ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඩබ්ලිව්.කේ.එච්. වැගපිටිය මහතා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ලාෆ් ගෑස් සමාගම් සමූහයේ සභාපතිවරයා වන හෙතෙම සමඟ අද ‘කළ යුත්තේ කුමක් ද?’ විශේෂාංගයෙන් සාකච්ඡා කෙරෙන්නේ රටේ ආර්ථික දියුණුවට කළ යුතු දේ පිළිබඳවය.
කලාපයේ ඇතැම් රටවල් සමග සසඳමින් ආර්ථික වශයෙන් ලංකාව එදා සිටි තැනත් අද සිටින තැනත් වැගපිටිය මහතා මෙසේ විස්තර කරයි.
“ආර්ථික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ සංසන්දනාත්මකවය. ඒ කාල වකවානු සහ රටවල් අතර සංසන්දනය කරමිනි. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබන විට සිටියේ සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව, ඉන්දුනීසියාව වැනි රටවලට ඉදිරියෙනි. එහෙත් ඒ සියලු රටවල් වේගයෙන් දියුණු වෙද්දී ලංකාව අද සිටින්නේ එදා සිටියාට වඩා පහළ මට්ටමකය.
රටක දියුණුව මැනිය හැකි දෙයකි. එය මනින ක්‍රමය සෞභාග්‍ය දර්ශකය ලෙස හඳුන්වයි. ලෝකයේ රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 57 වැනි තැනය. 1948 දී නිදහස ලබද්දී ලංකාව සිටියේ ලෝකයේ පළමු රටවල් 20 ඇතුළතය. සෞභාග්‍යය මනින්නේ සාර්ථකත්වය හා ධනය මතය. රටක් සාර්ථක වූ විට ධනය නිර්මාණය වෙයි. රටක සෞභාග්‍යය මනින නිර්ණායක හතරකි. එක මූල්‍යමය සෞභාග්‍යයයි. ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදිතය යනාදිය ඊට ඇතුළත් වෙයි. දෙවැන්න සමාජමය සෞභාග්‍යයයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, මානව නිදහස, සමානාත්මතාව, නීතිය ක්‍රියාත්මක කිරීම යනාදිය ඊට ඇතුළත් වෙයි. තෙවැන්න පරිසර සෞභාග්‍යයයි. පරිසරය අතින් මැන බැලීමය. අප පරිසරය ආරක්‍ෂා කරනවා ද? රටේ පරිසරය මොන තත්ත්වයක ද තියෙන්නේ? යනාදිය එහිදී සලකා බැලේ. හතරවැනි කාරණය සංස්කෘතිකමය සෞභාග්‍යයයි. ඒ සිව්වැදෑරුම් සෞභාග්‍යය යටතේ සංඝටක 28ක් පමණ සලකා බැලෙයි. අන්තර්ජාල පහසුකම් කොතරම් තිබේ ද? ජනතාව කොතරම් ප්‍රීතියෙන් සිටී ද? යනාදිය ඒ සංඝටක 28ට ඇතුළත් වෙයි.
මූල්‍යමය, සමාජමය, පරිසරමය සහ සංස්කෘතිකමය වශයෙන් සෞභාග්‍යය කරා එළඹීමට නම් දළ ජාතික නිෂ්පාදනය ඉහළ යා යුතුය. එය ඉහළ යන්නේ ධනය නිෂ්පාදනය, නිර්මාණය කිරීමෙනි. රටක ධනය නිර්මාණය හා නිෂ්පාදනය කළ හැක්කේ ව්‍යවසායකයන්ට පමණකි. ධනය බෙදා හැරීම, මෙහෙයවීම හා ස්ථානගත කිරීම අනෙක් කාටත් කළ හැකිය. එහෙත් ධනය නිර්මාණය කළ හැක්කේ ව්‍යවසායකයන්ටම පමණකි. රටේ තිබෙන මානව හා භෞතික සම්පත් උපයෝගී කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් වෙළෙඳාමෙන් හා අපනයනයෙන් ධනය නිර්මාණය කරන්නේ ව්‍යවසායකයන්ට පමණකි.
