IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මේක භයානකයි

දේශීය සිනමාවේ සියලුම ජනප්‍රිය හා ආදායම් වාර්තාවල හිමිකරුවා ඔහුය. සිනමාව වෙනුවෙන් වැඩිම අන්තර් ජාතික සම්මාන සංඛ්‍යාවක් ඇති ලාංකික සිනමාකරුවා ඔහුය. ලක්ෂ 40 ට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවකට හිමිකම් කියන එකම සිනමා කරුවා ද ඔහුය. අලුත් චිත්‍රපටයක් එළිදක්වන තුරු දිවයින පුරා අති බහුතරයක් ප්‍රේක්ෂක ජනතාව සහ සිනමා ශාලා හිමියන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ නම් ඒ ඔහුගේ චිත්‍රපටයක් එන තුරුය. දිවයිනේ ජනප්‍රියම කලාකරුවා වශයෙන් 05 වතාවක් අඛණ්ඩ ජනතා සම්මානයට පාත්‍ර වූ එකම සිනමාකරුවාද ඔහුය. ඔහු ඇගයීමට මෙන්ම ගැරහීමට ද ලක්වන්නේ ඔහුගේ අවංක සෘජු අදහස් ප්‍රකාශ කරන ප්‍රතිපත්තිය නිසාය. පසුගිය රජය සමයේ ජාතික චිත්‍රපට සංස්ථාව සමග ප්‍රබල මත වාදයක පැටලුණු ඔහුගේ එදා මතය නිවැරැදි බව අද බොහෝ දෙනා පිළිගෙන අවසානය. මේ දිනවල ද ක්ෂේත්‍ර යේ පවතින අර්බුදයේදී ඔහු යළි වරක් සංස්ථාව සමග මතවාදයක සිටින නිසා අපි මෙම ජනප්‍රිය මෙන්ම සම්මානනීය සිනමා කරුවා සමග කතාබහක යෙදුනෙමු.
 
● ඔබ පසුගිය රජය සමයේත් චිත්‍රපට සංස්ථාව සමග ගැටුණා. දැන් මේ රජය යටතේ ඇති සංස්ථාව යටතේත් ගැටනෙවා. ඔබ ”කචල් ” කාරයෙක් ද?
කැමති නමකින් හඳුන්වන්න. මම පසුගිය රජය පත් කරන්නත් දායක උනා. මේ රජය පත් කරන්නත් දායක වුණා. ඒ උනාට මම කණ්ඩායමකට, කල්ලියකට සීමා වුණා කෙනෙක් නොවෙයි. කවුරු උනත් හරි නම් හරි. වැරදි නම් වැරදියි. හරි වැරදි කතා කරන්න මම කාටවත් බය නැහැ. බොහෝ දෙනක් බලධාරීන්ට එරෙහිව කතා කරන්නේ නෑ. ඒක ආත්මාර්ථකාමී කමක්. මම සත්‍ය කෙළින් කතා කරන නිසා සමහර අයට මම ”කචල් ” 
කාරයෙක් වගේ පේනව ඇති.
 
● මොකද්ද දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය?
සිනමා ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැටඵ ගැන සිනමා කරුවෝ කතා කරන්නේ අවුරුදු ගණනාවක ඉඳලා. ඒ පිළිබඳව විවිධ සංගම් අදහස් හා යෝජනා දීලා තිබුනා. අගමැතිතුමා, ජනාධිපති තුමා සහ වත්මන් ඇමතිතුමා යන සියලු නායකයින් මේ ගැන සොයා බලා වාර්තා කරන්න කමිටු පත් කලා. මේ කමිටු හැම එකක්ම ගැටලු පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසු ඒවාට සාධනීය විසඳුම් යෝජනා කර තිබුනා. සිනමාව බාර වත්මන් ඇමති සජිත් ප්‍රේමදාස ඇමති තුමා සහ වත්මන් සභාපතිනිය ඇතුඵ සියඵ පාර්ශව කරුවන් ඉහත කී කමිටු වාර්තා අනුව කැබිනට් පත්‍රිකාවක් පිළියෙල කරල අනුමැතිය සඳහා ඉදිරිපත් කරලයි තිබුනෙ.
 
