IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මරණ දඬුවම: දෙබිඩි දේශපාලනය

මෙවර ලිපිය ලියැවෙන්නේ මේ දිනවල රටේ පුවත් මාධ්‍ය තුළ ප්‍රධාන වී ඇති සිද්ධියක් අරබයා ය. පටන්ගත යුත්තේ මෙතැනින් යැයි සිතමි. පර පණ නැසීම අනුදත්තන් නොවීම පිණිස වූ මහා දාර්ශනික සහ ආධ්‍යාත්මික නිධානයක් අප සතුය. ඒ බුදු දහමය. එහි දෘෂ්ටිවාදී හැසිරවීමට අවිඥානිකවම යටත් වූ ගැමියා හතර පෝයට කැත්තක් උදැල්ලක් ඇල්ලුවේ වත් නැත. සියලු සත්වයන්ට පමණක් නොව ගහකොළවලට ද පණ තිබේය යන දැනුම ඊට හේතුව ය. මගේ අප්පච්චී සහ අම්මා අයත් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයන්ගේ ගොඩට වීම මා ඇතුළු සහෝදර සහෝදරියන් ගේ පෙර පිනක් ම නොව වාසනාවකි. එවැනි උරුමයක ඇසුර ලත් මා පර පණ නසන්නේ හෝ මා අතින් නැසෙන්නේ ඇතැම් විට පාලනය කළ නොහැකි භෞතික හේතු සාධකවල බලපෑම නිසා ය යන්න මට අවබෝධ වන්නේ සිදුවීමෙන් පසුව මිස පෙර නොවේ ය. 

අප ඇත්ත වැසිය යුතු නැත. පෘතග්ජන මිනිසකුට මුළුමනින් ම ආධ්‍යාත්මික වීම හෝ මුළුමනින් ම දාර්ශනික වීම හෝ මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී වීම හෝ මුළුමනින් ම අහිංසාවාදී වීම හෝ කළ හැකි දෙයක් යැයි මම විශ්වාස නොකරමි. රාජ්‍ය පාලනය ද එසේ ම ය. රාජ්‍ය ද පෘතග්ජන සංවිධාන ව්‍යුහයකි. ඒ නිසාම රාජ්‍යයට ද මුළුමනින් ම ආධ්‍යාත්මික වීම හෝ මුළුමනින් ම දාර්ශනික වීම හෝ මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී වීම හෝ මුළුමනින් ම අහිංසාවාදී වීම හෝ කළ හැකි දෙයක් නොවේ. නීත්‍යනුකූලව කෙනකුගේ ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම සඳහා වූ නීත්‍යනුකූල බලහත්කාරය ඇති එක ම ආයතනය රාජ්‍යය ය. මේ දිනවල අපේ රටේ ප්‍රධාන සාකච්ඡාවක් මතුව තිබෙන්නේ මෙන්න මේ නීත්‍යනුකූල බලහත්කාරයට කැමැති ද අකැමැති ද යන්න අරබයා ය. එක අතකට එය සාකච්ඡාවකට වඩා මනාපය අමනාපය ප්‍රකාශ කිරීමක් පමණි.

මා එසේ කියන්නේ කරුණු කීපයක් නිසා ය. රාජ්‍යය සතු මේ නීත්‍යනුකූල බලහත්කාරයේ අයිතිය ඕනෑ ම කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. ප්‍රශ්න කළ යුතු ය. එවැන්නක් සිදුවිය යුත්තේ එක්කෝ රාජ්‍යය නමැති සංවිධාන ව්‍යුහයේ හරයාත්මක අන්තර්ගතයට අදාළ ක්‍රියා පටිපාටි ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණක් පෙරදැරිව ය. නැතහොත් පොදුජන සමාජ හැසිරීමට වඩා රාජ්‍යයේ හැසිරීම අශීලාචාර නම් ඊට එරෙහිව ය. එසේත් නැතහොත් රාජ්‍යය වඩාත් ශිෂ්ට කිරීම සඳහා වූ උපාය මාර්ගයක් ලෙස ය. නැතහොත් රාජ්‍යයට පාලනය කළ නොහැකි බිහිසුණු බලවේග සහ කණ්ඩායම් නොමැති තත්ත්වයක් තුළ සාමාන්‍ය ජන ජීවිතය ඉතා සාමකාමීව පවතින නිසා එවැනි බලහත්කාරයක් රාජ්‍යය සතුව තිබීම සාධාරණ සහ යුක්ති සහගත නොවන නිසා ය. එසේ ම ආණ්ඩු කරවීමට මැදිහත් වන පක්ෂ සහ කණ්ඩායම් තම අරමුණු සාධනය සඳහා ජනයා නො මරන සහ නො මැරූ තත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ය. ඒ කවර හේතුවක් නිසා වුවත් ඒ ප්‍රශ්න කිරීම හෝ සාකච්ඡාව ජාතික සංවාදයක් සාකච්ඡාවක් විය යුතු ම ය. එහෙත් ඊට වෙනස්ව මරණ දඬුවම අරබයා මේ මොහොතේ රටේ ඇත්තේ ජාතික නොව හුදු බල දේශපාලන කයිවාරුවකි. එසේ ම දේශපාලන අරමුණු සඳහා වූ දෙබිඩි කමකි. කුමක් ද මේ දෙබිඩි කම?