එහෙත් නූතන ලංකාවේ බරපතළ අභියෝගවලට ලක්වී සිටින්නේ ද රටක ධනය නිර්මාණය කරන මේ ව්‍යවසායකයන්ය. ව්‍යවසායකයන් කියන්නේ අභියෝග නිසාම බිහිවන සත්ව කොට්ඨාසයකි. ලෝකයේ සෑම රටකටම ආර්ථික දියුණුව ළඟා කරගත හැක්කේ දේශීය ව්‍යවසායකයන්ගේ දියුණුව හා ශක්තිය මතය. ලංකාවේ ජනගහනය මිලියන 22 කි. ව්‍යවසායකයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ විසිපන්දහසකි (125,000). ඉන් අනාවරණය වන්නේ ධනය නිර්මාණය කරන්නේ රටේ ජනගහනයෙන් 1.2 ක් තරම් අතිශය සුළුතරයක් බවය. එහෙත් අප්‍රිකාවේ රටක් වන උගන්ඩාවේ එය සියයට 18 කි. උගන්ඩාවේ ජනගහනයෙන් 18%ක් ව්‍යවසායකයෝය. ලෝකයේ බොහෝ රටවල එය පවතින්නේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවකිනි. එනම් සියයට දහයක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකි. එහෙත් ලංකාවේ එය සියයට 1.2 කි.
රටක් දියුණු කිරීමට නම් ඒ රටෙහි නිෂ්පාදනය වැඩි කළ යුතුය. ඒ සඳහා නිෂ්පාදනය දිරිගැන්වෙන වටපිටාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා කළ යුතු පළමු කාරණය වන්නේ නිවැරැදි ඉලක්කයක් කරා සැලසුම් කරන ලද යම්කිසි කාලපරිච්ඡේදයක් තුළ නොවෙනස්ව පවතින ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමය. ඒ ප්‍රතිපත්තිය සකස් කළ යුත්තේ සෞභාග්‍ය දර්ශකයේ ඇතුළත් සංඝටක ඉලක්ක කරගෙනය. ව්‍යාපාරිකයන් ලෙස අපි වසරකට වරක් සැලසුම් සකස් කරන්නෙමු. ඒ සැලසුම් සැකසීමේදී අප ඉලක්කගත කරන දේවල් තිබේ. ආදායම, දළ ලාභය, ශුද්ධ ලාභය, ආයෝජනය මත ලැබෙන ප්‍රතිලාභ, කොටස්කරුවන්ගේ ලාභාංශ යනාදී දේවල් එහිලා සැලකිල්ලට ගනියි. එලෙසම රටක ආර්ථික ඉලක්ක සැලසුම් කළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. දළ දේශීය නිෂ්පාදිතය මෙතරම් ප්‍රමාණයකට වැඩි කරන්නේය, ඒ අනුව ඒක පුද්ගල ආදායම මෙතරම් ගණනකින් වැඩි කරන්නේය කියා ඉලක්කයක් සහිත සැලසුම්ගත ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
අද ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 කි. සිංගප්පූරුව නිදහස ලැබුවේ 1959 දීය. එදත් සිංගප්පූරුව සිටියේ ලංකාවට වඩා පසුපසිනි. අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 35,000 කි. ඔවුන් එසේ කළේ නිෂ්පාදකයා, කර්මාන්තකරුවා, ව්‍යවසායකයා දිරිගැන්වීම මගිනි. දේශපාලකයන්ට ධනය නිර්මාණය කළ නොහැකිය. රජයේ සේවකයන්ට ද ධනය නිර්මාණය කළ නොහැකිය. ඔවුන්ට රටක ණය නම් ගත හැකිය. ඒ සියලු දෙනා වියදම් කරන්නේ ව්‍යවසායකයන් ආණ්ඩුවට ගෙවන බදු මුදල්ය. ව්‍යවසායකයන්ට අමතරව ඔවුන්ගේ සේවකයෝ ද රජයට බදු ගෙවති. එසේම ව්‍යවසායකයන්ට භාණ්ඩ හා සේවා සපයන සමාගම් ද බදු ගෙවයි. ඒ සියල්ල එලෙස වන්නේ සියයට 1.2ක් වූ ව්‍යවසායකයන් හේතුවෙනි. එහෙත් අද ඒ ව්‍යවසායකයන් සිටින්නේ බරපතළ අභියෝග මැදය.
