IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බ්‍රිතාන්‍යයත් යුද්ධ කරන්න උදව් කළා-මහින්ද

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

‘‘ඉල්ලීමක් සිදුකිරීමට පෙරම ඉන්දියාව, කොටි සංවිධානයට එරෙහිව ශී‍්‍ර ලංකාව සිදු කළ සටනට සහයෝගය ලබා දුන් බව’’ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා වියෝනිව්ස් වෙබ් අඩවිය හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

‘‘ඉන්දියාව අපට උදව් කළා, උදව් කරනව ද කියලා අපට අහන්නවත් වුවමනා වුණේ නැහැ, මොකද මම සටන් කරමින් හිටියේ ඔබේ යුද්ධයක, ඉන්දියාවේ යුද්ධයක, ඇත්තටම ඒක මගේ යුද්ධයක් නොවෙයි’’ හිටපු ශී‍්‍ර ලංකා ජනපතිවරයා සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ පද්මා රා ඕ සුන්දර්ජි සමඟ පැවසුවේය.

‘‘එල්.ටී.ටී.ඊය, ඔබගේ අගමැතිවරයා රජීව් ගාන්ධි ඇතුළු ඉන්දියා ජාතිකයන් බොහෝමයක් ඝාතනය කළා. ඔවුන් ඝාතනය වුණේ ඔබගේ දේශයේදී. අපගේ දේශයේදී නොවෙයි. එහෙම බලනකොට ඒක මගේ විතරක් නෙවෙයි, ඉන්දියාවෙත් යුද්ධයක්. ඉන්දියාව අපිට පුළුවන් හැම විදිහටම උදව් කළා’’ ඔහු අවධාරණය කළේය.

‘‘අපට ඒ ගැන ලෝකයටම කියන්න වුවමනා වුණේ නැහැ. මාධ්‍යයට වුවමනාවට වඩා වැඩි දේවල් කියන්න වුවමනා වුණේ නැහැ. චීනය විතරක් නෙවෙයි, පකිස්තානය, බි‍්‍රතාන්‍යය සහ ඇමෙරිකාව පවා අපට උදව් කළා.’’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තමා 2015 ජනපතිවරණයෙන් පරාජයවීමට හේතුව ඉන්දියාවේ මධ්‍යම ඔත්තු සේවය, රෝ දියත් කළ මෙහෙයුමක් බවට පෙර අවස්ථාවක දී කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ඉල්ලා සිටි විට,

‘‘ඔබ දන්නවානේ, මට අතීතය ගැන කතා කරන්න වුවමනාවක් නැහැ. වුණ දේ වුණා. දැන් අපි ඉන්නේ අලූත් පිටුවක’’ යැයි රාජපක්‍ෂ කීවේය.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ අධීක්ෂණය යටතේ, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්ගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වුණු රෝ ඔත්තු සේවය, රාජපක්ෂගේ මැතිවරණ පරාජයට මං තැනුවේ යැයි චෝදනාවක් නැගී තිබෙන වාතාවරණයක, ඔහු මෝදි ගැන සිතන්නේ කුමක් දැයි හිටපු ශී‍්‍ර ලංකා ජනපතිවරයාගෙන් විමසුවාය.

‘‘මම, මා සළකන්නේ ඔබේ අගමැති මෝදිගේ මිතුරකු ලෙස. ඔහු ඔබේ රට වෙනුවෙන් කර තිබෙන දේ මම මහත් සේ අගය කරනවා. ඒ වගේම අන්තර්ජාතික තලයේ ඔහුට තිබෙන්නේ අද්විතීය පිළිගැනීමක්. ඉන්දියා ඩයස්පෝරාවේ සහය ඔහු තමන් කෙරේ ලබාගත් ආකාරය ඇත්තටම කදිමයි. මට එහෙම දෙයක් කරගන්න පුළුවන් වුණේ නැතත් ඒක කිව යුතුමයි. ඔහුගේ ජාත්‍යාලයත්, ඉන්දියාව නව්‍යකරණය කිරීමට ඔහුගේ තිබෙන වුවමනාවත් ඇත්තෙන්ම ඉතාම ආදර්ශවත්. ඔව් අපි ඔහු අගය කරනවා, ඒකෙ දෙකක් නැහැ.’’

