IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විපක්ෂ නායකයා වීමේ තිරෙන් පිටුපස ජවනිකා

 

ජනපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඉරිදා සන්ධ්‍යාවේ කැඳවීමට නියමිව තිබූ රැස්වීමට පෙරාතුවම තවත් යමක් සිදුවෙමින් තිබිණ. ජයග‍්‍රහණය අබියස සිටින බව දන්නා හෙයින්ම රාජපක්ෂවරුන් තීරණය කර තිබුණේ නව රජයක් පත්කර ගැනීමටය.

එය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹි සඳුදා දිනයේ ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේදී ද, සඳහන් කළේය. නමුත් කැබිනට් මණ්ඩලයට නායකත්වය දෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඔහු ඉල්ලා අස්වන බවට කිසිදු සංඥාවක් ලබා දී හෝ සඳහනක් කර හෝ නොතිබිණ.  ව්‍යවස්ථානුකූලව ඔහුට තවදුරටත් අගමැතිවරයා ලෙස සිය තනතුරේ රැඳී සිටීමට අවසරය තිබිණ. එහි අදහස වූයේ කැබිනට් මණ්ඩලය ද, නොවෙනස්ව පවතිනු ඇත යන්නය. පසුගිය ඉරිදා වික‍්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කරගත්තේය.

අතරමැදියා නැවතත් මැදිහත් වෙයි

විවාහ බන්ධනයෙන් රාජක්ෂවරුන්ගේ ඥාතියකු බවට පත්ව සිටින සහ වික‍්‍රමසිංහ මහතාගේ අතිශය සමීප හිතවතෙක් වන මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු අතරමැදියෙකු ලෙස දෙපාර්ශවය අතරට පැමිණියේ මෙම අවස්ථාවේදීය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඉදිරිපත් කැරෙන යෝජනාවලියක් වෙනුවෙන් පෙනී සිට, එළැඹෙන ජනවාරි මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ඔහු එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ පළමු යෝජනාව විය.

මේ සඳහා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහාය තමන් වෙත ලැබෙනු ඇතැයි වික‍්‍රමසිංහ මහතා විශ්වාස කළේය. අගමැතිවරයා ලෙස ඉදිරියටත් කටයුතු කිරීම ඔහුගේ කැමැත්ත විය. එසේ කටයුතු කරනාතුරම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමටද, වික‍්‍රමසිංහ මහතාට හැකිවන්නට තිබිණ.

නමුත් පේ‍්‍රමදාස පාර්ශවය මෙයට විරෝධය පළ කළේය. සංවාදය මේ පසින් අනෙක් පසට සහ අනෙක් පසින් මේ පසට දිගින් දිගටම සිදුවිය. මේ සම්බන්ධයෙන් දැනුම්වත් එක්තරා ආරංචි මාර්ගයක් අනාවරණය කළ ආකාරයට එකම මතයකට දෙපාර්ශවය ගෙන ඒම සඳහා එකිනෙකාව නම්මා ගැනීමට මෙන්ම දැඩි පීඩනයක් යොදා එකිනෙකාව අවනත කරගැනීමට ද උත්සාහයන් මෙම සංවාදයන්වල දී අනුගමනය කර තිබේ. නෛතික වශයෙන් සැලකූ විට වික‍්‍රමසිංහ සිටියේ අභියෝග කළ නොහැකි ස්ථාවරයකය. මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥවරුද අවධානය යොමු කර තිබුණහ.

මැතිවරණය පැවැත්වීම අරබයා එක් පාර්ශවයක් කැමැත්තෙන් සිටිය ද, අනෙක් පාර්ශවය ඊට විරුද්ධ විය. විරුද්ධ පාර්ශවය කියා සිටියේ විපක්ෂ නායකයා ලෙස පත්කර ගන්නේ කවුරුන්දැයි යන්න විපක්ෂයටම අයත් කාරණයක් වන නිසා නව රජය ඒ ගැන කරදර විය යුතු නැත යන්නය. තවදුරටත් එක් එක් පාර්ශවයන් වෙත පීඩනය එල්ල විය.