ඉන්දියාව, බංග්ලාදේශය, චීනය ආදී රටවල් සෞභාග්‍ය දර්ශකයෙන් ලංකාවට වඩා ඉදිරියට ගියේ රටේ ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්, සේවා සපයන්නන් වැඩි වැඩියෙන් බිහිවීමට අවශ්‍ය වටපිටාව සැකසීමෙනි. එහි මූලිකාංගය වූයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය. ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඉහත කී ආර්ථික සංඝටක 28 මත සැකසුණු විට අනෙකුත් ප්‍රතිපත්ති ද ඒ සංඝටක වෙත ඉලක්ක වෙයි. උදාහරණයක් හැටියට ජාතික ආර්ථික ප්‍රතිපත්තිය මත දේශීය කර්මාන්ත ප්‍රතිපත්තිය සැකසෙයි. වෙළෙඳ ප්‍රතිපත්ති හා ආනයන අපනයන ප්‍රතිපත්තිය ද ඒ අනුව සැකසෙයි. මූල්‍ය ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්ති හා බැංකු ප්‍රතිපත්ති ද ඒ අනුව සැකසෙයි.
උදාහරණයකට අද ලංකාවේ වැඩියෙන්ම ලාබ ලබන්නේ බැංකුය. බැංකු කෝටි ප්‍රකෝටි ගණනින් ලාබ ලබද්දී ඔවුන්ගේ ගනුදෙනුකරුවෝ වැලේ වැල් නැති තත්ත්වයට පත්ව සිටිති. එසේ වී තිබෙන්නේ නොගැළපීම හේතුවෙනි. එහෙයින් බැංකු සේම ඔවුන්ගේ ගනුදෙනුකරුවන් ද එනම් පුද්ගලයන් සේම සමාගම් ද ලාබ ලබන අයුරින් බැංකු ප්‍රතිපත්තිය නිවැරැදි විය යුතුය. එයට ගැළපෙන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්තිය ද නිවැරැදි විය යුතුය. කර්මාන්තවලට ගැළපෙන දැනුම තිෙබන සමාජයක් ගොඩනැඟිය යුතුය. එයට ගැළපෙන සෞඛ්‍යමත් මිනිසුන් බිහි කළ හැකි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුය. නිවාස හා නීති පද්ධතිය සැකසිය යුත්තේ ඊට ගැළපෙන අයුරිනි. මාළුවාගේ ශරීරයේ පිහිටි කටු එක දිශාවකට යොමුවී තිබෙන්නා සේ (Fish bone theory) ආර්ථික ප්‍රතිපත්තිය ද එක දිශාවකට යොමු විය යුතුය. රටක කෙතරම් ධනය තිබුණත් සමාජය පිරිහුණොත් ප්‍රතිඵලයක් නොමැති බැවින් නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, සතුට, පවුල් අතර සබඳතා වැඩිදියුණු වන ආකාරයේ සමාජ ප්‍රතිපත්තියක් ද නිර්මාණය විය යුතුය. ආර්ථිකය හා සමාජය දියුණුවී පරිසරය පිරිහුණොත් එය ද අසමතුලිත දියුණුවකි, සංවර්ධනයකි. ඒ අංශ තුනෙන්ම සෞභාග්‍යමත් වී සංස්කෘතිය පිරිහුණොත් ඉන්ද වැඩක් නොවේ. සංස්කෘතික අතින් ද රටක් සෞභාග්‍යමත් විය යුතුය. සමතුලිත හා චිරස්ථායි සංවර්ධනයක් සිදුවෙන්නේ ඒ අංශ හතරෙන්ම සෞභාග්‍යමත් වුවහොත් පමණකි. රට එතැනට යන පෙරහරේ ඉදිරියෙන්ම කොඩි රැගෙන යන්නෝ ව්‍යවසායකයෝය.
