කතෝලික දේවස්ථාන ප්‍රමුඛ කරගනිමින් රටේ තැන් කීපයක සිදු වූ ම්ලේච්ඡ මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් මේ වනවිට මුළු රටම සිටින්නේ මහත් කම්පාවට පත්වීය. දශකයකට වැඩි කාලයක් පුරා මෙබඳු ත්‍රස්ත ප්‍රහාරයකට ලක් නොවූ ලංකාවට සිදු වූ මේ ඛේදවාචකය මනුෂ්‍යන් හැටියට අපගේ හදවත්වලට දරාගැනීමට තරම් අමාරු කාරියකි. මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය නිමාවී වසර 2009න් පසුව මෙවැනි භයානක ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වීම ඊට හේතුවයි. ත්‍රස්තවාදී ක්‍රියා කිසිවක් ඇති නොවූ එකී දශකයක කාලයේදී ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනා කිසිදු වාද භේදයකින් තොරව කටයුතු කළේ මහත් සන්තෝෂයෙනි. එනිසා මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිය ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ සහෝදර කතෝලික ජනයාට බෞද්ධ ආගමික නායකත්වය හා බෞද්ධ ජන සමාජය වෙනුවෙන් පළමු කොටම අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු. එසේම මේ මහත් කම්පිත මොහොතේ ඔබ සමඟම සිටින බවත් අවධාරණය කරමු.
කොළඹ කොච්චිකඬේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව කතෝලික දේවස්ථාන තුනකටත් සංචාරක හෝටල කීපයකටත් ඊයේ (21) එල්ල වූයේ අතිශය ම්ලේච්ඡ ප්‍රහාරයකි. කවර අරමුණකින් කවරෙකු විසින් මෙවැන්නක් සිදුකරන ලද්දේදැයි අපට සිතා ගැනීමට බැරි ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න ඇතිවීමට අදාළ කිසිදු වාතාවරණයක් පසුගිය කාලවල මේ රටේ තිබුණේ නැත. ඒ නිසාම හිටි හැටියේ වාර්තා වූ මේ පුවත රටක් ජාතියක් හැටියට දරාගැනීමට කොහොමටත් බැරිය. ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික බහු ආගමික රටකි. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී වශයෙන් වූ විචිත්‍රවත් වාර්ගික සංයුතිය එහි ජන පැවැත්මට හානියක් වුණේ නැත. තැනින් තැන කුඩා කුඩා ආරාවුල් හටගත්තත් ඒවා ප්‍රාදේශීය ප්‍රභූන්ගේ මැදිහත්වීමෙන් සමථ වූවා මිස රට පුරා පැතිර ගියේ නැත. එහෙත් ඊයේ (21) දිනයේදී අප අත්දුටුවේ එවැනි ආරාවුලක් නොව මුළු මහත් ලෝකයටම විශාල හඬක් නැගූ පිපිරීම් මාලාවකි. මතු සඳහන් කළාක් මෙන්ම සිදුවූයේ කුමක්දැයි නොදන්නා අන්දුන් කුන්දුන් වූ තත්ත්වයකට අප පත්ව සිටින්නේ එහෙයිනි.
මෙවැනි අවස්ථාවල සිදුවන ප්‍රකට කාරියක් වන්නේ දූසමාන ආරංචි පැතිර යාමය. නව සමාජ මාධ්‍යයේ ද පිහිටෙන් එවැනි බොරු ප්‍රචාරවලට අත්තටු දීම අද සමස්ත ලෝකයටම මහත් අභියෝගයකි. එනිසා මෙම අවස්ථාවේ අපගේ ප්‍රමුඛ ඉල්ලීම නම් කලබල ඇති කර නොගෙන හැකිතාක් සමාජයේ නිශ්චලතාව ආරක්ෂා කරගැනීමට කැපවන්නැයි යන්නය. මේ ප්‍රශ්නය කුමක්දැයි අග මුල සොයාගැනීමට අපට වෙනදාටත් වැඩි තදබල ඉවසීමක් අවශ්‍යවේ. මේ ඛේදවාචකයේ අක්මුල් සොයාගැනීම සඳහා අදාළ රාජ්‍ය අධිකාරින්ට වුවද කිසියම් කාලයක් ගතවේ. ඊට අදාළ නිසි විමර්ශන පරීක්ෂණ කළයුත්තේ පිළිවෙළකටය. එහි මුඛ්‍ය අරමුණ විය යුත්තේ යළිත් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් ඇතිවීම වළක්වාගැනීමය. ලෝකය විවිධය. විෂමය. මෙය මිනිසාට ද අදාළය. එනිසා මිනිසුන් අතර තිබෙන්නේ ද විවිධ අදහස් උදහස්ය. එහෙත් මෙවැනි ප්‍රහාරයක් සැලකිය හැක්කේ කිසිදු මිනිසෙකුට අනුමත කළ නොහැකි ත්‍රස්ත ක්‍රියා ගනයටය. විශේෂයෙන්ම ආගමික ජන කොටසක ශ්‍රේෂ්ඨ සැමරුම් අවස්ථාවකට එල්ල කෙරෙන ප්‍රහාරයක් ශිෂ්ට සමාජයක කිසිදු මනුෂ්‍යයෙකුට අනුමත කළ හැකි දෙයක් නොවේ.