මෙහි ප‍්‍රතිඵලය වූයේ වික‍්‍රමසිංහ මහතා සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවකි. මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ නායකයා සමග අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.

දෙපාර්ශවය අතර වූ සාකච්ඡා - මහත්වරුන් ලෙස එකිනෙකා අතර ඇතිකරගත් පුළුල් අවබෝධයක් - දක්වා යොමුවිය. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් බලයට පත්වන සුළුතර රජයට එරෙහිව තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් හෝ සහායක පක්ෂවල මන්තී‍්‍රවරුන් හෝ විශ්වාසභංග යෝජනාවක් නොගෙනෙන බවට සහතිකයක් වික‍්‍රමසිංහ මහතා දුන්නේය.

අනෙක් පසින් රජය, විපක්ෂ නායකවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකරනු ඇත. මෙම එක`ගතාවය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත්වීම සදහා වික‍්‍රමසිංහ මහතාට මාර්ගය පාදා දී තිබේ. මෙකී කෝටිපති ව්‍යාපාරිකයකා මෙසේ අතරමැදි භූමිකාවකට පණ පෙවූ පළමු අවස්ථාව මෙය නොවේ.

2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වෙමින් තිබිය දී සහ මෛතී‍්‍රපාල සිරිසේන මහතා නව ජනපතිවරයා ලෙස පත්වන බව ක‍්‍රමයෙන් තහවුරු වෙමින් තිබියදීත්, රනිල් වික‍්‍රමසිංහ මහතා ඔහුද, කැටුව එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගියේය. ඔවුන් දෙදෙන ගියේ එදවස ජනපතිවරයා නැවතී සිටි අරලියගහ මන්දිරයටය. එදින රාති‍්‍රයේ දුරකතනය ඔස්සේ මෙම ව්‍යාපාරිකයා හා සම්බන්ධ වූ වික‍්‍රමසිංහ මහතා, රාජපක්ෂ හමුවීම සදහා තමා සමග පැමිණෙන ලෙස ඔහුට දැන්වූයේය.

එය කිසිදු අර්බුදයකින් තොරව, සුමුදු ලෙස බලය අනෙක් පාර්ශවය වෙත පවරා දෙන බව තහවුරු කිරීමට විය. රාජපක්ෂවරුන්ගේ තිඹිරිගෙය වන මැදමුලන වෙත ගමන් කිරීම සඳහා එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මහින්ද රාජපක්ෂ වෙත සපයාදීමට ද, වික‍්‍රමසිංහ මහතා එදා පියවර ගත්තේය.

අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමාද වීම, ඒ හා සමානම ප‍්‍රමාදයක් නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීමෙහි ලා ද ඇති කළේය. බදාදා උදෑසන අගමැති තනතුරින් ඉල්ලා අස්වීමට නියමිතව සිටියද, අ`ගහරුවාදා රැයේ මහින්ද රාජපක්ෂ මහතාව දුරකතනය ඔස්සේ ඇමතූ වික‍්‍රමසිංහ, බ‍්‍රහස්පතින්දා දිනයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන්නේය. බදාදා අරලියගහ මන්දිරයේ පැවැති ඔහුගේ අවසන් පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට ගෙන තිබෙන තීරණය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශයට පත්කළේය. අනතුරුව එළැඹි සාකච්ඡාවේ අවධානය යොමු කැරුණේ සජිත් පේ‍්‍රමදාස ලැබූ පරාජයටය.

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හ`ඩ අවදි කරමින්, ඔහුගේ හිටපු අමාත්‍ය සගයෙකු වන මංගල සමරවීර මහතාගේ කි‍්‍රයාකලාපය පේ‍්‍රමදාස මහතාගේ පරාජයට හේතු වූ එක් ප‍්‍රධාන කාරණයක් බවට චෝදනා කළේ ය.