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරැදිකරුවන් වී මරණ දඬුවම නියම වූවන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා අත්සන් කිරීම පදනම් කරගෙන මේ දෙබිඩි දේශපාලන කයිවාරුව අප මනාව විමර්ශනය කරගත යුතු ය. අත්සන් කිරීම යනු රටේ පවතින නීතිය අනුව යුක්තිය පසිඳලීමේ ඇරඹුම නොව දීර්ඝ ක්‍රියාදාමයක අවසානයට පෙර ක්‍රියාවක් ය. දඬුවම නියම කරන්නේ උසාවිය ය. ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාරය සහ අලුගෝසුවා ය. වැරැදිකරු වී තිබෙන්නේ ජනාධිපති ය.

ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ඝාතනවලට විරුද්ධ ය. ඔහුගේ දේශපාලන පණිවුඩ බොහොමයක් ම ඊට නිදසුන් ය. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ උවදුරට මුළුමනින් ම විරුද්ධ ඔහු ඒවාට වැට බැඳීම සඳහා උපරිම වෙහෙසක් ගන්නේ ය. ඔහු සිතන සහ වටහාගෙන ඇති ආකාරයට රටේ ඇති බරපතළ ම උවදුර සහ ව්‍යසනය මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය ය. එය පිළිගත හැක්කකි. මරණ දඬුවමේ හේතුව එය ය. ජනාධිපතිවරයා මරණ දඬුවමට අනුමැතිය දෙනු ලබන්නේ ඒ උවදුරින් රට ගලවා ගැනීම සඳහා එක් උපාය මාර්ගයක් ලෙස ය. එහෙත් එහි මානුෂීය සහ ආධ්‍යාත්මික පරස්පරතා පිළිබඳ ප්‍රශ්න කිරීමට කෙනකුට ඇති අයිතියට ද අප විසින් ගරුකොට ඉඩ දිය යුතු ය. එහෙත් ඒ අයිතිය භාවිත කළ යුත්තේ එක, ඒ සඳහා සාධාරණ යුක්ති යුක්ත පසුබිමක් තිබෙන අය ය. දෙක, ඒ පිළිබඳව වූ අවංක හැඟීමකින් යුක්තව ය. යේසුස් වහන්සේ කියූ පරිදි කිසිදු පවක් නොකළ කෙනා පළමු ගල ගැසිය යුතු ය. එසේ නොමැතිව බල දේශපාලන උප්පරවැට්ටියක් ලෙස හෝ දේශපාලන දෙබිඩිකමක් ලෙස නොවේ ය.

