පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික බැතිමතුන්ගේ කලු දිනයක් වශයෙන් සලකුණු වූ බව නිසැකය. කතෝලික දේවස්ථාන ගණනාවක්, තරු පන්තියේ සංචාරක හෝටල ඇතුළු ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් සිදුවිය. මිය ගිය අහිංසක ජනතාව හා විනාශ වූ දේපොල භයානක අත්දැකීමක් බව සඳහන් කළ යුතුය. අන්තර් ජාතිකව පවතින දරුණු ත්‍රස්තවාදී කල්ලි මෙකී ප්‍රහාරය පිටුපස සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කර තිබේ. ඉකුත් දින ගණනාව තුළ ජන ජීවිතය අඩාල විය. ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති හිඩැස් සම්බන්ධයෙන් වගකිව යුතු අංශ අතර බලවත් විවාදයක් පැවැතිණ. ඔත්තු සේවා දුර්වලවීම හා කලින් කරන ලද අනතුරු ඇඟවීම් ගණනකට නොගැනීම ප්‍රශ්නයකි. පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශ හා සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විවාදය අවස්ථාවේ දී මැති ඇමැතිවරු දක්වන අදහස් රට පත්ව ඇති තත්ත්වය යහපත් නොවන බව දක්වයි.
බාහිර බලවේග රටට ඇතුළු වීම
මෙරට අන්තවාදී කල්ලියක් හා එම කල්ලියට ලැබුණ උපදෙස්, පුහුණුව හා නියෝග ගැන විස්තරාත්මක තොරතුරු අනාවරණයවී තිබේ. බාහිර පාර්ශව වලට මෙරටට ඇතුළුවෙන්නට තිබුණ හිඩැස ගැන අවධානය යොමු කළ යුතුයි. 1980 දශකයේ සිට ශ්‍රී ලංකාව අන්තවාදී කල්ලි පෝෂණය වූ බිමක් බව අමතක කළ යුතු නැත. පළමුවෙන් සිංහල අන්තවාදය ඇති විය. එය දකුණේ ත්‍රස්තවාදය වශයෙන් රට තුළ විශාල පිපිරීමක් ඇති කළේය. දක්ෂ තරුණ පිරිසක් රටට අහිමි විය. අනතුරුව දෙමළ අන්තවාදය ආරම්භ විය. උතුරේ අන්තවාදීන් දකුණේ සිද්ධි වලින් අත්දැකීම් ලැබ ගත් බව නිසැකය. සෑහෙන වශයෙන් අන්තර්ජාතික සහාය ලැබුණ අතර දශක තුනක් තිස්සේ උතුරේ ත්‍රස්තවාදය රටට ඇති කළ විනාශය අති විශාල එකකි. නිරීක්ෂණය කළ හැකි අන්දමට මෙම සිද්ධි පිටුපස මුස්ලිම් අන්තවාදයක් තිබේ. මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. ජාතිය, ආගම හා පංති වශයෙන් රට තුළ විශාල බෙදීම් තිබේ. එය නොයෙක් වර මවිසින් පෙන්වා දී ඇති කාරණයකි. දේශපාලන පක්ෂය, ඉගෙනගන්නා පාසල, ජීවත්වන ප්‍රදේශය වශයෙන් බෙදීම් ඇති රටක අන්තවාදී බලවේගවලට ඇතුළු වෙන්නට පහසුය. මෙම බෙදීම් වටහා ගෙන නිසි අවස්ථාවේ දී එම පළුදු පිලියම් කිරීමට පියවර ගැනීම නායකයන්ගේ වගකීමකි. අවාසනාවකට අපගේ ජාතික හෝ ආගමික නායකයන් එයට පියවර ගත්තේ නැත. තමන්ගේ ගෝත්‍රය එහෙම නැත්නම් නිකාය වෙත කොටුවන ස්වභාවය තුළ අනෙක් පාර්ශව වලට අසාධාරණය, අයුක්තිය, අවිශ්වාසය යන අංශ ක්‍රමයෙන් මෝදු විය. මෙවැනි දුර්වල සමාජ ව්‍යුහයක් පවතින විට නොයෙක් ජාති, ආගම් පදනම් කරගෙන අන්තවාදී කල්ලි බිහිවීම අපේක්ෂා කළ යුතුය. එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජාත්‍යන්තර බිහිසුණු කල්ලි සූදානම්ව තිබේ.
