මේ දිනවල මා මැදිවී සිටින්නේ තරමක මානසික අර්බුදයකට ය. අර්බුදයකට කීවාට එකිනෙකට සම්බන්ධ අර්බුද රාශියකටය. බලධාරීන් මැතිවරණ පිළිබඳ නොගන්නා සහ ගන්නා තීරණ එක පැත්තක ය. ශ්‍රීලනිප සහ පොජපෙ අතර ඇතිවිය හැකි සහ නොහැකි සන්ධාන පිළිබඳ සාකච්ඡා තව පැත්තකය. ජවිපෙ මූලික වී ඇතිකළ, අගෝස්තු 18 දොරට වැඩිය ජාතික ජනතා බලවේගය පිළිබඳ විචාර, විවේචන සහිත සංවාදය තව පැත්තකය. පෙරටුගාමී සමාජවාදී පෙරමුණ නොඉඳුල් වාමාංශික දේශපාලනයක් ගැන කියන, එසේම දේශපාලනීකරණය කළයුතු කලාප ගැන කරන විවරණ තවත් පැත්තකය. අගනුවර ශාස්ත්‍රීය සහ සමාජ බුද්ධිමතුන් මතුකරන පශ්චාත්-දේශපාලන අවධියේ සිදුවන පසමිතුරුතා හරණය නැතහොත් සතුරුකම් අතුරුදන්වීම, මේ මොහොතේ දේශපාලනිකය සහ වාමාංශික ජනප්‍රිය ජනතා අවකාශයක් ගැන කරන පැහැදිලි කිරීම් තවත් පැත්තකය. මා සිටින්නේ ඒවා දෙස බලා සිටිමින් සහ සිතමින් සබරගමුවේ ය. දෙලොවක් අතර ය. සිහිනය සහ යථාර්ථය අතර දෝලනය වෙමින් ය.
දරිද්‍රතාවෙන් පීඩා විඳින සබරගමුවේ පවුල් එක්ලක්ෂ තිස්තුන්දහස් එකසිය පනහක් පිළිබඳ වගතුග මට අතිමහත් මානසික පීඩාවක් ය. ඉන් පවුල් විසිහයදහස් නවසිය අනූතුනක් අන්ත දිළිඳුය. එනම් නිල දරිද්‍රතා රේඛාවෙන් පහළ අය යි. මාසික අදායම රුපියල් 4013 (රත්නපුර) ට සහ රුපියල් 4170 (කෑගල්ල) ට අඩු හෝ කිසිම ආදායමක් නැති අයය.
1129ක් වන පළාතේ පාසල් ප්‍රමාණයෙන් මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වන්නේ පාසල් 28 කි. ඉතිරි පාසල් 1101 ක්ම පළාත් සභා පාලනය වගකිවයුතු ඒවාය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුන් ලක්ෂ අනූ තුන්දහස් තුන්සිය අනූඑකක් ය. ඉන් දෙලක්ෂ හතළිස් එක්දහස් දහනවයක්ම පළාත් සභා පාසල්වල ය. පළාතේ පාසල් 1129යේම ඇති අඩුපාඩුකම්, අපහසුකම්, හිඟකම්, අවිධිමත්කම් සහ නොනිසි හැසිරීම් තවත් මානසික පීඩාවක් ය.
සබරගමුවේ සෞඛ්‍ය පහසුකම්වල ඌනතා නිසා පීඩාවට පත්ව ඇති ජනයාගේ අසරණභාවය පිළිබඳ තොරතුරු මහා මානසික පීඩාවක් ය. මේ තත්ත්වය මුළු රටටම පොදුය. සබරගමුවේ රෝහල් 103 කි. මහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29කි. එසේ ගත්විට පළාතේ සෞඛ්‍ය ආයතන 132 කි. ඉන් මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනයට අයත් වන්නේ රෝහල් දෙකක් පමණි. මේ සෞඛ්‍ය ආයතනවල ඇති අඩුපාඩුකම්, අපහසුකම්, හිඟකම්, අවිධිමත්කම් සහ නොනිසි හැසිරීම් තවත් මානසික පීඩාවක් ය.
