මේ වසරේ මෙතෙක් පාර්ලිමේන්තුව පැවැති දින 58 න් මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් 200කට වැඩිපිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් දිනයකදී පමණක් බව ඔක්තෝබර් 18 වැනිදා ලංකාදීපය අනාවරණය කළේය.
අපේ ඒ පුවතට අනුව මන්ත්‍රීවරුන් 200කට වැඩි පිරිසක් පැමිණි ඒ එකම දිනය වන්නේ 2018 අප්‍රේල් 04 වැනිදාය. එදින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීන් සංඛ්‍යාව 215කි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ විශ්වාසංභංග යෝජනාව විවාදයට ගත්තේ එදිනය. එදාත් නොපැමිණි මන්ත්‍රීවරුන් ගණන නවයකි.
2018 සැප්තැම්බර් 30න් අවසන් වූ මුල් මාස නවයේදී පාර්ලිමේන්තුව පැවති දින ගණන 58 කි. මන්ත්‍රීවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සහභාගී වී ඇත්තේ ඉන් දින 19කි. මන්ත්‍රීවරුන් 100ත් 150ත් අතර පිරිසක් සහභාගී වී තිබෙන දින ගණන 30කි. මන්ත්‍රීවරුන් 50ත් 100ත් අතර පිරිසක් සහභාගී වී තිබෙන්නේ දින 7 කි.
2018 ජූලි 19 වැනිදා සවස් භාගයේ පාර්ලිමේන්තුව පසු දිනට කල් තැබුවේ ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන් නව දෙනකු පමණක් සභාවේ සිටි හෙයිනි.
පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වා ගෙන යාම සඳහා සභාවේ සිටිය යුතු අවම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20 කි. කතානායකවරයා ද සමඟ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීන් සංඛ්‍යාව 225 කි. එහෙත් ගණපූරණයට අවශ්‍ය මන්ත්‍රීන් ගණන 20කි. ඒ කියන්නේ පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වාගෙන යාම සඳහා සභාවේ සිටිය යුත්තේ සමස්ත මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් එකොළහෙන් එකකි. ඒ සීමා මායිම් පනවා ගෙන ඇත්තේ ද ඒ මන්ත්‍රීවරුන්මය. එහෙත් ඒ ටික දෙනාවත් සභාවට සහභාගී නොවන නිසා මූලාසනය සභාව කල් තබන අවස්ථා සුලබය.
එවකට සිටි සභානායකවරයා පාර්ලිමේන්තුවේදීම නොයෙක් වර පවසා ඇත්තේ සභාව පවත්වාගෙන යාම සඳහා දිනකට රුපියල් ලක්ෂ 80ක් වියදම් වන බවය. සැලසුම් කළ පරිදි නියමිත පැය ගණන සභාව පැවැතුණත් නැතත් ඒ මුදල වැය වන බවද සභානායකවරයා නොයෙක් වර කියා තිබේ. මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, ඉන්ධන හා වෙනත් පහසුකම් විදුලිය, ජලය, දුරකතන, වායුසමීකරණ සහ ආහාරපාන යනාදිය සඳහා සුපුරුදු වියදම් දැරීමට සිදුවන බව වගකිවයුත්තෝ නොයෙක් වර පෙන්වා දී ඇත්තාහ.
පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගී වීම දිරි ගැන්වීම සඳහා දිනකට රුපියල් 2500ක දීමනාවක් ද ගෙවයි. මන්ත්‍රීවරුන්ට සේම ඇමැතිවරුන්ටද ඒ දීමනාව හිමිවෙයි. මන්ත්‍රීවරයකුගේ මාසික වැටුප රුපියල් 54,285කි. නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63,500කි. රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයකුගේ වැටුප රුපියල් 65,000කි. කතානායකවරයාට රුපියල් 68,500කුත්, අග්‍රාමාත්‍යවරයාට රුපියල් 71,500ක වැටුපකුත් හිමි වෙයි. ඒ සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීවරුන් වන බැවින් ඔවුන්ට වැටුපට අමතරව රුපියල් 10,000ක ප්‍රවාහන දීමනාවක් ද රුපියල් 50,000ක දුරකතන දීමනාවක් ද රියැදුරු හා සංග්‍රහ දීමනා ලෙස තව තවත් ගෙවයි.
