රාජ්‍ය ව්‍යවසාය හෙවත් රජයට අයත් සංස්ථා සහ මණ්ඩල, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දෙන සහනාධාර මත යැපෙන රටේ ආර්ථිකයට මහා බරක් වූ ආයතන පද්ධතියක් බව දැන උගත් මිනිසුන්ගේ පිළිගැනීමය. අද “කළ යුත්තේ කුමක්ද” විශේෂයෙන් සලකා බැලෙන්නේ ඒ පිළිබඳවය. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි අද අපට කරුණු කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු ය.
රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව කතාබහ කෙරෙන්නට වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. රටක ආර්ථිකයේ වැඩි බලයක් එනම් පාලනයේ පමණක් නොව නිෂ්පාදන ක්‍රියාවලියෙහි වැඩි බලයක් රජය යටතේ සිදුවිය යුතු බව කියන මේ සංකල්පය ලොවට හඳුන්වා දුන් පුද්ගලයන්ගේ මතවාදය විය. විශේෂයෙන් මාක්ස්වාදය පැන නැඟීමත් සමග ලෝකයේ බොහෝ රටවල ධනේ්‍ශ්වර ආර්ථිකය පිළිබඳව පැවැතියේ කලකිරීමකි. මාක්ස්වාදය රැල්ලක් වීමත් සමඟ රාජ්‍ය ව්‍යවසාය ක්‍රමය ද රැල්ලක් විය. ධනේශ්වර ආණ්ඩු යටතේ ද රාජ්‍ය ව්‍යවසාය බිහිවීම ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි ප්‍රශස්ත උදාහරණයකි. එය ලංකාවේ ද එසේම සිදුවිය. 1960 සිට 65 දක්වා පැවැති එජාප ආණ්ඩුව ඊට කදිම නිදසුනකි.
රටේ ආර්ථිකයේ බොහෝ කේන්ද්‍රවල ආයෝජකයා වූයේ රජයයි. සීනි, වානේ, රෙදිපිළි, තුනී ලෑලි වැනි විවිධ කේෂ්ත්‍රවල ආයෝජකයා රජයම විය. එහෙත් රාජ්‍ය ව්‍යවසාය බහුතරයක කාර්යක්ෂමතාව මෙන්ම ඵලදායීතාවය ද පිරිහුණේ ඉතා ශීඝ්‍රයෙනි. 1977 පමණ වනවිට මේ රාජ්‍ය ව්‍යවසාය බහුතරයක් රටට බරක් විය. 1977 බලයට පත්වූ ආණ්ඩුවේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මත ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නේ එහෙයිනි. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය ඇරැඹුණු අතර ඇතැම් ව්‍යවසායයන් සම්පූර්ණයෙන්ම වසා දැමිණි. 1995 දී බලයට පත් වූ ශ්‍රීලනිප මුල් කරගත් පොදු පෙරමුණු ආණ්ඩුව ද ඒ ප්‍රතිපත්තියම වේගයෙන් අනුගමනය කළත් 2005 දී බලයට පත් ශ්‍රීලනිප ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසාය යළිත් පණ දුන්නේය. එහෙත් එහි අරමුණ වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම නොව රජය රක්ෂා සපයන්නකු වීමය. දේශපාලන බල ව්‍යාපෘතිය මත ක්‍රියාත්මක වූ ඒ ක්‍රමයෙන් රජය සේවා සපයන්නකු නොවී රැකියා සපයන්නකු වීම නිසා රාජ්‍ය ව්‍යවසායවල ඇතිවූයේ සේවක අතිරික්තයකි. එමගින් රාජ්‍ය ව්‍යවසාවල වෙතින් රටේ ආර්ථිකයට පැටැවුණු බර තවත් ඉහළ ගියේය.