පළාතේ ප්‍රධාන මාර්ග කිලෝමීටර් 3900 ක් පමණ ය. ඉන් කිලෝමීටර 1200ක් මහ ආණ්ඩුවේ නඩත්තුවට යටත්ය. ඉතිරි කිලෝමීටර 2700 පළාත් සභාවේ නඩත්තුවට යටත්ය. ප්‍රාදේශීය, ග්‍රාමීය සහ කෘෂි මාර්ගවල කිලෝමීටර ප්‍රමාණය පිළිබද නිවැරැදි සංඛ්‍යා නොමැති වුවද ඒවායේ අබලන්කම පිළිබඳ මැසිවිලිනම් දහස් ගණනින්ය. පළාත් මාර්ගවලින් කිලෝමීටර 800ක් පමණ ප්‍රමාණයද ඉතා අබලන් තත්ත්වයේ ය. එකී සියලු_ අංශ තරමකින් හෝ යහපත් කිරීමට අප ගන්නා සාමූහික උත්සාහය ඒ මානසික පීඩාව තරමකින් හෝ අඩුකරන දිව ඔසු ය.
දරිද්‍රතාව පිටු දැකීම සඳහා වන වැඩසටහන්වලට, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ප්‍රවාහනය ආදියට අදාළ යටිතල පහසුකම් සඳහා අවශ්‍ය මුල්‍යමය සහ අනෙකුත් සහයෝගය පළාත් සභාවලට ලබා දීමට ආණ්ඩුව අපොහොසත්ය. ලැබෙන ටික කළමනාකරණය කළයුත්තේ ඉතා අරපරෙස්සමින් ය. එසේ කරමින් සිටිද්දී වියදම් සියයට පහළොවකින් අඩුකළ යුතුය යන නියෝගය ආණ්ඩුවෙන් එන්නේ හෙණයක් පතිත වූ ආකාරයෙන් ය.
මේ සියලු_ කාරණා සහ මානසික පීඩනය අතරමැද, කොළඹ සහ අහස කේන්ද්‍රීය දේශපාලන තීරණ, විග්‍රහ, විවේචන සහ සිදුවීම් ගැනද අවධානය යොමුකළ යුතුමය. එසේ කළ යුතුව ඇත. ස්වදේශිකවාදී දක්ෂිණාංශික දේශපාලන අදහසක් හෝ මතයක් වෙනුවෙන් වැඩ කරනවාද, නැතහොත් වාමාංශික දේශපාලන අදහසක් හෝ මතයක් වෙනුවෙන් පෙළ ගැසෙනවාද නැතහොත් ස්වදේශිකවාදී වමක් පිළිබඳ අදහසක් හෝ මතයක් වෙනුවෙන් වැඩ කරනවාද යන මාන තුනම පෙනෙන තුන් මං හන්දියක සිතුවිලි ලෝකය නතර වී ඇත. මා අත් විඳින ඒ අර්බුදය මතුවන්නේ මහපොළොවේ මා දකින සහ අත් විඳින යථාර්ථය සමඟ කිසිදු සම්බන්ධයක් නැති හෝ ඉතා ඈත සම්බන්ධයක් තිබෙන මාතෘකා සහ වැඩපිළිවෙළවල් කොළඹ අහසේ රැව් පිළිරැව් දෙන නිසා ය.