සිංහල හා දෙමළ ජන කොට්ඨාස අතර පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම බවට වන ඉන්දියාවේ මතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්‍ෂ පැවසුවේ,

‘‘මම කියන්නේ නැහැ ඒක තමයි තියෙන හොඳම විසඳුම කියලා. ගැටලූව ඇත්තටම ඒක නම්, හරිනම් මේ වෙනකොට ඒ ගැටලූව සහතිකයෙන්ම විසඳිලා තියෙන්න  ඕනේ. විසඳුමක් සොයාගන්න නම් සියලූම ජන කොට්ඨාස එකට එකතුවිය යුතුයි, කියන එක අප මතක තබාගන්න වුවමනායි. සමාජයේ එක කොටසක් පමණක් සතුටු වෙන විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. සියලූම දෙනා එකඟවෙන විසඳුමක් වුවමනායි.’’

ඔහුගේ රජය මෙන්ම වත්මන් රජය ආර්ථිකමය වශයෙන් ශී‍්‍ර ලංකාවට අත පෙවීමට චීනයට ලබා දී තිබෙන අවකාශය හමුවේ, අනාගතයේ ශී‍්‍ර ලංකාව, චීනයේ යටත් විජිතයක තත්ත්වයට පත්වනු ඇතැයි පවතින බිය සම්බන්ධයෙන් අදහස් දක්වන මෙන් ඉල්ලා සිටි විට,

‘‘චීනය කියන්නේ ඉතාම වටිනා මිතුරෙක් ඒ වගේම සංවර්ධන කටයුතුවල දී අප සමඟ අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවෙක් එපමණයි. මේ තත්ත්වය යටතේ යටත් විජිතයක් ගැන කසුකුසුවක්වත් තියෙන්නට බැහැ.’’

එහෙත් ඊට ඌණ පූර්ණයක් එක් කළ ඔහු, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් තම රජය චීනය හා කටයුතු කළ ආකාරයත්, වත්මන් රජය චීනය හා කටයුතු කරමින් සිටින ආකාරයත් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව පැවැසුවේය.

‘‘මම විස්තර කළ ව්‍යුහයන්ට අනුකූලව තමයි අපේ රජය චීනය හා ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ. හම්බන්තොට වරාය ගත්තොත් අපි එකඟවුණේ සැපයීමේ, මෙහෙයවීමේ, පවරාදීමේ එකඟතාවකට. එම එකඟතාව ඇති කරගැනුණේ පර්යන්තය සම්බන්ධයෙන් පමණයි. ඉඩම ඔවුන්ට බද්දට දුන්නත් වත්මන් රජය මේ ප‍්‍රතිපත්ති සියල්ල වෙනස්කර තිබෙනවා’’ හිටපු ජනපතිවරයා කීවේය.

ත‍්‍රස්තවාදීන්ට තිඹිරිගෙයක්වන පකිස්තානය වැනි රටකට වඩා ඉන්දියාව සමඟ මිත‍්‍ර සම්බන්ධතා ඇති කරගැනීම ශී‍්‍ර ලංකාවට යහපත් නොවේ දැයි විමසා සිටි විට, රාජපක්‍ෂ පිළිතුරු දුන්නේ මෙලෙසය.

‘‘අපේ සියලූම අසල්වාසීන් සමඟ සම්බන්ධතා තරකර ගැනීම වැදගත් බව අපි විශ්වාස කරනවා. එය මම ඔබට අවධාරණය කරම කියන්න  ඕනෑ. ඉන්දියාව සහ පකිස්තානය දෙගොල්ලොම අපිට ඔවුන්ට හැකි උපරිමයෙන් උදව් කර තිබෙනවා. ඒ වගේම අතීතයේ සිටම ඔවුන් අපගේ මිතුරන්. එම මිතුදම් කිසිදු අවස්ථාවක ආන්දෝලනාත්මක හෝ සුවිශේෂී හෝ වුණේ නැහැ. එක මිත‍්‍ර සම්බන්ධතාවක් පවත්වාගන්න නම් අනෙක් මිත‍්‍ර සම්බන්ධතාවය ඒ වෙනුවෙන් කැපකිරීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවයි මම මේ කියන්න හදන්නේ.’’

‘‘අපගේ ඉස්ලාම් භක්තික පුරවැසියන්ගේ සිතුම්පැතුම් ගැන අපි සංවේදියි’’ ශී‍්‍ර ලංකාවේ මුළු ජනගහණයෙන් සියයට අටක් පමණ වන මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්‍ෂ කීවේය.

එල්.ටී.ටී.ඊය නැවත නැගිටී යැයි බියක් ඔහුට ඇත.