සමරවීර හා සමානව මෙරට බෞද්ධ ප‍්‍රජාව අගතියට ලක්කළ වෙනත් කිසිදු අමාත්‍යවරයෙක් නොමැති බව කියා සිටි කිරිඇල්ල, ශී‍්‍ර ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොවන බව වරක් පැවසූ ඔහු ඒ සමගම බෞද්ධ හිමිවරුන්ව විවේචනය කරන්නට යෙදුණු බව පැවසුවේය.

ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ වූ මෙවැනිම සිදුවීමක් සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, එවක අමාත්‍යවරයෙක් වූ සිරිල් මැතිව් මහතා කළ සංවේදී අදහස් දැක්වීමක් අරබයා ඔහුට දැඩි ලෙස දොස් පැවරීමට ජනපති ජයවර්ධන මහතා කටයුතු කළ බව පැවසුවේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිරිල් මැතිව් පසුව සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවද ඔහු පෙන්වා දුන්නේය. නමුත් පක්ෂ නායක වික‍්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හෝ එවැනි ප‍්‍රකාශයක් කළ සමරවීර සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවද ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය.

අගමැති වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වමින්, අද මෙහි පැමිණ සිටිය සියල්ලෝ අනාගතයේ දී පක්ෂය කටයුතු කළ යුත්තේ කවර ආකාරයටදැයි තීරණයක් ගත යුතුව තිබෙන බව පැවසුවේ ය.

'ඔබ තීරණයක් ගත් පසු එය නවීන් දිසානායකට දැනුම් දෙන්න. ඔහු ඒ සම්බන්ධයෙන් මා දැනුම්වත් කරාවි'. ඔහු වැඩිදුරටත් කීවේය.

පේ‍්‍රමදාස කඳවුරේ රැස්වීම ගාලු මුවදොර හෝටලයේ

සඳුදා උදෑසන කොළඹ ගාලුමුවදොර හෝටලේ තවත් රැස්වීමක් පැවැත්වෙමින් තිබිණ.

සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගන්නා ලෙස කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින ලිපියකට අත්සන් තැබීම සදහා පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු එහි පැමිණෙමින් සිටියහ. එම ලිපියට පමණක් නොව, පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙසට රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින ලිපියකටද ඔවුහු අත්සන යෙදූහ.

එම අවස්ථාවට අනුග‍්‍රහකත්වය දක්වා තිබූ ආරංචි මාර්ගයක් සඳහන් කරන්නට යෙදුනේ දැනටමත් එම ලිපිවලට 50 දෙනෙකු අත්සන් තබා තිබෙන බවය. නමුත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රන් 107 දෙනා සැළකීමේ දී, මෙම ලිපිවලට අත්සන් තබා තිබෙන්නේ එම ප‍්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු පිරිසකි.

පසුගිය බ‍්‍රහස්පතින්දා කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව රැස්වූ අවස්ථාවේ එයට සහභාගීව සිටි අජිත් පෙරේරා මහතා අත මෙම ලිපි දෙක තිබිණ. සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත්කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා මන්තී‍්‍රවරුන් 45 දෙනෙක් (ඒ අවස්ථාව වන විට) දැනටමත් පෙත්සමකට අත්සන් තබා තිබෙන බව ඔහු පැවසුවේය. කෙසේවුවත් ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව දන්වා කතානායකවරයා වෙත ලිපියක් එවීමට කටයුතු කර තිබිණ. එවැනි තීරණයක් ගෙන නොමැති බවට පෙරේරා තර්ක කළේ ය.

තමාට පිළිගැනීමට සිදුවන්නේ මෙම කාරණයට අදාළ නිසි බලධාරියා වන කාරියවසම් එවා තිබෙන ලිපිය බව කතානාකය කරූ ජයසූරිය මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් කැරුණු අවස්ථාව සිහිපත් කළ ඔහු, එසේ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කළ නිර්දේශය අනුව බව පැවසුවේ ය.