රට තුළ තිබෙන අස්ථාවර භාවය සැලකිය යුතුය. බේද දැකිය හැකිය. හැම තැනම තියෙන්නේ අයාලේ ගිය බවකි. දේශපාලනය ඉතා දූෂිතය. නායකයෝ සුළු දේටත් ගැටුම් ඇති කරගනිති. මෑත කාලය තුළ තිබුණ ආණ්ඩු අසමත්ය. මත් ද්‍රව්‍ය ජාලය. මුදල් විශුද්ධිකරණය හා මිනිස් ජාවාරම් ඉහ වහා ගොස් තිබේ. බලවත් රටවල් ශ්‍රී ලංකාව සඳහා ඇති කරගෙන තිබෙන බල අරගලය තවත් පැත්තකි. මෙම අරගලය මගින් බලවත් රටක් අනෙක් තරගකාරී රටක් අධෛර්යය කරනු සඳහා අප රට තුළ ඇතිකරන නොසන්සුන් තත්ත්ව කිසිසේත් සුළු කොට තැකිය යුතු නැත. මෙම පසුබිම මගින් රටේ ස්වභාවය ප්‍රශ්න වලින් හැදුණු සැලඞ් එකක් කර තිබේ.
මෙරට රාජ්‍ය බුද්ධි සේවාවට මෙම අර්බුදය ප්‍රමාණවත් අන්දමට තේරුම් ගත හැකි යැයි හිතන්නට පුළුවන් කමක් නැත. අපට තිබුණ දක්ෂ බුද්ධි සේවා දේශපාලණීකරණය වී තිබේ. දක්ෂ සේවාවක් හා ඒවායේ නිලධාරීහු හොඳ සේවයක් කළහ. මෑත කාලය තුළ එය අඩපණ කර තිබේ. මෙයින් වූ හානිය මධ්‍යස්ථව සලකා බැලීම අවශ්‍යය. දේශපාලන පක්ෂ වලට බෙදා, බේද ඇති කර දඬුවම් දෙන විට නිලධාරීන්ගේ විශ්වාසය බිඳ වැටෙන අතර බුද්ධි සේවාව ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නේ නොවේ. මෙම පැති එකින් එක වෙනම සාකච්ඡා කළ යුතුය. පවතින තත්ත්වය තේරුම් ගෙන තීරණ ගැනීමට එයට දූරදර්ශී නායකත්වයක් අවශ්‍යය. අනාගතයේ කවර නායකයෙකු රට පාලනය කළත්, අද තමන්ගේ කාර්යය ඉෂ්ට කර පරාජය වී ගෙදර යෑම අභිමානයක් සේ හිතන නායකයන් රටට අවශ්‍යය.
අවස්ථා අහිමි කරගත් ජන සමාජයක්
අද පවතින මෙම තත්ත්වය ඉතා සංකීර්ණ එකකි. මෙම පසුබිමට අප සියලුම දෙනා වගකිව යුතුය. එක ලාංකිකත්වයක් නිර්මාණය කරගන්නට අසමත් වූ අප ගොඩනගාගෙන තිබෙන සමාජය ඉතාම අන්තවාදී එකකි. සුනාමි ව්‍යසනයට පසු එක රටක් එක සමාජයක් වශයෙන් ගොඩනැගෙන්නට අපට ඉඩක් තිබුණි. දේශපාලනඥයෝ එම අවස්ථාව මග හැරියෝය. යුද්ධය අවසන් වූ වහා අප සියලු දෙනාට එකතු වී අලුත් යුගයක් ඇති කරන පියවර ගත හැකිව තිබුණි. එම අවස්ථාව ද ඉතා පටු ආකාරයට අත්හැර දමන ලද බව දැක්විය යුතුය. වටිනා අවස්ථා අත් හරින ලද රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයට එකතු වී තිබේ.