වර්තමානය වනවිට රටේ තිබෙන රාජ්‍ය ව්‍යවසාය ගණන 400 කි. ශ්‍රී ලංකා මහ බැංකුව කියන හැටියට උපාය මාර්ගික වශයෙන් වැදගත් වන්නේ ඒ ආයතන 400න් 55ක් පමණකි. විදුලිය, ඛනිජ තෙල්, වරාය, ප්‍රවාහන හා ජලසම්පාදන උපාය මාර්ගික වශයෙන් වැදගත් කේෂ්ත්‍ර ය. එහෙත් මහා භාණ්ඩාගාරයට යම් මුදලක් දී තිබෙන්නේ ඒ රාජ්‍ය ව්‍යවසාය 55න් සියයට 25ක් එනම් හතරෙන් එකක් පමණකි. ඒ රාජ්‍ය ව්‍යවසාය 2017 දී රජයෙන් රුපියල් බිලියන 41ක් දී තිබෙන අතර ඒ ආයතන විසින් රජයට (මහා භාණ්ඩාගාරයට) දී තිබෙන්නේ රුපියල් බිලියන 54 කි. ඉන් අනාවරණය වන්නේ රජය රුපියල් බිලියන 41ක් වැය කිරීමෙන් උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 13ක් පමණක් බවය. එය ආයෝජනයට සාපේක්ෂව මහා ලාභයක් නොවේ.
උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතනවලින් ද හතරෙන් තුනක් එනම් සියයට 75ක් තවමත් රජයට බරකි. ඒ ආයතන රටට බරක් නිසා පවත්වාගෙන යාම සඳහා බැංකුවලින් ණය ගනී. බොහෝ විට එසේ ණය ගන්නේ රාජ්‍ය බැංකුවලිනි. කෙළවරක් නැති ඒ ණය ගැනිල්ලෙන් අවසානයේ රාජ්‍ය බැංකු ද බංකොලොත් විය හැකිය. රාජ්‍ය ආයතනවල ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට මුඩිස් ආයතනය ද රජයට අනතුරු අඟවා තිබේ. ඔවුන් එසේ අනතුරු අඟවා තිබෙන්නේ අවසානයේ මේ ණය බර රජය මත පැටවෙන බැවිනි. 2017 මැද වනවිට ඒ ණය බර රුපියල් බිලියන 1848 කි. 2006 සිට 2015 වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 244 කි. විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 172 කි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 128 කි. ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 61 කි. උපාය මාර්ගික වශයෙන් ඉහළම වැදගත්කමක් හිමි ඒ රාජ්‍ය ව්‍යවසාය හතරෙන් පමණක් 2006 සිට 2015 දක්වා කාලයේදී වී තිබෙන පාඩුව රුපියල් බිලියන 605 කි. රටේ පවතින රාජ්‍ය ව්‍යවසාය ගණන 400ක් නම් රටට සිදුවන පාඩුව කොතරම් දැයි සිතා ගැනීමටවත් නොහැකිය. පාඩු ලබමින් රටට බරක් වී තිබෙන මේ රාජ්‍ය ව්‍යවසාය සිය වත්කම්වලින් උපයාගෙන තිබෙන ලාබය සියයට බින්දුවයි දශම 64 කි. මේ ආයතන නඩත්තු කිරීමට රජය කරන ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභය එතරම් පහළය. අතිශය කනගාටුදායකය. පෞද්ගලික ව්‍යවසායකයකු නම් මේ ආයතන සියල්ල වසා දමනු නිසැකය.
රාජ්‍ය ව්‍යවසායවලට මේ ඉරණම අත් වී තිබෙන්නේ ඇයි? ප්‍රධානම සහ ප්‍රබලම කාරණය දුර්වල කළමනාකරණයයි. සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරෙන්නෝ ඡන්දවලින් පැරැදෙන අපේක්ෂකයන් හෝ මැති ඇමැතිවරුන්ගේ දේශපාලන හිතවත්හු සහ ඥාතීහුය. ඔවුහු කළමනාකරණය සහ පරිපාලනය ගැන මෙලොව හසරක් නොදනිති. දෙවැනි කාරණය ඒ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වගවීමක් නැතිකමය. රාජ්‍ය ව්‍යවසාය පොදු දේපළකි. ඒවා අයිති රටේ පොදු ජනතාවටය.