ලංකාවේ දේශපාලකයන් අතිශය බහුතරයක් රාජ්‍යය යන්න වටහාගෙන නැත. ඔවුන්ට එය අදාළ ද නැත. ඔවුන් එහෙම එකක් ගැන දන්නේ ද නැත. ඔවුන් අනුයන්නේ රාජ්‍ය නීතිය නොව තම තමන්ගේ හිතුවක්කාරී බලහත්කාරය ය. ඒ නිසා ම ඔවුහු රාජ්‍යතාන්ත්‍රිකයන් නොවන නිකම්ම නිකන් පාලකයෝය. මර්දකයෝය. ඊට සුදුසු උදාහරණ කීපයක් ගනිමු. 1987-90 මහා භීෂණයේ දී හැට දහසකට අධික තරුණ පිරිසක් ඝාතනය වූයේ රාජ්‍යයේ උසාවියෙන් නෛතික ක්‍රියාවලි මගින් මරණ දඬුවම නියමව ජනාධිපතිවරයා විසින් දෙන ලද අනුමැතිය මත පදනම්ව නොවේ. රාජ්‍යයත් එහි නීතියත් අදාළ නැති පාලක හිතුවක්කාරය සහ පාලක අරමුණු ඇති අයගේ හිතුවක්කාරය මත ය. යමෙක් ඒ ඝාතන අනුමත කළේ නම් රාජ්‍ය නීතිය මගින් දෙන මරණ දඬුවම අහෝ අකැපයි යැයි කීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් තිබේ ද? අවි පෙන්වීමට ගොස් ඝාතනය වූ සහ බන්ධනාගාරයේ දී ඝාතනය වූ බොහෝ අය භයානක අපරාධකරුවන් යැයි නම් කර සිටි අය ය. ඊට යටි හිතින් පක්ෂ වූ අය ද නීත්‍යනුකූල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ධ ය. ඔවුන් නොකියා කියන්නේ හොර රහසේ මරා දමන්න කියා ද? මේ තරම් දෙබිඩි කමක් තවත් තිබේ ද? වෙන්නේ ඒක නම් රාජ්‍යයක් මොකට ද?

ජනාධිපතිවරයාට මේ තීරණය ගැනීමට සිදු වූයේ ඇයි ද යන්න අපගේ විමසුමට ලක්විය යුතු ය. එය රාජ්‍යය පිළිබඳ මූලධාර්මික සහ උපාය මාර්ගික ප්‍රශ්නයකි. අංක එක, මේ රාජ්‍යය තවමත් සංවිධානාත්මක නැති ජාතික වශයෙන් තවමත් ළදරු රාජ්‍යයකි. දැක්මක් නැත. මෙහෙයුමක් නැත. එනම් විෂන් මිෂන් නැත. ඒකාබද්ධ නැත. ප්‍රධාන සැලැස්මක් සහ සැලසුම්කරණයක් නැත. සංවිධානාත්මක නැත. මෙහෙයුමක් අධීක්ෂණයක් නැත. සම්බන්ධීකරණයක් නැත. ඒ නිසා ම සාමකාමී ජනතාවට වඩා අපරාධකාරයන් සහ ජාවාරම්කාරයන් නිදැල්ලේ ය, නිදහසේ ය.  රාජ්‍යයට වඩා ඔවුන් බලවත් ය. පාලකයන් බොහෝ දෙනකු ඔවුන් යටතේ ය. සාමාන්‍ය ජනයා හිරගෙයක් නොවන හිරගෙයක ය. මේ හිර ගෙයින් ජනයා නිදහස් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරයාගේ උත්සාහයට උරදෙන ආණ්ඩුවක් නැත. ඇමති මණ්ඩලයක් ද නැත. කාව්‍යමය භාෂාවකින් කියන්නේ නම් ජනාධිපතිවරයා දක්ෂ සහ අදිටනක් ඇති හමුදාපතියකු සේ ය. එහෙත් ඔහුට බල දෙන සෙනෙවි මඬුල්ලක් සහ හමුදාවක් නැත. 

අපරාධ වැළැක්වීම සහ නිවාරණය පිළිබඳ අර්බුදය වනාහි රාජ්‍යයේ අපරිණත කමේ පලයක් ය. මෙවැනි පසුබිමක රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයකුට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවනු ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපති කොටි සංවිධානයට එරෙහිව ගත් තීරණය තරම් ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගත් තීරණය අභියෝගාත්මක ය. තීරණාත්මක ය. මරණ දඬුවමට පක්ෂ වීම හෝ විරුද්ධ වීම අප සලකා බැලිය යුත්තේ මේ පසුබිමේ ය. මරණ දඬුවම නොදී සමාජය හික්ම විය හැකි උපාය මාර්ග උපයා ගැනීමට නම් රාජ්‍යය මනාව සංවිධානය කළ යුතු ය. පොහොසත් කළ යුතු ය. පරිණත කළ යුතු ය. මා පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. එවිට සිරගෙවල් රටේ අපරාධ සහ ජාවාරම් මෙහෙය වන කේන්ද්‍රස්ථාන නොවනු ඇත. 