දකුණේ ත්‍රස්තවාදය මතුවීමෙන් පසු එයට විසඳූමක් දුන්නේ විශාල මර්දනයකිනි. තරුණයන් නගන ලද හඬ ගැන අප කල්පනා කළේ නැත. එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා තරුණ අසහන කොමිසමක් පත් කර කැරුල්ලට හේතු සොයා බැලීය. එතුමාට එයට ධෛර්යයක් තිබුණ නමුත් එම කොමිසන් වාර්තාවෙන් අනාවරණය වූ දේ අවංකව ක්‍රියාවට නැගුවාද කියන ප්‍රශ්නය අපි අපෙන්ම ඇසීම අවශ්‍යය. දෙමළ ත්‍රස්තවාදයට පසු තරුණයන්ගේ හැබෑ ප්‍රශ්නය තේරුම් ගන්න අප උත්සාහ කර නැත. මුස්ලිම් ජාතිකයන්ට, වෙනත් ආගමිකයන්ට වන අසාධාරණ හමුවේ සමහර අවස්ථාවල සුළු පිපිරීම් සිදු විය. ඒවා ගැන ගැඹුරු අධ්‍යයනයකට ගියේ නැත. හේතුව පාලකයන්ගේ පටු ආකල්ප බව දැක්විය යුතුය. පක්ෂ දේශපාලනය ආරක්ෂා කළ අතර නායකයන් කල්පනා කළේ බලය ගන්නා ආකාරය ගැනය. අනුන්ගේ විපත තමන්ගේ සැපතට හරවා ගත් අතර මෙම ආත්මාර්ථකාමී පාලකයන් දෙස සමාජය බලා සිටියේය. තම නායකයන් ගෝත්‍රික අන්දමට පක්ෂ අභිලාශ වෙනුවෙන් සටන් කරන පසුබිමක ජනතාව එක රටක් එක ජාතියක් වශයෙන් හිතන්නේ කෙසේද? මෙම ප්‍රශ්න සීමාව ඉක්මවා ගොස් ඇති අතර පුද්ගලයන් මාරු කිරීමෙන්, ආණ්ඩු වෙනස් කිරීමෙන් මෙම භයානක තත්ත්වයට උත්තර හොයන්න නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. රට තුළ ආකල්ප වෙනස් කළ යුතුය. එක රටක් එක පුරවැසියන් කොට්ඨාසයක් වශයෙන් සිටිය යුතු අප හැමදෙනාටම අනන්‍යතාව ගැන ප්‍රශ්නයක් තිබේ. ඒවා නිරාකරණය කරගැනීමට ඇති කරගන්නා පොදු සම්මුතිය කුමක්ද කියන කාරණය අප සාකච්ඡා කළ යුතුය. උත්තරය අප අතර ඇත. වෙන රටකින් වෙන සමාජයකින් අපට අද උද්ගත වෙලා තියෙන අවසානයක් නොපෙනෙන ඛේදවාචකයට විසඳූමක් ලැබෙන්නේ නැත.
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කළ හැක්කේ කුමක්ද?
අද පවතින තත්ත්වය සලකා බලා සම්පූර්ණ ශුද්ධ කිරීමක් කළ යුතුය. පළමුවෙන් නායකයන් එක තැනකට පැමිණීම අවශ්‍යය. පටු පක්ෂ දේශපාලනයකින් තොරව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, අනෙක් දේශපාලන පක්ෂ සහ ජාතික හා ආගමික නායකයන් එකතු වී පරිවර්තනයක් ඇති කරන අන්දම ගැන සාකච්ඡා කළ යුතුය. වැරදි කළ පිරිස අත්අඩංගුවට ගත යුතුය. තරාතිරම නොබලා නීති ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. නීතිමය ක්‍රියාමාර්ග වලට අවශ්‍ය ස්වාධීන පසුබිම රට තුළ හැදිය යුතුය. ප්‍රතිවාදී දේශපාලනඥයා පාලනය කිරීම බලාගෙන තීරණ ගැනීමේ පැවැත්ම වහා අවසන් කළ යුතු අතර අර්බුද නිරාකරණය උදෙසා අවශ්‍ය නම් අලුත් නීති හැදිය යුතුයි. ඇමරිකාව 2011 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසු සියලු පක්ෂ නියෝජනය කරන කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශ අනුව අලුත් පණත් සකස් කළ අතර බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන ලදී. ආරක්ෂක අංශ නවීකරණය කළේය. කොමිෂන් පත් කළ හැකි නමුත් ජනතාව මෙරට කොමිෂන් ගැන බලන්නේත් සැකයෙනි. ත්‍රස්තවාදයට අනුබල දෙන, ව්‍යුහ තුරන් කරන නීති හැදිය හැකියි. දඬුවම් වැඩි කළ හැකියි. එහෙත් ඒවා යථාර්ථවාදීව ක්‍රියාවට නැගීම ගැන අවධානය යොමු කළ යුතුය.
ව්‍යවස්ථාවක් හදා, ඡන්ද ක්‍රමය වෙනස් කර දේශපාලනඥයන්ගේ බලය ආරක්ෂා කරන පියවර පැත්තකින් තබා සමාජය ගොඩනගන අලුත් හර පද්ධති සූදානම් කරගත යුතුව තිබේ. අන්තවාදයෙන් තොර මැද මාවතක් සොයා ගෙන හැම ජන කොටසකටම ගැලපෙන ක්‍රමයක් හැදිය යුතුය. මේවා පහසු නැත. සියලු පාර්ශව එකතු කරගැනීම දුෂ්කරය. විශාල කැපවීමක් අවශ්‍යයි. පීඩනයට පත්ව සිටින සියලුම දෙනා එක පියවරක් පස්සට ගෙන අලුතින් හිතන්න අවශ්‍යය. අන්තවාදය කොටු කිරීම සදහා සාමකාමී බලවේග එක්සත් විය යුතුය.