එහෙත් පසුගිය අවුරුදු 40ක් පමණ තිස්සේ තිබුණේ දේශීය ව්‍යවසායකයා, නිෂ්පාදකයා, කර්මාන්තකරුවා අඩපණ කරන ප්‍රතිපත්තියකි. රට වටේ මහ මුහුද තිබුණත් අද දියලුණු ටිකත් රටින් ගෙන්වයි. 1960-70 දශකයේ මේ රටේ රටට අවශ්‍ය සියලු දේවල් නිෂ්පාදනය කෙරිණි. කැලණියේ ටයරුත්, මෝදර පිටිත්, සීදුවේ තෙලුත්, තුල්හිරියේ රෙදිත්, ඔරුවල වානේත් නිෂ්පාදනය කෙරිණි. එසේම ඔක්සිජන්, ගෑස්, ඩීසල්, පෙට්‍රල් ද මෙරට තිබිණි. හිඟුරානේ සීනි ද නිෂ්පාදනය කෙරිණි. ඒ කර්මාන්ත මගින් අපනයන ආදායම ඉහළ ගොස් ආනයන වියදම පහළ වැටිණි. එහෙත් නූතනයේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා සියල්ල විවෘත කර තිබේ. ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය සරණ ගොස් සිටියි. ලිබරල් ආර්ථිකය මහ ඉහළින් කර තබාගෙන ගිය ඇමෙරිකාවත් දැන චීනය සමග වෙළෙඳාමට බාධක පනවයි. අපේ රටේ වෙළෙඳපොළ කුඩාය. ජනගහනය මිලියන 22 කි. නිවාස මිලියන 4 කි. අපේ රට පිහිටා තිබෙන්නේ ලෝකයේ වැඩියෙන්ම දියුණු වන වාණිජ කලාපයක් තුළය. ඒ නිසා අපේ වෙළෙඳපොළ වැඩිකර ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. ආර්ථිකය සංවර්ධනය අතින් අප සිටින්නේ පසුබැසය. අනෙක් රටවල් සමග සසඳනවිට වරද්දා ගැනීම නිතිපතා සිදුවෙයි.
1948න් පසු ලංකාවේ ආණ්ඩු 20කට ආසන්න සංඛ්‍යාවක් බිහිවී තිබේ. 1948ට පෙර එංගලන්තයේ අය-වැය පරතරය පියවා ගැනීමට ලංකාවෙන් මුදල් ලබාගෙන තිබේ. සුද්දන්ගේ කාලේ මෙරට පැවැතියේ එවැනි ඉහළ මට්ටමකය. එහෙත් අද ඒක පුද්ගල ණය බර සුවිශාලය. දෙස් විදෙස් ණය රැගෙන ඒවා භාවිත කර තිබෙන්නේ ද දේශපාලකයන් නඩත්තුවට හා ණය ගෙවීමට මිස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට නොවේ. ධනය නිර්මාණය කිරීමට ණය ගත යුතුය. එහෙත් අද අප ණය උගුලක සිරවී සිටින්නේ ණය කළමනාකරණය නොකළ හෙයිනි. ව්‍යාපාරයකට ණයක් රැගෙන ඉන් සමාගමේ සභාපතිට වාහනයක් මිලදී ගැනීම වැරැදි ප්‍රතිපත්තියකි. ණයවලින් කළ යුත්තේ ආයෝජනයකි. එය රටකට ද අදාළය.
අනෙක් කාරණය දේශීය සම්පත් නිවැරැදි ලෙස පරිභෝජනය කර ඉන් නිෂ්පාදනය කර, අපනයනය කර ධනය ඉපයීමට අපේ රට යොමුවී නැත. ලංකා පොළොවේ තිබෙන ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස්, පුල්මුඬේ ඉල්මනයිට් ඒ සඳහා උදාහරණ කීපයකි. රටට අවශ්‍ය තරමට හාල් ටිකවත් නිෂ්පාදනය කළ හැකි මට්ටමට කෘෂිකර්මය වැඩිදියුණු කිරීමට ද නොහැකි වී තිබේ. රටේ නායකයාගේ සිට සියලු පුරවැසියන්ගේ වගකීම වන්නේ රට දියුණු කිරීමය. එසේ කිරීමට නම් රටට ජාතික ආර්ථික සැලැස්මක් තිබිය යුතුය. ජාතික හා දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කළ යුතුය. එය නොකර රට දියුණු කළ නොහැකිය.”