● එම පත්‍රිකාවේ සඳහන් වෙනවද චිත්‍රපට බෙදා හැරීමේ අලුත් ක්‍රමවේදයක්?
ඔව්. ඉතා පැහැදිලිව. එහි යෝජනා කරන විදිහට බෙදා හැරීමේ මණ්ඩල 05 ම අසාර්ථක නිසා ඒවා අහෝසි කර නව නීති රීති හා කොන්දේසි යටතේ නව බෙදා හැරීම් සමාගම් ලියාපදිංචි කර ”ස්වාධීන නියාමන මණ්ඩලයක්” මගින් එම ක්‍රියාදාමය නියාමනය කළ යුතුයි කියා එහි නිර්දේශ කර තියෙනවා. නමුත් දැන් සිදු වන්නේ එම නිර්දේශ හා යෝජනා සියල්ල කුණු බාල්දියට දමා ඒ ගැන කිසිම තැකීමක් නැතුව චිත්‍රපට සංස්ථා නිලධාරීන් පමණක් ඒකාපාක්ෂිකව පිළියෙල කළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමයි.
 
● අධිකරණ තීන්දුවකින් චිත්‍රපට බෙදා හැරීම සංස්ථාවට පවරා තියෙනවා නේද? එසේ නම් ඔබ කියන්නේ අධිකරණ නියෝග වලට එරෙහිව ක්‍රියා කළ යුතුයි කියලද?
අධිකරණ තීන්දුව දීල තියෙන්නේ පවතින මණ්ඩල අහෝසි කර බෙදා හැරීම යළි පවරා ගැනීමට පනත අනුව සංස්ථාවට බලය තියෙනවා කියල මිස , සංස්ථාව පමණක්  බෙදා හැරීම තනිව කළ යුතුයි කියා හෝ බෙදා හැරීමේ අලුත් ක්‍රමවේදයක් නොකළ යුතුයි කියා හෝ නොවෙයි. එනිසා වඩා යහපත් ක්‍රමවේදයක් බිහි කිරීමට උසාවි තීන්දුව බාධාවක් නොවෙයි. ආශීර්වාදයක්.
 
● ඉතින් ඇයි ඔබ සියඵ දෙනා එකතු වී නව ක්‍රමවේදයක් යෝජනා නොකරන්නේ? 
අපි යෝජනා කරල ඉවරයි. මම තනිව නොවෙයි. විද්වත් කමිටු සියල්ලම, සිනමාවේ පාර්ශව කරුවන් සියල්ලම එකග වූ යෝජනාවලියක් . ඇමති තුමා සහ සභාපති තුමිය එය ක්‍රියාත්මක කරන්න සූදානමින් සිටියෙ. දැන් සිදු වන්නේ එය පසෙක දමා නියාමන මණ්ඩලයක් ගැන කතා නොකර සියලු තීරණ ගැනීමේ බලතල සභාපති සතු කරගෙන සිනමා කලාවට හා කර්මාන්තයට හානිකර ක්‍රමවේදයක්.
 
● චිත්‍රපට සංස්ථාවට පමණක් බලතල ලැබීම සිනමාවට හානිකර වන්නේ කොහොමද?  සංස්ථාවක් කියන්නෙ මහජන සේවය වෙනුවෙන් කැප වුණ රාජ්‍ය ආයතනයක් නේද?
චිත්‍රපට සංස්ථාව කියන්නෙ රාජ්‍ය ආයතනයක් බව ඇත්ත. හැබැයි මහජන සේවය වෙනුවෙන් කැපවුණ ආයතනයක් නම් තමාට අදාළ ක්ෂේත්‍රයේ යහපත, අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතුයි. ක්ෂේත්‍රයේ   නියැලී සිටින පාර්ශව කරුවන් ගැන නොසිතා ඔවුන්ගේ අදහස්, යෝජනා නිර්දේශ තඹේකට මායිම් නොකර අවුරුදු ගණනාවක් තිස්සේ කෙරුන කතා බස් සියල්ල නොසලකා කටයුතු කිරීම මහජන සේවයක් ද කියන එක ප්‍රශ්නයක්.
 
