IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පොලිස් නිලධාරියා බිලිගත් ඩිෆෙන්ඩර් ව්‍යසනය

පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයක හැපී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 15ක කාලයක් ප්‍රතිකාර ලබමින්  සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියගිය සංවේග ජනක පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පොලිස් පරීක්‍ෂකවරයාගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දැරුවත් මියයන තුරුම ඔහු සිහිසුන්ව සිටි බව පොලිස්  රථවාහන කොට්ඨාසය හා මාර්ග ආරක්‍ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ  මහතා අප පුවත්පතට ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

 මේ මෙරට සිදුවූ පළමු රිය අනතුර  නොවේ. එමෙන්ම මෙය අවසාන රිය අනතුර ද නොවිය හැකිය. එහෙත් මෙම රිය අනතුර විශේෂ අවධානය යොමු කළ යුත්තකි. ඒ මෙරට සල්ලිකාර පුතුන් හරහා ප්‍රකාශයට පත්වෙමින් තිබෙන භයානක ප්‍රවණතාවක් පෙන්නුම් කරන හෙයිනි.

පොලිස් පරීක්‍ෂකවරයා ගැටුණු ඩිෆෙන්ඩර් රථය ධාවනය කර තිබෙන්නේ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු බව කියැවෙයි. ඔහු තවමත්  රිමාන්ඩ් භාරයේ පසුවෙයි. එම ජීප් රථයේ සහ ඊට පසුපසින් ගිය ජීප් රථයේ හත්දෙනකු ගමන් කර ඇත. ඒ අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු, කොළඹ නගර සභා එජාප මන්ත්‍රීවරයකු සිටි බව වාර්තා වී තිබේ.

පොලිස් නිලධාරියා ඩිෆෙන්ඩර් රථයේ ගැටුණු පසු කිසිවක් නොවූ පරිද්දෙන් එම රථය ඉදිරියටම ධාවනය කර ඇත. පිටුපසින් පැමිණි ප්‍රාඩෝ රථය ද නොනවත්වා ධාවනය කර තිබේ. යම් හෙයකින් ඔවුන් යුහුසුළු වූයේ නම් පොලිස්  පරීක්‍ෂකවරයාගේ   ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබුණු බවට පළවන මතය ද බැහැර කළ නොහැකිය.

 එහෙත්  ඩිෆෙන්ඩර් රථයේත් ප්‍රාඩෝ රථයේත් ගමන් කළ සල්ලිකාර පුතුන්ට  එබඳු මානුෂීය හැඟීම් තිබී නැත. සමාජ වගවීමක් පුරවැසි වගකීමක් තිබී  නැත. ඒ ඇතැම්ව්ට මත්පැන්වලින් හා මත්ද්‍රව්‍යවලින් ඔවුන්ගේ  සිහිය විකල්වී  තිබූ නිසා විය හැකියැයි කියන්නටද පුළුවන. එහෙත් ඒ සල්ලිකාර පුතුන්ට තමන්ගේ මනදොළ සපුරා ගැනීමට පුරවැසියන් බිල්ලට ගැනීමට අයිතියක් නැත.

 අනතුර සිදුවන්නේ අලුයම 4.30ට පමණය. එම සල්ලිකාර පුතුන්  රැය පහන් වනතුරු රාත්‍රී  සමාජ ශාලාවල ඩෙඟා නටා යළිත් නිවෙස් කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව ද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. අනතුර කර පලාගිය පුතුන් ජීප් රිය සඟවා තැබීමට ද කටයුතු කර තිබේ.

 සියල්ලෙන් අනාවරණය වන කාරණයක් තිබේ. ඒ මේ සල්ලිකාර පුතුන්ට රටේ නීතිය සම්බන්ධයෙන් කිසිදු බියක් හෝ තැකීමක් නැති බවය. ඇතැම්විට ඒ හයිය ඔවුන් වෙත එන්නේ ඔවුන්ගේ සල්ලිකාර පියවරුන් හරහා විය හැකිය. ඒ පියවරුන් සතුව ඇති මුදල් බලයත් නිල බලයත් දේශපාලන බලය හා සබඳතා හරහාත් තමන්ට නිදුක්ව නිරෝගීව සිටීමට හැකිවනු ඇතැයි  ඒ පුත්‍රයන් කල්පනා  කරන නිසා විය හැකිය.