“ඔබේ පක්ෂයේ පවතින ගැටලූ ඔබම විසදාගත යුතුයි. මා කටයුතු කළ යුතුව තිබෙන ආකාරයට නම්, මහලේකම්වරයාගේ ලිපිය මට පිළිගන්නටම සිදුවනවා” යයි ජයසූරිය මහතා කීවේය.

එය තමා කළ යුතු නිවැරදි දෙය, යැයි කියා සිටි හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කතානායකවරයාට සහාය දැක්වූයේය. රවුෆ් හකීම් (මුස්ලිම් කොංග‍්‍රසය), ඒබ‍්‍රහම් සුමන්තිරන් (දෙමළ ජාතික සන්ධානය), ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල (එක්සත් ජාතික පක්ෂය) යන මහත්වරුන් මෙම අවස්ථාවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම කැපී පෙනිණ. එහෙත් දවසේ ජයග‍්‍රාහකයා වූයේ රනිල් වික‍්‍රමසිංහය.

ඔහු විපක්ෂ නායකවරයා ලෙස පත්වුව ද, ඔහු සහ එක්සත් ජාතික පක්ෂය හමුවේ තිබෙන ගැටලූ කිසිදු අයුරකින් අවසන්ව නොමැත. වික‍්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරනු වස් නව වටයකින් සටන් ආරම්භ කිරීමට පේ‍්‍රමදාස කඳවුර දැනටමත් පියවර ගෙන තිබේ. අනෙක් පසින් හිටපු අගමැතිවරයා සැළසුම් කරමින් සිටින්නේ පක්ෂයේ සිය එදිරිවාදීන් පළවා හැරීමටය. එය එක්සත් ජාතික පක්ෂයේ නව ගැටුම් රැසක ආරම්භය සනිටුහන් කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔහු නැවත වරක් සිටින්නේ පක්ෂයේ පාලනය සියතට ගැනීම අභිමුඛයේය. ඇතැම් විට වර්තමාන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණු රජයේ කි‍්‍රයාකලාපය ඇතැම් විට ඒ අරබයා ඔහුට ලැබෙන අමතර සහායක් බවට පත්වීමට ඉඩ තිබේ. අගමැති රාජපක්ෂ යටතේ පවතින විෂය පථයන් - මුදල්, ආර්ථික කටයුතු, ප‍්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික, ජල සම්පාදන, නාගරික සංවර්ධන සහ නිවාස පහසුකම්, මෙයට ඌණ පූර්ණයක් සපයයි.

පැවැති රජය සමයේ පේ‍්‍රමදාස මහතා යටතේ පැවැති විෂය පථයන් බොහෝමයක් අද වන විට පවතින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේය. මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා අරබයා, විශේෂයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ, පූර්ණ විමර්ශණයන් සිදුකිරීමට දැනටමත් සැළසුම් සකස් කැරෙමින් පවතී.

 

 



අදහස් (8)

විපක්ෂ නායකයා වීමේ තිරෙන් පිටුපස ජවනිකා

sandy Sunday, 01 December 2019 07:31 AM

ඔන්න සූත්තර පුන්චාගේ ගේම්... අගමැති තාත්තත් අනිවාර්යයෙන්ම උදව් කරනවා. පැහැය සහ හැඩය වෙනස් වුණාට එක වල්ලේ පොල්නේ..