ජීවිතයක් යනු මේ ලොව ඇති අමිලම සම්පතයි. එහි ඇති වටිනාකම අගණිතය. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් රටට ජාතියට අහිමි වූයේ එවැනි මිල කළ නොහැකි ජීවිත සමූහයකි. දැන් කළ යුත්තේ නැවතත් මෙවැනි ඛේදවාචකයක් ඇති නොවන තැනට වැඩ කිරීමය. එහිදී රාජ්‍ය නායකයන්ට ද ආගමික නායකයන්ට මෙන්ම සියලු ආගමික ජන කොටස්වලට ද ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. රටක ජනයාට සිය ජීවිත ගැන නිරන්තර භීතියකින් සැකයකින් දිවි ගෙවන්නට සිදුවන්නේ නම් එය පතිරූප දේශයක් නොවේ. ජන සමාජයක් හැටියට ලැජ්ජා විය යුතු කරුණකි. විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිත ගැන වටිනාකම් අවම සමාජයක් බිහිකිරීම ගැන පසු කලෙක අපේ අනාගත පරපුරේ දරුවන් අසන ප්‍රශ්නවලට අප නිරුත්තර වනු ඇත. එනිසා උපනූපන් පරම්පරා වෙනුවෙන් යහපත් දේශයක් උදාකරනු වස් වහ වහා ප්‍රබල සාකච්ඡාවක් ජාති ආගම් භේදයකින් තොරව ආරම්භ කිරීමට අප කටයුතු කළ යුතුවේ.
ශිෂ්ටසම්පන්න රාජ්‍යයක පුරවැසියන් කළයුත්තේ විනාශයකින් විනාශයකට අත වැනීම නොව මනුෂ්‍යත්වයේ වටිනාකම් අගයන මාවතට සමාජය කැඳවාගැනීමය. දැන් අප හමුවේ රටක් හැටියට ඇත්තේ ඒ අභියෝගයයි. එනිසා මෙවැනි අවස්ථාවක පළමුකොටම කළයුත්තේ අපේ ආගමික ජාතික සහෝදරත්වය සමඟ ඉවසීමෙන් ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කරගැනීමය. නොඑසේව උපකල්පන මත ආවාට ගියාට ක්‍රියා කිරීම නොවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, කතානායකවරයාත්, විපක්ෂනායකවරයාත් ඇතුලු දේශපාලන නායකයන් ද උගතුන් විද්වතුන් ප්‍රමුඛ විද්වත් වෘත්තිකයන් ද සියලු දෙනා මේ තත්ත්වය ගැන මහත් කම්පාවට පත්වනවාට සැකයක් නැත. මක්නිසාදයත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවට දුක්ඛප්‍රාප්තියට ජාතිභේදයක් නොමැති හෙයිනි. තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය ද නිමා කළ පසුබිමක අපට නැවතත් මෙවැනි සිදුවීම් ඇසීමට අවශ්‍යම නැත. එහෙයින් වාර්ගික වශයෙන් කලහකාරීත්වයන්ට අත වනනා කුඩාම හෝ හේතුවකට ඉඩක් නොතබා ගැඹුරු අවබෝධයකින් යුතුව දිවි ගෙවීමට මේ ඉදිරි දින කීපයේදී සියලුම රටවැසියන් සිහියට ගත යුතුය. අවසාන විග්‍රහයේදී බුදු දහමේ දැක්වෙන පරිදි එළඹ ගත් සිහියෙන් යුතුව දිවි ගෙවීම මේ කාලයේදී අත්‍යවශ්‍ය බව දෙවනුවත් තෙවනුවත් අවධාරණය කරමි.
බිඟුන් මේනක ගමගේ
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ මහත් කම්පිත මොහොතේ අපි ඔබ සමගම සිටිමු
Fathima Nilufa Monday, 22 April 2019 08:41 AM
මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කවුරු වුණත් කමක් නැහැ... ලොකු දඬුවම් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා..
rasika Monday, 22 April 2019 09:24 PM
මෙතැනදී මුස්ලිම් සමාජයට ලොකු වගකීමක් තියෙනවා. රටේ තියෙන මේ පොඩි මුස්ලිම් කල්ලි නීතියට කොටු කරදෙන්න වගේම කිසිම සහයෝගයක් ඔවුන්ට දෙන්න එපා. කිසිම දිනක ඔවුන්ගෙන් ඔබේ මුස්ලිම් ආගමට හා ජනයාට සේවයක් වෙන්නේ නැහැ.