 මෙය බරපතළ සමාජ ව්‍යසනයක් බව අවධාරණය විය යුතුය. මුදල් යහමින් තිබෙන විට ගත කළ  හැකි ජීවිතයක් රටේ තිබේ. කැසිනෝහල් ද, රාත්‍රී සමාජ ශාලා ද විවෘතව තිබෙන්නේ ඒ වෙනුවෙනි. මේ සල්ලිකාර පුත්තු ඒවායෙහි සිට මනදොළ සපුරා ගනිති. අපට ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් නැත. එහෙත් විරෝධයක් ඇත. විරෝධය ඒ සල්ලිකාර පුතුන් ඒ වෙනුවෙන් පුරවැසියන්ගේ ජීවිත බිලිගැනීම හා රටේ නීතියට අභියෝග කරමින් කටයුතු කිරීම වෙනුවෙනි.

 මියගිය පොලිස් පරීක්‍ෂකවරයා තිදරු පියෙකි. ඒ දරු තිදෙනාට අද තාත්තා නැත. ඒ දරුවන්ගේ අම්මාට අද සැමියෙක් නැත. ඒ අම්මා අද දරු තිදෙනා සමඟ මහ පොළොවේ අසරණව සිටින්නීය. සල්ලිකාර පුතුන්ගේ යක්ෂාවේෂයේ තරම එපරිදිය. මේ බිලිගැනීම් මෙතැනින් නතර නොවනු ඇත. පුරවැසියන් කී දෙනෙකුගේ ජිවිත ඔවුන් තව බිලිගනු ඇද්ද?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ  හොඳ වැඩක් අගය කළ යුතුව තිබේ. ඒ මෙම ඩිෆෙන්ඩර් අනතුරෙන් පසු  රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත  ප්‍රදේශවල රාත්‍රි කාලයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා පොලිසියට නියෝග කිරීමය. එම නියෝගයෙන් දින දෙකකට පසු රාත්‍රී දෙකකදී බීමත් රියැදුරන් 527දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මේ සල්ලිකාර කඩප්පුලියන් දමනය කිරීමට එය  වැදගත් උපක්‍රමයකි. බලපෑම්වලට මෙල්ල නොවී එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.



අදහස් (11)

පොලිස් නිලධාරියා බිලිගත් ඩිෆෙන්ඩර් ව්‍යසනය

hesa Wednesday, 13 March 2019 08:17 AM

රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රි කාලයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන මේ පොලිස්පතිවරයාට මේ සල්ලිකාර කඩප්පුලියන් දමනය කිරීමට හැකි වේද, බලපෑම්වලට, මුදලට, බලයට මෙල්ල නොවී..

:       0       16

ranjith Wednesday, 13 March 2019 10:16 AM

දැන්වත් මොන පක්ෂයක වුවත් ගුණධර්ම ගරුකරන වැදගත් පුද්ගලයන්ට පමණක් ඡන්දෙ දෙමු. කාලකන්නින්ට ඡන්දෙ නොදෙමු.

:       0       354

Chanak Los angeles Wednesday, 13 March 2019 08:43 PM

මේ ඩිෆෙන්ඩර් රථ කොහොමද නිල කටයුතු වලින් බැහැරව අනිසි පුද්ගලයන් විසින් අවේලාවේ භාවිතා කර තිබෙන්නේ ? වාර්තාකරු කියන ලෙසට අනතුරින් පසු මේ අය ක්‍රියාකර කර තිබෙන මුරුග ආකාරයට. කොළ නැති ගහම මේ අයට අයිති වෙන්නම ඕනේ ..

:       1       10

S.Rathnayake Thursday, 14 March 2019 03:35 AM

රටේ නිතිය ශක්තිමත් මදි. ඇත්තටම අපේ රටට මේ යන විදියට ගියොත් මෙදපෙරදිග වගේ තද නීති ගෙන්න ඕන. නිතිය කටත් සාදාරන වෙන්න ඕන එක හා සමානව. අඩුම තරමේ ඔය ඩ්‍රයිව් කරපු කෙනාගේ ලයිසන් එකවත් කැන්සල් කරාද ? නැනේ . මේ දේසපළුවො ඉන්නකම් මේ ලස්සන පුංචි රට හදන්න බැ. ඉස්සෙලම මුන් ඔක්කොම ඊලග චන්දෙන් එලවල දන්නා ඕන.