:       0       230

td Monday, 02 December 2019 10:35 PM

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ මාස 5ක පමණ කාලයකි. කිසිවකු පක්ෂයෙන් ඉවත්වීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය නැත. 2015 මැතිවරණය දින්නේ ඔබ සියලු දෙනා පක්ෂයේ සිටියදීය. පරාජයේදී පමණක් නායකයන් පන්නා දැමීමට කටයුතු නොකරන්න. රනිල් වික‍්‍රමසිංහ මහතා එකසත් ජාතික පක්ෂයේ සිටිය යුතුය. ඔහුව කෙසේවත් දේශපාලනයෙන් සමුනොදීමට කටයුතු නොකිරීමට අන් සියල්ලන් තේරුම් ගත යුතුය. මේ අවස්ථවේ රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයේ සිටිය යුතුම අවස්ථාවකි. ඔහුගේ දැනුම, පළපුරුද්ද සහ දුරදක්නා නුවණ පක්ෂයේ වෙන කිසිවකුට නැත. රනිල් වික‍්‍රමසිංහ මහතාට දේශපාලනයේ දී අවශ්‍යම බොරු කිරීම නොහැකි බව සත්‍යය. එම නිසා සියලු මන්ත්‍රීවරු ගමට ගොස් පාක්ෂිකයන්ට කියන්නට ඇත්තේ පක්ෂ නායකය විවේකිව සිටියදෙන් අපි අපේ මැතිවරණය කරමු කියාය. එසේ නොමැතිව මන්ත්‍රීවරුන් නායකයා විවේචනය කිරීම නිසා පාක්ෂිකයා තව දුරටත් කලකිරේ. "රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයේදී නිහඩ පිළිවෙතක් අනුගමනය කර තරුණ මන්ත්‍රීවරුන්ට මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර ඔවුන් කැමති ආකාරයට කරගෙන යාමට අවස්ථාව ලබාදී සිටීම කාලෝචිත සහ සුදුසුම පිළිවෙත වේ". කැපවීමෙන් වැඩ කළහොත් බහුතරය දිනාගැනීමට හැකිවනු ඇත.

:       625       1014

Suranimala Tuesday, 03 December 2019 07:27 AM

රටට විහිලු සපයන්නේ නැතුව දෙයියන්ගේ නාමෙන් ගෙදර යන්න. අද මුළු රටම කියන්නේ ඒකයි. එජාපය නැත්තටම නැති කරලා තවත් ඉන්න හදන්නේ.....සජිත් විපක්ෂ නායක වෙලා පක්ෂය ප්‍රතිසන්විධානය කරන්න. හැබයි මෙයාව ගාවගන්න එපා කිසිම දේකට.

:       1007       358

ChandrasiriWednesday, 04 December 2019 09:17 AM

නොමේරු මානසිකත්වයකින් යුතු සජිත් ප්‍රේමදාස නායකයා කර ගැනීමට ඇම්බැට්ටයින් බලා හිදියි. පරිණත නායකත්වයට අභියෝග කරයි. නමුත් පක්ෂය දෙකඩ නොවී ආරක්ෂා කරගැනීම වටින බව සිතා රනිල් මේ අවස්ථාවේ ක්‍රියාකළ යුතුයි.

:       107       7

රණවකWednesday, 04 December 2019 10:14 PM

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සමස්ත එක්සත් ජාතික පක්ෂයම බරපතළ රැවටීමකට ලක් කළ එජාප නායකයන් දිනපතා වොයිස් කට් දෙමින් කියාසිටියේ සියලු සමීක්ෂණ වාර්තා අනුව සජිත් දිනන බවය. සජිත් ප්‍රේමදාස ගේ මැතිවරණය වෙනුවෙන් වැඩකරනවට වඩා මොවුන් සමීක්ෂණ මත තීන්දු තීරණ ගත්තේය. පක්ෂ නායකයා පවා රවටමින් කියා සිටියේ සජිත් ඉදිරියෙන්ම සිටින බවකි. නායකයට චෝදනාකරන සියලු දෙනාම ඔවුන්ගේ ඡන්ද කොට්ටාස පරාද වුවන්ය. මෑතකදී පක්ෂයට එක්වූ දේශපාලනය ගැන කිසියම් හෝ අවබෝදයක් නොදන්නා අවස්ථාවාදී කණඩායම් වලට පරිනත දේශපාලකයන් සැලෙන්නේ හෝ නැවෙන්නේ නැත. අද රනිල්ට බනිනවාසේම ඔවුන් හෙට සජිත්ටද එම දේම කරනු ඇත.