දැන් සිදු වී ඇත්තේ මේ රටේ සිර ගෙවල් රටේ අපරාධ මෙහෙය වන පාලක මැදිරි නැතහොත් නියමු කුටි බවට පත් වී තිබීම ය. පත් කරගෙන සිටීම ය. ඒ තත්ත්වයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට උදව් කරන පක්ෂයක් ආණ්ඩුවක් වේ නම් ඔවුන්ට මරණ දඬුවමට එරෙහි වීමට අයිතියක් ඇත. එය එසේ වනතාක් කල් රට ගැන හිතන තනි පාලකයකුට අනුගමනය කිරීමට සිදුවන එක උපාය මාර්ගයක් වන්නේ මරණ දඬුවම ය. මරණ දඬුවට එරෙහි ඕනෑ ම පෙරමුණක වගකීම වන්නේ රට ශීලාචාර කිරීමට නායකයකු ගන්නා උත්සාහයට උදව් කිරීම ය. එය බල දේශපාලන වැඩක් නොව ජාතික සමාජ වගකීමකි. එසේ නොකර හුදු වාචිකව නීත්‍යනුකූල මරණ දඬුවමට එරෙහි වීමත් නීත්‍යනුකූල නොවන ඝාතනවලට උදව් දී ඒවා අනුමත කිරීමත් වනාහි අමු ම අමු දෙබිඩි කමකි. අපි සෑම ආකාරයකම ඝාතනවලට විරුද්ධ වෙමු. පෙළ ගැසෙමු. මරණ දඬුවම් දීමට සිදු නොවන ආකාරයට රාජ්‍යය වඩාත් සංවිධානය කිරීමට වඩාත් කැපවෙමු.

ධම්ම දිසානායක



අදහස් (5)

මරණ දඬුවම: දෙබිඩි දේශපාලනය

SL Friday, 05 July 2019 06:00 AM

මත්කුඩු වලට ඇබ්බැහි වුනු දරුවන් සමග ඇසුරු කරන, ඒ දෙමාපියන් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ ජාවාරම්කරුවන් පාසැල් යන වයසේ දරුවන්ගේ සිට වැඩිහිටි පිරිස් දක්වා පිරිස් නොමරා මරණ හැටි අවබෝධ කරගත හැකියි. සිරකරුවනුත් මිනිස්සු කියන අය දැනගන්න ඕනේ මත්කුඩු වෙළෙන්දාගෙන් සමාජයට තියෙන බලපෑම. මරණ දඬුවම් ලැබිල ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න අය පවා පිට මත්කුඩු ජාවාරම් වල යෙදෙනවා. එක දරුවෙක් කුඩු වලට ඇබ්බැහි කරගත්තොත් දවසට 9000 සිට 40000 දක්වා කුඩු විකුණා ස්ථිර ආදායම් මගක් ජාවාරම්කරුට හදාගන්න පුළුවන්. මේ සඳහා ඔවුන් කුඩා දරුවන්ගේ සිට කිසිම කෙනෙකුගේ ජීවිතය තුට්ටුවකටවත් මායිම් නොකරන තත්වෙකට පත්වෙලා තියෙනවා. කවුරු හරි මෙවැනි කුඩු වෙළෙන්දෙක් රකින්න උත්සහ කරනවා නම් බරපතල ලෙස මත් කුඩු වලට ඇබ්බැහිවෙන සියලු දරුවන්ගේ වගකීම ඔවුන් භාර ගත යුතුය !