● චිත්‍රපට බෙදා හැරීම පුද්ගලික අංශයට ආපසු දෙන්න කියලද  ඔබ කියන්නෙ?
නෑ. පුද්ගලික අංශයට සහ සංස්ථාව කියන දෙකටම මෙතෙක් තිබුණ. චිත්‍රපට බෙදා හැරීමේ බලතල. එතන පුද්ගලික අංශයේ ඒකාධිකාරයක් ගොඩ නැඟුණ. එම ඒකාධිකාරය මෙල්ල කරන්න හරිහැටි නීති රීති, කොන්දේසි තිබුණේ නෑ.  තිබුණ නීති රීතිත් ඔවුන් උල්ලංඝනය කරමින් තමයි පුද්ගලික සමාගම් කටයුතු කළේ. එනිසා කලින් තිබූ බෙදා හැරීම් මණ්ඩල 05ම අසාර්ථක හා අසාධාරන නිසා තමයි අපි ඉල්ලා සිටියේ එය වෙනස් කර නව නීති රීති, කොන්දේසි යටතේ නව ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියා. මතක තියා ගන්න, කලින් තිබූ අසාර්ථක මණ්ඩල 05න් එකක් තමයි සංස්ථා මණ්ඩලය කියන්නෙත්. දැන් සංස්ථාව හොර රහසේ කරගෙන තියෙන්නේ අසාර්ථක මණ්ඩල 05 න් 04ක් අක්‍රීය කරල එක් අසාර්ථක මණ්ඩලයක් වූ තමාගේ මංඩලය පමණක් සක්‍රීය කරගෙන තනියම රේස් එකක් දුවන එක. ඒක කොහොමද හරි වෙන්නේ? 
 
● පුද්ගලික අංශයට යළි බලය පැවරීමෙන් පෙර පැවති අසාධාරන ඒකාධිකාරය යළි බිහි වෙන්නේ නැද්ද? 
අන්න එතනදි තමයි රාජ්‍ය මැදිහත්වීම ඕන. කලින් තිබුන නීති රීති වල කොන්දේසි වල තිබුනු අඩුපාඩු නිසානෙ ඒ ක්‍රමය අසාර්ථක උනේ. අපි කළ යුත්තේ එහෙම මග හරින්න බැරි විදිහට සිනමා කරුවන්ට සාධාරනයක් වන විදිහට නීති රීති නියාමනය කරන එකයි. දැන් මේ කරන්නේ අසාධාරණ “පුද්ගලික ඒකාධිකාරයක්” නවත්තල එක ”රාජ්‍ය ඒකාධිකාරයක්” බිහි කිරීම. එම ඒකාධිකාරයේ පාර්ශව කරුවන් සමග කතාබස් කොට අදහස් විමසා කෙරුන එකක් නම් ඒත් කමක් නෑ. මේක එහෙමත් නෑ. පාර්ශවකරුවන් සමග කළ කතාබස් සියල්ලම කුනු කූඩයට දමා සංස්ථාවේ නිලධාරීන් පිරිසක් පමණක් තනියම හදල තියෙන ඉතාම කලබලයෙන් රහසිගතව හදල සම්මත කර ගන්න හදන ක්‍රමවේදයක්. පුද්ගලික ඒකාධිකාරය වගේම රාජ්‍ය ඒකාධිකාරයත් අති භයානකයි. අපි ඒ දෙකටම විරුද්ධයි.
● සිනමාවේ ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වන 70 දශකය තුළ චිත්‍රපට බෙදා හැරීම කළේ සංස්ථාව නේද ? එහෙම නම් සංස්ථාව බෙදා හැරීම යළි බාර ගැනීමෙන් ස්වර්ණමය යුගයක් යළි බිහි කරන්න බැරිද?
70 දශකය සිනමාවේ පමණක් නොවේ සාහිත්‍යය, සංගීත,වේදිකා,ආදී සකළවිධ කලාවන්ගේ ද ස්වර්ණමය යුගයයි. එම යුගයේ සිනමා ක්ෂේත්‍රෙය් පිබිදීමක් සිදු උනේ සංස්ථාව බෙදා හැරීම කළ නිසා නොවෙයි, රටේ හොඳ රසඥතාවයක් තිබුන නිසා සහ කලා නිර්මාණ සඳහා රටේ හොඳ වාතාවරනයක් තිබුණ නිසා. 70 දශකයේ ස්වර්ණමය යුගයේ වගේම, 80,90 දශක වල සිනමාවේ බිඳ වැටීම හා වල්මත්වීම සිදුවන විටත්, බෙදා හැරීම කළේ සංස්ථාවමයි. ඉතිං සංස්ථාව බෙදා හැරීම් කරනකොට සිනමාවේ ස්වරණමය යුග හැදෙනවනම් එහෙම උනේ කොහොමද? 
 