එහෙත් ඒවා හසුරුවන්නේ මැති ඇමැතින්ට ඕනෑ හැටියට සභාපතිවරුන්ය. ඒ සභාපතිවරුන් ඒ දේපළ අයිති මහජනයාට වගකියන්නේ නැත. ඔවුන් වග කියන්නේ තමන් පත්කළ ඇමැතිට මිස ජනතාවට නොවේ. කරන්නේ තමන්ට හා ඇමැතිට අවශ්‍ය දේවල්ය. ජනතාවට ඒවායේ තොරතුරු ලැබෙන්නේද නැත. ඉල්ලුවාට දෙන්නේ ද නැත. ඒ සභාපතිවරුන් සේවය කරන්නේ ආණ්ඩුවට හා ඇමැතිට මිස ජනතාවට නොවේ.
සභාපති ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට දිගු කාලීන සැලසුම් ද නැත. ඔවුන්ගේ එකම අරමුණ ආණ්ඩුව හා ඇමැති සතුටු කිරීමය. ආණ්ඩුව සේම ඇමැති මාරු වනවිට තම තනතුරු අහිමි වන බව ඔවුහු දනිති. එහෙයින් ඔවුහු ඒ ආයතන ගොඩදමන දිගුකාලීන සැලසුම් නොකරති. එසේ කිරීමේ හැකියාවක් ද ඔවුනට නොමැත. මක්නිසාදයත් ඔවුන් කළමනාකරණය හා පරිපාලනය ගැන මෙලොව දෙයක් නොදන්නා බැවිනි.
තරගකාරීත්වයක් නොමැතිකම ද රාජ්‍ය ව්‍යවසාය වැටීමට හේතුවකි. මිල ප්‍රතිපත්තියක් නොමැතිකම තවත් කාරණයකි. ඔවුහු වෙළෙඳපොළට සංවේදී නොවෙති. කටයුතු කරන්නේ දේශපාලන පදනමකින් මිස වාණිජ පදනමකින් නෙවේ. පිරිවැය ආවරණය වන මිල ප්‍රතිපත්තියක් අනුගමනය නොකරති. කෝප් කමිටුවෙන් ද වන සුගතියක් නැත. එය කරන්නේ වාර්තාවක් නිකුත් කිරීම පමණකි. ඒ වාර්තාවේ කරුණු මත පදනම්ව පසු විපරමක් නොකෙරෙයි. වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමක් සිදු නොවෙයි. රාජ්‍ය ව්‍යවසායවල පවතින මේ සංස්කෘතිය වෙනස් කිරීමට වෘත්තීය සමිති දක්වන්නේ ද මාරාන්තික විරෝධයකි. එහෙයින් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ආණ්ඩු හා ඇමැතිවරුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ද නිවැරැදි නොවෙයි. ආණ්ඩු, ඇමැතිවරුන් හා වෘත්තීය සමිති තම එදා වේල ප්‍රතිපත්ති පැත්තකට දමා රට හා ජනතාව ගැන සිතා දිගුකාලීන ප්‍රතිපත්ති මත සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කරනතුරු රාජ්‍ය ව්‍යවසාය දැන් වැටී තිබෙන වළෙන් ගොඩගත නොහැකිය.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට අගාධයට ගෙන යන රාජ්‍ය ව්‍යාපාර
nishan Tuesday, 22 January 2019 05:33 AM
ඉතාමත් කාලෝචිත නිවැරදිව විශ්ලේෂණය කරන ලද ලිපියක්. රාජ්‍ය භාණ්ඩාගාරයේ කාර්ය භාර්යද සහ නිවැරදිව කරන ලද පුද්ගලීකරණය ගැන යමක් සාකච්චා කරනම් අගනේය.