:       0       1

lakshitha Tuesday, 03 December 2019 05:45 PM

සජිත් ප්‍රේමදාස මහතා පමණක් තමුන්ගේ ආසනය වන තිස්සමහාරාමය වැඩි ඡන්ද 48,118කින් පරාජයට පත් වු අතර ඔහුගේ නායකත්වය යටතේ තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයද පරාජයට පත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහු උදා ගම්මාන 300 සාදා දුන් බවත් දිස්ත්‍රික්කයේ මහා සංවර්ධනය ව්‍යාපෘති ගණනාවක් කළ බවත් මැතිවරණ වේදිකාවේ අප ඇසු මුත් ජනතාවට ඉන් කිසිදු පලක් නොමැති වී ඇතැයි ප්‍රතිඵල බැලු විට පෙනෙන්නට තිබේ. ඒ සමගම ඔහුගේ මිතුරු සගයන් වන අජිත් පී පෙරේරා - බණ්ඩාරගම වැඩි ඡන්ද 35,898 කින්, සුජීව සේනසිංහ - කඩුවෙල වැඩි ඡන්ද 57,060 කින්, දිලිප් වෙදආරච්චි තංගල්ල වැඩි ඡන්ද 50,532, රංජිත් මද්දුම බංඩාර - මොණරාගල වැඩි ඡන්ද 30,672කින්, හර්ෂ ද සිල්වා - කෝට්ටේ 9225 කින් , මංගල සමරවීර - මාතර වැඩි ඡන්ද 25,456 කින්, චම්පික රණවක - මහරගම වැඩි ඡන්ද 42205 කින්, අජිත් මාන්නපෙරුම වැඩි ඡන්ද 52523 කින්, බුද්ධික පතිරණ - අකුරැස්ස වැඩි ඡන්ද 32,055 කින්, ඉරාන් වික්‍රමරත්න - මොරටුව වැඩි ඡන්ද 21255 කින්, හර්ෂන රාජකරුණා - දොම්පෙ වැඩි ඡන්ද 39125 කින්, චන්ද්‍රානි බණ්ඩාර - නැගෙනහිර අනුරාධපුරය වැඩි ඡන්ද 23798 කින්, ගයන්ත කරුණාතිලක - බෙන්තර ඇල් පිටිය

:       151       239

ලියනගේWednesday, 04 December 2019 02:48 PM

වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් පැරදවූ පිරිස නායකයා පක්ෂ නායකත්වයෙන් අස්විය යුතුය කියා කියන්නේ කුමන පදනමකින්ද ?

:       0       54

Era Thursday, 05 December 2019 12:04 AM

රනිල් වසර 25 ක් එජාප නායකයා විය. ඔහුට එක ජනපතිවරණයක් හෝ දිනාගැනීමට මේ කාලය තුල නොහැකි විය. දිනූ 2015 මැතිවරණය මෛත්‍රිපාල සිරිසේන ගෙන ආ ශ්‍රිලනිප ඡන්ද නිසා බව දැන් පැහැදිලිය. එජාපෙ ජවිපෙ සහ මෛත්‍රී පිල සම සංධාන ගතව තරඟ ක⁣ලේ නම් පිලිවෙලින් 3% ජවිපෙ, 6% ශ්‍රිලනිප ඡන්ද සමඟ සජිත් දිනන බව සැලකිය යුතුය. රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එජාපයේ පැවැත්මට අත්‍යාවශ්‍යය. රාජපක්ෂවරු නම් රනිල් තවදුරටත් පක්ෂයේ නායකකම දරනවාට කැමති වනු නිසැකය.

:       125       0

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 222 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 803 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38579 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site