සෑම මන්ත්‍රීවරයකුටම තමා තේරී පත් වූ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවේ සිට තිබෙන දුර ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද හිමි වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකුට ලැබෙන ඩීසල් ලීටර් ගණන 284 කි. ඒ අනුව හිමිවන මුදල රුපියල් 34,932කි. ඉන්ධන දීමනාව ලෙස වැඩිම මුදලක් හිමිවන්නේ යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ටය. එහි එක් මන්ත්‍රීවරයකුට මසකට ඩීසල් ලීටර් 639ක් හිමිවෙයි. ඒ සඳහා ලැබෙන මුදල 78,597කි. මේ සියල්ලට අමතරව වසරකට රුපියල් 3,50,000ක මුද්දර ද රුපියල් 6000ක ලිපි ද්‍රව්‍ය ද සැපයෙයි.
ෙම් වරප්‍රසාද සියල්ල තිබියදී යහපාලන ආණ්ඩුව පැමිණි පසු මන්ත්‍රීවරුන් 225 දෙනාටම මාසයකට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද ගෙවයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අධීක්ෂණ මන්ත්‍රීවරුන් 55කට මාසයකට රුපියල් ලක්ෂ දෙක බැගින් තවත් දීමනාවක් ද ගෙවනු ලැබීය.
පාර්ලිමේන්තුවට තේරී සහ තෝරා පත් කරන සෑම මන්ත්‍රීවරයකුටම ඇමෙරිකන් ඩොලර් 62,500ක් වටිනා එනම් රුපියල් එක්කෝටි අට ලක්ෂ හැත්තෑ පන් දහසක් (1,08,75,000) වටිනා වාහනයක් ලබාගැනීමට බලපත්‍රයක් ද හිමිවෙයි. ඒ වටිනාකමට වාහනයක් ගෙන්වන මන්ත්‍රීවරයකුට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට ආසන්න බදු සහනයක් ද හිමිවෙයි.
මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ අය කරන්නේ ඒ බලපත්‍රය හෝ ගෙන්වන වාහනය විකිණීමය. ඒ ගනුදෙනුවෙන් මන්ත්‍රීවරයකු ලබන ශුද්ධ ලාභය රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට ආසන්නය. ඕනෑම බදු ආදායමක් ලැබිය යුත්තේ මහා භාණ්ඩාගාරයටය. එහෙත් මන්ත්‍රීවරුන්ගේ මේ වාහන ගනුදෙනුව හේතුවෙන් භාණ්ඩාගාරයට ඒ මුදල අහිමි වී එය මන්ත්‍රීවරුන්ගේ සාක්කුවට වැටෙයි. මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 200ක් තමන්ට හිමි වාහන බලපත්‍රය හෝ ඒ බලපත්‍රය මත ගෙන්වන වාහනය විකුණුවහොත් මහා භාණ්ඩාගාරයට අහිමි වන මුදල රුපියල් කෝටි 700කි.
පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරු තම එක් ධුර කාලයකදී එනම් අවුරුදු පහක් තුළ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමෙන් පමණක් මහා භාණ්ඩාගාරයට එනම් රටේ ජනතාවට අහිමි කරන මුදල රුපියල් කෝටි 700කට අධිකය.
බදු දඩ සහ ණය බරින් පරිපීඩිත ජනතාවට එසේ බැටදෙද්දී තම යුතුකම හා වගකීම ඉටු කිරීමට පාර්ලිමේන්තු රැස්වීමට නිසියාකාරව සහභාගී නොවීම සාධාරණද?
මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා
ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මහජන මන්ත්‍රීන් වගකීම හරිහැටි ඉටුකරනවාද