:       1       257

ajithThursday, 14 March 2019 07:50 AM

තද නීති ගේන එක මේ ප්‍රශ්නයට උත්තරේ නෙවයි. මේකට හේතුව රටේ නීතිය කාටත් එක විදියට ක්‍රියාත්මක නොවීම. ඒවගේම ඕන වැඩක් කරලා නීතියෙන් ගැලවෙන්න පුළුවන් වීම.

:       0       190

kumarage Thursday, 14 March 2019 04:25 AM

මේ කාලකන්නි දරුවන්ගේ තාත්තලට හිතුහැටියේ ඉගිල්ලිලා යන්න දීල තියන වාහන මුන් කොහොමද 'නිඝ්ට් ච්ලුබ් වලට අරන් යන්නේ ..ඉස්සෙල්ලම අන්න ඒ වාහනේ අයිතිකාරයාව අර්රෙස්ට් කරන්න ඕනේ..

:       0       71

Kamal Thursday, 14 March 2019 12:25 PM

අනතුරක් නොදැන පලායාම යටතේ අනිත් වාහනේ අයට නඩු දාන්න බැරිද?

:       0       0

sapumal Friday, 15 March 2019 02:40 AM

" එහෙත් ඩිෆෙන්ඩර් රථයේත් ප්‍රාඩෝ රථයේත් ගමන් කළ සල්ලිකාර පුතුන්ට එබඳු මානුෂීය හැඟීම් තිබී නැත." මොකද මුන්ගේ තත්තල සල්ලි හම්බ කරලා තියෙන්නේ මහජන මුදල් කොල්ල කාලා නිසා. ඔය ඩිෆෙන්ඩර් සෝදිසි කරලා බලන්න ගොඩක් ඒවා හොර ලියාපදිංචි ඒවා

:       0       1

sira Friday, 15 March 2019 03:42 AM

කෝ වාහනය හිමිකරුට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය ? ඔවුන්ට විරුද්ධව ගන්න විනය ක්‍රියා පටිපාටිය මොකක්ද ? නීතිය මෙසේ අවභාවිත වෙනවා නම් හැම කෙනාම තමුන්ට රිසි සේ ජීවත් විය හැකිය.

:       0       0

Sumeda Saturday, 16 March 2019 04:45 AM

රටේනිතිය අනුවම මේ බේබද්දන්ට නීතිය අනුව කටයුත˛කරන්න බයද... ඔය ඇමතිලා මන්තිරිලගේ පුත්තු කියන එවුන්ට තියෙන්නේ පුදුම උණක්... ඔක්කොම මිණී මරාගෙන කන නිට්ටෑවෝ වාහන පදවන එවුන්ට.., නීතිය අනුව දඞුවම් මේ අසමජ්ජාති හැත්තට ලබා දෙන්නම ඕනි... දැන් අපි බලා සිටිමු අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා... හෙට දවසේ මෙවැනිම වූ තවත් මිනිස් බිල්ලකට, ගොදුරකට පාදඩ දේශපාලනයට ඉඩක් නොතබා ඡන්දයකින් හෝ මල මිනියකට ලැබෙනා අවැඩදායක උසස්වීමක නිල නාමයකින් සටන හමාර නොකරමු. එමනිසා මින් මතු මේ පාදඩ රටේ, පාදඩ දේශපාලනයට තිත තැබිය යුතු කාලය උදාවී ඇති බව සමස්ත රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුයි. ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී සියල්ලෝම ඒ සඳහා සූදානම් වෙත්වා. සමස්ත පොලිස් ප්‍රජාවත්... සියළුම ආරක්ෂක අංශත්.... රටෙ මුලු මහත් ජනතාව හා ඒකරාශීව මේ රට නංවමු. දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා අත්වැල් බැඳගත යුතුයි..

:       0       2

Bangomunu. Monday, 18 March 2019 02:27 AM

ඉහත "සපුමල් " නමින් ලියා ඇත්තේ මෙහි නිතර ලියන සපුමල් වෙන්න නම් බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 847 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site