● එදා ඔබ සංස්ථාවත් සමග අරගල කළේ 35 සීමාවට එරෙහිව. එදා ඔබ නිවැරැදි බව අද සියලු දෙනාම පිළි ගන්නව. දැන් ඉතිං 35 සීමාවක් නැහැනෙ. ඉල්ලුම තියෙන චිත්‍රපටයකට ඕනතරම් සිනමා ශාලා දෙනවා කියලා සංස්ථාව කියනවනෙ.  මොකද්ද ඔබේ ගැටලුව?
 
මගේ ගැටලුව මගේ චිත්‍රපට ගැන පමණක් නොවෙයි, මම ගැන විතරක් හිතනවනම් මට පුථවන් බලධාරීන්ට ප්‍රශස්ති කියමින් මගේ වැඬේ කර ගන්න. මම කතා කරන්නෙ සමස්ත සිනමාව වෙනුවෙන්. මේ හදල තියෙන සංස්ථා පත්‍රිකාවේ තියෙන්නෙ සියල්ල තීරණය කරන්නෙ සභාපති කියල. ඒක මහ භයානක දෙයක්. සභාපති කැමති කෙනකුට දෙන්න පුඵවන්. නොදෙන්න පුඵවන්. මතක තියා ගන්න සභාපති තනතුර කියන්නෙ දේශපාලන පත්විමක්. ඒ නිසා ඕනෑම සභාපති කෙනකුට නිසැකවම පක්ෂග්‍රාහී වීමකට, කල්ලියකට නැඹුරු වීමකට, මිතුරන්ට සැලකීමට, සතුරන්ට පහර දීමට පෙළඹෙන්න ඉඩ තිබෙනව. මම කියන්නේ වත්මන් සභාපතිනිය එහෙම කියල නොවෙයි. අතීතයේ එහෙම වෙලා තියෙනව. අනාගතයේ එහෙම වෙන්න ඉඩ තියෙනව. ඒකයි අපි යෝජනා කළේ සියලු තීන්දු තීරණ ගත යුත්තේ ”ස්වාධීන නියාමන මණ්ඩයක්” මගින් කියල. 
 
● මොකද්ද ඔබ යෝජනා කරන බෙදා හැරීමේ ක්‍රමවේදය? 
මම තනියම නොවෙයි. මෙතෙක් පැවති සියලුම ස්වාධීන කමිටු යෝජනා කරල තියෙන අන්දමට පළමුව ස්වාධීන නියාමන මණ්ඩලය පත් කළ යුතුයි. විවිධ පාර්ශව කරුවන්ගේ අදහස් හා යොජනා සලකා බලා වඩා යහපත් ක්‍රමවේදය සකස් කිරීමට එම නියාමන මණ්ඩලයට පැවරිය යුතුයි. දැනට ඉදිරිපත් කර ඇති ක්‍රමවේදයේ බොහෝ ප්‍රායෝගික දෝෂ තියෙනව. ඒව නිවැරදි විය යුතුයි. 
● ඔබේ අඵත් චිත්‍රපටය  ”සුනාමී”එනතුරු රටේ ප්‍රේක්ෂකයින් හා සිනමා ශාලාහිමියන් බලාගෙන ඉන්නව. කවදද  ප්‍රදර්ශනය වන්නෙ? 
”සුනාමී“  මේ අගෝස්තු මාසයේ මුදා හැරීමට අපි ගිවිසුම්ගත වෙලයි ඉන්නෙ. නමුත් මේ අලකලංචිය නිසා අපි තීරණය කළා ප්‍රදර්ශනය ප්‍රමාද කිරීමට.
 