පවතින සංකීර්ණ අන්තවාදී බලවේග පරාජය කිරීම සඳහා අනිවාර්යයෙන් අන්තර් ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය කෙරේ. ඉන්දියාව මෙම ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබුණි. ලෝකයේ අනෙක් රටවල් වලට නවීන උපක්‍රම ගැන අත්දැකීම් ඇත. මෙවැනි වෙනස් කම් වලින් හැර ඡන්දයකින් පත්වෙන වෙනත් ආණ්ඩුවකින් මේවා අලුතින් කරන්න නොහැකිය. අද පවතින ක්‍රමය අනුව ආණ්ඩු බලයට පත්වෙන්නේ කල්ලි බලවේගවල ගොදුරු වශයෙනි. ඉතිහාසය පුරා එම තත්ත්වය සනාථ කර ඇත. කල්ලි වල සහායෙන් බලයට එන ආණ්ඩු ජනතාවගේ ඝෝෂාව වෙනුවට සුළු පිරිසකගේ හඬට අවනත වන අතර එය හානිය පුළුල් කරයි. ස්වාධීනව ක්‍රියා කරන්න නොහැකි නම් ඉදිරි ඡන්දයෙන් රට පාලනය කරන්න හැකි පිරිසකට බලය දීම ජනතාවගේ කාර්යයකි. සැබෑ ජනතා නායකයන් දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන් බවට පත් විය යුතුය.
අන්තවාදී කල්ලිවල ස්වභාවය
මෑත ප්‍රහාරය කළ අන්තවාදී කල්ලි මධ්‍යම පැලැන්තියේ හොඳ පසුබිමක් සහිත නියෝජනයක් බව විශ්ලේෂණය කරන විට පෙනේ. මෙම භයානක කණ්ඩායමේ අරමුණ කුමක්ද? නැවත සමාජය ගොඩනගන අතරවාරයේ එම වැදගත් ප්‍රශ්නය නගන්නට අවශ්‍යය. රට තුළ ප්‍රශ්න තිබුණ අතර ඒවා සමාජ ගෝලීයකරණය සේ ගෝලීය ත්‍රස්තවාදයක් දක්වා ව්‍යාප්ත වුයේ කෙසේද යන කාරණය බුද්ධිමත්ව සිතා බැලීම අවශ්‍ය වෙයි. අපි නොදැනුවත්වම ලෝකයේ භයානක කල්ලි වල කොටස්කරුවන් වී සිටිමු. දේශ සිමා රහිත සංවිධාන වලට රට තුළ පදනමක් හදා ඇත. විනාශ වූ ගොඩනැගිලි හදනවා වගේම විනාශ වූ සිත් හදන්න අවශ්‍යය. අන්තවාදයෙන් තොර මධ්‍යස්ථ ආකල්ප රට තුළ දියුණු කළ යුතු අතර වෛරය, පලිගැනීම වැනි දරුණු ආකල්ප රට තුළ තුරන් කරන වැඩපිළිවෙළක් අවශ්‍යය. ජාතික ආගමික නායකයන්ට වැඩපිළිවෙළකට මුල් විය හැකිය. එහෙත් රට තුළ සාධාරණ සහ යුක්ති සහගත ක්‍රමය හදන්නට පාලකයෝ වගබලා ගත යුත්තෝය. අසාධාරණයක් වෙන විට එය කියාගන්නට කෙනෙක් සිටින ජනතාවට සවන් දෙන පාලකයන් සිටිය යුතුයි.
ගෝලීය ත්‍රස්තවාදයට- අන්තර්ජාතික සම්බන්ධතා
ශ්‍රී ලංකාවට පවතින තත්වයෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා ඉතාම වැදගත්ය. සෑම බලවත් රටක් සමගම ගැඹුරු සම්බන්ධතා ගොඩනගා ගත යුතු අතර ආර්ථික හා සමාජයීය සම්බන්ධතා හා සමානව ආරක්ෂක සම්බන්ධතා තරකරගැනීම සුදුසුය. ලෝකයේ බලවත් රටවල් සමග වෙන වෙනම අනන්‍ය, උපායශීලී සම්බන්ධතා තිබිය යුතු අතර පටු අරමුණු ඇතිව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන අභිලාශ පැත්තකට කර, ගැලපෙන සියුම් සම්බන්ධතා ජාල හැදිය යුතුය. වෘත්තීය නිපුණ දක්ෂ නිලධාරීන් එකතු කරගැනීම එහිලා ඉතාම වැදගත්ය.