‘‘ඒ අය අත්අඩංගුවට ගැනීම හරියට දියේ ගිලිලා තිබෙන අයිස් කන්දක ඇහැට පේන හරිය වගේ දෙයක්. ඇත්ත තත්ත්වය ඊට වඩා බොහොම විශාලයි.’’ ත‍්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශී‍්‍ර ලංකාවේ හිටපු ජනපතිවරයා පැවසුවේය.



අදහස් (8)

බ්‍රිතාන්‍යයත් යුද්ධ කරන්න උදව් කළා-මහින්ද

Nandalal de Silva - France Wednesday, 19 April 2017 09:27 AM

අන්තිම හුස්ම ටික යන්න ඉස්සර අපි කරපු හොඳ නොහොඳ, පව්-පින් ආදිය සිහියට එන බවත්, ඒවායේ ප්‍රථිපල අනුව විකාර, නන් දොඩවිලි ආදිය කරන බව හෝ සිනහ වෙන බවත් අප දන්නවා. මොකද මෙතුමා වසර ගණනකට පෙර සිදුවූ දේවල් ගැන කියන්නේ? පවුලේ අය මෙයා ගැන ටිකක් විමසිල්ලෙන් හිටියොත් හොඳයි නේද ? මැදමුලන පන්සලෙන් හාමුදුරුවරුන් කිහිප නමක් වඩම්මා පිරිත් දේශනා කරවාගෙන, තවත් නුලක් අතේ බඳවා ගන්න.....

:       5161       2636

janatha anuraFriday, 21 April 2017 02:28 AM

මෙතුමා නන්දලාල් නොවේ යාපනයේ වෙසෙන ලංකික පුරවසියෙන් නම හෙළි කල නොහැකිය අප සමග ප්‍රන්සයේ වෙසෙන මිතුරෙක් මේ ගැන උදහස් නොවන්න

:       0       0

gajaba Wednesday, 19 April 2017 11:14 AM

නන්දලාල්,.. රට, ජාතිය ගැන කිසිම හැඟීමක් ඔයාට නැද්ද? ..!!

:       402       647

Gsinghe Wednesday, 19 April 2017 01:16 PM

ගජබා කියනදේ ඇත්ත. නන්දලාල් ප්‍රංශේ ඉදන් බයිලා කියනවා.

:       112       283

Chanak Los angeles Thursday, 20 April 2017 01:36 AM

අතේ හිරකරගෙන මිරික මිරික හිටපු වශී බෝලය කෝ?

:       374       7

Deepal Nirosh Thursday, 20 April 2017 05:46 AM

ඉන්දියාව අවසන් මෙහෙයුම වෙලාවෙ 1987දි වගේ ක්‍රියාත්මක නොවී නිහඬ වුණේ ඔවුන්ටත් තමන්ට අවනත නොවූ ප්‍රභාකරන් විනාශ තර ගන්න තිබූ අවශ්‍යතාව මත.ඒක ලංකාවට ලබා දීපු ලොකු සහයෝගයක්. බ්‍රිතාන්‍යය නිහඬ වුණේ ඉන්දියාවේ නිහඬතාවයත් 2005 දි තමන්ගෙ උපදෙස් නොසලකා ප්‍රභාකරන් උතුරේ කියාත්මක කළ ඡන්ද වර්ජනය නිසා ඔහු පිළිබඳ තිබූ අවිශ්වාසයත් මත.ඇත්ත වශයෙන්ම යුද්ධයේදි අපට අවංකව සහාය දැක්වූයේ චීනය පකිස්ථානය හා රුසියාව යන රටවල්. ඒකටත් ප්‍රධාන හේතුවක් වුණේ ඒ රටවල දෙමළ ඩයස්පෝරාවක් ක්‍රියාත්මක නොවීම. මෙතුමාට දැන් අතීතය අමතක වුණාද? නැත්නම් අමතක කළාද?

:       1       28

janatha anura Friday, 21 April 2017 02:53 AM

යුද්දය ජය ගත්තේ අපේ යු අන් පි උපක්‍රමයෙන් ඔය කියන උදුව්වෙන් නොවේ හමුදාව පාමංකඩ හරහා මැදවච්චියට උපක්‍රම ශීලිව පසු බස්වා පසුව මාරක ප්‍රහාරයක් දියත් කලේ අපි රාජපක්ෂලා නොවේ

:       1       1

oshan eranga Friday, 12 May 2017 09:18 AM

මට ලොකු උදව්වක් ඕනී. helf me

:       0       34

ඔබේ අදහස් එවන්න

කොලම

​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 761 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 614 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 866 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 249 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 297 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16882 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 265 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site