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවසායක බොටුව සිඳීම හරිද
de silva berlin Thursday, 11 April 2019 02:24 AM
ඉතා හොඳ ලිපියක්.
dias Friday, 12 April 2019 04:21 PM
බොහෝ දෙනෙක් දරන අදහසක් නම්, ලංකාව නිදහස ලබන විට සිටියේ සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව, ඉන්දුනීසියාව වැනි රටවලට ඉදිරියෙන් කියායි. නමුත් ඔය කියන අවධියේදී, ලංකාවේ ජනගහනයෙන් 90% වඩා වැඩි පිරිසක් ගම්බදව වෙසෙමින්, පහසුකම් අඩු, ඉතා කටුක ජිවිතයක් ගත කරමිනුයි සිටියේ. රටේ ධනය ඉහත කී රටවලට වඩා යම් ප්‍රමාණයක් වැඩියෙන් තිබුනා විය හැකියි. නමුත් එදා රටේ ධනය මුළුමනින්ම වගේ ඉපැයුවේ සුද්දන්ගේ සමාගම් සතුව තිබු තේ, රබර් සහ පොල් වගාවෙනි. සුද්දන් විසින් ආසියාවේ සහ අප්‍රිකාවේ ඔවුන්ගේ යටත් විජිත වල තිබු මේ වගාවන් වල වෙළදාම සඳහා ඒකාධිකාරයක් ගොඩ නගා තිබුන අතර, එමගින් ඔවුන් විශාල ධනයක් උපයා ගත්තේය. නිදහසින් පසුව සුදු සමාගම් රටින් පලවා හරිය මුත්, අද තේ විකිණීම සඳහා ඉන්දියාව සහ අප්‍රිකාව සමග අපට තරග කිරීමට සිදු වී ඇති බැවින්, අපට එමගින් එතරම් ආදායමක් ලැබෙන්නේ නැහැ. මෙසේ බැලූ කල '48 දී ලංකාව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටියේ සුද්දන්ගේ පාලනය නිසා මිස, වෙනත් ආශ්චර්යයක් නිසා නොව.
sana Friday, 12 April 2019 04:37 PM
අනේ මහත්තයෝ, ඔච්චර බරපතල කතා ඕන නෑ. ලාෆ් ගෑස් ලිට්‍රො ගෑස් සිලින්ඩර්වලට හොරට ගහනවද නැද්ද? ඔබතුමා ඇතුළුව ඔය සරසවියේ ලොක්කො ඉන්න අර ආදි විද්‍යාර්ථි සංගමයෙන් ළමයි කී දෙනෙකුට ශිෂ්‍යත්ව දීලා තියෙනවද කියලා අපිට නිකමට දැන ගන්න කියන්නකො.
සිරිබිරිස් Tuesday, 16 April 2019 01:09 AM
සනා මහත්තයෝ මම සේවයේ සිටි කාලයේ මට හමුවුනා වෑගපිටිය මහත්මා සමග එකම ගමේ එකම පංතියේ සිටි දැනට සුලු රැකියාවක් කරන පුද්ගලයෙක් ඔහු කියපු ලෙසට වෑගපිටිය මහතා ආර්ථික ශක්තියෙන් අඩු පවුලක අයෙක්.මා දුටු එතුමාගේ නිවසෙනුත් එය පැහැදිලි වුනා ඔහු ඉතා මහන්සියෙන් ඉගෙනගෙන දියුණුවට පත්වූ කෙනෙක්.එවැනි අය බොහෝවිට උපාධිය ලැබුණාම රැකියා සොයමින් උද්ඝෝෂණ හා පිකටින් කරනවා හැර ස්වයං රැකියාවකට වත් යොමුවීම අඩුයි. නමුත් මොහු ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක්වී දහස් ගනණකට රැකියාත් සපයා තියෙනවා. ලිට්‍රො සිලින්ඩර් වලට ලාෆ් ගෑස් ගහනවානම් ලිට්‍රො සමාගම එය බලාගනීවි