● මේ ප්‍රශ්නය ඔබට අවශ්‍ය අයුරින් විසඳන්නේ නැතිනම් සුනාමී ප්‍රදර්ශනයට මොකද වෙන්නෙ? 
මට අවශ්‍ය අයුරින් නොවෙයි ප්‍රශ්නය විසඳිය යුත්තේ දේශීය සිනමාවට යහපතක් වන අයුරින්. එවන් සුබවාදී විසඳුමක් නොලැබුණොත් සුනාමී ප්‍රදර්ශනය එළි දැක්ම තවත් ප්‍රමාද වෙයි.
 
● කොපමණ කාලයක් ප්‍රමාද වෙයිද ?
මේ බලධාරීන්ගෙන් සිනමාව වෙනුවෙන් යහපත් ක්‍රමවේදයක් ගන්න බැරි උනොත් බලධාරීන් මාරු කරල හරි නිවැරදි තීරණය අපි ගත යුතුයි.
 
● කොහොමද බලධාරීන් මාරු කරන්නේ? 
මතක තියා ගන්න රටේ පරමාධිපත්‍යය දේශපාලඥයින් නොවෙයි අපි. අපි කියන්නෙ මහ ජනතාව. 
 
● ඔබ පසුගිය රජය සමයේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාටත්, ඔය වගේ අභියෝගයක් කලා නේද? 
ඔව්. ඒ අභියෝගෙන් අපි දිනුම්. අවශ්‍ය උනොත් මේ අභියෝගය ජය ගන්නත් දායක වෙන්න මම පැකිළෙන්නේ නෑ. මොකද මට එල්බ ගත් පක්ෂයක් නෑ. මම පෙනී සිටින්නේ ජනතා යහපත වෙනුවෙන් පමණයි. මතක තියා ගන්න කලින් රජය, මේ රජය යන දෙකම පත් කිරීමේ ප්‍රධාන දායකයෙක් මම. මම ප්‍රතිපත්ති මාරු කරනව වාගේ බලාගෙන ඉන්න අයට පෙනුනට ප්‍රතිපත්ති මාරු කරන්නේ මම නෙමෙයි පාලකයො. මම නොසැලී ඉන්නව ජනතාව වෙනුවෙන්. පෙණෙන්නෙ අනිත් විදිහට. සූර්යයා පොළොව වටේ යන්නෙ නෑනෙ. පොළොවයි කැරකෙන්නේ. සූර්යයා එක තැන නිසලයි. මතුපිටට පෙනෙන දෙය නොවෙයි . සත්‍යය පිළි ගන්න.
 
- සමන්ත යහම්පත්



අදහස් (2)

මේක භයානකයි

නාමල් ජනප්‍රිය Saturday, 13 July 2019 06:19 AM

හොරෙක්නේ... ඕනෑම එකෙකුට හොඳම සිනමාකරුවා වෙන්න පුළුවන්... මේ හාදයාට වගේ ආණ්ඩුවෙන් මහජන මුදල් කොන්දේසි නැතුව දෙනවා නම්.... කාලකණ්ණිකම තමයි.

:       27       138

JayaTuesday, 16 July 2019 05:36 AM

ඕනෑම එකෙකුට හොඳම සිනමාකරුවා වෙන්න පුළුවන් කියන්නේ හරියට ඕනෑම ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියන කතාවම තමයි. දේසපාලන විශබීජ ඔලුවේ තියාගෙන පුද්ගලයා විවේචනය කරලා වැඩක් නැ. ඔහුගේ විෂය පථය, එකෙන් ඔහු සමාජයට දෙන්නේ හොඳක්ද නරකක්ද කියන එක විවේචනය කරනවා.

:       0       160

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 26 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 927 4

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 34 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 18 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1052 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site