මෙරට පාලක දේශපාලනය දශක ගණනාවක සිට පොදුජන සමාජ අවකාශය තුළ ඇති අති මුලික ගැටලු සහ අර්බුද කෙරෙහි අවධානය යොමුකරන්නේ නැත. බලය ලබා ගැනීමම වූ ස්වකීය අරමුණු කෙරෙහි ළඟා වීමට අවැසි ලෙස ජනයා පාවිච්චි කිරීම හැර බඩගින්න, දරිද්‍රතාව, සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපන ගැටලු සහ පොදු ජනයාට අදාළ යටිතළ පහසුකම් පිළිබඳ කාරණා ඔවුන්ගේ මැතිවරණ දේශපාලන න්‍යාය පත්‍රයේ මුද්‍රිත ලියවිලි සහ වාචික ප්‍රකාශ පමණක් වන්නේ පාලකයන්ගේ දෛනික ජීවිතය තුළ ඒවා නිසා ඇතිවන අර්බුද හෝ පීඩා නොමැති බැවිනි. ඒ නිසා පොදු ජනයා තම සදාකාලික අර්බුදවලට තාවකාලික මැතිවරණ තරග හෝ උත්සවවලින් විසඳුම් ඉල්ලා සිටීම හෝ ඒවා පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම අර්ථ විරහිතය.
බොහෝ මැතිවරණ තේමා වනාහි පාලකයන්ගේ නිවාඩු නිකේතනයෝ ය. එනම් ජනයා මුහුණපාන මාරාන්තික අර්බුද වහන්කොට නිවී සැනසිල්ලේ සිටීමට යොදාගන්නා ආවරණයෝ ය. ඒ වැඬේට උපකාර කරන සහ ඒවායින් යැපෙන ලිබරල්, නවලිබරල්, ජාතික, වාම, බෝල්ෂෙවික් සමාජ ක්‍රියාකාරිකයෝද බොහෝ වෙති.
යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, ජනවාර්ගික සහයෝගිතාව යන සියල්ලම හොඳ තේමා සහ සංකල්ප වුවත් ඒවා මේ රටේ ඉදිකරගෙන තිබෙන්නේ ඇත්ත සමාජ ප්‍රශ්නවලින් බේරී පලා යාමට ය.
සිදුවී ඇත්තේ සහ සිදුවෙමින් තිබෙන්නේ බඩගින්න, දරිද්‍රතාව, සෞඛ්‍ය ගැටලු, අධ්‍යාපන ගැටලු සහ පොදු ජනයාට අදාළ යටිතළ පහසුකම් පිළිබඳ කාරණා යන ඇත්ත ප්‍රශ්න දේශපාලනිකවීම වැළැක්වීම ය. දේශපාලන කලාපයෙන් ඉවත් කිරීමය. ඒ වෙනුවට සිදු කළේ සහ කරන්නේ මේ මොහොතේ පොළොවට අදේශපාලනික සංකල්ප සහ තේමා දේශපාලනික කිරීමය. ඒවා දේශපාලන කලාපයට ඇදගෙනවිත් ඇත්ත ප්‍රශ්නවලට තිබිය යුතු දේශපාලන අවකාශය අහුරා තැබීමය. වම සැබෑවටම කළ යුත්තේ පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ පුබුදු ජයගොඩ ප්‍රකාශ කරන ආකාරයෙන් පොදුජනයා මාරාන්තික ලෙස පොරබදන ගැටලු එහෙත් පාලකයන් විසින් පරිධියට තල්ලු_ කර දමන ලද හෝ අතු ගා දමන ලද ගැටලු දේශපාලන අවකාශයට කැඳවාගෙනවිත් දේශපාලනීකරණය කිරීමය. රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ මූලික කාරණා බවට පත් කිරීමය. රටේ ජනයා මුහුණදෙන සියලු මාරාන්තික ප්‍රශ්න දේශපාලන අර්බුදයෙන් පැනනැඟුණ ඒවා ය.