:       0       102

dd Saturday, 06 July 2019 05:55 AM

කුඩු වලින් හිරේ ගිය සහ මරණ දඬුවම ක්‍රියාත්මක කලේ හේතු ඇතුව.. අනෙක එ්ක අධිකරණයෙන් දුන් තීන්දුවක්. එතැනදී ජනාධිපති හොඳද නරකද කියන එක නෙවෙයි මූලික විය යුත්තේ.. ඕකට විරුද්ධ වෙන දේශපාලකයෝ නීතිය අතට ගන්න එක නෙවෙයිද ඔය කරන්නේ... කුඩු කාරයෝ මොකද කරන්නේ? උන් දහස් ගණන් අපේ මිනිස්සු අහිංසක ළමයි හෙමින් සීරුවේ ක්‍රමයෙන් තමයි මරන්නේ. ඕක තේරෙන්නේ නැති උන්දැලා ආණ්ඩුව කරද්දී තේරුමක් නැතිව මරණ දඬුවමට විරුද්ධ වෙන එකේ තේරුමක් තියෙනවද කියලා බලන්න ඔබට බාරයි. කුඩු අපිට අවශ්‍ය නැහැ. එ්ක අවශ්‍ය ත්‍රස්තවාදීන්ට සහ බඩගෝස්තර මුදලාලිලාට.. හොඳට හිතා බලන්න අපේ රටට කුඩු ගෙනැල්ලා මුලින් විකුණුවේ කව්ද? දැන් ඒවා කරන්නේ සහ කරවන්නේ කව්ද කියලා...

:       0       60

dd Saturday, 06 July 2019 05:55 AM

කුඩුවලින් හිරේ ගිය සහ මරණ දඬුවම ක්‍රියාත්මක කලේ හේතු ඇතුව.. අනෙක එක අධිකරණයෙන් දුන් තීන්දුවක්. එතැනදී ජනාධිපති හොඳද, නරකද කියන එක නෙවෙයි මූලික විය යුත්තේ... ඕකට විරුද්ධ වෙන දේශපාලකයෝ නීතිය අතට ගන්න එක නෙවෙයිද ඔය කරන්නේ? කුඩුකාරයෝ මොකද කරන්නේ? උන් දහස් ගණන් අපේ මිනිස්සු අහිංසක ළමයි හෙමින් සීරුවේ ක්‍රමයෙන් තමයි මරන්නේ. ඕක තේරෙන් නැති උන්දැලා ආණ්ඩුව කරද්දී තේරුමක් නැතිව මරණ දඬුවම විරුද්ධට වෙන එකේ තේරුමක් තියෙනවද කියලා බලන්න ඔබට බාරයි. කුඩු අපිට අවශ්‍ය නැහැ. එ්ක අවශ්‍ය ත්‍රස්තවාදීන්ට සහ බඩගෝස්තර මුදලාලිට.. හොඳට හිතා බලන්න අපේ රටට කුඩු ගෙනැල්ලා මුලින් විකුණුවේ කව්ද? දැන් ඒවා කරන්නේ සහ කරවන්නේ කව්ද කියලා...

:       0       27

rama Sunday, 07 July 2019 08:49 AM

දැන් සිදුවී ඇත්තේ මේ රටේ සිරගෙවල් රටේ අපරාධ මෙහෙය වන පාලක මැදිරි නැතහොත් නියමු කුටි බවට පත්වී තිබීමයි. සියලුම සිරගෙවල් අවට වයිෆයි කලාපයක් දෙන්නේ නම් එය ඔවුන්ට තවත් පහසු වනු ඇත.

:       0       17

එල්පී Monday, 08 July 2019 04:02 AM

මරණ දඬුවම නියමවී ඇති අපරාධ කාරයින්ගෙන් සිරගතවී සිටිද්දිත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කිහිප දෙනෙක් තෝරාගෙන ඔවුන් එල්ලා මරණ දිනය නියම කිරීමට තමන් අදහස් කරන බව ජනාදිපති තුමන් ප්‍රකාශ කල අවස්ථාවේ පටන් එයට විරුද්ධව කන්ඩායමක් ගෝෂා කරනු මේ දිනවල අහන්න දකින්න ලැබේ. මෙසේ විරුද්ධ වන්නන් කවුරුන්ද කියා විමසුම් ඇසින් බලන විට දකින්න ලැබෙන කන්ඩායම් දෙකක් ඇත. එක කන්ඩායමක් වන්නේ මත්කුඩු ජාවාරම් කරුවන්ගෙන් තමන්ගේ කොටස ලබාගනිමින් ජරා දේශපාලනයේ යෙදෙන දේශපාලුවන්ය. අනිත් කොටස වන්නේ තමන්ගේ අතට කීයක් හරි ලැබෙනවානම් රටට හෙනගැහුවත් කමක් නැතයි සිතන දීන බත්බැල ඩොලර් කාක්කන්ය.

:       11       76

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 32 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 931 4

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 61 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 20 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1056 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site