දශක තුනක ත්‍රස්තවාදයට මුහුණ දුන් දක්ෂ මානව සම්පතක් රටට ඇත. මෙවැනි අර්බුදයක දී එක පුද්ගලයකු, එක නායකයකු නොඑසේනම් එක පක්ෂයක් කියන එක වැදගත් නැත. අප වසර හැත්තෑවක් වැරදි කර තිබේ. අද අත්විඳීන්නේ ඒවායේ ප්‍රතිඵලය. දරුවන්ට බාර දෙන්නේ මෙම විනාශය ද කියන එක අප කල්පනා කිරීම අවශ්‍යය. කතාවට වඩා වැඩ කිරීම වැදගත්ය. සිද්ධි අතරවාරයේ මෙරට නායකයන් දෙස් විදෙස් මාධ්‍ය වලට කතා කරන ලද ආකාරය ඉතා විහිළු සහගතය. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දේශපාලන පක්ෂයකම නායකයන් තේරුම්ගත යුතු වැදගත් කාරණයක් තිබේ. ජනතාව එම අය තෝරා ගන්නේ රටට වැඩක් කරන්නටය. සමාජය දියුණු කර සැනසිල්ල ඇති කරන්නටය. ඉතිහාසය පුරා සෑම ත්‍රස්තවාදී කණ්ඩායමක්ම තම තමන්ගේ නායකයන් බිලි ගත් බව පෙන්වා දිය යුතුය. එහෙම වුණේ ඇයි. ජනතාවගේ අපේක්ෂා සාක්ෂාත් කළේ නැත. දෙමළ සංවිධානයක් තමන්ගේම නායකයන් ඝාතනය කරන විට එම සමාජයේ නායකයන් ඒ ගැන සිතිය යුතුය. සිංහල නායකයන් ඝාතනය වන විට, මුස්ලිම් නායකයන් ඝාතනය වන විට තමන්ගේ නියෝජනය තුළ වරදක් වී ඇති බව හිතන්නට හැකි නායකයන් රටට අවශ්‍යය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුද්ධි අංශයට ඇඟිලි ගැසීමේ පල විපාකය
Janaka from Matara Tuesday, 30 April 2019 04:55 AM
.. මේක උනේ දේශපාලන පෙරේතයින් ගේ පිශාච පිඹුරුපත් නිසා මිසක් බුද්ධි අංශ වල අඩුවක් නිසා නොවෙයි. සිද්දිය උනාට පසුව දැන් මේ ත්‍රස්තයින් හා උන්නේ බඩු - භාණ්ඩ බුරුතු පිටින් අල්ලාගෙන යන්නේ බුද්ධියක් නැතුවද? බුද්ධි අංශ මෙයට වඩා දියුණු තත්වයකට ගෙන ආ හැකිව තිබුණාද, නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි.
Kumar Wednesday, 01 May 2019 02:40 AM
බුද්ධි අංශවල කිසිම අඩුපාඩුවක් නොතිබුණ වග පෙනෙනවා. අප්‍රේල් 11වෙනි දින නිකුත්කර තිබුණ නිවේදනයේ මේ ප්‍රහාරය ගැන මානව විස්තර සඳහන්වී තිබුණා. එතරම් හොද තොරතුරු තිබුණත් මහජන ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරීමයි වරද.. එපමණක් නොවේ එම නිවේදනයේ අගමැති කාර්යාලය සඳහන්නොවී තිබීම කණගාටුවට කරුණක්. එම ලිපිය ලියු නියෝජ්‍ය පොලිස්පතිද දැන් වැඩ බලන්නෙ?
ranjith Wednesday, 01 May 2019 12:22 PM
බලේට කෑදර නැති බලය පවත්වා ගැනීමට කුඩා දේශපාලන පක්ෂවලට දොලපිදේනි දීලා රට අස්ථාවර කරන මේ දෙපිලේ නායකයන් නොවන රටේ අනාගතය ගැන හිතලා වංචා, දූෂණවලට ඉඩක් නොදෙන නීතිය අකුරට ක්‍රියාත්මක කරන උගත් නායකයෙක් සොයා ගත යුතුව ඇත. මේ දෙපිලේ අයගෙන් නම් වැඩක්ම නැත.