එළඹෙන මැතිවරණවලදී බලය හිමි වන්නේ ජාතිකවාදී නව ලිබරල් කඳවුරකට හෝ ගෝලීයවාදී නවලිබරල් කඳවුරකට මිස වමට නොවන බව නම් නිශ්චිතය. එවැනි අනාවැකියක් සාර්ථකවන බව ඉතා පැහැදිලි මොහොතක වම ආණ්ඩු බලය ලබාගැනීම වෙනුවෙන් මහන්සිවීම නොව කළයුතුවන්නේ පොදුජන සමාජයේ පීඩා සහ ගැටලු සමාජ-දේශපාලන අවකාශයේ ප්‍රධාන කතිකා බවට පත් කිරීමට උත්සාහ කිරීම ය. ඒ හරහා බලයට පත්වන ආණ්ඩුවකට පොදුජන ප්‍රශ්න මඟහැර යා නොහැකි ආකාරයේ අති දැවැන්ත බලපෑමක් සිදු කිරීමය. ඒ සඳහා වූ දේශපාලන සාක්ෂරතාව ජන සමාජයට ලබා දීමය. එහෙත් එය කළ යුත්තේ අර කඳවුරුවල බල අරගලයේ දී එක කඳවුරක් දිනවීම හෝ තව කඳවුරක් පරාජය කිරීම හෝ සඳහා සිය සංවිධාන හෝ පෙරමුණු හෝ ව්‍යාපාර හෝ මෙහෙයවන්නේ නැත යන අරමුණින් ය.
ඉදිරි මැතිවරණවල දී බලයට පත්වන ජාතිකවාදී නව ලිබරල් කඳවුර ට පොදුජන ප්‍රශ්නවලින් මඟහැර යා නොහැකි මට්ටමේ අති දැවැන්ත දේශපාලන මතයක් සමාජ පතුලේ තැන්පත් කිරීමේ හැකියාව ඇත්තේ ලංකා සමසමාජ පක්ෂයටවත් කොමියුනිස්ට් පක්ෂයට වත් නොවන බව ඉතා පැහැදිලිය. එය කළ හැක්කේ ජවිපෙ මූලික ජාතික ජනතා බලවේගයට සහ පෙරටුගාමී සමාජවාදී පෙරමුණට ය. එය අවිවාදිත වුවත් ඒ සඳහා ඔවුන් ගන්නා දේශපාලන තීරණය තවමත් අවිනිශ්චිතය. මින් මා අදහස් කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම අපහසු මොහොතවලදීත් වාමාංශික ව්‍යාපාරවලට කළ හැකි සමාජ බලපෑම අති මහත් බවය. සිනහ නොවී සිතන්න, ආණ්ඩු බලය නොදෙන වමට සමාජ බලය දීමට බහුතරයක් එකඟය. දක්ෂිණාංශික ආණ්ඩු යටතේ වැඩකරන වාම මිනිස්සුන්ට ජනයා වඩාත් කැමති ඒ නිසා ය. වම ඇත්තේ වමේ පක්ෂ තුළම නොවන බව සමාජය වටහා ගනිමින් සිටී. වාමාංශික ජනප්‍රියවාදී අවකාශය යනු හුදු පක්ෂ අවකාශය නොවන බවත් වම අයිති ලියාපදිංචි වමේ පක්ෂවලට විතරක් නොවන බවත් අප වටහා ගත යුතුය. පටන් ගත යුත්තේ එතැනින්ය. එවිට අහස සහ මහපොළොව ළං වෙනු ඇත.
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වම ජනසතු කරමු
victor Saturday, 31 August 2019 10:03 AM
"ලෝකයේ කම්කරුවෙනි එක්වෙයව්" යන කාර්ල් මාර්ක්ස්ගේ සටන් පාඨය කරගහගෙන පුවක් වල්ලේ ගෙඩි වගේ වමේ පක්ෂ හදාගෙන ඉන්න " වමේ එන්.ජි.ඕ." කාරයින්ට එකතු වෙන්න බැරිනම්, මේ හැත්ත ජනසතු කරන එක රටේ ජනතාවට යහපතක්...
B.Wijayaratne Sunday, 01 September 2019 03:32 AM
ධම්මගේ අදහස ඉතාම වැදගත් අදහසක් .