශ්නය නැවත ඇති වෙනවාමයි...

:       64       62

Raveendra Friday, 03 May 2019 03:00 PM

මෙය අමුතුවෙන් කිව යුතු නැත. මෙම අවදානම් අවාසනාවන්ත සිදුවීම් සියල්ලෙහිදී අතිගරු කාදිනල් රන්ජිත් මැල්කම් පියතුමන් ගේ ක්‍රියා කලාපය බෞද්ධයන් වන අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. සියලුම ආගමික නායකයන්ට මෙන්ම රිලව් 225ටත් මෙතුමන් විසින් මිලකළ නොහැකි පාඩමක් කියා දී ඇති බැවින් අප නැවත වරක් උන්වහන්සේට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු...

:       0       76

janahitha Friday, 03 May 2019 04:02 PM

දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයාණෝ ඔබ වහන්සේයි. අති ගෞරවනීය කාදිනල්තුමනි ඔබ වහන්සේ පාලකයින් නිසිමගට යොමු කරන්නේ නම් මැනවි..

:       0       58

මරදන්කඩවල වජිරබුද්ධි හිමි. Friday, 03 May 2019 05:50 PM

කාදිනල් මැල්කම් රංජිත් මැතිතුමා මෙම ව්‍යසනය හමුවේ සිය අනුගාමිකයන් අස්වසාලීමට සහ කලකෝලාහල වැලැක්වීමට ගන්නා ලද ක්‍රියාමාර්ග විශිෂ්ඨයි.

:       3       70

ranjith Sunday, 05 May 2019 05:55 AM

කාදිනල් හිමිපාණන් රට ගැන හිතල කරන මෙහෙය අගේ කළ යුතුය...... එත් මේ දසපලන නායකයෝ බල පොරේ ඡන්ද පොරේ විලිලැජ්ජාවක් නේ රටට හෙන ගැහුවත් කොහමහරි බලේ ඉන්න හරි බලේ ගන්න හරි නටන නාඩගම් දෙකල මිනිස්සුන්ට එපා වෙලා

:       0       5

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 243 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 820 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site